සහෝදරයන් දෙදෙනෙකුට එක බිරිඳයි

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වර්තමානයේ පවතින ආකාරයේ සංකීර්ණ සමාජයක් මීට වසර ගණනාවකට පෙර දකින්නට ලැබුණේ නැහැ.සරල අවශ්‍යතා තිබුණු සරල සමාජයක් එකල පැවතුණේ. ඉතින් එදාටත් අදටත් පොදු දෙයක් තමයි විවාහය කියන්නේ. ඈත අතීතයේ විවාහය ඇති වුණේ විශ්වාසය මත. අද සහතිකයට පමණක් සීමාවුණු විවාහ තමයි බොහෝවිට දකින්නට තියෙන්නේ. කොහොමවුණත් එදා බින්න විවාහ, දීග විවාහ ආදී විවාහ ක්‍රම පැවතුණා. එකගෙයි කෑම කියන්නේ එක් විවාහ සම්ප්‍රදායක්.

    eka-810x422-1.png

    ඉතින් විශේෂයෙන්ම උඩරට ප්‍රදේශයේ තිබුණු විවාහ සම්ප්‍රදායක්. නමුත් අද වෙද්දි අභාවයට ගියපු සම්ප්‍රදායක්. අද නම් “මේ මොන අශීලාචාරකමක් ද ”කියලා ඇතැම් අයට සිතෙන්නටත් පුළුවන්. එකම පවුලේ සහෝදරයන් කිහිපදෙනෙක් සිටින විට එක් බිරිඳක් ඒ සියලුදෙනාම වෙනුවෙන් කැන්දා ගෙන ඒම තමයි ඒ එකගෙයි කෑම කියන්නේ.මේ විවාහ සම්ප්‍රදායේ අරමුණු අතර ප්‍රධාන අරමුණ වුණේ ඉඩකඩම් සහ දේපළ බෙදීයාම වැළැක්වීම.

    එදා ප්‍රේමය සහ ආදරයට වඩා ප්‍රධානත්වයක් හිමිවුණේ බත්පත සහ කාමාශාව සන්සිදුවා ගැනීම කියන කාරණා.මේ විවාහ ක්‍රමයට අනුව මනාලිය කැන්දා ගෙන එන්නේ පවුලේ වැඩිමහල් සොහොයුරා විසින්. ඔහු තමයි බිරිඳගේ පළමුවෙනි ස්වාමිපුරුෂයා.ගෙදර ප්‍රධානියා වෙන්නෙත් වැඩිමහල් සොහොයුරා. නමුත් පිරිමින් 7 දෙනෙක්ට වඩා වැඩි පවුලකට පොදු බිරියක් ගෙන ඒම උඩරට නීතියෙන් තහනම්ව තිබුණා. එය කාන්තාව පැත්තෙන් බැලූවිට සාධාරණ කරුණක් බව පෙනී යනවා.

    ඩේව් දුටු ලංකාව කෘතියේ එකගෙයි කෑම සම්බන්ධයෙන් මෙසේ සටහන් කර තිබෙනවා. “අනියම් භාර්යා පරිහරණය සහ බහු භාර්යා සේවනය ආගම් විරෝධී නමුත් සිංහලයෝ මේ දෙකටම ඉඩ දෙති. තිබ්බනයෙහි මෙන් උඩරට බහු භාර්යා සේවනයට වඩා බහුපුරුෂ සේවනය අපූර්ව විය.එහි ස්ත්‍රීයකට බොහෝවිට පුරුෂයන් දෙදෙනෙකු වෙති.ස්වාමිපුරුෂයින් සත්දෙනෙකු සිටින ස්ත්‍රියක් ගැනද මට අසන්නට ලැබිණි.”

    ඉංග්‍රීසි ජාතික ඩේව් මේ එකගෙයි කෑම සම්බන්ධයෙන් පරීක්ෂණ කළ අයෙක් ඉතින් ඔහු පවසන විදියට මේ දීගය ගැන කිසිම පිරිමියෙක් තමා හවුල් දීගයක් බව කිසිවෙක්ට පවසන්නේ නැහැ. ඔහු කියන්නේ එකගෙයි රක්ෂා වෙන බව.

    ඒ වගේම තමයි ඩේව් සඳහන් කරන විදියට බිරිඳගේ පිළිතුර වෙන්නෙත් “ මං ඒ තුන් හතර දෙනාටම කෑම උයා පිහා දෙනවා” යන්නයි .කොහොමවුණත් මේ එකගෙයි කෑම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන වග රාජාවලිය හෙළි කරනවා. රාජාවලියේ මේ විවාහය ගැන මෙසේ සඳහන් කර තියෙනවා.

    “මේ විජයබාහු රජ එකගෙයි කන අවදියට වැදූ කුමාරයන් තුන් දෙනාම , ධර්ම පරාක්‍රමබාහු රජුගේ ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන් හා විජේබාහු රජ්ජුරුවන් දෙන්නා එක් දෝලියට පැමිණ උන්නයි දත යුතු ” ඉතින් මේ ග්‍රන්ථය ඒ කියන විදියට ඒකල මේ එකගෙයි දීගය සාමාන්‍ය විවාහ රීතියක් විදියට පැවති බවත් ක්‍රි. ව. 1500- 1600 දක්වා මේ දීග පිළිවෙත වඩාත් ප්‍රචලිතව පැවති බවත් වැඩිදුරටත් එහි සඳහන්.

    17 වන සියවසේ දී රොබට් නොක්ස් ලියා ඇත්තේ “ලංකාවේ නායකයා වන රජුටත් සිටින්නේ එක බිරිඳකි. එහෙත් එහි ගැහැණියකට පුරුෂයන් දෙදෙනෙක් සිටීම ස්වාභාවිකය.” යනුවෙන්. ඉතින් මේ කරුණුවලට අනුව එදා ඉතා ප්‍රචලිත දීග ක්‍රමයක් ලෙස මේ එකගෙයි කෑම ලංකා සමාජයේ පැවත තිබෙනවා.

    එකල සමාජයේ සැමියන් බොහෝ ගණනකට බිරිය වන ගැහැණිය වාසනාවන්තියක් විදියට සලකනු ලැබුවා. බොහෝ කාන්තාවන් ඒ දීගයට බොහෝ මනාපව සිටියා කියලත් බොහෝ තැන්වල සඳහන් වෙනවා. නමුත් ඒ දීගයට අකමැති කාන්තාවොත් සිටින්නට ඇති බවත් සිතන්නට පුළුවන්. ඒ වගේම එකගෙයි කන සහෝදරයෙක් ඉන් මිදී වෙනත් විවාහයක් කරගත් අවස්ථාත් එකල සමාජයේ නොතිබුණා නොවෙයි. ඒ වගේම බොහෝ අවස්ථාවල එකගෙයි කෑමෙන් බාල සොහොයුරා ඉවත් වෙන අවස්ථා ද පැවතුණු බව සඳහන්. උඩරැටියන් අතර මනා ලෙස ස්ථාවර වුණු ඒ දීගය පෘතිගීසි සමයේ දී මුහුදු ආශ්‍රිතව කලාපයේ ධීවර ගම්මානවලත් පැතිරී ගිය බවයි සඳහන් වෙන්නේ.

    download-2.jpg

    ආචාර ධර්ම -ඥාති සමූහයාගේ එකඟත්වයෙන් පවුලේ වැඩිමහලු සොහොයුරා ගෙනෙන බිරිය සමඟ අනික් සොහොයුරන්ටත් ලිං’ගික ඇසුර පවත්වන්නට අවසර හිමිවෙනවා.වැඩිමහල් සොහොයුරා එක් රැයක් බිරිඳ සමඟ ගත කරනවා. ඊළඟ රැය ඊළඟට වැඩිමහල් සොහොයුරා සමඟ ගත කරනවා.මේ විදියට අනෙක් සෑම සොහොයුරෙක් සමඟම බිරිඳ මාරුවෙන් මාරුවට රැය ගත කරනවා. පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව හතකට වඩා වැඩි නම් අටවැන්නාට වෙනත් බිරියක් කැන්දා ගෙන එන්නට හැකියාව තියෙනවා. ඒ අටවන සොහොයුරාට බාල සොහොයුරෙක් සිටී නම් අටවන සොහොයුරාගේ බිරිඳත් සමඟ ලිං’ගික සබඳතා පවත්වන්නට නවවැනි සොහොයුරාටත් අවසර හිමිවෙනවා.

    මේ විවාහයේ දී යම් ආචාර ධර්ම පද්ධතියකුත් නැත්තේම නොවෙයි. සැමියෙක් බිරිඳ සමඟ කාමරයේ සිටින බව දන්වන්නට අමුඩ ලේන්සුවක් දොරේ එල්ලීම ආදිය සිදු කරනවා. එයින් අනික් සහෝදරයන් දැන ගන්නවා ඇය යහන්ගත වෙලා කියලා. ඒ නිසා තමන්ගේ වාරය එනතුරා කාමරයට යන්නට බලාගෙන සිටිනවා. කිසිම දවසක අමුඩ ලේන්සු දෙකක් එල්ලෙන තත්ත්වයක් නම් උදා වෙන්නේ නැහැ.

    ඒ වගේම ඇය යහන්ගත වූ විට එය සංකේතාත්මකව සන්නිවේදනය කරන්නට නිවස ඉදිරිපිට කුල්ලක් තැබීමත් සිදු කළා. ඒ වගේම ඇයට මාස් ශුද්ධිය පටන්ගෙන ඇති බව ඇය තම ස්වාමිපුරුෂයන්ට සන්නිවේදනය කළේ කිරි ගසක දිය රෙද්දක් වැනීමෙන්. එවිට සිය හැඟීම් යටපත් කරගෙන සිටින්නට ස්වාමිපුරුෂයන්ට සිදුවුණා.

    • හඳත් මෝරලා රන්තරු සමඟ දිලේ
    • ගතත් සීතලෙන් හිරිගඩු වැටෙන වෙලේ
    • සිතක් අහල වී නුබ වෙත ආව කලේ
    • අදත් දිය රෙද්ද වැනුව ද කොටුව වැලේ
    කොහොමවුණත් දහවල් කාලයේ දී ඕනෑම සහෝදරයෙක්ට තම බිරිඳ සමඟ කාලය ගත කරන්නට හැකියාව තියෙනවා. දහවල් කාලයේදී බිරියගේ කාමරය ප්‍රයෝජනයට ගෙන නොමැති බව ඔවුන්ගෙන් අයෙක් දුටුවොත් ඒ අවස්ථාවේ හැටියට එක් සොහොයුරෙක්ට අඹු සැමියන් ලෙස හැසිටිය හැකියි.අනික් කාරණය කිසිම විටෙක කිසිදු සහෝදරයෙක්ට අකමැත්ත පල කරන්නට බිරිඳට හැකියාවක් නම් නැහැ. මොකද ඒ සියලුදෙනාම ඇයගේ ස්වාමි පුරුෂයන් නිසා. එක අඹුවක් සහේට අරගෙන එක ගෙදරක ජීවත් වෙද්දි ඔවුන් අතර අභ්‍යන්තර ගැටුම් පවා ඇතිවෙන්නට ඇති. නමුත් ඒවා බාහිර සමාජයට නිරාවරණය වුණේ නැහැ.

    දරුවන්ගේ පියා කවුද -බොහෝ අයටත් මේ ගැටළුවම ඇතිනේ. මොකද දරුවාගේ සැබෑ පියා කවුද කියලා දැන ගන්නට ක්‍රමයක් නැහැනේ. ඒ නිසා බිරිඳට ලැබෙන දරුවන්ට මේ සහෝදරයන් සියලුදෙනාම පියවරු වෙනවා. ඩේව් දුටු ලංකාවේ ඔහු සඳහන් කරන්නේ ළමයි වැඩිමහල් සොහොයුරාට ලොකු අප්පච්චි ලෙසින් ද බාල සොහොයුරාට කුඩප්පච්චි ලෙසින්ද අමතන ලද බවයි. මේ විවාහයේදී එක් අයෙක් මිය ගියොත් දරුවන්ට පියා අහිමි වෙන්නේ නැහැ.

    එකගෙය දීගයේ වාසි -මුලින් සඳහන් කළා වගේම මේ සම්ප්‍රදායන් බිහිවී තිබුණේ පරම්පරාවේ දේපල බෙදී යා නොදී ආරක්ෂා කරගන්නට. අදටත් උඩරට වලව් වගේම විශාල ඉඩකඩම් පැවතෙන්නට මේ විවාහ ක්‍රමයත් හේතුවුණු බව පිළිගැනෙන කාරණයක්.සහෝදරයන් අතර ඉඩකඩම් බෙදී ගිය විට කුටුම්බයේ ආර්ථිකය බිඳ වැටෙනවා. සියලු දෙනාම එක පවුලක් වුණාම ආර්ථිකය ශක්තිමත් වෙනවා. එක් පිරිමියෙක් වෙනුවට දෙදෙනෙක් හෝ වැඩි දෙනෙක් කුඹුරු වපුරද්දි හේන් කොටද්දි ඒ සියලු අස්වැන්න ආදායම එක නිවසකට ලැබීමෙන් ආර්ථිකයට වාසිදයක වන බව එදා සමාජය පිළිගත් ප්‍රධාන කාරණයක්.

    images

    සොහොයුරන් කිහිපදෙනෙක්ගේම බිරිය වීමෙන් ඔවුන් සියල්ලගේම ආදරය සෙනෙහස සහ රැකවරණය ඇයට ලැබුණා. ඉතින් ඒ නිසාවෙන් බොහෝ කාන්තාවන් මේ විවාහයට වැඩි කැමැත්තක් දැක් වූ බවත් සඳහන්. ඇයට පිරිමින් සියලුදෙනාගෙන් ගෞරවය ලැබීම ඇයගේ ගෞරවය ආරක්ෂා කිරීමට ඔවුන් සියලු දෙනා කටයුතු කිරීමත් ඇය වැන්දඹුවක් නොවීමත් වාසිදායක කාරණා අතර වෙනවා.

    දරුවන්ට පියවරුන් කිහිපදෙනෙකුගේම ආදරය රැකවරණය හිමිවුණා. එක් සොහොයුරෙක් මියගියත් දරුවන්ට පියවරු කිහිපදෙනෙක්ම සිටීමත් වාසියක්. කොහොමනමුත් 1815 දී බ්‍රිතාන්‍යයන්ගේ ජයටත් රජයක් විදියට ලංකාව පත්වීමෙන් පසුව අලුත් නීති මගින් මේ විවාහ සම්ප්‍රදාය තහනම් කළා. ජෝන් කැපර් විසින් 1852 දී ලියූ Old Ceylon කියන පොතේ උඩරට බහු පුරුෂ විවාහය තහනම් කර තිබූ බව සඳහන් කර තියෙනවා. නමුත් බොහෝ ගම්බද පළාත්වලට ඒ නීති වලංගු වුණේ නැතිවග මෑත අතීතය දක්වාම ඒ විවාහ සම්ප්‍රදාය පැවතීමෙන් පැහැදිලි වෙනවා.

    ඉතින් අද ඒ විවාහ සම්ප්‍රදාය ශිෂ්ට සම්පන්න නොවූ දෙයක් විදියට සැලකුණත් එදා මේ විවාහ සම්ප්‍රදාය මහත් ගෞවරවාන්විත දෙයක් විදියට සැලකූ බව පැහැදිලියි.

    ~copied from internet

    මේ ගැන ලස්සනට හදල තියන පරණ ටෙලිනාට්‍යක් තියනව බැද්දෙ ගෙදර කියල. Torana එකෙන් ළඟදි youtube දාල මාත් බැලුව. ලස්සනයි. ට්‍රිලීශියා ගුණසේකරගෙ හෙම acting superb

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ඒකත් අවුලක්මත් නෑ.හැබැයි අනික් උන්ග‌ේ පයියවල්වල තියන ජරාව ඔක්කෝම එක ගෑනිග‌ෙ ගෑවුනාම අප්පිරියයි
     
    • Like
    Reactions: TNHM and Solo Rider

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එක ගෙයි කෑම පැත්තක දාමුකො.ඉස්සර කාලෙ මිනිස්සු මොකද බං මෙච්චර කැත?මම දැකපු හැම පරණ ෆොටෝ එකකම ඉන්න ගෑනු මිනිස්සු දෙගොල්ලොම මාරම කැතයි.ඇයි බං ඒ?
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    photo-2021-09-22-20-23-54.jpg

    එක ගෙයි කෑම කියන්නේ මොකද්ද ?

    ලංකාවේ එඳා ඉදන්ම විවාහ චාරිත්‍ර විධි කීපයක්ම පැවතී තිබුණා.දීග විවාහය,බින්න විවාහය,අැවැස්ස විවාහය වගෙ ක්‍රම එ කාලෙ ඉඳන්ම පැවතී ආවා.මෙ අතර එක ගෙයි කෑමෙ ක්‍රමයත් එ කාලෙ සම්මත විවාහ ක්‍රමයක් වුනා.ඉතින් එක ගෙයි කෑම කියන්නේ පිරිමි කිහිප දෙනෙකු සිටින පවුලකට එක කාන්තාවක් පොඳු බිරිඳක් විදිහට ගෙදරට රැගෙන ඒම.අක්කලා නංගිලා කීප දෙනෙක්ව එක පුරුෂයෙක් පොඳු සැමියෙක් විදිහට විවාහ කර ගැනීමත් මීට අයත්.

    චාරිත්‍රානුකූලව උත්සව පවත්වා මනාලියව නිවසට කැන්ඳන් එනු ලබන්නේ වැඩිමහල් සොහොයුරා විසින්.වැඩිමලා විසින් ඒම ගෙනාවත් එම මනාලිය දැන සිටියා මොහුගෙ සොහොයුරන් සමඟත් පවුල් කෑමට සිදුවන විත්තිය.ඇත්තටම කාන්තාවගෙ කැමැත්ත අකමැත්ත අනුවම මෙම විවාහ සිඳු කිරීමට තරම් එකල ගැමියා ශිෂ්ට සම්පන්න වූ බවත් කිවයුතුයි.

    මෙ විවාහ සිදු කිරීමට ප්‍රධානම අරමුණ වුනෙ පරම්පරා ගත හා පවුලෙ දේපල කොටස් වශයෙන් බෙඳි යාම වලක්වා ගැනීමයි.මෙම ක්‍රමය මඟින් මොවුන්ගේ ආර්ථිකයද ඉතාමත් ශක්තිමත් වුනා.⁣එම කාලෙ මෙ විවාහය කර ගන්නා කාන්තාව ඉතාමත් වාසනාවන්ත ගැහැණියක් බව සමාජය පිළිගත්තා.මන්ද මෙහීදි ඇයට ලැබෙන විශේෂ වරප්‍රසාද,ආරක්ෂාව,ඕන එපා කම් සියල්ල නිසි පරදි සිඳු වීම හා ප්‍රධාන වශයෙන්ම කිසි දිනක කාන්තාව වැන්දඹුවක් නොවීම යන කාරණා දක්වන්න පුළුවන්.තම සොහොයුරා හො සොහොයුරිය බිරිඳ සමඟ හො සැමියා සමඟ නිවසෙ කල් ගත කරන බව ඇඟවීමට නිවස ඉදිරියෙ කුල්ලක් එල්ලීම,අමුල ලේන්සුව එල්ලීම කිරි ගසක දිය රෙද්දක් එල්ලීම වැනි සලකුණු පෙන්නා තිබුණා.

    මෙම විවාහ ක්‍රමය මෙකල සිඳු වූවානම් DNA පරීක්ෂනයකින් උපදින දරුවාගෙ පියා දැන ගැනීමට පුළුවන්.නමුත් එකල සිඳු වූයෙ ස්වාමි පුරුෂයන්ගෙ වයස් පිළිවෙළ අනුව වැඩිමහලා සිට අප්ච්චි,බාප්පොච්චි,කුඩපච්චි,ලොකු අප්පච්චි යනුවෙන් ආමන්ත්‍රණය කිරීමයි.

    1815 ඉංග්‍රීසීන් ලංකාව යටත් කර ගැනීමත් සමඟ මෙම විවාහය සමාජයෙ තහනම් කෙරුවා.මොකද හිතන්නේ ඉංග්‍රීසීන් කලෙ හරි දෙයක්ද ? එක ගෙයි කෑම අද සමාජයෙත් පැවතීමට සුදුසු දෙයක් කියල ඔයා හිතනවද ?

    #එකගෙයිකෑම
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    ඔකේ අනෙක් පැත්ත ඉන්දියාවේ තිබුනෙ නේද ?
    සුද්දෝදන රජතුමා යශෝධරා+ප්‍රජාපතී යන සහෙ‌ේදරියන් දෙදෙනා එක්ක විවාහ උනේ.
     
    • Haha
    Reactions: TNHM and dilann

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    එක ගෙයි කෑම පැත්තක දාමුකො.ඉස්සර කාලෙ මිනිස්සු මොකද බං මෙච්චර කැත?මම දැකපු හැම පරණ ෆොටෝ එකකම ඉන්න ගෑනු මිනිස්සු දෙගොල්ලොම මාරම කැතයි.ඇයි බං ඒ?
    එහෙම තමා මහා හෙලේ කලු සින්හලු පට්ට කැතයි. පෘතුගීසින්ගෙන් පස්සෙ අදිරාජ්‍යවාදී ජාන මික්ස් වෙලා දැන් ලස්සන සුදු සින්හලු ඉන්නව. ආක්‍රමන වලට කලින් ලන්කාවෙ රජවරැ මෙහෙ කලු ගෑනු කියලා ඉන්දියාවෙනුත් බිසෝවරැ ගෙන්න ගත්තෙ බන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒකත් අවුලක්මත් නෑ.හැබැයි අනික් උන්ග‌ේ පයියවල්වල තියන ජරාව ඔක්කෝම එක ගෑනිග‌ෙ ගෑවුනාම අප්පිරියයි

    එකම වෙලාවෙ ගහන්නෙ නැතිවෙන්න මොකක් හරි සම්මුතියක් තියෙන්නෙ ඇති
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එකම වෙලාවෙ ගහන්නෙ නැතිවෙන්න මොකක් හරි සම්මුතියක් තියෙන්නෙ ඇති
    ආචාර ධර්ම -ඥාති සමූහයාගේ එකඟත්වයෙන් පවුලේ වැඩිමහලු සොහොයුරා ගෙනෙන බිරිය සමඟ අනික් සොහොයුරන්ටත් ලිං’ගික ඇසුර පවත්වන්නට අවසර හිමිවෙනවා.වැඩිමහල් සොහොයුරා එක් රැයක් බිරිඳ සමඟ ගත කරනවා. ඊළඟ රැය ඊළඟට වැඩිමහල් සොහොයුරා සමඟ ගත කරනවා.මේ විදියට අනෙක් සෑම සොහොයුරෙක් සමඟම බිරිඳ මාරුවෙන් මාරුවට රැය ගත කරනවා. පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව හතකට වඩා වැඩි නම් අටවැන්නාට වෙනත් බිරියක් කැන්දා ගෙන එන්නට හැකියාව තියෙනවා. ඒ අටවන සොහොයුරාට බාල සොහොයුරෙක් සිටී නම් අටවන සොහොයුරාගේ බිරිඳත් සමඟ ලිං’ගික සබඳතා පවත්වන්නට නවවැනි සොහොයුරාටත් අවසර හිමිවෙනවා.

    මේ විවාහයේ දී යම් ආචාර ධර්ම පද්ධතියකුත් නැත්තේම නොවෙයි. සැමියෙක් බිරිඳ සමඟ කාමරයේ සිටින බව දන්වන්නට අමුඩ ලේන්සුවක් දොරේ එල්ලීම ආදිය සිදු කරනවා. එයින් අනික් සහෝදරයන් දැන ගන්නවා ඇය යහන්ගත වෙලා කියලා. ඒ නිසා තමන්ගේ වාරය එනතුරා කාමරයට යන්නට බලාගෙන සිටිනවා. කිසිම දවසක අමුඩ ලේන්සු දෙකක් එල්ලෙන තත්ත්වයක් නම් උදා වෙන්නේ නැහැ.

    ඒ වගේම ඇය යහන්ගත වූ විට එය සංකේතාත්මකව සන්නිවේදනය කරන්නට නිවස ඉදිරිපිට කුල්ලක් තැබීමත් සිදු කළා. ඒ වගේම ඇයට මාස් ශුද්ධිය පටන්ගෙන ඇති බව ඇය තම ස්වාමිපුරුෂයන්ට සන්නිවේදනය කළේ කිරි ගසක දිය රෙද්දක් වැනීමෙන්. එවිට සිය හැඟීම් යටපත් කරගෙන සිටින්නට ස්වාමිපුරුෂයන්ට සිදුවුණා.

    ඔකේ අනෙක් පැත්ත ඉන්දියාවේ තිබුනෙ නේද ?
    සුද්දෝදන රජතුමා යශෝධරා+ප්‍රජාපතී යන සහෙ‌ේදරියන් දෙදෙනා එක්ක විවාහ උනේ.
    yashodara kiyanne siduhath kumarayage wife ne yako
    ------ Post added on Sep 22, 2021 at 10:18 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔකේ අනෙක් පැත්ත ඉන්දියාවේ තිබුනෙ නේද ?
    සුද්දෝදන රජතුමා යශෝධරා+ප්‍රජාපතී යන සහෙ‌ේදරියන් දෙදෙනා එක්ක විවාහ උනේ.

    හත්වලාමෙ සුද්දෝදන
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    this is some fucked up shit :baffled:
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and TNHM

    planner123

    Well-known member
  • May 22, 2018
    8,788
    15,067
    113
    ඔකේ අනෙක් පැත්ත ඉන්දියාවේ තිබුනෙ නේද ?
    සුද්දෝදන රජතුමා යශෝධරා+ප්‍රජාපතී යන සහෙ‌ේදරියන් දෙදෙනා එක්ක විවාහ උනේ.
    Huththiye...
    Suddodana raju ge leli thamai yasodara devi.
    Suddodana raju bande mahamaya devi. Mahamaya devi ge nangi thama prajapathi gothami devi.