සල්ලිද වටින්නෙ නැත්නම්?
ගම පුරා ඇවිද දුක් මහන්සියෙන් පණුවන් සොයා අහුලා කන කිකිළියකට නෝන්ඩියක් දැමීමට ගොවිපොළක ඇති කරන කිකිළියකට සිතිණි. ඒ නිසා දිනක් ඇය දුප්පත් කිකිළියගෙන් මෙසේ ඇසුවාය:
"මේ, ඇත්තටම ඔයාගෙ බිත්තරේකට කීයක් ගෙවනවද අනේ?"
"මගෙ බිත්තර ඉතිං බොහොම පොඩියිනෙ. ඒවට ගෙවන්නෙ රුපියල් හතර ගාණෙ."
"හානේ," ගොවිපොළේ කිකිළිය ශෝකය පළ කළාය. "අනේ, ඔයාටත් මට වගේ හොඳ කුකුල් කෑම ලැබෙනවනම්, හෝමෝන් ඉන්ජෙක්ෂන් ලැබෙනවනම් කොච්චර හොඳද? මගෙ බිත්තර ලොකු නිසා ඒවට රුපියල් පහක් ගෙවනව, දන්නවද?"
"අනේ මට කිසි උවමනාවක් නැහැ රුපියලකට ඉරා ගන්ඩ."