සහිදූර් රෙහ්මන් හා සයිෆූර් රෙහ්මන්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
සහිදූර් රෙහ්මන් හා සයිෆූර් රෙහ්මන්

බුද්ධගයා ප්‍රහාරයට අයියා මළෝ දෙන්නෙක් සොයයි

ආරක්ෂක කැමරා වීඩීයෝවෙන් වැදගත් තොරතුරු

2013 ජූලි මස 08 13:11:49 | විශ්ව ගැමුණු ප්‍රියංකර
ඉන්දියාවේ බිහාරයේ බුද්ධගයාවට බෝම්බ ගැසීමේ සිද්ධියේ ආරක්ෂක කැමරා වීඩීයෝව බිහාර පොලීසිය නිකුත් කළේය.

කිසිම කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත.හිමිවරුන් දෙනමක් ඇතුළු පස් දෙනකුට තුවාල සිදු කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සැකපිට ඉන්දියා පොලීසිය එක් පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබ සිටි.

මහාබෝධි විහාරමළුවේ වැටී තිබු හැදුනුම්පතකින් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඉන්දියා පොලීසිය කියයි.

ගයා නගරයේම පදිංචිකරුවකු වන සැකකරුගෙන් ප්‍රශ්න කරන බවත් ආරක්ෂක වීඩීයෝවේ තොරතුරු අනුව තවත් පුද්ගලයින්ගෙන් ළගදීම ප්‍රශ්න කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියයි.

බුද්ධගයා ප්‍රහාරයට වගකිවයුතු දෙදනකුගේ හැඩරුව රැගත් රූප සටහන් දෙකක්ද බිහාර් පොලීසියෙන් මහජනයා වෙත නිකුත් කළේය.

ඔවුන් සහිදූර් රෙහ්මන් හා සයිෆූර් රෙහ්මන් වශයෙන් හදුනාගෙන ඇති බව කියති. දෙදෙනාම මුජහීදීන් ත්‍රස්ත්‍රවාදීන් බවද කියති.

සහෝදරයින් දෙදෙනකු වන ඔවුන් ස්කොට්ලන්තයේ හා සෞදි අරාබියේ ජීවත් වන බවත් ගිය මාසයේ හෝ මැයි මාසයේ බිහාරයට පැමිණ ඇති බවත් කියති.

සහිදුර් මැයි 06 වැනිදා ඉන්දියාවට පැමිණ ඇති බවත් මුලදී බිහාර් අගනුවර වන පැට්නා නුවරට ප්‍රහාරයක් එල්ලකිරීමට සැළැසුම් කළත් පසුව බුද්ධගයාව ඉලක්ක කරගත් බවත් පොලීසිය කියයි