සහනය-මසකට-පමණයි
බඩු මිල සහනය මසකට පමණයි
දේශීය 2010 ජනවාරි 04 වෙනි සදුදා, 10:23
සහල්, ඛනිජ තෙල් සහ ගෑස් මිල අඩු කිරීමට රජය තීරණය කර ඇත්තේ ඡන්ද උපක්‍රමයක් ලෙසින් බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සහනය ක්‍රියාත්මක වනුයේ ජනාධිපතිවරණය අවසන් වනතුරු එනම් එක් මාසයකට පමණක් බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙලෙස මැතිවරණ ඉලක්ක කර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දැමීම සෑම මැතිවරණයක් ආසන්නයේදීම සිදුවන්නකි. සහල් ටොන් එකක් ආනයනය සඳහා මීට පෙර රුපියල් 25,000ක බද්දක් අය කළ ද මේ වන විට රුපියල් 1000 ක් දක්වා එය අඩු කර තිබේ. ඊට හේතුව ජනාධිපතිවරයාට හිතවත් තංගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට සහල් ආනයනය කිරීමේ රජයේ කොන්ත්‍රාත්තුව ලබාදීම බව ද අනාවරණය වේ.
පළතුරු ආනයනය කිරීමේ ඒකාධිකාරයක් හිමිකරගෙන සිටින මෙම ව්‍යාපාරිකයා වෙනුවෙන් සහල් ටොන් එකකට රුපියල් 24,000 ක පාඩුවක් විඳීමට ආණ්ඩුව තීරණය කර ඇත.එසේ ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පෙට්‍රල් රුපියල් 100ක් දක්වා අඩු නොකර පෙට්‍රල් ලීටරයකට රුපියල් 82ක බද්දක් අයකළ ආණ්ඩුව දැන් හදිසියේ බද්ද අඩුකර පෙට්‍රල් ලීටරයක් රුපියල් 15කින් අඩුකර තිබේ. විශ්වාස කටයුතු ආරංචිමාර්ග අනාවරණය කරන ආකාරයට ගෑස් මිල අඩුකර ඇත්තේ ද අදාළ සමාගම්වලින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මාසයක කාලයක් සඳහා පමණි.