සහතිකකරණය සහ පාරිභෝගිකයා

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    සහතිකකරණය සහ පාරිභෝගිකයා

    මිනිස් ශිෂ්ථාචාරයේ මුල සිටම තමාගේ පාරිභෝජනය සඳහා විවිධ දේවල් ලබාගැනීම මිනිසාගේ ස්වාභාවික ක්‍රියාවක් වූ අතර, එම "ක්‍රියාව" මානව පරිණාමයේදි සිදුවූ විවිධ පරිවර්ථන නිසා "ක්‍රියාවලියක්" බවට පත්විය.මෑත ඉතිහාසය තුල දෛනික පාරිභෝජනය සඳහා අයිතමයන් මිළදී ගැනීම ඉහල ගොස් ඇති අතර ඒ හා සබැඳුනු විවිධ ප්‍රතිවිපාක නිසා පාරිභෝගිකත්වයේ විශාල වෙනස්කමක් සිදුවී ඇත.

    grocery-shopping-620x400.jpg


    දශක කීපයක සිට සිදුවුන විද්‍යාත්මක දියුණුව සහ පෙරළිය ඉහත කී වෙනස්කමේ මුල් පුරුක බවට පත්විය. වාණිජකරණය සහ කාර්මිකරණය නිසා මිනිසුන්ගේ අවශ්‍යතා විවිධ වූ අතර, එම ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට අවැසි කරුණු කාරණා එකිනෙක සම්පාදනය වී විවිධත්වයෙන් යුතු පාරිභෝගික භාණ්ඩ වෙළඳපොලට ඉදිරිපත්විය.

    මෙම වෙළඳපොල තුල ඇති සියළුම භාණ්ඩ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් ඒ අයුරින්ම සංසිඳුවයිද? පාරිභෝජනය තුළින් වෙනත් ගැටළු ඇතිවෙයිද? මෙම ප්‍රශ්න හටගැනීමත් සමග පාරිභෝගකයන්ගේ සිත තවත් ආකාරයකට ඒ පිළිබඳ සිතීමට යොමු විය. මෙම ගැටළුවට විශේෂයෙන්ම මුහුණපෑමට සිදුවූයේ ආහාරපාන නිශ්පාදනය සහ මිළදීගැනීම තුලය. මෙම කරුණ වඩාත්ම සැලකිල්ලට භාජනය වූයේ ආහාරපාන පාරිභෝජනය නිසා සිදුවූ අතුරු ප්‍රථිපල නිසාවෙනි.

    මෙම ප්‍රශ්නය ජයගැනීමට ලෝකයේ විවිධ කලාප වලින් විවිධ සම්මුතීන් බිහිවිය. මෙම අන්තර්ජාතික සම්මුතීන් සහ ප්‍රමිතීන් නිසා තත්ත්වය සහ ආරක්ෂාව ප්‍රධාන කරගත් නිශ්පාදනයන් වෙළඳපොල ආක්‍රමන‍ය කල අතර පාරිභෝගිකයාගේ දැනුම, අත්දැකීම සහ පාරිභෝගික අවශ්‍යතා නිසා වෙළඳපොලේ ඇති ඉහත කී සම්මතයන්ට එකඟ නොවූ පාරිභෝගික භාණ්ඩ මට්ටුවීමට පටන් ගන්නා ලදී.

    ISO.jpg


    සහතිකකරණය යනු අද වෙළදාම් මෙවලමකි. මීට දශක කිහිපයකට පෙර ආහාරපාන නිසා සිදුවු අතුරු ප්‍රතිපල සීඝ්‍රයෙන් පහත වැටී ඇත. ඒ කෙසේද යත් ආහාර නිශ්පාදන ක්‍රියාවලියේ හඳුනාගත හැකි අඩුපාඩු සකස් කරගැනීම හා ඒ තුළින් පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කරගැනීම මගිනි. සහතිකකරණයෙන් සිදුවන්නේද එයමයි.

    සහතිකකරණය විවිධ ආකාරයෙන් පාරිභෝගික භාණ්ඩ වල සුරක්ෂිතභාවය තහවුරු කරනු ලබයි. වාසනාවකට මෙන් පාරිභෝගිකයාගේ දැනුම හා අත්දැකීම වර්තමානයේ විශාල කාර්යභාරයක් භාණ්ඩ මිළදී ගැනීමේදි සිදුකරයි. නමුත් තවමත්, පාරිභෝගික භාණ්ඩ වල සුරක්ෂිතභාවය හඳුනාගැනීම පිළිබඳ හා සහතිකකරණය යනු කුමක්ද හා එහි වැදගත්කම පිළිබඳ නිවරදි දැනුම සමාජය තුළට මුල් බැසගෙන නැත.

    පාරිභෝගිකයා භාණ්ඩයක් මිළදී ගන්නාවිට එහි මිල සහ තත්ත්වය පිළිබඳ සොයා බලයි. එම තත්ත්වය හඳුනාගන්නේ කෙසේද? පිටින් පෙනෙන තත්ත්වය ඇතුළතින් සැබෑවක්ද?



    ඔබේ ආහාර නිශ්පාදන ව්‍යාපාරයට තත්ත්ව පාලනය සහ පද්ධති සහතිකකරණය පිළිබඳ අවශ්‍ය දෑ දැනගැනීමට පහත විද්‍යුත් ලිපිනය හරහා අප සමග සම්බන්ධ වන්න.

    [email protected]

    නැතිනම් PM කරන්න.


    - thathsara.sl -
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sahathikakaranaya -----good work. But mekama, country development ekata disturbance ekak venna puluwan. Nispadakainata ,sahathikaranayen, uvamanavata vada force ekak avoth, SAHATHIKAKARANAYA [SLS] DENNA , LANKA PRODUCTION EKAK NATHI VEVI. NISPADAKAYA DISCOURAGE VELA, NISPADANA NATHARA KALOTH, SAHATHIKA DENNA , LANKA NISPADANAYAK NATHI VEVI. Danatamath Lankavata kela vee gena yanne, Desiya Nispadakain nathi veemai.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    India, China Badu vala, quality natha. Namuth ohun , Nispadakayata disturb nokarai. Ema rataval , Lankavata vada develop vanne ekai.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Onama Industry ekak,------ LADARU [CHILD] TIME------YOUNG TIME-----MATURED TIME------Thiyenava, Ohunata ema avasthavanta time denna.E kiwwe, Industry ekak-------Mulinma BADA GALA-------DANA GALA-------NAGITANAVA-----. Ekaparata nagitinne naha.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔව්. :yes::yes: ඒ රටවලත් තියෙනවා. :D

    Ehenam------PANDITHA STANDERED MISAK--------LANKAVE VAGE , ATHI PANDITHA STANDERED --------NEVE VENNA PULUWAN. CHINA BADU VALA QUALITY EKA ,API KAURUTH DANNAVANE.LANKAVA DEVELOP VENNA NATHI VENNA MAIN REASON EKA---------ATHI PANDITHAYATA A DANDE YAMATA NOHAKA.-------
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    1948 patan Lankavta kela une meseya----------Lankave Videsa sanchitha adui kiya kiyai. Hitapu gaman Magic ekak vage , Videsaa sanchitha ihala giya, country eka develop una yai kiya kaa gasai , PODDAK SOYALA BALUWAMA,-----VIDESA SANCHITHA IHALA GOS ATTHE, IMF EKEN LOAN EKAK GASALAYA. --------ANE AMMA PA, SINHALA SONG EKAK MATHAK VENAVA.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Murunga gase kathavadha mathak vei.[Car eka genna Murunga gasa kapai. Namuth Car ekak natha.]