ස්ටෙන්ට් ප‍්‍රතිකාර

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ස්ටෙන්ට් ප‍්‍රතිකාර



    රුධිරකැටි සහ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ධමනීන් අවහිර වීම විවිධ අන්දමින් සිදු වෙන්න පුළුවනි... අපි බොහෝ විට රුධිර කැටියක් හෝ කොලෙස්ටරෝල් නිසා ධමනීන්ගේ අවහිර වීම ගැන කතා කරන්නේ හෘදයවස්තුවේ කිරීටක ධමනින් මුල් කර ගෙන වුණත් ශරීරයේ වෙනත් ඉන්ද්‍රියන් ආශ‍්‍රිතවත් කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ලේ කැටි තැන්පත් වී ධමනීන් අවහිර වීම් සිදු වෙන්න පුළුවන්.

    අංශබාගය

    මොළයට රුධිරය රැගෙන යන ධමනියක් ලේ කැටියක් තැන්පත් වීමෙන් LDL Cholesterol නිසා අවහිර වෙන්න පුළුවන්. මෙම සිහින්වීම නිසා මොළයට රුධිරය සැපයීම අවහිරවීමෙන් අංශබාග තත්ත්වයට පත් වෙන්න පුළුවනි. අංශබාග තත්ත්වයේදී මොළයේ ස්නායු ෙසෙල මිය යෑම හෘදයවස්තුවට වඩා ඉතාම වේගයෙන් සිදු වෙනවා. ඒ වගේ අවහිරවීමක් නිසා රෝගියාට කථා කිරීමේ අපහසුව, මුහුණ, කට ඇද වීම, අත පය වලංගු නැති වීම වැනි ලක්ෂණ දැක ගන්න පුළුවනි. මේ තත්ත්වය දැනගත් විට මුල් පැය හතරහමාර තුළ වහාම ප‍්‍රධාන රෝහලකට රෝගියා ඇතුළත් කළොත් මොළයේ සී. ටී. ස්කෑන් පරීක්ෂාවක් සිදුකර මේ රුධිර කැටිය දිය කිරීමට අදාළ එන්නත් ප‍්‍රතිකාර ලබා දීමට පුළුවනි. එසේ නොවුණහොත් රෝගියාට ජීවිත කාලයටම බලපාන දුර්වලතාවයන් පවතින්න පුළුවනි.

    පාදවලට රුධිරය සැපයීම නිසා
    ඇති වෙන අවහිර වීම්

    පාද වෙත රුධිරය රැගෙන යන ධමනීන්ගේ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ඇති වෙන අවහිර වීම Intermittant claudication යනුවෙන් හැඳින්වෙනවා. පාදවලට නිසි රුධිර සැපයුමක් නොලැබෙන නිසා ඇවිදින විට අධික විදිහට පාද වේදනාවන් ඇති වෙනවා. සමහර අයට විවේකීව සිටින විටත් පාද වේදනාව තිබෙනවා නම් එයින් අදහස් වෙන්නේ පාදවලට රුධිර සැපයුම දැඩි (Critcial limb ischemia) අවදානමකට පත්ව තිබෙන බවයි. මෙවැනි රෝගීන්ගේ පාද ආශ‍්‍රිතව රුධිරය ගෙන යන ධමනීන් 100% ක්ම අවහිර වී තිබෙන්න පුළුවනි. පාද ආශි‍්‍රතව ඇන්ජියෝග‍්‍රෑම් පරීක්ෂාවක් මගින් අදාළ පාදයේ ඇති අවහිරවීමත් Stent ප‍්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත් කර ගන්න පුළුවනි. එය නොසලකා සිටියොත් පාදය සහ ඇඟිලි මිය යන හෝ කුණුවීම වැනි තත්ත්වයට පත් වෙන්න පුළුවනි. දුම්පානය කරන අයට වගේම දියවැඩියා රෝගි පුද්ගලයන්ගේ පාදවල රුධිර සැපයුම අවහිර වීමේ අවදානම තිබෙනවා. දියවැඩියා රෝගීන්ගේ සහ දුම්පානය කරන පුද්ගලයින්ගේ ඇඟිලි සහ පාද ඉවත් කරන්නේ රුධිර සැපයුම නොමැති වීමෙන් පාදය සහ ඇඟිලි මිය යෑම නිසයි.

    අක්මාව, ආහාර මාර්ගයේ සහ වකුගඩු ආශි‍්‍රතවත් මේ ආකාරයෙන්ම කොලෙස්ටරෝල් තැන්පත් වෙන්න පුළුවනි. අක්මාවේ මේද තැන්පත් වීම ෆැටි ලිවර් (Fatty liver) විදිහට හැඳින්වෙන අතර මෙය නොසලකා සිටියොත් පසුකාලයකදී එය මද්‍යසාර නොවන (Non- Alcholic Fatty Liver Diease (NAFLD) සිරෝසිස් තත්ත්වය දක්වාම වර්ධනය වීමට පුළුවන්.

    හදවත් රෝගියෙක් බොහෝ විට දියවැඩියාව, අධි රුධිරපීඩනය, දුම්පානය වැනි අතුරු රෝගාබාධයන්ටත් පත්ව සිටින නිසා ඒ තත්ත්වයන් ගැනත් සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත්. එවිට ඒ රෝගියාගේ ආයු අපේක්ෂාව වැඩි කිරීමට පුළුවනි.

    ස්ටෙන්ට් හෝ හෘද බයිපාස් සැත්කම

    කිරීටක ධමනී අවහිර වීමේ තත්ත්වයට පත් රෝගීන්ගේ කොලෙස්ටරෝල් තැන්පත් වීම පාලනයට ලබා දෙන ප‍්‍රතිකාර මගින් යම් පමණකට අඩු කර ගත හැකියි. හෘදයාබාධයක් වැළඳීමෙන් පසුව ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ට ඖෂධ මගින් පමණක් ප‍්‍රතිකාර කිරීම අපහසුයි. අධිරුධිර පීඩනය, ව්‍යායාම නොමැති වීම නිසා මෙම ධමනීන්ගේ අවහිර වීම 70% කට වඩා වැඩි නම් ස්ටෙන්ට් හෝ බයිපාස් සැත්කම මගින් සිහින්වීම 100% කින්ම නැති කිරීමට කටයුතු කරනවා.

    ස්ටෙන්ට් ප‍්‍රතිකාර නිසා
    ඇති වෙන වාසි


    මේ ප‍්‍රතිකාර ක‍්‍රමයේදී රෝගියා සිහිවිසඥ තත්ත්වයට පත් කරන්නේ නැහැ. හෘදය නතර කිරීමකින් තොරව හිරිවැට්ටීමකින් පමණක් සිදු කරන නිසා රෝගියාට මෙන්ම ඔවුන්ගේ පවුලේ අයටත් ආතතිය ඇති වීම අඩුයි.

    උරස් කුහරය විවෘත නොකරන නිසා අඩු වේලාවකින් ස්ටෙන්ට් Stent ඇතුළු කිරීම සිද්ධ වෙනවා. එදාටම හෝ පසුවදාට රෝහලෙන් පිට වෙන්නත් පුළුවන් තරම් වාසියක් තිබෙනවා.

    පපු බිත්තියේ කිසිම කැපුමක්, කැලැලක් නැති නිසා තරුණ වයසේ පසු වෙන හෘද රෝගීන්ට බොහොම අගනා අවස්ථාවක් විදිහට ස්ටෙන්ට් Stent ඇතුළු කිරීම හඳුන්වා දෙන්න පුළුවනි. දියුණු රටවල මෙය රෝගීන් මුලින්ම කැමැත්ත (First line treatment choice) ප‍්‍රකාශ කරන ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස ඉතා ජනපි‍්‍රය වී තිබෙන්නේ උක්ත කරුණ නිසයි.

    මේ ප‍්‍රතිකාර වෙනුවෙන් වයස භේදයක් නැහැ. සිහි නැති කිරීමක් නොමැති නිසා ඕනෑම වයසක අයට ස්ටෙන්ට් Stent ප‍්‍රතිකාර ලබා දෙන්න පුළුවනි. වකුගඩු රෝග තත්ත්වය බරපතල නැති රෝගීන්ට පවා ස්ටෙන්ට් ප‍්‍රතිකාර ලබා දීමට පුළුවන්.

    සිහිනැති කිරීමට අවදානම ඇති වයසක සිටින රෝගීන් සහ තදබල පෙනහලූ දුර්වල රෝගීන්ට ස්ටෙන්ට් Stent ප‍්‍රතිකාර වාසිදායක වන්නේ මෙම රෝගීන් සිහි නැති කිරීමට තිබෙන අවදානම මෙම ප‍්‍රතිකාර ක‍්‍රමයේදී ඔවුන්ට නොමැති නිසාය.

    බයිපාස් සැත්කම කළ යුතු රෝගීන්

    ඒ වුණත් තදබල වකුගඩු රෝගීන්ට ස්ටෙන්ට් (stent) ප‍්‍රතිකාර ලබා දීමේදී සලකා බැලිය යුතු කරුණු කීපයක් තිබෙනවා. මේ අවස්ථාවේදී නික්ෂේපනය කරන ඩයි වර්ණකය වකුගඩු තත්ත්වය තීව‍්‍ර කළ හැකියි. පියවර කීපයක් ඊට පෙරාතුව සිදු කරල ඒ අනුව ස්ටෙන්ට් ප‍්‍රතිකාරය කිරීමට තීරණය ගැනීම සිදු වෙනවා.

    ඩයි වර්ගවලට ආසාත්මිකතාවයන් දක්වන රෝගීන්ටත් ස්ටෙන්ට් ප‍්‍රතිකාරය ලබා දීම ඉතා ප‍්‍රවේශමෙන් කළ යුතුයි.

    වකුගඩු ඉතා දුර්වල (End stage) රෝගීන්ටත් ඇන්ජියෝග‍්‍රෑම් පරීක්ෂණය නිසා පසුකාලයක රුධිරය පිරිසිදු (Dialysis) කරන තත්ත්වයට පත් වීමේ අවදානමක් තිබෙන නිසා මෙම රෝගි කාණ්ඩයට කිරීම ස්ටෙන්ට් ප‍්‍රතිකාරය අපහසුයි.

    ඒත් සමහර රෝගීන්ගේ ධමනීන්ගේ අවහිරවීම විශාල නම්, දියවැඩියාව සහිත සහ ධමනීන් තුනකට වඩා අවහිර වී තිබේ නම් ධමනීන්වල තදින් කැල්සියම් බැඳී තිබෙන විට වම් පැත්තට ලේ සපයන ප‍්‍රධාන (left main stem diease) නහර පටන් ගැනීමේදීම සැලකිය යුතු ප‍්‍රමාණයකින් අවහිර වී ඇත්නම්

    stent2මේ රෝගීන්ට බයිපාස් සැත්කම වෙත යොමු වීම වාසිදායක බවත් එහි කල්පැවැත්ම වැඩි බවත් විද්‍යාත්මකව පිළිගෙන තිබෙනවා.

    බයිපාස් සැත්කමෙන් පසුව වසර තිහක් පමණ අලූතින් බද්ධ කරන නහර හොඳින් කි‍්‍රයාත්මක වෙනවා. ස්ටෙන්ට් ප‍්‍රතිකාර ක‍්‍රමයෙනුත් මේ හා සමාන වාසියක් තිබෙනවා. මේ වාසිය රෝගියාගේ ඇවැතුම් පැවැතුම් මත තීරණය වෙනවා. ස්ටෙන්ට් (stent) සහ හෘද බයිපාස් සැත්කම්වලින් පසුව වුණත් රුධිරගත අහිතකර කොලෙස්ටරෝල් මටට්ම පාලනයෙන්, ව්‍යායාම, ආහාර පාලනය මගින් තමන්ගේ හදවතේ නීරෝගීතාවය දිගු කලක් ආරක්ෂා කර ගැනීමට පුළුවන්.

    හෘද රෝග විශේෂ වෛද්‍ය s. කරුණාරත්න
    /SIZE]