සවන පිනන

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සවන පිනන මියුරු හඩින්
    මා අමතාලා...
    මවන සිනා කැන් අතරේ
    හිත රන්දාලා...
    නිල්මිනි දෙනුවන් අතරේ
    මා තනි කරලා.....
    යනවද සුර කුමරියනේ
    හද බන්දාලා.......


    එක පිම්මේ හරි වේගෙන්..
    දුවනා මේ ජීවතයෙන්...
    එක මොහොතක් නතර වෙන්න...
    ආදරේ සොයා........
    හිත අස්සේ හිර කරමින්....
    විදිනා දහ දුක් අතරින්....
    සැනසිල්ලක් මටත් දෙන්න....
    ලගට වී ඔයා......

    කියන කරන සෑම දෙයම
    ඔබට පෙනෙන්නේ....
    ඔබේ සිතුම් ඔබේ පැතුම්
    මගෙයි හිතෙන්නේ.....
    සිහන මගේ එක හුස්මයි
    දුරට තියෙන්නේ....
    ශෝක සුසුම් එපා තවත්
    කිමද තැවෙන්නේ......


    එක පිම්මේ

    ලගට ලංව රැදී ඉන්න
    හිත විමසන්නේ...
    ඔබේ සුවද ඔබේ මතක
    හිතට නැගෙන්නේ....
    කවදා කොහොම ඉටු වේවිද
    නැතිමුත් දන්නේ......
    ඔයා මගේ වෙන දිනකට
    සිහින මැවෙන්නේ......


    එක පිම්මේ

    10670142_10204336598969098_4499461613122636552_n.jpg

     
    Last edited: