Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සසර දුක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ මෙතෙක් ජීවිතයේ නැරඹූ ත්‍රාසජනකම චිත්‍රපටිය මතකයට නඟා ගන්න. එදින ඔබ සිතට දැනුණ බිය සිහි කරන්න. එවැනි වූ ත්‍රාසජනක චිත්‍රපටියක් කිසිවකුත් නොමැතිව තනිවම ඔබට නැරඹිය හැකිද? බොහෝ දෙනෙක් එය ප්‍රතික්ෂේප කරනු ඇත..

මේ සසර තුළ අපායන්හි ගත කරමින් ඔබ මේතාක් විඳි දුක ඔබට චිත්‍රපටියක් ලෙස පෙන්විය හැකි නම්...එය ඔබ මෙතෙක් ජීවිත්යේ නැරඹූ ත්‍රාසජනකම, භියකරුම චිත්‍රපටය වනු නො අනුමානය..

නමුත් එය එසේ , කිසිදින චිත්‍රපටයකට නඟා හෝ පෙන්විය නොහැක. පෙන්වූවද එය සත්‍ය ස්වභාවයෙන් ලක්ෂයෙන් එකක්වත් නොවනු ඇත. මන්ද යත් සර්වඥතා ඥාණයෙන්, මහා සෘධි ප්‍රාතිහාර්යයෙන් අග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහනසේ පවා දේශනා කළේ,

"මහණෙනි මේ සතර අපායන්ට වැටී සත්වයා විඳින අප්‍රමාණ වූ දුක්, මට උපමාවකින්වත් විස්තර කළ නොහැක" ලෙසයි..

එක් රෝම කූපයකින් මහා ගිනි ජාලාවක් පිට කරද්දී අනෙක් රෝම කූපයෙන් මහා ජලස්කන්ධයක් පිට කළ හැකි ලෙසින් යමාමහ පෙළහැර දක්වන්නට සමත් වූ බුදු කෙනෙකුත් එසේ පවසයි නම්...!

වරද ඇත්තේ අප තුළයි...ඒ අතිශය බියකරු බාවයත්, එයින් ගැලවී සිටීම සඳහා අවශ්‍ය මාර්ගයත් අඩුවක් නැතිව අපට දේශනා කොට අප ඉදිරියේ දිස්වෙයි නම් වරද ඇත්තේ කොතනද?

අතට කටුවක් ඇණුන විට ඔබ ඒ වේදනාව පවා ප්‍රතික්ෂේප කරමින් කෑ ගසයි නම්..ඒ වේදනාවට පවා බිය වෙයි නම්...කොලෙස්ටරෝල් , අධිරුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා ආදී රෝගයන්ට අපමණ බියක් දක්වමින් ඒවායින් පරෙස්සම් වීමට කැපවන්නේ නම්...

වරද කොතනද...!

ඔබ තුළ ඇති මෝඩකමයි...

ඇසට නොපෙනෙන හෙයින්...ඔබට එය නොදැනේ...

නමුත් බුදු රජාණන් වහන්සේ මේවා දේශනා කළේ සාමාන්‍ය ඇසකින් දැක නොව...බුදු ඇසින් දකිමින්ය.. බුදුරජාණන් වහන්සේ පමණක් නොව...සෘධියෙන් අග තැන්පත් රහතන් වහන්සේලා පවා එලෙසින්ම දේශනා කළ සේක.

අඩුපාඩුව ඇත්තේ ශ්‍රද්ධාව තුළය..ප්‍රඥාව තුළය.. මලක් පහනක් පූජා කළ පමණින් එය ශ්‍රද්ධාව යැයිම වරදවා නොපිළිගත යුතුය. එයද ශ්‍රද්ධාවකි.. නමුත් ප්‍රඥාව මිශ්‍ර නොවූ, ශ්‍රද්ධාවකි. එය ඉතා පහසුවෙන් ගිලිහී යන ශ්‍රද්ධාවකි. සැබෑ ලෙසම ශ්‍රද්ධාව යනු විශ්වාසය සහිත වූ ශ්‍රද්ධාවකි. එය ඔබට හිතුවාට, ඇතැම් විට නොවැටහෙනු ඇත.

වෛද්‍යවරයකු රූපවාහිනියට පැමිණ ඔබට ලෙඩක් පිළිබඳව උපදෙස් දෙයි..ගත යුතු ආහාර, ව්‍යායාම පිළිබඳව උපදෙස් දෙයි.. ඔබ ඒවා බොරු යැයි සිතන්නේද...? නැත..

ඔබ ඒවා හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව ක්‍රියා කරන්නට වෙහෙසෙයි. අන් අයටත් කියා දෙයි. රූපලාවන්‍ය ශිල්පීන් පැමිණ දෙන උපදෙස් ඔබ පිළිපඳින්නේ කෙසේද..

නමුත් ඔබ ශ්රද්ධාවයි කියා සිතා සිටින බුදු පියාණන් පුන පුනා කියා සිටින දේ ඔබ එසේ බැරෑරුම් ලෙසින් පිළිගන්නවාද ? පිළිකාවකින් වැළකීමේ සිටීමේ ක්‍රියා පටිපාටිය නිරතුරු සිහිවන ඔබට, සතර අපායෙන් වැළකී සිටීමේ ක්‍රියාව සිහිවනවාද ?ආහාරයක් ගන්න විටම, සීනී, තෙල්, පිළිකාකාරක යැයි සිහිවන ඔබට, ඒ තරමින් දහයෙන් එකක් හෝ සතර අපාය පිළිබඳව බියක් ඇතිවනවාද ?

නැත..එසේ වීමට මූලිකම හේතුව ශ්‍රද්ධාවේ අඩුපාඩුවයි .. දෙවෙනි කරුණ නම් ප්‍රඥාවේ අඩුවයි.. බොහෝ අය ක්‍රියා කරන්නේ ඇසට පෙනෙන, කනට, නාසයට, දිවට, ශරීරයට දැනෙන දේවල් මත පිහිටා පමණි. ප්‍රඥාවක් ඇති කෙනෙක් පමණක් ඉන් ඔබ්බට මනායතනයද භාවිතා කරමින් ක්‍රියා කරයි. ඇසට , කනට, මේ මොහොතේ නොපෙනෙන නොදැනෙන දේවල් ඔවුන් ප්‍රඥාව මෙහෙයවා අවබෝධ කරගයි.

ප්‍රඥාව, ශ්‍රද්ධාව නොවැඩෙන හේතුව සිත තුළ පවතින අධික තෘෂ්ණාවයි.. සියළු කෙලෙස් වලට ප්‍රධානම හේතුව මමත්වය හා තණ්හාවයි. තණ්හාව මූලික වූ සිතක් අපිරිසිදු වී ඇත. එවිට ප්‍රඥාව වැඩෙන්නේ නැත. අනෙක් අතට ප්‍රඥාව වැඩෙන සිතක තණ්හාවද නැතිවී යයි.

එකිනෙකට ඇමිණූ මාලයක ඇට සේ මේ සියල්ල එකිනෙක හා බැඳී පවතී. එක් දෙයක් පමණක් කළ පමණින් නිවන් අවබෝධ නොවන්නේ එබැවිනි. ජීවීත කාලයම සිල් සමාදන් වූ අයද , මහා දානයන් ජීවීත කාලය පුරාම දුන් අයද ඇතැම් විට අපායගාමී වන්නේ එබැවිනි.

එකක් පමණක් කළ සෑහීමකට පත්විය නොහැක්කේ එබැවිනි.

සිත කය වචනය යන තුනම එක ,ලෙසින් හික්මවා ගත යුතුය. සිත හික්මවා ගත් තැන නිරායාසයෙන් අනෙක් ඒවාද හික්මෙයි. හිත හික්මවනවා යනු, කෙලෙස් වලින් සිත හික්මවා ගැනීමයි. කයින් කොතෙක් සංවර මුත් සිතින් අසංවර අය බහුලය.

සිත අසංවර වන්නේ කය අසංවර වන ලෙසට නොවේ. සිත අසංවර වන්නේ කෙලෙස් වලිනි. ලෝබය , තරහව, ඊර්ෂ්‍යාව, මාන්නය, උඩඟු බව, මෝඩකම, ආදී කෙලෙස් ගණනාවක්ම ඇත. මේවා පැන නැඟිය විට සිත අසංවර වේ. ඒවාට ඕනෑ පරිදි සිත නටයි. සිත ඇතුලෙන් කෙලෙස් මතුවී බුබුළු දමන මුත් කය නිසලව තබා ගැනීමට සමත් අය බහුලය. එහිදී කය සංවරය.. වචනය සංවරය.. නමුත් සිත අසංවරය..

මෙසේ සිතද හික්මවා ගැනීමට නම් ඒ පිළිබඳව මනා සේ සිහියක් පැවතිය යුතුමය. කය හික්මවා ගැනීමට සිහිය පවතින ඔබට, සිත හික්මවා ගැනීමට සිහිය නොපවතින්නේ මන්ද කියා ඔබ සිතුවාද ?

බොහෝ අය රාගය ආ පමණින් වැරදි නොකරයි.. තරහා ආ පමණින් රණ්ඩු සරුවල් කොට අපරාධ නොකරයි. ඊර්ෂ්‍යාව ආ පමණින් එය ප්‍රදර්ශනය නොකරයි.. ඒ මන්ද.. එය සඟවා ගැනීමට සතිය, සිහිය අවශ්‍ය ඔවුන් තුළ පවතින හෙයිනි. ඒවා නරක දේවල් ලෙසින් හඳුනාගන්නා ප්‍රඥාවද ඔවුන් තුළ පවතී. එසේ නම් සිත පාලනය කිරීමට අවශ්‍ය සිහිය නොඑළබෙන්නේ ඇයි කියා සිතුවාද? එය බොහෝ විට සතිය මඳ කමම පමණක් නොවේ. එය දකින සිතන ආකාරයයි.

සිතට ක්ලේශයක් ආ විට එය පිටට නොපෙනේ. ඊර්ෂ්‍යාවෙන් කොතෙක් දැවුණද, ද්වේශයෙන් කොතෙක් දැවුණද එය පිටතට නොපෙනේ. එය ලෝකයා දැනගන්නේ එය වචනයෙන් ක්‍රියාවෙන් ප්‍රදර්ශනය වූවිට පමණි. එවිට ලජ්ජාවට පත්වීමට, නින්දාවට පත්වීමට සිදුවේ. එය ඔබගේ සමාජ තත්වයට හානියකි. ඔබ ඊර්ෂ්‍යාවෙන් දැවෙන බව ලෝකයා දැනගතහොත් ඔබට කෙතරම් ලැජ්ජාවක් වේද..අන් අය ඔබව අප්‍රිය කරන බව ඔබ සිත දනී. එසේ හෙයින් සමාජයේ අන් අයට ප්‍රියව සිටීමට ඇති ආශාව හේතුවෙන් එම කෙලෙස් සිත තුළම සඟවා සිටීමට ඔබට හැකියාව ඇත. එය නරක දෙයක් ලෙස කියනවා නොව.. එය සිදු කළ යුතුදෙයකි. සිතට එන එන කෙලෙස් පිට කරන්නට ගියා නම් තිරිසන් සත්වයන්ගෙන් වෙනසක් නැත.

නමුත් නිවන සොයා යන ඔබ ඉන් අඩියක් ඉදිරියට පැමිණිය යුතුය. ඔබ සෑම විටම සිතන්න, ඔබේ සිත සියළුදෙනාටම පෙනෙනවා ලෙසින්.. එය ඉතාමත්ම වටිනා කමටහනක් බව ඔබ එය ක්‍රියාවට නැංවු විට අවබෝධ වනු ඇත. ඔබ කොතෙක් ලස්සනට හැඩ වී ලෝකයා ඉදිරියට යැමට කැමති වූවද, ඔබේ සිත එලෙසින් ලෝකයා දකිනවාට ඔබ කැමතිද.. නැත..කිසිවකුත් කැමති නොවේ. මන්ද යත් ඒ තුළ ඇති කුණු දන්නේ ඔබම පමණක් බැවිනි.

ඔබේ නිවස හැඩිවී ඇති විටක ඔබ අමුත්තන් ගෙදරට පැමිණ ඇතුළ බලනවාට අකැමැති සේම, ඔබේ සිත අන් අය දකිනවාට කැමති නැත. එයට මූලික වන හේතුව නම් ඔබේ සිත තුළ අන් අයගේ පිළිගැනීම්වලට ලක් වීමේ ආශාවයි. එය මාන්නය මූලික වූ දෙයකි. නමුත් එය ඔබේ සුබ සිද්ධිය සඳහා යොදා ගන්නට දක්ෂ වන්න. කෙලෙස් තුළින්ම කෙලෙස් කපාහරින්න.

සතිය නැතැයි සිතා කෙලෙස් වලට පැන නැඟීමට සමාවක් නොදෙන්න. සතිය තිබෙන බව දකින්න. තැනකට ගොස් පිළිවෙලට සිටින්නට , කතා බස් කිරීමට සුදුසු නුසුදුසු දෑ තෝරා බේරා ගැනීමට ඔබට සතිය සිහිය තිබෙනු නො අනුමානය. ඔබ ජීවීතයේ ඔබට වැරදුණු තැන් , සැඟවිය යුතු තැන්, ඔබට අවාසි සහගත දේ , නොපවසා - සඟවා සිටීමට අවශ්‍ය සිහිය, කල්පනාව ඔබට ඇත්නම් සිතට එන කෙලෙස් නොදැක සිටින්නට සතිය නැතිවා වන්නටම නොහැක. එය සිත පුහුණු කර ඇති ආකාරය පමණි. බරපතලකම සිතට දක්වා ඇති ආකාරය පමණි.

"මගේ සිත තුළ ඕනෑ දෙයක් තිබුණාට කමක් නැත, නමුත් පිට අය එය දැකීම කිසි විටෙකත් සිදු නොවිය යුතුයි" යන දැක්ම මෙයට මූලිකම හේතුවයි.

නමුත් එය ඔබ මේසේ වෙනස් කරගතහොත්....

පිට අය දැක්කත් නොදැක්කත් සිතට, ක්ලේශයක් පැන නැඟීමයි වඩා භයානක ලෙසින් සිතන්නට පුරුදු වුවහොත්...!

සැබවින්ම සත්‍ය එයයි. පිට අයට ඔබ වෙනුවෙන් කළ හැකි දෙයක් නොමැත. නමුත් ඔබේ සසරේ වගකීම ඔබේ සිතයි. ඔබේ ජීවීතය, සසර වෙනස් කරන එකම නිර්ණායකය ඔබේම සිතයි. ඔබ ඔබේ රාජකාරියේ උසස් නිළධාරියාට බියක් දක්වන්නේ කෙසේද, පොලිස් නිළධාරියකුට හොරෙන් වරදක් කරන්නට ඇති බිය කෙසේද...ඊට වඩා දස දහස් ගුණයක බියක් ඔබේ සිතටම ඇති කරගන්න. අන් අය ඔබට දඩුවම් දෙන්නේ කෙටි කාලයකටය. නමුත් ඔබේ සිතින් ඔබට දෙන දඩුවම කල්ප ගණනකටය. ඔබ සැඟවී සිටිය යුත්තේ ඔබේම සිතටය.

ඔබ කෙලෙස් උපදවන වාරයක් වාරයක් පාසා මුළු ලෝකයම නොදැක්කත් සිත එය හොඳින් දකී. ඒ සෑම දෙයක්ම සිත හඳුනා ගනී. එකක්වත් අත නොහැරම ඔබට දඩුවම් ලබා දෙයි. අනුකම්පාවට සමාවක් එයින් ඔබට බලාපොරොත්තු විය නොහැකියි.

මේවා හොඳින් අවබෝධ කරගන්න. පැණි රස කෑම,තෙල් කෑම කන විටම විපාකය නොලැබේ. ලෙඩ හැදෙන්නට පටන් ගත්විට ඒවාගෙන් ගැලවීමක් නැත. එලෙසින්ම සුදුසු කාලය එලැඹ සිටිය කල්හි කර්මයන්ද විපාක දෙන්නට පටන් ගනී. ලෙඩක් හැදුණු විට ඔබට පිහිටවන්නට දොස්තර සිටී. නමුත් කර්ම විපාක දෙන විට ඔබට පිහිට වන්නට කිසිවෙකුටත් නොහැකිය.

බොහෝ අපායන්හි, ප්‍රේත ලෝකයන්හි දැවෙනා සත්වයන්, " අනේ අපට පිහිටවන්න" යැයි විලාප තබයි. ඒවා අපට නො ඇසේ. අපද මේ අනන්ත සසර පුරා වැඩියෙන්ම කළ ඇත්තේ එසේ විළාප තැබීමයි. බුදු පියාණන්ට අපායේ සිටිනා සත්වයන්ගේ විලාපය ඇසේ. ඒ දුක් පෙනේ. ඒ දුක් දැනේ.

" මහණෙනි අතීත සංසාරය පුරා නුඹලා විඳින ලද දුක් ප්‍රමාණය දන්නේ නම් හිස ගිණි ගත්තද ඒ ගින්න නොනිවා අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වෙහෙසෙනු ඇත" ලෙසින් උන් වහන්සේ පවසන්නේ එහෙයිනි.

නමුත් අවාසනාවකට අපට ඒවා නොපෙනේ. නො ඇසේ. ඔබේම විලාපය ඔබට ඇසෙන සේ පටිගත කොට දක්වන්නට හැකි නම්... ඔබම විඳි දුක්, චිත්‍රපටයකට නඟා පෙන්විය හැකි නම්... ..! අප එවිට බුදු පියාණන් පැවසූ පරිදිම ක්‍රියා කරනු ඇත. අවාසනාවකට තාක්ෂණය එසේ දියුණු නැත.

මේ සසර ගොඩනැගී ඇත්තේද එලෙසිනි.. මිනිස් දිවියක් ලබා ගෙන, ඒ දුකෙන් මිදීම සඳහා යමක් කළ හැකි විට, අපට දුක් විඳි අයුරු නොපෙනේ. නමුත් කිසිවක් කළ නොහැකි ප්‍රේත වැනි ආත්මයන් ලැබූ විට බොහෝ විට ඒ හැකියාව ලැබේ. බොහෝ අමනුෂ්යන් තමන්ට ඒ උපත ලැබීමට , ඒ දුක් විඳීමට හේතු වූ කර්මය දකී. එයින් මිදීම සඳහා කළ යුතු දේද දනියි. නමුත් කර ගත නොහැක. යළි කර්මය කල්ප ගාණකින් ගෙවා මිනිස් දිවියක් ලැබෙන තෙක් සිටිය යුතුය. නමුත් මිනිස් දිවියක් ලැබුණු විට යළි කිසිවක් මතක නැත. මේ සංසාරය චක්‍රයක් ලෙසින් හඳුන්වන්නේ එබැවිනි. එය චක්‍රයක් සේ සිඳුවන බැවිනි. නැවත නැවත එකම උඟුලේ හසුවන බැවිනි.

අද මින් පෙර කවදාවත් නොවිඳි ලෙසින් දේවල් කෙරෙහි තණ්හාවෙන් බැඳී සිටියද, අප මේවා සසර තුළ විඳි වාර ගණන අසංඛ්යද ඉක්මවයි. අනන්තය. තණ්හාවේ ස්වභාවය එලෙසිනි.. සෑහීමකට පත් නොවෙයි. එකම ගැළවුම තණ්හාව නැති කිරීම පමණි. අබුද්ධෝතෝද කාලයක නම් උවමනා වුවද තණ්හාව නැති කරන්නේ කෙසේද කියා සත්වයා නොදනි..

නමුත් අපට එසේ නොවේ. බන්දේසියේ තබා පිරිනමා ඇත.

අම්මා බත් කවන්නට එන විට එය මඟ හැර නොකා සිටින්නට බලා සිටින මෝඩ ළමයා නොවන්න. ඔහු එසේ කළේ නොදන්න කම නිසාය. මේ දුකින් එතෙර වන මාර්ගයට නොබැස තවත් ලෞකික ලෝකයේ දේවල් කෙරෙහිම ආශාවෙන් ලෝභයෙන් රැස් කරන්නේද නොදන්නා කම නිසාය..

මෝඩකම කෙතෙක්ද තණ්හාව, මාන්නය එතාක්ය..

නමුත් ප්‍රඥාව ක්‍රමයෙන් වඩවාගෙන වහ වහා මේ ලැබී ඇති ක්ෂණය අපතේ නොයවන්නට අප සිතාගත යුතුය. ඉදිරියට මොහොතක් පාසා අප ළඟා වන්නේ මේ ධර්මය සීග්‍රයෙන් වැළලී යන කාලයකටය. " බුද්ධ" යන නාමයවත් නො ඇසෙන යුගයකටය.

[QUOTE="asliyanage, post: 26201005, member: 8764"] ඔබ මෙතෙක් ජීවිතයේ නැරඹූ ත්‍රාසජනකම චිත්‍රපටිය මතකයට නඟා ගන්න. එදින ඔබ සිතට දැනුණ බිය සිහි කරන්න. එවැනි වූ ත්‍රාසජනක චිත්‍රපටියක් කිසිවකුත් නොමැතිව තනිවම ඔබට නැරඹිය හැකිද? බොහෝ දෙනෙක් එය ප්‍රතික්ෂේප කරනු ඇත.. මේ සසර තුළ අපායන්හි ගත කරමින් ඔබ මේතාක් විඳි දුක ඔබට චිත්‍රපටියක් ලෙස පෙන්විය හැකි නම්...එය ඔබ මෙතෙක් ජීවිත්යේ නැරඹූ ත්‍රාසජනකම, භියකරුම චිත්‍රපටය වනු නො අනුමානය.. නමුත් එය එසේ , කිසිදින චිත්‍රපටයකට නඟා හෝ පෙන්විය නොහැක. පෙන්වූවද එය සත්‍ය ස්වභාවයෙන් ලක්ෂයෙන් එකක්වත් නොවනු ඇත. මන්ද යත් සර්වඥතා ඥාණයෙන්, මහා සෘධි ප්‍රාතිහාර්යයෙන් අග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහනසේ පවා දේශනා කළේ, "මහණෙනි මේ සතර අපායන්ට වැටී සත්වයා විඳින අප්‍රමාණ වූ දුක්, මට උපමාවකින්වත් විස්තර කළ නොහැක" ලෙසයි.. එක් රෝම කූපයකින් මහා ගිනි ජාලාවක් පිට කරද්දී අනෙක් රෝම කූපයෙන් මහා ජලස්කන්ධයක් පිට කළ හැකි ලෙසින් යමාමහ පෙළහැර දක්වන්නට සමත් වූ බුදු කෙනෙකුත් එසේ පවසයි නම්...! වරද ඇත්තේ අප තුළයි...ඒ අතිශය බියකරු බාවයත්, එයින් ගැලවී සිටීම සඳහා අවශ්‍ය මාර්ගයත් අඩුවක් නැතිව අපට දේශනා කොට අප ඉදිරියේ දිස්වෙයි නම් වරද ඇත්තේ කොතනද? අතට කටුවක් ඇණුන විට ඔබ ඒ වේදනාව පවා ප්‍රතික්ෂේප කරමින් කෑ ගසයි නම්..ඒ වේදනාවට පවා බිය වෙයි නම්...කොලෙස්ටරෝල් , අධිරුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා ආදී රෝගයන්ට අපමණ බියක් දක්වමින් ඒවායින් පරෙස්සම් වීමට කැපවන්නේ නම්... වරද කොතනද...! ඔබ තුළ ඇති මෝඩකමයි... ඇසට නොපෙනෙන හෙයින්...ඔබට එය නොදැනේ... නමුත් බුදු රජාණන් වහන්සේ මේවා දේශනා කළේ සාමාන්‍ය ඇසකින් දැක නොව...බුදු ඇසින් දකිමින්ය.. බුදුරජාණන් වහන්සේ පමණක් නොව...සෘධියෙන් අග තැන්පත් රහතන් වහන්සේලා පවා එලෙසින්ම දේශනා කළ සේක. අඩුපාඩුව ඇත්තේ ශ්‍රද්ධාව තුළය..ප්‍රඥාව තුළය.. මලක් පහනක් පූජා කළ පමණින් එය ශ්‍රද්ධාව යැයිම වරදවා නොපිළිගත යුතුය. එයද ශ්‍රද්ධාවකි.. නමුත් ප්‍රඥාව මිශ්‍ර නොවූ, ශ්‍රද්ධාවකි. එය ඉතා පහසුවෙන් ගිලිහී යන ශ්‍රද්ධාවකි. සැබෑ ලෙසම ශ්‍රද්ධාව යනු විශ්වාසය සහිත වූ ශ්‍රද්ධාවකි. එය ඔබට හිතුවාට, ඇතැම් විට නොවැටහෙනු ඇත. වෛද්‍යවරයකු රූපවාහිනියට පැමිණ ඔබට ලෙඩක් පිළිබඳව උපදෙස් දෙයි..ගත යුතු ආහාර, ව්‍යායාම පිළිබඳව උපදෙස් දෙයි.. ඔබ ඒවා බොරු යැයි සිතන්නේද...? නැත.. ඔබ ඒවා හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව ක්‍රියා කරන්නට වෙහෙසෙයි. අන් අයටත් කියා දෙයි. රූපලාවන්‍ය ශිල්පීන් පැමිණ දෙන උපදෙස් ඔබ පිළිපඳින්නේ කෙසේද.. නමුත් ඔබ ශ්රද්ධාවයි කියා සිතා සිටින බුදු පියාණන් පුන පුනා කියා සිටින දේ ඔබ එසේ බැරෑරුම් ලෙසින් පිළිගන්නවාද ? පිළිකාවකින් වැළකීමේ සිටීමේ ක්‍රියා පටිපාටිය නිරතුරු සිහිවන ඔබට, සතර අපායෙන් වැළකී සිටීමේ ක්‍රියාව සිහිවනවාද ?ආහාරයක් ගන්න විටම, සීනී, තෙල්, පිළිකාකාරක යැයි සිහිවන ඔබට, ඒ තරමින් දහයෙන් එකක් හෝ සතර අපාය පිළිබඳව බියක් ඇතිවනවාද ? නැත..එසේ වීමට මූලිකම හේතුව ශ්‍රද්ධාවේ අඩුපාඩුවයි .. දෙවෙනි කරුණ නම් ප්‍රඥාවේ අඩුවයි.. බොහෝ අය ක්‍රියා කරන්නේ ඇසට පෙනෙන, කනට, නාසයට, දිවට, ශරීරයට දැනෙන දේවල් මත පිහිටා පමණි. ප්‍රඥාවක් ඇති කෙනෙක් පමණක් ඉන් ඔබ්බට මනායතනයද භාවිතා කරමින් ක්‍රියා කරයි. ඇසට , කනට, මේ මොහොතේ නොපෙනෙන නොදැනෙන දේවල් ඔවුන් ප්‍රඥාව මෙහෙයවා අවබෝධ කරගයි. ප්‍රඥාව, ශ්‍රද්ධාව නොවැඩෙන හේතුව සිත තුළ පවතින අධික තෘෂ්ණාවයි.. සියළු කෙලෙස් වලට ප්‍රධානම හේතුව මමත්වය හා තණ්හාවයි. තණ්හාව මූලික වූ සිතක් අපිරිසිදු වී ඇත. එවිට ප්‍රඥාව වැඩෙන්නේ නැත. අනෙක් අතට ප්‍රඥාව වැඩෙන සිතක තණ්හාවද නැතිවී යයි. එකිනෙකට ඇමිණූ මාලයක ඇට සේ මේ සියල්ල එකිනෙක හා බැඳී පවතී. එක් දෙයක් පමණක් කළ පමණින් නිවන් අවබෝධ නොවන්නේ එබැවිනි. ජීවීත කාලයම සිල් සමාදන් වූ අයද , මහා දානයන් ජීවීත කාලය පුරාම දුන් අයද ඇතැම් විට අපායගාමී වන්නේ එබැවිනි. එකක් පමණක් කළ සෑහීමකට පත්විය නොහැක්කේ එබැවිනි. සිත කය වචනය යන තුනම එක ,ලෙසින් හික්මවා ගත යුතුය. සිත හික්මවා ගත් තැන නිරායාසයෙන් අනෙක් ඒවාද හික්මෙයි. හිත හික්මවනවා යනු, කෙලෙස් වලින් සිත හික්මවා ගැනීමයි. කයින් කොතෙක් සංවර මුත් සිතින් අසංවර අය බහුලය. සිත අසංවර වන්නේ කය අසංවර වන ලෙසට නොවේ. සිත අසංවර වන්නේ කෙලෙස් වලිනි. ලෝබය , තරහව, ඊර්ෂ්‍යාව, මාන්නය, උඩඟු බව, මෝඩකම, ආදී කෙලෙස් ගණනාවක්ම ඇත. මේවා පැන නැඟිය විට සිත අසංවර වේ. ඒවාට ඕනෑ පරිදි සිත නටයි. සිත ඇතුලෙන් කෙලෙස් මතුවී බුබුළු දමන මුත් කය නිසලව තබා ගැනීමට සමත් අය බහුලය. එහිදී කය සංවරය.. වචනය සංවරය.. නමුත් සිත අසංවරය.. මෙසේ සිතද හික්මවා ගැනීමට නම් ඒ පිළිබඳව මනා සේ සිහියක් පැවතිය යුතුමය. කය හික්මවා ගැනීමට සිහිය පවතින ඔබට, සිත හික්මවා ගැනීමට සිහිය නොපවතින්නේ මන්ද කියා ඔබ සිතුවාද ? බොහෝ අය රාගය ආ පමණින් වැරදි නොකරයි.. තරහා ආ පමණින් රණ්ඩු සරුවල් කොට අපරාධ නොකරයි. ඊර්ෂ්‍යාව ආ පමණින් එය ප්‍රදර්ශනය නොකරයි.. ඒ මන්ද.. එය සඟවා ගැනීමට සතිය, සිහිය අවශ්‍ය ඔවුන් තුළ පවතින හෙයිනි. ඒවා නරක දේවල් ලෙසින් හඳුනාගන්නා ප්‍රඥාවද ඔවුන් තුළ පවතී. එසේ නම් සිත පාලනය කිරීමට අවශ්‍ය සිහිය නොඑළබෙන්නේ ඇයි කියා සිතුවාද? එය බොහෝ විට සතිය මඳ කමම පමණක් නොවේ. එය දකින සිතන ආකාරයයි. සිතට ක්ලේශයක් ආ විට එය පිටට නොපෙනේ. ඊර්ෂ්‍යාවෙන් කොතෙක් දැවුණද, ද්වේශයෙන් කොතෙක් දැවුණද එය පිටතට නොපෙනේ. එය ලෝකයා දැනගන්නේ එය වචනයෙන් ක්‍රියාවෙන් ප්‍රදර්ශනය වූවිට පමණි. එවිට ලජ්ජාවට පත්වීමට, නින්දාවට පත්වීමට සිදුවේ. එය ඔබගේ සමාජ තත්වයට හානියකි. ඔබ ඊර්ෂ්‍යාවෙන් දැවෙන බව ලෝකයා දැනගතහොත් ඔබට කෙතරම් ලැජ්ජාවක් වේද..අන් අය ඔබව අප්‍රිය කරන බව ඔබ සිත දනී. එසේ හෙයින් සමාජයේ අන් අයට ප්‍රියව සිටීමට ඇති ආශාව හේතුවෙන් එම කෙලෙස් සිත තුළම සඟවා සිටීමට ඔබට හැකියාව ඇත. එය නරක දෙයක් ලෙස කියනවා නොව.. එය සිදු කළ යුතුදෙයකි. සිතට එන එන කෙලෙස් පිට කරන්නට ගියා නම් තිරිසන් සත්වයන්ගෙන් වෙනසක් නැත. නමුත් නිවන සොයා යන ඔබ ඉන් අඩියක් ඉදිරියට පැමිණිය යුතුය. ඔබ සෑම විටම සිතන්න, ඔබේ සිත සියළුදෙනාටම පෙනෙනවා ලෙසින්.. එය ඉතාමත්ම වටිනා කමටහනක් බව ඔබ එය ක්‍රියාවට නැංවු විට අවබෝධ වනු ඇත. ඔබ කොතෙක් ලස්සනට හැඩ වී ලෝකයා ඉදිරියට යැමට කැමති වූවද, ඔබේ සිත එලෙසින් ලෝකයා දකිනවාට ඔබ කැමතිද.. නැත..කිසිවකුත් කැමති නොවේ. මන්ද යත් ඒ තුළ ඇති කුණු දන්නේ ඔබම පමණක් බැවිනි. ඔබේ නිවස හැඩිවී ඇති විටක ඔබ අමුත්තන් ගෙදරට පැමිණ ඇතුළ බලනවාට අකැමැති සේම, ඔබේ සිත අන් අය දකිනවාට කැමති නැත. එයට මූලික වන හේතුව නම් ඔබේ සිත තුළ අන් අයගේ පිළිගැනීම්වලට ලක් වීමේ ආශාවයි. එය මාන්නය මූලික වූ දෙයකි. නමුත් එය ඔබේ සුබ සිද්ධිය සඳහා යොදා ගන්නට දක්ෂ වන්න. කෙලෙස් තුළින්ම කෙලෙස් කපාහරින්න. සතිය නැතැයි සිතා කෙලෙස් වලට පැන නැඟීමට සමාවක් නොදෙන්න. සතිය තිබෙන බව දකින්න. තැනකට ගොස් පිළිවෙලට සිටින්නට , කතා බස් කිරීමට සුදුසු නුසුදුසු දෑ තෝරා බේරා ගැනීමට ඔබට සතිය සිහිය තිබෙනු නො අනුමානය. ඔබ ජීවීතයේ ඔබට වැරදුණු තැන් , සැඟවිය යුතු තැන්, ඔබට අවාසි සහගත දේ , නොපවසා - සඟවා සිටීමට අවශ්‍ය සිහිය, කල්පනාව ඔබට ඇත්නම් සිතට එන කෙලෙස් නොදැක සිටින්නට සතිය නැතිවා වන්නටම නොහැක. එය සිත පුහුණු කර ඇති ආකාරය පමණි. බරපතලකම සිතට දක්වා ඇති ආකාරය පමණි. "මගේ සිත තුළ ඕනෑ දෙයක් තිබුණාට කමක් නැත, නමුත් පිට අය එය දැකීම කිසි විටෙකත් සිදු නොවිය යුතුයි" යන දැක්ම මෙයට මූලිකම හේතුවයි. නමුත් එය ඔබ මේසේ වෙනස් කරගතහොත්.... පිට අය දැක්කත් නොදැක්කත් සිතට, ක්ලේශයක් පැන නැඟීමයි වඩා භයානක ලෙසින් සිතන්නට පුරුදු වුවහොත්...! සැබවින්ම සත්‍ය එයයි. පිට අයට ඔබ වෙනුවෙන් කළ හැකි දෙයක් නොමැත. නමුත් ඔබේ සසරේ වගකීම ඔබේ සිතයි. ඔබේ ජීවීතය, සසර වෙනස් කරන එකම නිර්ණායකය ඔබේම සිතයි. ඔබ ඔබේ රාජකාරියේ උසස් නිළධාරියාට බියක් දක්වන්නේ කෙසේද, පොලිස් නිළධාරියකුට හොරෙන් වරදක් කරන්නට ඇති බිය කෙසේද...ඊට වඩා දස දහස් ගුණයක බියක් ඔබේ සිතටම ඇති කරගන්න. අන් අය ඔබට දඩුවම් දෙන්නේ කෙටි කාලයකටය. නමුත් ඔබේ සිතින් ඔබට දෙන දඩුවම කල්ප ගණනකටය. ඔබ සැඟවී සිටිය යුත්තේ ඔබේම සිතටය. ඔබ කෙලෙස් උපදවන වාරයක් වාරයක් පාසා මුළු ලෝකයම නොදැක්කත් සිත එය හොඳින් දකී. ඒ සෑම දෙයක්ම සිත හඳුනා ගනී. එකක්වත් අත නොහැරම ඔබට දඩුවම් ලබා දෙයි. අනුකම්පාවට සමාවක් එයින් ඔබට බලාපොරොත්තු විය නොහැකියි. මේවා හොඳින් අවබෝධ කරගන්න. පැණි රස කෑම,තෙල් කෑම කන විටම විපාකය නොලැබේ. ලෙඩ හැදෙන්නට පටන් ගත්විට ඒවාගෙන් ගැලවීමක් නැත. එලෙසින්ම සුදුසු කාලය එලැඹ සිටිය කල්හි කර්මයන්ද විපාක දෙන්නට පටන් ගනී. ලෙඩක් හැදුණු විට ඔබට පිහිටවන්නට දොස්තර සිටී. නමුත් කර්ම විපාක දෙන විට ඔබට පිහිට වන්නට කිසිවෙකුටත් නොහැකිය. බොහෝ අපායන්හි, ප්‍රේත ලෝකයන්හි දැවෙනා සත්වයන්, " අනේ අපට පිහිටවන්න" යැයි විලාප තබයි. ඒවා අපට නො ඇසේ. අපද මේ අනන්ත සසර පුරා වැඩියෙන්ම කළ ඇත්තේ එසේ විළාප තැබීමයි. බුදු පියාණන්ට අපායේ සිටිනා සත්වයන්ගේ විලාපය ඇසේ. ඒ දුක් පෙනේ. ඒ දුක් දැනේ. " මහණෙනි අතීත සංසාරය පුරා නුඹලා විඳින ලද දුක් ප්‍රමාණය දන්නේ නම් හිස ගිණි ගත්තද ඒ ගින්න නොනිවා අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වෙහෙසෙනු ඇත" ලෙසින් උන් වහන්සේ පවසන්නේ එහෙයිනි. නමුත් අවාසනාවකට අපට ඒවා නොපෙනේ. නො ඇසේ. ඔබේම විලාපය ඔබට ඇසෙන සේ පටිගත කොට දක්වන්නට හැකි නම්... ඔබම විඳි දුක්, චිත්‍රපටයකට නඟා පෙන්විය හැකි නම්... ..! අප එවිට බුදු පියාණන් පැවසූ පරිදිම ක්‍රියා කරනු ඇත. අවාසනාවකට තාක්ෂණය එසේ දියුණු නැත. මේ සසර ගොඩනැගී ඇත්තේද එලෙසිනි.. මිනිස් දිවියක් ලබා ගෙන, ඒ දුකෙන් මිදීම සඳහා යමක් කළ හැකි විට, අපට දුක් විඳි අයුරු නොපෙනේ. නමුත් කිසිවක් කළ නොහැකි ප්‍රේත වැනි ආත්මයන් ලැබූ විට බොහෝ විට ඒ හැකියාව ලැබේ. බොහෝ අමනුෂ්යන් තමන්ට ඒ උපත ලැබීමට , ඒ දුක් විඳීමට හේතු වූ කර්මය දකී. එයින් මිදීම සඳහා කළ යුතු දේද දනියි. නමුත් කර ගත නොහැක. යළි කර්මය කල්ප ගාණකින් ගෙවා මිනිස් දිවියක් ලැබෙන තෙක් සිටිය යුතුය. නමුත් මිනිස් දිවියක් ලැබුණු විට යළි කිසිවක් මතක නැත. මේ සංසාරය චක්‍රයක් ලෙසින් හඳුන්වන්නේ එබැවිනි. එය චක්‍රයක් සේ සිඳුවන බැවිනි. නැවත නැවත එකම උඟුලේ හසුවන බැවිනි. අද මින් පෙර කවදාවත් නොවිඳි ලෙසින් දේවල් කෙරෙහි තණ්හාවෙන් බැඳී සිටියද, අප මේවා සසර තුළ විඳි වාර ගණන අසංඛ්යද ඉක්මවයි. අනන්තය. තණ්හාවේ ස්වභාවය එලෙසිනි.. සෑහීමකට පත් නොවෙයි. එකම ගැළවුම තණ්හාව නැති කිරීම පමණි. අබුද්ධෝතෝද කාලයක නම් උවමනා වුවද තණ්හාව නැති කරන්නේ කෙසේද කියා සත්වයා නොදනි.. නමුත් අපට එසේ නොවේ. බන්දේසියේ තබා පිරිනමා ඇත. අම්මා බත් කවන්නට එන විට එය මඟ හැර නොකා සිටින්නට බලා සිටින මෝඩ ළමයා නොවන්න. ඔහු එසේ කළේ නොදන්න කම නිසාය. මේ දුකින් එතෙර වන මාර්ගයට නොබැස තවත් ලෞකික ලෝකයේ දේවල් කෙරෙහිම ආශාවෙන් ලෝභයෙන් රැස් කරන්නේද නොදන්නා කම නිසාය.. මෝඩකම කෙතෙක්ද තණ්හාව, මාන්නය එතාක්ය.. නමුත් ප්‍රඥාව ක්‍රමයෙන් වඩවාගෙන වහ වහා මේ ලැබී ඇති ක්ෂණය අපතේ නොයවන්නට අප සිතාගත යුතුය. ඉදිරියට මොහොතක් පාසා අප ළඟා වන්නේ මේ ධර්මය සීග්‍රයෙන් වැළලී යන කාලයකටය. " බුද්ධ" යන නාමයවත් නො ඇසෙන යුගයකටය. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom