සල්ලි උඩ දුවන ලංකාවේ ධනපති වාහනවල සැබෑ මි&#351

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    සල්ලි උඩ දුවන ලංකාවේ ධනපති වාහනවල සැබෑ මි&#351

    මුලින්ම කියන්න ඕන , මෙය වෙනත් page 1කින් උපුටගැනිමකි .හැබෙයි මාත් දන්න කරුණු ටිකක් දාලයි ලිපිය පිලියල කරේ . සම්පුර්ණ ස්තුතිය page 1කේ අයිතිකරුට හිමිවිය යුතුය .

    අපි වාහන වලට ආසයි. වාහනයකට උරුමකම් කියන එක තරුණ පරම්පරාවේ හැම දෙනෙකුගේම හීනයක්. ඒත් මිලියන 20-30 දීලා අපිටම කියලා වාහනයක් අයිති කරගන්නවා කියන්නේ එක අපි වැඩි දෙනෙක්ට හිතන්නවත් බැරි ඉලක්කයක් වෙලා. මේ කියන්න යන්නේ අපිත් මහන්සි වෙලා සල්ලි හම්බ කරගත්තොත් පහසුවෙන් යන්නට පුළුවන් වාහන ඉලක්කයක් කිහිපයක් පිළිබඳව…

    1. Lamborghini

    upload1.jpg


    මෑත කාලයේ වැඩිපුරම කතා බහට ලක්වුණු වාහන වර්ගයක් විදියට ලැම්බෝගිනි මෝටර් රථය හඳුන්වා දෙන්නට පුළුවන්. මේ වෙනකොට ලංකාවේ අලවියේ තියෙන වැඩිම මිලකින් යුතු මෝටර් රථය ලෙස හඳුන්වා දෙන්නට හැකි මේ මෝටර් රථ වර්ගයෙන් වාහන කිහිපයක් පමණයි ලංකාවේ ධාවනයේ යෙදෙන්නේ. මුලික මිළ මිලියන 91 සිට ඉහලට නියම කර ඇති මේ වාහනය ලංකාවට ගෙන්වන්නේ යුරෝ ස්පෝර්ට්ස් ඔටෝ ලංකා පුද්ගලික සමාගමයි.

    2. Jaguar F-Type

    N36X7o0.jpg


    ජගුවර් වල මිල අධික වාහන මාදිලි අතරින් මේ මෑතකදී එළිදක්වපු “Jaguar F-type” මෝටර් රථය විශේෂයි. මිලියන 10 සිට ඉහලට මිල නියමකර තිබෙන මේ වාහන දැන් දැන් කොළඹ තදාසන්න ප්‍රදේශ වල ධාවනයේ යෙදෙනවා දැකගන්න බැරි වෙන්නේ නැහැ.

    3. Benz

    20141005_155859-1.jpg


    ඩිමෝ සමාගමෙන් ලංකාවට ගෙන්වන බෙන්ස් රථ සියල්ලම පාහේ මිල ආරම්භ වන්නේ මිලියන 9 සිට ඉහලට වන්නටයි.
    මේ අතුරිනුත් SLK AMG Convertible Roadster රථය ලංකාව තුල අලෙවි වන්නේ රුපියල් මිලියන 90 සිට ඉහල මිල ගණන් වලටයි.

    SLK AMG Convertible Roadster රථය

    mercedes-benz-slk-55-amg-roadster-01.jpg


    සවිශක්තිය කල්පැවැත්ම සහතික කරන මේ අපූරු මෝටර් රථයේ වර්ග සහ මිල ගණන් ඉතා අදික වේ

    4. Ford Mustang Eco Boost 2016

    2016%2BFord%2BMustang%2B-%2BFastback%2B2.3L%2BEcoboost_01.jpg


    Fast and the Furious චිත්‍රපටි මාලාව බලපු ගොඩක් අයට අලුත් කාර් වගේම යුරෝපියන් මස්ල් කාර් වලට වැඩි ඇල්මක් දක්වන්න පටන් ගත්තා. මේ ආසාව කොච්චරද කියනවා නම් එක අවසාන වුනේ Ford Mustang Eco Boost වගේ කාර් ලංකාවට ගෙන්වන්න පටන් ගැනීමත් සමඟයි. මෙහි මිල නියම වෙලා තියෙන්නේ මිලියන 27 සිට ඉහළටයි.

    5. Porsche Cayenne S Hybrid

    Main2.jpg


    Porsche කියන්නේ සැලූන් කාර් වලට වඩා sports cars හදන සමාගමක්. ඔවුන් වෙනත් රටවල සිය මෙහෙයුම් කටයුතු කලත් ලංකාවේ ආරම්භ කලේ ඉතාම මෑතකදී. ඒ කාලෙම Porsche Cayenne කියන SUV රථය ඔවුන් ගෙන්වුවත් ඒ ගැන විශාල ප්‍රසිද්ධියක් දුන්නේ නැහැ. එත් මේ මෑතකදී එළිදක්වපු Cayenne S Hybrid මාදිලිය මිලෙන් රුපියල් මිලියන 23ක් වුනත්, අපේ සුවපහසු රථ ප්‍රියකරන්නන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වුනා. කැලණියේ, කොළඹ පාරේ, අංක 451 දරණ තැන පිහිටා තියෙන Porsche Centre Colombo තුලින් මේ අපුරු රථය ගැන ඔබට තොරතුරු හොයා ගන්නත් පුළුවන්.

    6. Hummer H3

    hqdefault.jpg


    ඇමෙරිකාවේ යුද හමුදාව විසින් මුල් කාලයේ පාවිච්චි කරන ලද මෙම රථය , යුරෝපයේ ජනප්‍රිය jeep රථයකි .
    ඩිමෝ සමාගමෙන් ලංකාවට ගෙන්වන මෙම රථය ලංකාව තුල දැකගෙනිමට හැකිවේ .
    මෙහි මිල නියම වෙලා තියෙන්නේ මිලියන 25 සිට ඉහළටයි


    7. Audi

    audi-a6-181700161.jpg


    මේ වාහන දැන් දැන් කොළඹ තදාසන්න ප්‍රදේශ වල බහුලව දැකගෙනිමට හැකිවේ .
    මේ වාහනය ලංකාවට ගෙන්වන්නේ SENOK Automobiles පුද්ගලික සමාගමයි.
    ඉතාමත් හුරුබුහුටි නිමාවකින් යුතුව එන මෙම රථය , කාන්තාවන් අතරද ඉතාමත් ජනප්‍රිය මෝටර් රථයකි .
    මෙහි මිල නියම වෙලා තියෙන්නේ මිලියන 15 සිට ඉහළටයි.


    8. BMW i8

    DSC_5740.jpg


    ලංකාව තුල බහුලවම දැකිය හැකි BMW මෝටර් රථයට වඩා මිල අදික මෙම රථය , දැන් දැන් අග නගරය තුල දැකිය හැකිවේ .
    මෙහි මිල නියම වෙලා තියෙන්නේ මිලියන 30 සිට ඉහළටයි.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Fast and the Furious චිත්‍රපටි මාලාව බලපු ගොඩක් අයට අලුත් කාර් වගේම යුරෝපියන් මස්ල් කාර් වලට වැඩි ඇල්මක් දක්වන්න පටන් ගත්තා. මේ ආසාව කොච්චරද කියනවා නම් එක අවසාන වුනේ Ford Mustang Eco Boost වගේ කාර් ලංකාවට ගෙන්වන්න පටන් ගැනීමත් සමඟයි. මෙහි මිල නියම වෙලා තියෙන්නේ මිලියන 27 සිට ඉහළටයි.

    අමු බොරුවක්නේ බන් මොකාද මේක ලියුවේ උබද !

    oRx4jSN.png
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    සොහොන;20070170 said:
    Fast and the Furious චිත්‍රපටි මාලාව බලපු ගොඩක් අයට අලුත් කාර් වගේම යුරෝපියන් මස්ල් කාර් වලට වැඩි ඇල්මක් දක්වන්න පටන් ගත්තා. මේ ආසාව කොච්චරද කියනවා නම් එක අවසාන වුනේ Eco Boost වගේ කාර් ලංකාවට ගෙන්වන්න පටන් ගැනීමත් සමඟයි. මෙහි මිල නියම වෙලා තියෙන්නේ මිලියන 27 සිට ඉහළටයි.

    අමු බොරුවක්නේ බන් මොකාද මේක ලියුවේ උබද !

    oRx4jSN.png

    e787677d12e49af7b60ba830b41a1093.jpg


    european muscle car


    Fast and the Furious Film Images

    AAahGqt.img


    img1.png


    1967-Ford-Mustang-Shelby-GT500CR.jpg


    Mokadda ube aula?????
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Mokadda ube aula?????


    gm කොම්පැනිය විතරයි

    Muscle car හදන්නේ යුරෝප වල ෆැක්ටරි තිබ්බාට gm ලාට ඒ සේරම අයිති ඒ කියන්නේ ඇමරිකාවට :P යුරෝප වලට අයිති රෙද්දක් නැ දන්නා මගුලක් අනික් දවසේ ලියපන් හොයලා

    gm එක ගැන

    https://en.wikipedia.org/wiki/General_Motors

    Muscle car ගැන

    https://en.wikipedia.org/wiki/Muscle_car
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    සොහොන;20070307 said:
    gm කොම්පැනිය විතරයි

    Muscle car හදන්නේ යුරෝප වල ෆැක්ටරි තිබ්බාට gm ලාට ඒ සේරම අයිති ඒ කියන්නේ ඇමරිකාවට :P යුරෝප වලට අයිති රෙද්දක් නැ දන්නා මගුලක් අනික් දවසේ ලියපන් හොයලා

    gm එක ගැන

    https://en.wikipedia.org/wiki/General_Motors

    Muscle car ගැන

    https://en.wikipedia.org/wiki/Muscle_car

    ela kollek ahhhh....Thanks machan.....

    :P:P:P:P
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    සොහොන;20070170 said:
    Fast and the Furious චිත්‍රපටි මාලාව බලපු ගොඩක් අයට අලුත් කාර් වගේම යුරෝපියන් මස්ල් කාර් වලට වැඩි ඇල්මක් දක්වන්න පටන් ගත්තා. මේ ආසාව කොච්චරද කියනවා නම් එක අවසාන වුනේ Ford Mustang Eco Boost වගේ කාර් ලංකාවට ගෙන්වන්න පටන් ගැනීමත් සමඟයි. මෙහි මිල නියම වෙලා තියෙන්නේ මිලියන 27 සිට ඉහළටයි.

    අමු බොරුවක්නේ බන් මොකාද මේක ලියුවේ උබද !

    oRx4jSN.png

    එක තමයි. මෙක ඇමරිකන්.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යුරෝපියන් මස්ල් නෑ. තියෙන්නෙ ඇමරිකන් මස්ල් විතරයි. මස්ල් නම් ඇමරිකන්. බිග් ත්‍රී කියන කොම්පැනි ත්‍රිත්වය තමා ඔව්වා හදන්නෙ. GM, Ford, Chrysler group= big 3 :yes: