මුල්ම පෙම නොවුනත් වෙනත් පෙම් සබැඳියාවන් ඊට පෙර කොතෙක් තිබුනත් අලුත් ආදරයක් ලඟ සිත කීරි ගැසෙන එක අරුමයක් නොවේ..
ඒක හරියට මහා මෙරක් උසට අත්දැකීම් තිබිලා අනිත් හැමෝගෙම ප්‍රශ්ණ විසඳන්න ඒ හැකියාවෙන් උදව් උපකාර කරලා තමන්ට පෞද්ගලිකව උදාවෙන බරපතල ගැටළුවකදී ඒ පරිචය අපිට ආදේශ කරගන්න බැරුව අපි කාත් කවුරුත් නැතිව අසරණ වෙනවා වගේ...
මට අහන්න හිතුනා සල්ලාලයෙකුගේ කියල යොදන්න හිතුනේ ඇයි කියල..
සමහර විට ඔබ හිතන්න ඇති නිර්මානයට අනුව කථා නායකයාට වෙන පෙම් සබඳතා බොහොමයක් තිබුන හින්දා පිවිතුරු ප්‍රථම ප්‍රේමයට එහෙම නමකින් තමන් ලේබල් කරගෙන අනිත් පාර්ශවයට ගරු කිරීමක් කරන්න ඕනෙ කියලා..
කොහොම වුනත් ඉතා සාරවත් පද පෙලක්..මං රස වින්ඳා.....
දිගටම ලියන්න
ඔබට ජය...