7-180. අල්ලාහ්ට ඉතා අලංකාර නාමයන් තිබේ. එබැවින් ඔහුව එයි(අලංකාර නම්වලි)න් ආමන්ත්‍රණය කරනු. ඔහුගේ නාමයන්හි දෝෂාරෝපණය කරන අය නොසලකා හරිනු. ඔවුන් කරමින් සිටි දැයහි ඵලවිපාකය ඔවුනට දෙනු ලැබෙනු ඇත.
3-2. අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක්‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.
17-43. ඔහු(අල්ලාහ්) සුවිශුද්ධය. තවද ඔවුන් කියන දැයින් අතීශයින් උත්කෘෂ්ඨය.
26-104. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති) සර්ව බලසම්පන්නය. අසමසම කරුණාන්විතය.
26-220. නියතවශයෙන් ඔහු සර්ව ශ‍්‍රාව්‍යය. සර්ව ඥානීය.
27-26. අල්ලාහ්-ඔහු හැර වෙනත් දෙවියකු නැත. (ඔහු) තේජාන්විත රාජාසනයේ (අර්ෂ්හි.) රබ්(පරමාධිපති)ය.
22-64. අහස්වල දෑද මහපොළොවෙහි දෑද ඔහුටමය. නියතවශයෙන් අල්ලාහ්මය සර්ව පෝෂිත. සර්ව ප්රශංසාර්භ.
23-115. අප නිකමට නුඹලා මැව්වේ යැයිද නියතවශයෙන් නුඹලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යැයිද නුඹලා සිතන්නෙහුද?
23-116. සත්‍ය රාජයාණන්වූ අල්ලාහ් අත්‍යුත්කෘෂ්ටය. ඔහු හැර වෙනත් දෙවියෙක් නැත. (ඔහු) උදාර අර්ෂ්හි රබ්(පරමාධිපති)ය.