සල්ලාලයාව පොලිසියට ඇදගෙන ගිය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සල්ලාලයාව පොලිසියට ඇදගෙන ගිය

    විසි හැවිරිදි පදන්‍යා මන්දාරේ මහාරාශ්ඨ ප්‍රාන්තයේ සතායේ විද්‍යාලයේ මාධ්‍ය හදාරන ශිෂ්‍යාවකි. පන්ති අවසන් වී සවස දෙකයි තිහට පමණ ඇය දුම්රියපළට පැමිණියේ නිවසට යැමේ අදහසිනි. මේ වන විට දුම්රියපළේ සෑහෙන පිරිසක්‌ සිටිය බව මාධ්‍ය වාර්තා කළේය. දුම්රිය එන තෙක්‌ එහි බංකුවක වාඩි වී සිටිය ප්‍රඩියා දුම්රිය එනවා දැයි සෝදිසි කිරීම සඳහා යළි බංකුවෙන් නැගී සිටියාය.

    ඒ සමඟම කිසියම් පුද්ගලයකු දුව විත් ඇය බදා ගත්තාය. මෙම අනපේක්‍ෂිත බදාගැනීමෙන් තැතිගත් ප්‍රඩියා තමන් වැළඳගත් පුද්ගලයා වැරෙන් තල්ලු කර දැම්මාය. ඇය අසල සිටියේ බීමතින් පසු වූ කාමාතුරයෙකි. වැනි වැනි සිටි සල්ලාලයා යළිත් ඉදිරියට පැන බදා ගත්තේය. බදාගත් සල්ලාල තරුණයා පිස්‌සකු මෙන් ඇයගේ මුහුණත් බෙල්ලත් සිරීමට පටන් ගත්තේය. ඇය සල්ලාලයා සමඟ පොර බදිමින් ආධාර ඉල්ලා කෑ ගැසුවාය. මේ වන විට විශාල පිරිසක්‌ ඒ අසල රැඳී සිටියහ. සල්ලාලයා අතවර කරද්දී ඔවුහු නිහඬව ඒ දෙස බලා සිටියා මිස සල්ලාලයා මෙල්ල කිරීමට කිසිම දෙයක්‌ නොකළහ.

    පදන්‍යා මන්දාරේ ආත්මාරක්‍ෂාව සඳහා තරමක්‌ දුරට කරාටේ සටන් ක්‍රමය හදාරා තිබිණ. මේ සල්ලාලයාගෙන් ගැලවීමට නම් ඔහු මෙල්ල කළ යුතු යෑයි සිතූ ඇය අතේ වූ බෑගයෙන් ඔහුට පාරවල් කීපයක්‌ම එල්ල කළාය. බීමත්ව සිටි සල්ලාලයා එම පහරවල් වළක්‌වාලමින් ඇය සමඟ පොර බැදීමට තැත් කළේය. බෑගයෙන් පහර දී ඔහු මෙල්ල කිරීමට බැරි බව දැන ගත් ප්‍රඩියා කරාටේ පහරවල් කීපයක්‌ම ඔහුගේ මුහුණට එල්ල කළාය. බීමත්ව සිටි සල්ලාලයා එම පහර කා බිම ඇද වැටුණේය.

    තරුණිය කළ මේ වීර ක්‍රියාවට අවට සිටි පිරිසගෙන් ලැබුණේ නිහඬ පිළිතුරකි. ඔවුහු ගල් ගැසී එදෙස බලා සිටියා මිස වචනයක්‌වත් කතා නොකළහ. තමන් විනාශ කිරීමට පැමිණි සල්ලාලයා මෙල්ල කළ ප්‍රඩියා ඔහුගේ හිස කෙස්‌වලින් අල්ලාගෙන ඔහු පොලිසිය වෙත ඇද ගෙන ගියාය.

    පදන්‍යාට අතවර කිරීමට සූදානම් වූ සල්ලාලයා කවුදැයි පොලිසිය හඳුනාගත්තේය. චාවන් චවුඩ් නමැති මොහු බේබද්දෙකු පමණක්‌ නොව, මත්කුඩු උරන්නකු බව ද පොලිසිය කියා සිටියේය. මීට ඉහතදී ද ඔහු තරුණියන් කීපදෙනෙකුටම අතවර කළ කෙනෙකි. ඔහු පොලිසියට අසුනොවී කට්‌ටි පනිමින් සිටි සල්ලාලයකු බව පොලිසිය කියා සිටියේය. මෙම සිද්ධියෙන් පසු මාධ්‍යයට ප්‍රකාශයක්‌ කළ ඇය මෙසේ කියා සිටියාය.

    “මං වීරවරියක්‌ කියල හිතන්නේ නැහැ. නමුත් මං කොහොම හරි මේ පුද්ගලයා මෙල්ල කළා. අපි අපේ ශක්‌තිය යොදල මෙවැනි අවස්‌ථාවලදී ඔවුන් මෙල්ල කර ගන්න උත්සාහ කළ යුතුයි. එහෙම නොකරන තරුණියන් තමයි මෙවැනි මැරයන්ගේ අතවරයන්ට ලක්‌වෙන්නේ.

    තමන්ට අතවර කිරීමට පැමිණි සල්ලාලයකු මෙල්ල කොට පොලිසියට බාරදුන් ප්‍රඩියා මන්දාරේ නමැති ශිෂ්‍යාව අද පොලිසියේ පමණක්‌ නොව බලධාරීන්ගේ ද ප්‍රශංසාවටත් කතාබහටත් ලක්‌ වී සිටියි. ඇයට වීර පදක්‌කමක්‌ පිරිනැමීමට ද ඉන්දියාවේ ප්‍රබල කාන්තා සංගමයක්‌ තීරණය කර ඇත. මේ අතර ඉන්දියාවේ ප්‍රබල කාන්තා සංගම් කීපයක්‌ම තරුණියන් අතවරයට ලක්‌ කරන මැරයන් අල්ලා ඔවුනට නීතියෙන් දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරගෙන යන බව ද වාර්තා වෙයි. මෙනවා කළත් ඉන්දියාව තවමත් කාමාතුරයන්ගෙන් පිරී ගිය රටකි. දිනපතා තරුණියන් හතරපස්‌දෙනකු අතවරයට ලක්‌වීම සාමාන්‍ය සිද්ධියක්‌ බවට පත් වී තිබේ. කාමාතුරයන්ට දෙන දඬුවම් ඉතාමත් ලිහිල් ය. මේ නිසා ඔවුන් තරුණියක්‌ හුදකලාව අසු වූ තැනකදී දූෂණය කිරීමට ඉදිරිපත් වෙන බව මධ්‍යස්‌ථ මතධාරීහු කියා සිටිති.


    දූෂණය කරන්න ආ සල්ලාලයා

    436890-2db29a02-d0f9-11e4-a5b4-b2d65ac8975a.jpg


    436669-43daa98e-d0f7-11e4-a5b4-b2d65ac8975a.jpg

    436591-2dde1800-d0f7-11e4-a5b4-b2d65ac8975a.jpg

    PAY-Pradnya-Mandhare.jpg

    media-student-drags-groper-police-station.jpg

    436539-2911d2a8-d0f7-11e4-a5b4-b2d65ac8975a.jpg