Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සසරින් එතෙර වීම ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට ඇත්තේ කණ කැස්බැවකු විය සිදුරෙන් අහස බැලීමේ සම්භාවිතාවයට වඩා අඩු සම්භාවිතාවක් බව බුදු රදුන් කියා ඇත. එවන් දුර්ලභ දෙයක් එනම් මනුෂ්‍ය ආත්මයක් ඔබ ලබා ඇත.

2. අබාධිත හෝ මන්ද බුද්ධික ඉපදීමක් නොලබා සාමාන්‍ය මනුෂ්‍ය භවයක් ලැබී ඇත.

3. සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන ප්‍රඥාවක් සහිතව ඉපදී ඇත.

4. බුදු දහම කිසියම් කාලයක් පැවතී නැතිවී ගොස්, නැවත බුදු වරයෙකුගේ පහලවීමක් ඇතිවන තෙක් හොඳ නරක කියාදෙන ආගම් පමණක් ලොවේ පවතී. ඔබ අනන්තවත් වාර ගණනක් එවන් කාල වල මනුෂ්‍ය ආත්ම ලබා තිබෙන්නට පිළිවන. ඔබ බුදු දහම ඇතිකාලයක ඉපදී ඇත.

5. බුදු දහම අද තිබුනත් ලෝකයේ බොහෝ දෙනෙක් ඉපදී ඇත්තේ බුදු දහම ඇසෙන මානයක නොවේ. ඒ අතින් ඔබ බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇත.

6. බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇතත් එම දහම් ඇසුරු කිරීමට, බණ ඇසීමට, ඒ ගැන කල්පනා කිරීමට අවස්ථාවක් නොලැබෙන අය සිටිය හැක. එම අවස්ථාව ඔබට ලැබී ඇත.

ඉහත කරුණු සියල්ලම සම්පූර්ණ වී ඉපදීමට ඔබ වාසනාවන්ත වී ඇතිබව ඔබට වැටහෙනු ඇත. ඇත්ත වශයෙන්ම එය වාසනාවක් නිසා සිදුවූ දෙයක් නොව ඔබ විසින්ම පසුගිය භව වල රැස් කරගන්නා ලද කුසල් සහ එම භව වලදී ඔබ විසින්ම පතනා ලද පරිදි ඔබ මෙම භවය ඉහත කරුණු සම්පූර්ණ වී ඉපදී ඇතැයි කීම වඩාත් නිවැරදිය.

ඉහත කරුණු සියල්ලම සම්පූර්ණ වී ඔබ ඉපදී ඇත්තේ බුදු දහමට පමනක් සුවිශේශී වූ සත්‍යයක් සහ ඉගැන්වීමක් වන සසරින් පිටවන මාර්ගය ගැන සොයා ගැනීමට, ඉගෙනගැනීමට සහ එම මාර්ග ප්‍රගුණ කිරීමට බව වටහා නොගත්තොත් කරන්නේ ඔබ ලබා ඇති සුවිශේශී ඉපදීම නාස්තිකර දැමීමකි. ඔබ ඔබේ අතේ අද ඇති මුදල් නාස්තිකර දැමුවොත් ඔබට හෙටත් තවත් මුදල් ලැබෙනු ඇත. ඉහත කරුණු හයම සම්පූර්ණවූ මනුෂ්‍ය ආත්මයක් ඔබට නැවත ලැබෙන්නේ කවදාදැයි සිතා ගැනීමටවත් නොහැකි බව ඔබට වැටහිය යුතුය.

බුදු දහමේත් අනිකුත් ආගම්වලත් ඇති වෙනස

හොඳ සහ නරක වෙන් කර උගන්වන ආගම් හා ඇදහීම් සෑම කාලයකම ලොවේ තිබේ. එම ආගම් අනුගමනය කළහොත් සංසාරය තුලම දේව සහ බඹ ලෝක වලට යා හැක. බෞද්ධ ධර්මයේත් සිල් රැකීම පිලිබඳව සහ සහ පවු කිරීමේ ආදීනව කියාදෙයි. ඒවා පමණක් අනුගමනය කළහොත් සිදු වන්නේද දිව්‍ය ලෝක බ්‍රහ්ම හෝ ලෝකවල ඉපදීමටයි. එහෙත් එම ලෝකවල ආයුෂ අවසන් වූ පසු පෙර කර්ම උඩ නැවත නැවතත් නිරයට වැටීමට සිදුවීමේ අවදානම එලෙසම පවතී.

නිරයට වැටීම සහමුලින්ම නැතිකරන සහ නැවත ඉපදීම වැඩිම වශයෙන් භව හතකට සීමා කරන සසරින් එතෙර වන ක්‍රමය හෝ මාර්ගය කියාදෙන එකම දහම වන බුදු දහම හමුවන්නේ බුද්යෝත්පාදක කාලයකද පමණි.

බුදු රදුන් භව සිය ගණනක් මහත් දුක් කන්ඳරාවක් විඳිමින් බුද්ධත්වය ලබා ගත්තේ අපට දුක නැතිකරණ එනම් සසරින් එතෙර වන මාර්ගය සොයාගෙන අපට ගෙනවිත් දීමටයි. උන්වහන්සේ පාදා දුන් නිවන් මාර්ගයට ඇතුළුවී හැකි ඉක්මණින් සසරින් එතෙර වීම පසෙක දමා අපි කරන්නේ උන්වහන්සේගේ පිළිම වලට වන්ඳනාමාන කිරීම පමණක් නම් ඒ කරණා දෙයින් අපිටවත් උන්වහන්සේටවත් ඇතිවන සුගතියක් වේ යැයි ඔබ සිතනවාද? අපට නොදැන සිටි මාර්ගය අපට පහදා දුන් බුදු රදුන්ට කල හැකි ඉහළම සහ එකම උපහාරය නම් එතුමන් පහදා දුන් මාර්ගයේ ගමන් කිරීමයි. බොහෝ කරදර විඳ ඔබට සුවපත්වීමට ඖෂධය ගෙනැවිත් දුන් වෛද්‍ය වරයාට කළ හැකි උපහාරය එම බෙහෙත පරිහරණය කර ඉක්මණින්ම සුවපත්වීමයි.

ඔබට සෝවාන් මාර්ගයට පිවිසීමට ගාථා, ත්‍රිපිටක, සූත්‍ර ආදී කිසිවක් දැනගැනීමට හෝ පාඩම් කිරීමට කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. තවද ලෝකයේ ඇති සියළුම බෞද්ධ විහාරස්ථාන , බුදු පිළිම සහ ස්ථූප වන්දනා කරගෙන සිටියත් සෝවාන් මාර්ගයට ඇතුළුවී නැත්තම් ඒවායින් පළක් නැති බව තේරුම් යා යුතුය. ඔබ සසරින් එතෙර වීමට අරමුණු කරගනිමින් සෝවාන් මාර්ගයේ ගමන් කිරීමට පටන් ගැනීම සහ අන් අයත් එම මාර්ගයට ඇද ගැනීමට උත්සාහ කිරීම අදම පටන්ගන්න.

එසේම බුදු රදුන් යනු ඒ උතුම් මාර්ගය පහදා දුන් උතුමකු මිස මැජික් කරුවකු නොවේ. විභාග සමත් වීමට, මැතිවරණ දිනීමට, ව්‍යාපාර දියුණු කිරීමට, වත් පොහොසත් කම් ලබා ගැනීමට උන්වහන්සේගේ පිළිම ලඟ වැටී කන්නලව් කිරීමෙන් ප්‍රයෝජනයක් ඇතැයි සිතනවාද? බුදු රදුන් දේශණා කලේ ලෞකික සැප සම්පත් අත් හැරිය යුතු මාර්ගයක් මිස ඒවා අත්පත් කරගැනීමේ මාර්ගයක් නොවන බව වටහා ගැණීමට අප ප්‍රඥාවන්ත වියයුතුය. ඔබ බෞද්ධයෙක්නම් හෝ බෞද්ධ දර්ශණය පිළිගන්නා අයකුනම් ඔබගේ ලෞකික සුභසිද්ධිය සඳහා කළයුතු දේවල් කරණ අතරම බුදු රදුන් පහදා දුන් මාර්ගයේ ගමන් කිරීමට දැන්ම අධිශ්ඨාන කරගන්න. ලෞකික දේවල් වලින් තාවකාලික දුක අඩුකිරීම හෝ සතුට ලබා ගැනීමට වඩා එතුමන් පෙන්වූ මාර්ගයේ අවසන ඇත්තේ සදාකාළිකව දුක නැතිකිරීම බව තේරුම් ගන්න. ඔබ සෝවාන් මාර්ගයට නොපිවිසේනම් හැමදා උදේ හවස ජප කරනා නමස්කාරයේ ඇති "මම බුදුන් සරණ යමි" හා “මම දහම් සරණ යමි” යන පොරොන්දු දෙක ඔබ අතින් කඩවන බව මතක තබාගන්න.

සසරින් එතෙර වීමට සිතා බැලිය යුත්තේ කවදාද?

අපි සියලුදෙනාටම විවිධ වගකීම් ඇත. දරුවන්ගේ කටයුතු, රාජකාරි කටයුතු, නිවසේ වගකීම්, ණය තුරුස්, මිතුරන් ආශ්‍රය කිරීම, බ්ලොග් එක අප්ඩේට් කිරීම යන දේවල් අප හැමෝම කල යුතුය. එම වගකීම් අඩුවුන දවසක සෝවාන් මාර්ගය ගැන සිටීමට හැකියාව ඇත. එසේ නමුත් අප කෙතරම් කලක් මෙම භවයේ රැඳී සිටී දැයි අපට කිව නොහැකිය. හදිසි පපුවේ අමාරු, වාහන වල හැපීම, විදුලි සැර වැදීම, ඩෙංගු උණ, මිනී මැරීම් ආදී බලපොරොත්තු නොවූ හේතු නිසා අද සවස හෝ හෙට අපට මෙම භවයෙන් පිටවීමට සිදුවිය හැක. එවන් මරණයකට මුහුණ දීමට අපගේ පෙර කර්ම අනුව සිදුවේද නැත්ද යන්න බලා ගැනීමට අපට ක්‍රමයක් නැත. මරණයට පත් නොවුනත් අබ්බගාතයෙකු හෝ සිහිය නැති පුද්ගලයෙකුගේ තත්ත්වයට වැටුණොත් සසරින් පිටවීමට කලයුතු සුළු දේ කරගත නොහැකි උවහොත් අපි තව කොතරම් කලක් සසරේ දුක් විඳීමට සිදුවිය හැකිද?

ඔබ තරුණ වයසේ පසුවන අයෙක්නම් මේ වයසේදී විනෝද වී පසුව සසරින් එතෙරවීම සිතා බැලිය හැකියැයි සිතිය හැක. අප මේ ලබා ඇති මනුෂ්‍ය ආත්මය අවසන් වන දිනය ගැන ඔබට දැනීමක් නැත. අද රෑ හෝ හෙට යම්කිසි හේතුවක් නිසා ඔබ මිය ගියහොත් ඔබ විසින් මේ අවස්ථාව නැති කරගන්න බව තේරුම් ගන්න. එසේ වී ඔබ නිරයට හෝ දිව්‍ය ලෝකයට ගියහොත් ඔබට නැවත මනුෂ්‍ය ආත්මයක් බුද්යෝත්පාදක කාළයකදී ලැබෙන්නේ තව භව කෝටි ප්‍රකෝටි ගණනකින් පසුව වීමට ඉඩ ඇත.

ඔබ වයසින් වැඩිමහළු පුද්ගලයෙක්නම් පසුගිය කාලයේ ඔබ සසරින් පිටවීමට අවශ්‍ය කුසලතා පිරීමට යෙදවූවේ නැත්නම් ඒ ගැන පසු තැවීමෙන් කාලය නාස්ති නොකරන්න. ඔබගේ ප්‍රඥා ශක්තිය අණුව ඔබට ඉතාමත් සුළු කළකින් එම මාර්ගයට පිවිසිය හැකි වන්නට පුළුවන. එමෙන්ම ඔබ ඒ සඳහා දරණ උත්සාහය අණුව එම මාර්ගයේ බොහෝ දුර ගෙවා දැමිය හැකිය. එම නිසා ඔබ මේ දැන්ම කලයුත්තේ මෙම භවයේදීම සෝවාන් මාර්ගයට අවතීර්ණ වන බවට දැඩි අධිශ්ඨානයක් ඇතිකර ගැනීමත් ඒ සඳහා කලයුතු දේවල් අදම කිරීමට පටන් ගැනීමත්ය.

[QUOTE="asliyanage, post: 27986019, member: 8764"] 1. මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට ඇත්තේ කණ කැස්බැවකු විය සිදුරෙන් අහස බැලීමේ සම්භාවිතාවයට වඩා අඩු සම්භාවිතාවක් බව බුදු රදුන් කියා ඇත. එවන් දුර්ලභ දෙයක් එනම් මනුෂ්‍ය ආත්මයක් ඔබ ලබා ඇත. 2. අබාධිත හෝ මන්ද බුද්ධික ඉපදීමක් නොලබා සාමාන්‍ය මනුෂ්‍ය භවයක් ලැබී ඇත. 3. සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන ප්‍රඥාවක් සහිතව ඉපදී ඇත. 4. බුදු දහම කිසියම් කාලයක් පැවතී නැතිවී ගොස්, නැවත බුදු වරයෙකුගේ පහලවීමක් ඇතිවන තෙක් හොඳ නරක කියාදෙන ආගම් පමණක් ලොවේ පවතී. ඔබ අනන්තවත් වාර ගණනක් එවන් කාල වල මනුෂ්‍ය ආත්ම ලබා තිබෙන්නට පිළිවන. ඔබ බුදු දහම ඇතිකාලයක ඉපදී ඇත. 5. බුදු දහම අද තිබුනත් ලෝකයේ බොහෝ දෙනෙක් ඉපදී ඇත්තේ බුදු දහම ඇසෙන මානයක නොවේ. ඒ අතින් ඔබ බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇත. 6. බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇතත් එම දහම් ඇසුරු කිරීමට, බණ ඇසීමට, ඒ ගැන කල්පනා කිරීමට අවස්ථාවක් නොලැබෙන අය සිටිය හැක. එම අවස්ථාව ඔබට ලැබී ඇත. ඉහත කරුණු සියල්ලම සම්පූර්ණ වී ඉපදීමට ඔබ වාසනාවන්ත වී ඇතිබව ඔබට වැටහෙනු ඇත. ඇත්ත වශයෙන්ම එය වාසනාවක් නිසා සිදුවූ දෙයක් නොව ඔබ විසින්ම පසුගිය භව වල රැස් කරගන්නා ලද කුසල් සහ එම භව වලදී ඔබ විසින්ම පතනා ලද පරිදි ඔබ මෙම භවය ඉහත කරුණු සම්පූර්ණ වී ඉපදී ඇතැයි කීම වඩාත් නිවැරදිය. ඉහත කරුණු සියල්ලම සම්පූර්ණ වී ඔබ ඉපදී ඇත්තේ බුදු දහමට පමනක් සුවිශේශී වූ සත්‍යයක් සහ ඉගැන්වීමක් වන සසරින් පිටවන මාර්ගය ගැන සොයා ගැනීමට, ඉගෙනගැනීමට සහ එම මාර්ග ප්‍රගුණ කිරීමට බව වටහා නොගත්තොත් කරන්නේ ඔබ ලබා ඇති සුවිශේශී ඉපදීම නාස්තිකර දැමීමකි. ඔබ ඔබේ අතේ අද ඇති මුදල් නාස්තිකර දැමුවොත් ඔබට හෙටත් තවත් මුදල් ලැබෙනු ඇත. ඉහත කරුණු හයම සම්පූර්ණවූ මනුෂ්‍ය ආත්මයක් ඔබට නැවත ලැබෙන්නේ කවදාදැයි සිතා ගැනීමටවත් නොහැකි බව ඔබට වැටහිය යුතුය. [IMG alt="☸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/2638.png[/IMG] බුදු දහමේත් අනිකුත් ආගම්වලත් ඇති වෙනස හොඳ සහ නරක වෙන් කර උගන්වන ආගම් හා ඇදහීම් සෑම කාලයකම ලොවේ තිබේ. එම ආගම් අනුගමනය කළහොත් සංසාරය තුලම දේව සහ බඹ ලෝක වලට යා හැක. බෞද්ධ ධර්මයේත් සිල් රැකීම පිලිබඳව සහ සහ පවු කිරීමේ ආදීනව කියාදෙයි. ඒවා පමණක් අනුගමනය කළහොත් සිදු වන්නේද දිව්‍ය ලෝක බ්‍රහ්ම හෝ ලෝකවල ඉපදීමටයි. එහෙත් එම ලෝකවල ආයුෂ අවසන් වූ පසු පෙර කර්ම උඩ නැවත නැවතත් නිරයට වැටීමට සිදුවීමේ අවදානම එලෙසම පවතී. නිරයට වැටීම සහමුලින්ම නැතිකරන සහ නැවත ඉපදීම වැඩිම වශයෙන් භව හතකට සීමා කරන සසරින් එතෙර වන ක්‍රමය හෝ මාර්ගය කියාදෙන එකම දහම වන බුදු දහම හමුවන්නේ බුද්යෝත්පාදක කාලයකද පමණි. බුදු රදුන් භව සිය ගණනක් මහත් දුක් කන්ඳරාවක් විඳිමින් බුද්ධත්වය ලබා ගත්තේ අපට දුක නැතිකරණ එනම් සසරින් එතෙර වන මාර්ගය සොයාගෙන අපට ගෙනවිත් දීමටයි. උන්වහන්සේ පාදා දුන් නිවන් මාර්ගයට ඇතුළුවී හැකි ඉක්මණින් සසරින් එතෙර වීම පසෙක දමා අපි කරන්නේ උන්වහන්සේගේ පිළිම වලට වන්ඳනාමාන කිරීම පමණක් නම් ඒ කරණා දෙයින් අපිටවත් උන්වහන්සේටවත් ඇතිවන සුගතියක් වේ යැයි ඔබ සිතනවාද? අපට නොදැන සිටි මාර්ගය අපට පහදා දුන් බුදු රදුන්ට කල හැකි ඉහළම සහ එකම උපහාරය නම් එතුමන් පහදා දුන් මාර්ගයේ ගමන් කිරීමයි. බොහෝ කරදර විඳ ඔබට සුවපත්වීමට ඖෂධය ගෙනැවිත් දුන් වෛද්‍ය වරයාට කළ හැකි උපහාරය එම බෙහෙත පරිහරණය කර ඉක්මණින්ම සුවපත්වීමයි. ඔබට සෝවාන් මාර්ගයට පිවිසීමට ගාථා, ත්‍රිපිටක, සූත්‍ර ආදී කිසිවක් දැනගැනීමට හෝ පාඩම් කිරීමට කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. තවද ලෝකයේ ඇති සියළුම බෞද්ධ විහාරස්ථාන , බුදු පිළිම සහ ස්ථූප වන්දනා කරගෙන සිටියත් සෝවාන් මාර්ගයට ඇතුළුවී නැත්තම් ඒවායින් පළක් නැති බව තේරුම් යා යුතුය. ඔබ සසරින් එතෙර වීමට අරමුණු කරගනිමින් සෝවාන් මාර්ගයේ ගමන් කිරීමට පටන් ගැනීම සහ අන් අයත් එම මාර්ගයට ඇද ගැනීමට උත්සාහ කිරීම අදම පටන්ගන්න. එසේම බුදු රදුන් යනු ඒ උතුම් මාර්ගය පහදා දුන් උතුමකු මිස මැජික් කරුවකු නොවේ. විභාග සමත් වීමට, මැතිවරණ දිනීමට, ව්‍යාපාර දියුණු කිරීමට, වත් පොහොසත් කම් ලබා ගැනීමට උන්වහන්සේගේ පිළිම ලඟ වැටී කන්නලව් කිරීමෙන් ප්‍රයෝජනයක් ඇතැයි සිතනවාද? බුදු රදුන් දේශණා කලේ ලෞකික සැප සම්පත් අත් හැරිය යුතු මාර්ගයක් මිස ඒවා අත්පත් කරගැනීමේ මාර්ගයක් නොවන බව වටහා ගැණීමට අප ප්‍රඥාවන්ත වියයුතුය. ඔබ බෞද්ධයෙක්නම් හෝ බෞද්ධ දර්ශණය පිළිගන්නා අයකුනම් ඔබගේ ලෞකික සුභසිද්ධිය සඳහා කළයුතු දේවල් කරණ අතරම බුදු රදුන් පහදා දුන් මාර්ගයේ ගමන් කිරීමට දැන්ම අධිශ්ඨාන කරගන්න. ලෞකික දේවල් වලින් තාවකාලික දුක අඩුකිරීම හෝ සතුට ලබා ගැනීමට වඩා එතුමන් පෙන්වූ මාර්ගයේ අවසන ඇත්තේ සදාකාළිකව දුක නැතිකිරීම බව තේරුම් ගන්න. ඔබ සෝවාන් මාර්ගයට නොපිවිසේනම් හැමදා උදේ හවස ජප කරනා නමස්කාරයේ ඇති "මම බුදුන් සරණ යමි" හා “මම දහම් සරණ යමි” යන පොරොන්දු දෙක ඔබ අතින් කඩවන බව මතක තබාගන්න. [IMG alt="☸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/2638.png[/IMG] සසරින් එතෙර වීමට සිතා බැලිය යුත්තේ කවදාද? අපි සියලුදෙනාටම විවිධ වගකීම් ඇත. දරුවන්ගේ කටයුතු, රාජකාරි කටයුතු, නිවසේ වගකීම්, ණය තුරුස්, මිතුරන් ආශ්‍රය කිරීම, බ්ලොග් එක අප්ඩේට් කිරීම යන දේවල් අප හැමෝම කල යුතුය. එම වගකීම් අඩුවුන දවසක සෝවාන් මාර්ගය ගැන සිටීමට හැකියාව ඇත. එසේ නමුත් අප කෙතරම් කලක් මෙම භවයේ රැඳී සිටී දැයි අපට කිව නොහැකිය. හදිසි පපුවේ අමාරු, වාහන වල හැපීම, විදුලි සැර වැදීම, ඩෙංගු උණ, මිනී මැරීම් ආදී බලපොරොත්තු නොවූ හේතු නිසා අද සවස හෝ හෙට අපට මෙම භවයෙන් පිටවීමට සිදුවිය හැක. එවන් මරණයකට මුහුණ දීමට අපගේ පෙර කර්ම අනුව සිදුවේද නැත්ද යන්න බලා ගැනීමට අපට ක්‍රමයක් නැත. මරණයට පත් නොවුනත් අබ්බගාතයෙකු හෝ සිහිය නැති පුද්ගලයෙකුගේ තත්ත්වයට වැටුණොත් සසරින් පිටවීමට කලයුතු සුළු දේ කරගත නොහැකි උවහොත් අපි තව කොතරම් කලක් සසරේ දුක් විඳීමට සිදුවිය හැකිද? ඔබ තරුණ වයසේ පසුවන අයෙක්නම් මේ වයසේදී විනෝද වී පසුව සසරින් එතෙරවීම සිතා බැලිය හැකියැයි සිතිය හැක. අප මේ ලබා ඇති මනුෂ්‍ය ආත්මය අවසන් වන දිනය ගැන ඔබට දැනීමක් නැත. අද රෑ හෝ හෙට යම්කිසි හේතුවක් නිසා ඔබ මිය ගියහොත් ඔබ විසින් මේ අවස්ථාව නැති කරගන්න බව තේරුම් ගන්න. එසේ වී ඔබ නිරයට හෝ දිව්‍ය ලෝකයට ගියහොත් ඔබට නැවත මනුෂ්‍ය ආත්මයක් බුද්යෝත්පාදක කාළයකදී ලැබෙන්නේ තව භව කෝටි ප්‍රකෝටි ගණනකින් පසුව වීමට ඉඩ ඇත. ඔබ වයසින් වැඩිමහළු පුද්ගලයෙක්නම් පසුගිය කාලයේ ඔබ සසරින් පිටවීමට අවශ්‍ය කුසලතා පිරීමට යෙදවූවේ නැත්නම් ඒ ගැන පසු තැවීමෙන් කාලය නාස්ති නොකරන්න. ඔබගේ ප්‍රඥා ශක්තිය අණුව ඔබට ඉතාමත් සුළු කළකින් එම මාර්ගයට පිවිසිය හැකි වන්නට පුළුවන. එමෙන්ම ඔබ ඒ සඳහා දරණ උත්සාහය අණුව එම මාර්ගයේ බොහෝ දුර ගෙවා දැමිය හැකිය. එම නිසා ඔබ මේ දැන්ම කලයුත්තේ මෙම භවයේදීම සෝවාන් මාර්ගයට අවතීර්ණ වන බවට දැඩි අධිශ්ඨානයක් ඇතිකර ගැනීමත් ඒ සඳහා කලයුතු දේවල් අදම කිරීමට පටන් ගැනීමත්ය. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom