ස්ට්‍රෙස් එක නැතිකරගන්න

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    ස්ට්‍රෙස් එක නැතිකරගන්න

    ස්ට්‍රෙස් එක ලේසියෙන්ම නැතිකරගන්න මේ ටිප්ස් 10 අනුගමනය කරල බලන්න​

    ස්ට්‍රෙස් කියල දෙයක් තියෙනව කියලා හොයාගෙන තියෙන්නෙ 1950දි. දැන් ඊට කලින් මිනිස්සුන්ට ස්ට්‍රෙස් තිබ්බෙ නැද්ද කියලා අහන්නෙපා. එහෙමනං ගුරුත්වාකර්ෂනේ හොයාගන්න කලින් මිනිස්සු පියාඹන්න එපැයි. 1950 දශකයේ හෙන සීරීයස් මෙන්ටල් අවුල් බුවෙකුගේ තිබ්බ මානසික මට්ටම තමයිලු මේ වෙන කොට සාමාන්‍ය පාසල් ශිෂ්‍යයෙකුට තියෙන්නෙ. එතනයි ප්‍රශ්නෙ. තත්ත්වෙ කොච්චර සීරියස් වුනත් කට්ටිය උණක් හෙම්බිරිස්සාවක් තරමටවත් මානසික රෝග ගණං ගන්නෙ නෑ. ඒවට ඇ‍ඟේ බිබිලි දාන්නෙ නෑ, රත්වෙන්නෙ නෑ, කිවිසුම් යන්නෙ නෑ වගේ නිසා ඒ ගැන ගණං ගන්නෙ නෑ, මේ කියන්නෙ ඒ ගැන ගණං ගන්න මොලේ තියෙන මිනිස්සුන්ට ඒවයින් බොහෝදුරට අත්මිදෙන්න කෙටි ක්‍රම ටිකක්.

    1. රිලැක්සින් මියුසික්

    No-Stress-Tips-01.jpg


    ඔලුව පොඩ්ඩක් ලිහිල් වෙන රිලැක්සින් මියුසික් ටිකක් යූටියුබ් එකේ ඇහුවනං හරි. මියුසික් කියලා තිබුනට බොහ් ගාලා තමුන් ආසා සින්දු ටිකක් අහන්න හිතාගෙන රේඩියෝ එක දාන්න එපා. ඒ අ‍ඬෝවැඩියාවල් දාලා පිස්සු තදවෙයි.


    2. කෝල් අ ෆ්‍රෙන්ඩ්

    No-Stress-Tips-02.gif


    ප්‍රශ්නවලට උත්තර දෙන්න විදියක් නැති වුනාම ප්‍රසිද්ධ තරඟෙක දෙන ඔප්ෂන් එක තමයි මේ. මේකම ඔලුවෙ ප්‍රශ්නවලටත් හොඳ විසඳුමක්. හැබැයි ඔලුවෙ තියෙන ප්‍රශ්නෙ තේරුං ගන්න පුළුවන් යාළුවෙකුට කෝල් එකක් දුන්නනං වඩාත් හොඳයි.

    3. තමුන්ටම

    No-Stress-Tips-03.gif


    තමුන්ම තමුන්ට කතා කරන එක හොඳ විදියක් වුනත් ප්‍රසිද්ධ තැනක ඕක කරනකොට කට්ටිය හිතන්න පුළුවන් පිස්සු කියලා. ඒ නිසා වොෂ් රූම් එකකට වෙලා තමුන්ගෙ ඇ‍ඟේ ප්‍රශ්නෙ තුරන් වෙනකං තමුන්ට කතා කරන්න.

    4. හරි විදියට කන්න

    No-Stress-Tips-04.jpg


    ස්ට්‍රෙස් එකට ප්‍රධාන හේතුවක් විදියට හරි හමන් ආහාර වේලක් නොලැබීම දක්වන්න පුළුවන්. ඒ නිසා සමබල ආහාර වේලක් කාල බලන්න. කෑම වේල් මිස් කරගන්නත් එපා. මේ දෙයින් පොඩි සහනයක් දැනෙන්න පුළුවන්. හැබැයි ස්ට්‍රෙස් එක දැනෙද්දි ඒක අඩු කරගන්න කියලා කෑමට යොමු වෙන්න එපා. එයින් ඔබ තරබාරු වීමටත් සෞඛ්‍ය පිරිහෙන්නටත් පුලුවන්.


    5. සිනාසෙන්න සිනාසෙන්න

    No-Stress-Tips-05.gif


    හිනාවෙන එකත් ස්ට්‍රෙස් පාලනේට ගුණදායකයි. ඒත් නිකංම හිනාවෙන්න බැරි නිසා යූටියුබ් තියෙන සිංහල කොමඩි ටිකක් බලලා හිටියානං හරි.


    6. තේ දෙකක් තුනක්


    No-Stress-Tips-06.jpg


    තේ ටිකක්‍ බොන එක මොලේට හොඳ තත්ත්වයක්. පොඩි උත්තේජනයක් දීලා ඔලුව මහන්සිය මකලා ගන්න තේකක් කියන්නෙ හොඳ බීමක්. වැඩි ප්‍රයෝජන ඕනනං ග්‍රීන් ටී බිවුවනං හරි.

    7. භාවනාව

    No-Stress-Tips-07.jpg


    උඩ කියපු ගොඩක් කාරණා ඒ වෙලාවෙම ගොඩ දාගන්න පුළුවන් සං සං ගාලා කරන වැඩ. ඒත් පොඩ්ඩක් මනස සැහැල්ලු කරගෙන කරන භාවනාවක් ඊට වඩා එහාට ගෙනියනවා. ලයිෆ්ස්ටයිල් එකටත් පොඩි පිළිවෙලක් සහ සංයමයක් එකතු කරන ගමන්ම හිතටත් සැනසීමක් දේවි.

    8. මිනිත්තුවක් හරි ව්‍යායාම

    No-Stress-Tips-08.jpg


    මිනිත්තුවක් හරි එක්සසයිස් කරන එකෙනුත් පොඩි ගතියක් මොලේට එනවා. මේ කියන්නෙ හදිස්සියෙ ජිම් දුවන්න කියලා නෙමෙයි. පොඩි දිවිල්ලක්, ඇවිදිල්ලක් වගේ දෙයක් ගැන. ලේ ගමනාගමනය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩේ කොලිටි.

    9. අනේ අපිට හොඳ නින්දක් නිදියාගන්න

    No-Stress-Tips-09.jpg


    ටීවී ෆෝන් අයින් කරලා ඇඟටයි හිතටයි දැනෙන නින්දක අඩුව ස්ට්‍රෙස් ලොකුවටම එන්න බලපානවා. ඒ නිසා ඉතිං මේ පෝස්ට් එකට ටක් ගාලා ලයික් එකක් දාලා ගිහින් නිදාගන්න.නියම කොලිටි නින්දක් දාන්නෙ කොහොමද? කියන අනිවා ටිප්සුත් කියවලම ගියොත් තවත් ගොඩ.


    10. සුරතල් සතෙක්

    No-Stress-Tips-10.jpg


    සුරතල් සතෙක් ඉන්න එක මේ වගේ ස්ට්‍රෙස් තියෙන කෙනෙකුට අති ප්‍රයෝජනවත්. මොකද සුරතල් සතෙක් එක්ක ජීවත් වීම ඔබේ බොහෝ අනවශ්‍ය ප්‍රශ්න ඔබට අමතක කරවනවා. ඒ නිසා බල්ලෙක්, පූසෙක් වගේම මාළු ටිකක් වුනත් මේ හැඟීම ගොඩනංවන්න ඔබේ හිතට උදවු දේවි.

    Original Post : http://bit.ly/2h9yxfY
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,208
    17,175
    113
    Chocolate,බැඳපු කජු කෑවහම ස්ට්‍රෙස් ඵක නැති වෙනවලු.