සල්ලි වල පිටිපස්සේ තියෙන කඳුළු කතාව
“රටද ඉන්නේ… එහෙනම් ඉතිං සල්ලි නතින් නේ…??”
“අපෝ දැන් කොයි කාලයක් රටද…? අට්ටි ගහලා සල්ලි ඇති නේද…?”
“තෙල් සල්ලිනේ ඉතිං නේ….?”
“මොනවද ඉතිං ඩොලර් වලින් යූරෝ වලින්නේ හොයන්නේ… ලක්ෂයක් දෙකක් කියන්නේ ඉතිං මොනවද නේ…?”
මේ වගේ කතා ඇහිලා නැද්ද…? අහලා නැද්ද…? අනන්තවත් නේ…? මෙහෙම අහන්නේ උපන් රටෙන් එළියට ගිහින් සල්ලි හොයන අයගෙන්. ඒකත් වැඩි පුරම මැදපෙරදිග සේවය කරන අයගෙන්. ඔව්… ලංකාවේ රස්සාවක් කරනවාට වඩා නම් සල්ලි ටිකක් වැඩිපුර අතට ලැබෙනවා. ඒත් ඒ සල්ලි වල පිටිපස්සේ තියෙන කඳුළු කතාව දන්නේ කීයෙන් කී දෙනාද…?
ගෑණු පිරිමි භේදයකින් තොරව රට රස්සා වලට ආවත් ගෘහ සේවිකාවන් විදියට කාන්තාවන් වැඩි වශයෙන් අපේ රටෙන් එළියට ආවා. මේ විදියට සිය සැමියන් දරුවන්ගෙන් වෙන්ව ආව සමහර කාන්තාවන් අවුරුදු කීපයක් රස්සාව කරලා සල්ලි හොයන් ආයෙත් ලංකාවට ගිහින් ගේ දොර හොඳට හදන් දරුවන්ට උගන්නගෙන යහපත් පවුල් ජීවිත ගත කරනවා. නමුත් ඒ ඉතාමත් සීමිත පිරිසක්. ඒ තත්වය දකින්න ලැබෙනවා හරිම අඩුයි.
පවුලක අම්මා ගෙදරින් පිට වෙනවා කියන්නේ හරියට ගෙදර මුදුන් ලීය කඩන් වැටුණා වගේ. තාත්තා රස්සාවක් කරලා ගෙදර එනකොට ගෙදර හැමදේම කරලා, උයලා පිහලා, දරුවන්ගේ වැඩ කරගෙන ඉන්න අම්මට තියෙන හැකියාව හැම තාත්තා කෙනෙකුටම නැහැ. ගොඩක් වෙලාවට තාත්තත් පොඩි දරුවෙක් වගේ. අම්මා හැමදේම හොයලා කරලා දෙන්න ඕනේ. ඒක තමා ඇත්ත. එහෙම අම්මා කෙනෙක් ගෙදරින් එළියට බැස්සම රස්සාවක් කරන්න, ඒකත් පිටරට රස්සාවකට රැකෙන පවුලකට වඩා නැසෙන පවුල් වැඩියි. තාත්තා දන්නේ නෑ දරුවන්ගේ පවුලේ වැඩ කටයුතු හරියට කරන්න. අම්මා නැති වුණාම ඒ තනිකම මකාගන්න එක්කෝ වෙන ගෑණු කෙනෙක් හොයන් යනවා. එහෙම නැත්තන් ලොකු දුවෙක් හිටියොත් ඒ දරුවා තාත්තා අතින් දූෂණය වෙනවා. අම්මා දුක් විඳලා එවන සල්ලි නැති නාස්ති වෙනවා. මම ඒකයි කිව්වේ රැකෙන පවුල් වලට වඩා නැසෙන පවුල් වැඩියි කියලා.
ඒ කොහොම වුණත් දරුවෝ, සැමියා, බිරිඳ, දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ සතුටින් තියන්න, ඉන්න තැනින් එක අඩියක් හරි උඩට එන්න ඕන කියලා හිතන් රට රස්සාවකට ඇවිත් ඒ අය විඳින දුක් ගැහැට ගැන කියන එක හරිම වේදනාකාරියි. ඉපදුනු බිමෙන් වෙන් වෙලා කාත් කවුරුවත් නැතුව ගත කරන ජීවිත හරිම කර්කශයි.
ලංකාවේ මොන ඉසව්වේ රස්සාව කළත් අපි දන්නවා ඉන්නේ අපේ රටේ කියලා. ගෙදර යන්න ඕන වුණත් පැය දෙක තුනක ගමන. වැඩි වියදම් නෑ. ඒත් රට රස්සාවක් කරන කොට රැකියාව හොඳ වුණත් ලැබෙන වැටුප කොයි තරම් හොඳ වුණත් නිවාඩු දවසට තමන්ගේ ගෙදර අය එක්ක, යාළුවෝ එක්ක ඉන්න නොලැබෙන වේදනාව කියන්න වචන නෑ.
අම්මලා තාත්තලා අසනීප වුණාම ළඟින් ඉඳන් බලාගන්න විදියක් නෑ, දරුවෝ උස් මහත් වෙන හැටි, විභහග වලින් පාස් වෙන හැටි, තරග වලින් දිනන හැටි දකින්න විදියක් නෑ. මිතුරු හමු, මඟුල් ගෙවල්, මළ ගෙවල් මේ හැමදේම පිටරට ඉන්න හැම කෙනෙක්ටම මඟ ඇරෙනවා. අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ සතුට කැපකරන මේ හැම කෙනෙක්ම ජීවිතේ විඳින්නේ නෑ. විඳවනවා මිසක්.
ගෙදර ඉන්නකොට තමන්ගෙම කාමරේක නිදහසේ ජීවත් වෙන ජීවිත මේ වගේ රටවල් වලට ආවම එක කාමරේක දෙන්නා තුන්දෙනා සමහරවිට ඊටත් වැඩියෙන් ජීවත් වෙනවා. ලංකාවෙත් බෝඩිම් වල එහෙම තමා කියලා කියයි. ඒත් සතියේ දවස් පහ විතරයි. සති අන්තේ ගෙදර. ඒත් මේ රටවල් වල නිවාඩු තියෙන්නේ ගොඩක් වෙලාවට සිකුරාදා දවස විතරයි. අනික් දවස් හයම පැය 9ක් වැඩ. වර්ජන, උද්ඝෝෂණ මේ මොනවත් නෑ. හිතූ මනාපෙට නිවාඩු ගන්න බෑ. වාර්ෂිකව ලැබෙන නිවාඩුව විතරයි. ලංකාවේ වගේ මාසෙට සැරයක් පෝය නිවාඩු නෑ.
මේ රටවල් වල ගොඩක් වෙලාවට තමන් සේවය කරන ආයතනයෙන් ලබාදෙන නවාතැන් වල එක ගෙයක් ඇතුළේ තියෙනවා නම් කාමර හතරක් එක්කෝ පවුල් හතරක් ජීවත් වෙනවා. නැත්තන් තනිකඩ ජීවිත නම් ඊට වඩා වැඩි පිරිසක් ජීවත් වෙනවා. නාන කාමර දෙකයි, තනි මුළුතැන්ගේ මේ හැමකෙනෙක්ම පාවිච්චි කරන්න ඕනේ. පැය 24ම ක්‍රියාත්මක වෙන AC මැෂින් වලින් හුස්ම ගන්න ජීවිත නැහෙන්නෙම සල්ලි නිසා.
රස්නේ කාලෙට එළියට බහින්න බැරි තරම් පිච්චෙනවා. සීතල කාලෙත් ඒ වගේමයි. බොහොම කටුක දේශගුණයක් තමයි මේ රටවල් වල තියෙන්නේ. නිසි පෝෂණයක් ලැබෙන්න තරම් හරියට කෑමක් බීමක් ගන්න ලැබෙන්නෙත් නෑ සමහර රැකියාවල් කරන පිරිස් වලට.
ලංකාවට ඇවිත් පවුලේ අය එක්ක ජීවිතේ ගෙවන්න මොන තරම් ආස වුණත් ඒ අයව සතුටින් සැපෙන් තියන්න ඕන කියලා මතක් වෙනකොට මොන විදියකින් හරි මේ කට්ට කනවා කියලා දහස් වාරයක් හිත හදාගන්නවා. ඒක මෙහේ ඉන්න හැම කෙනෙක්ටම පොදුයි.
මේ හැමදෙයක්ම එක්ක අනික් සෝචනීය දේ තමා ඇතැම් මව්වරු ගෘහ සේවිකාවන් විදියට රැකියාව කරන ගමන් තමන්ගේ දියණියත් අරන් එනවා ගෘහ සේවිකාවන් විදියට රැකියාවේ යොදවන්න. ඒ ගොඩක් අයගේ පවුල් ජීවිත අසාර්ථකයි. එක්කෝ සැමියා වෙන්වෙලා වෙනත් කාන්තාවක් විවාහ කරගෙන. එහෙම නැත්තන් දික්කසාද වෙලා. සමහර අයගේ සැමියා බිරිඳ දෙන්නම මේ රටේ. හැබැයි දෙන්නට දෙන්නගේ කිසිම සම්බන්ඳයක් නෑ. ඉතාමත් ලස්සන තරුණ දූවරු ගෙවල් වල ගෘහ සේවිකාවන් ලෙස සේවයේ යොදවන්න තරම් ඒ අම්මලා අසරණ වෙලා.
ඒකටත් හේතු තියෙනවා. තමන්ගේ දුවව ලංකාවේ තියලා එන්න විදියක් නෑ. මහන්සිවෙලා හොයලා යවන සල්ලි වලින් ඒ දරුවට සළකන්න කෙනෙක් නෑ. එහෙමත් නැත්තන් සහෝදර සහෝදරියෝ ඒ සල්ලි වලින් තමන්ගේ වැඩ කරගන්නවා මිසක් දරුවා දිහා බලන්නේ නෑ. ඒ වගේ හේතු නිසා අම්මලා පෙළඹෙනවා තමන්ගේ දුවව මේ රටට අරන් එන්න. ඒක ඇත්තටම හරිම කණගාටුදායක තත්වයක්.
මේ රටවල් වල කිසිම සැපක් නෑ. අනුන්ගේ රටක, අපේ සංස්කෘතියෙන් පරිභාහිර සංස්කෘතියක් එක්ක, දහසකුත් නීතී රීතී මැද ගෙවන්නේ බොහොම දුක්ඛිත ජීවිතයක්. ඒ වගේම තමා සහෝදරයෙක් සහෝදරියක් රට රස්සාවක් කරනවා නම් තමන්ගේ සියළුම අවශ්‍යතා පිරිමහගන්නේ ඔහුගෙන් හෝ ඇයගෙන්. ඔවුන්ට අනාගතයක් ගැන් හිතන්නවත් ඉඩ නොතියාම පුදුමාකාර විදියට සූරාකෑමකට ලක් කරනවා. කොයි තරම් මුදල් දුන්නත් එපා, ඇති කියන්න ඒ අය නිකන්වත් හිතන්නෙවත් නෑ. හැම කෙනෙක්ගෙම ජීවිත ලස්සන කරලා අවසානේ වතුර උගුරක්වත් දෙන්න කෙනෙක් නැති වෙනවා මේ අයට. මේක තිත්ත ඇත්ත.
ලැබෙන වැටුපට වඩා නොලැබෙන හිතේ සැනසීම සිය දහස් වාරයක් වැඩියි. මොන තරම් මුදල් ලැබුණත් අවසානයේ හිතේ සැනසීමෙන් ඉන්න නැත්නම් ඒ මුදල් වල වටිනාකමක් නෑ. පිටරට ඉඳන් රැකියාවක් කරන හැම කෙනෙක්ම තමන්ගේ රටට මුදල් එවනකොට ඒවගේ ප්‍රතිලාභ ලංකාවේ හැම කෙනෙක්ම විඳිනවා. පවුලේ අය විතරක් නෙමේ. ඒ වුණත් ලෝකෙට පේන්න හිනාවෙලා හිටියට, සැප ජීවිත ගත කරනවා වගේ පෙනුනට ඒ සල්ලි පිටුපස කඳුළු කතාවේ තියෙන්නේ දුකම මිසක් වෙන දෙයක් නෙමෙයි.
source http://thewoman.lk/money-tears-family-life/