ස්ටේෂන් මාස්ටර් කෝච්චියට දෙන වළල්ල මොකක්ද??🤔

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මේ ටැබ්ලට් ක්‍රමය ගැන මම මෙතෙක් කියවූ හොඳම ලිපියයි. එකට ස්තුතියි.

    මේ ක්‍රමය 100% ක්ම ආරක්‍ෂිත උනත්, 1928 දී ((12/03/28) කටුකුරුන්දේ දී තනි මාර්ගයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණලා හැපිලා අනතුරට ලක් උනා. එහිදී, දුම්රිය දෙකක් (නො 547 කොටුව අළුත්ගම සහ නො. 250 මාතර මරදාන ) එකිනෙක හැපිලා 28 දෙනෙක් මැරුණා.

    Katukurunda Railway Accident – First head-on collision in Sri Lanka

    One such event is the Katukurunda Railway Accident that happened in 1928. It is significant for two reasons

    The first head-on train collision
    The train accident with the highest death toll
    train accidents in sri lanka
    Photo Credit: Divaina | source
    Where?
    The accident happened between Kalutara South and Katukurunda railway stations. The specific location is now known as Wettumakada, some 2.2 km away from Kalutara town.

    When
    This unfortunate incident took place some 90 years before in 1928 March 12 at 8.06 pm.

    Collided Trains
    The two trains that collided were two passenger trains which were hauled by steam engines.

    🚂 No: 547 Colombo – Aluthgama

    Cabins: 08 Passenger cabins + A Fish transport cabin

    The train was running 18 minutes late and had reached Kalutara South station at a few minutes shy of 08.00 pm.

    🚂 No: 250 Matara – Maradana

    Cabins: 07 Passenger cabins + 03 Goods cabins + A Fish transport cabin

    The Situation
    The trains ran on a single line in those days and one has to wait for other incoming trains in a station with two tracks. The two trains in question usually crossed at Payagala station but due to the delay of Aluthgama train, it was decided to cross two trains in Kalutara south station.

    Aluthgama train reached the station at 08.00 pm and was signaled to stop at a side track but due to some miscommunication between the station master and the driver, the train proceeded towards Aluthgama towards the impending disaster.

    Colombo bound train passed Payagala obtaining instruction that the crossing would happen in Kalutara south.

    The Collision
    The two trains collided at 58 post bend in Wettumakada, Katukurunda. A mere 02 km from the Kalutara south station. The trains were traveling at the speed of 20 mph and 35 mph and the sound of the collision is said to have been heard in Dodangoda (some 10km away) as well.

    The Matara train’s engine was completely derailed and turned upside down while the other one stayed on the track being fully damaged.

    karukurunda train accident
    The accident took place on this culvert | Photo Copyright (Megaā Hike)
    Both drivers died of injuries sustained and the total death toll was 28 including the staff and passengers. Had this happened today the death toll could have been much worse due to a large number of people who travel on trains. To date, this accident retains the record of highest death toll incurred in a rail accident in Sri Lanka.

    katukurunda railway accident
    The location where the accident took place today. Another track is being constructed till Aluthgama. Photo Copyright (Megaā Hike)

    This page can't load Google Maps correctly.
    Do you own this website? OK
    Aftermath
    An investigation spearheaded by Lt. Col. F.R.H. Eustace of Indian Railway was conducted after a failed government investigation. The exact cause of the accident was, however, never uncovered because the railway staff from both trains were dead. Various speculations still circulate over the drinks as to what could’ve happened in those old time where no means of communication
    existed.

    මේ කතාව අනුව මේ අනතුරට හේතුව කියවෙන්නේ නැහැ. මා අසා තියන පරිදි මෙහි කියවෙන අලුත්ගම දුම්රියේ රියදුරුට ඉදිරියට (පයාගලට) යාමට දකුණු කළුතරදී ටැබ්ලට් එක දීලා. නමුත්, මේ දුම්රිය ප්‍රමාද නිසා, දුම්රිය මාරුව කළුතරදී සිදු කරන්න අවසර ඉල්ලුවාම, අවසර අරන් තියෙන්නේ ඔවුනට ලබා දුන් ටැබ්ලට් එක කළුතර දුම්රිය ස්ථානාධිපති ආපසු අරගෙනයි. එවිට රියදුරු හෝ සහායක ඇන්ජිමේ ඉඳලා නැතිලු (දෙන්නාම බැහැලා වැසිකිලියට ගියා කියලා කිව්වාට ෂොට් එකක් දාන්න ගියා කියලා තමයි කියවෙන්නේ.) ඔවුන් ආපසු පැමිණි විට මේ ගැන දැන්වීමට සිතා සිටියත්, ඔවුන් දෙදෙනා කොහෙන් හෝ එකපාරටම මතුවී, දුම්රිය ඉදිරියට ධාවනය කරවූ බවත්, කිසිවෙකුට දුම්රිය ඇන්ජිමට ගොඩ වීමට හෝ ඔවුන්ගේ අවධානය යොමු කර ගැනීමට නොහැකි උන බවත් කියවෙනවා. ඔවුන් ඉදිරියට යන්නේ ටැබ්ලට් එක නොමැතිවයි. නමුත් ස්ථානාධිපති ඒක ආපසු අරගත්ත බව රියදුරන් දෙදෙනාම දැකලා නැහැ. මේ කියන්නේ රාත්‍රී 8. 0 ට පමණ නිසා ටැබ්ලට් එක එන්ජිමේ ඊට අදාළ කොක්කේ නැති බවත් ඔවුන් දැකලා නැහැ.
    දුම්රියක් දුම්රිය ස්ථානයෙන් පිටවීමට දුම්රිය ස්ථානාධිපති විසින් දුම්රිය නියාමකට සංඥා කිරීමෙන් පසු නියාමක විසින් රියදුරුට සංඥා කරනු ලබනවා.ඒ සංඥාවෙන් පසුවයි රියදුරු විසින් දුම්රිය ධාවනය කරනු ලබන්නේ.එසේවුවත් රියදුරු විසින් වැරදි ආකාරයට දුම්රිය ධාවනය කරනවානම් නියාමකට හැකියාව තිබෙනවා තිරිංග යොදා දුම්රිය නවත්වා ගන්න.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    FB එකේ ඔයවිදියටම පොස්ට් එක තියනවා. උබ FB එකෙන් ඉස්සුවද. එහනම් යටින් දාපන් මොන page එකෙන්ද ගත්තේ කියලා.
    නැත්නම් මේක උස්සලා FB දාලද?

    fb එකෙන් උස්සලා බන් 😂😂 ,ශශියා මන්දන්න එකෙක්... ඌ කට්ටක් කාලා ඕක ලිව්ව්වෙ :rolleyes2::rolleyes2::rolleyes2:
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    දුම්රියක් දුම්රිය ස්ථානයෙන් පිටවීමට දුම්රිය ස්ථානාධිපති විසින් දුම්රිය නියාමකට සංඥා කිරීමෙන් පසු නියාමක විසින් රියදුරුට සංඥා කරනු ලබනවා.ඒ සංඥාවෙන් පසුවයි රියදුරු විසින් දුම්රිය ධාවනය කරනු ලබන්නේ.එසේවුවත් රියදුරු විසින් වැරදි ආකාරයට දුම්රිය ධාවනය කරනවානම් නියාමකට හැකියාව තිබෙනවා තිරිංග යොදා දුම්රිය නවත්වා ගන්න.
    ඔව්, නීතියට අනුව නම් එහෙම කල යුතුයි. ඒ උනාට එහෙම නොවෙන අවස්ථා මම දැක තියනවා. ඉස්සර KV ලයින් එකේ මේ නීති මුකුත්ම ක්‍රියාත්මක උනේ නැහැ. වර්තමානයේ නම් එහෙම වෙනවා බොහොම අඩු ඇති. නමුත් 1928 වගේ කාලෙක මෙවැනි නොසලකා හැරීමක් වෙන්න ඉඩ තියනවා. මේ කතාව මම ලියුවේ මේ අනතුර ගැන කලකට පෙර (බොහෝ විට මෙහි 50 වන සැමරීම සිදු කල 1978 විය හැක) කියැවූ පුවත් පත් වාර්තා වලින් කියැවූ දේවල් වල මතකයෙනුයි.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ටැබ්ලට් නැතිව ගිය දුම්රිය ගමනක අත්දැකීමක් මට තියනවා. මටත් වඩා පිස්සු වැඩ කරපු මගේ තාත්තා (තාත්තාට නිවන් සුව පතනවා.) ට 1978 සුළි සුලඟේ විනාශය සියැසින්ම බලා ගන්න උවමනා උනා. මුළු රටේම කටයුතු (දුම්රිය ධාවනය ඇතුළුව) අඩපන වෙලා තිබුන ඒ දිනවල (1978 නොවැම්බර් 23 කුනාටුව පැමිණි දිනය ලෙස විකිපීඩියාව කියනවා ) මඩකලපුවට හෝ ත්‍රිකුණාමලයට දුම්රියෙන් ගොස් මේ ව්‍යසනය දැක බලා ගැනීම තාත්තාගේ අරමුණ උනා. දුම්රිය ගමන් ආරම්භ කරනවාද කියලා දින කිහිපයක් තිස්සේ විමසිලිමත් වීමේ සහ උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට, මඩකලපුවට යන පළමු දුම්රියේම අපි දෙන්නා මඩකලපුවට ගියා. ඒ වෙද්දී පොල්ගහවෙල දක්වා (විදුලි) සංඥා අලුත්වැඩියා කරලා තියෙන්න ඇති. නමුත්, ඉන්පසුව බොහෝ දුම්රිය ස්ථාන වල බොහෝ වෙලාවක් නැවතී ඉන්න උනා. ටැබ්ලට් දුන්නාද කියන එක මතක් කරන්න බැරි උනත්, දුම්රිය මාර්ගය මිසක් සංඥා යවන ටෙලිග්‍රාෆ් ලයින් අළුත් වැඩිය කර නොතිබූ නිසා (ඔක්කොම කණු පෙරලිලා, කඩා වැටිලා විනාශ වෙලා තිබුනා.) ටැබ්ලට් ක්‍රියාත්මක නොවුනා කියා ස්ථිරවම කියන්න පුළුවන්. මේ දුම්රිය මගී මැදිරි දෙකතුනක් සහ බඩු ප්‍රවාහන සහ තෙල් ටැංකි විශාල ගණනක් සහිත දුම්රියක්. අපි දෙන්නා එක දවසක උදේ කෝච්චියට නැගලා මඩකලපුවෙන් බැස්සේ පහුවදා බවනම් හොඳටම මතකයි. ඊටත් පහුවදා උදේට ආපසු දුම්රියක් කොළඹ යවන බව මඩකලපුව දුම්රියපොලෙන් දැනගත් අපි දෙන්නා ඒ දුම්රියෙන් ආපසු යන්න හිතාගත්තා. ඊට පස්සේ බස් එකකින් කල්මුනේටත් ගියා. එවකට වයස 17 කට කිට්ටු වූ මට, මේ මුළු ගමනේදී ම දුටු දේවල් බොහොමයක් තාම මතකයි. ඒත් මෙතන ලිව්වේ ටැබ්ලට් භාවිතයෙන් තොරව ගිය දුම්රිය ගමනක් ලෙස මට 100% ක්ම සහතික නිසා යි. ආපසු ගමනටත් දිනක පමණ කාලයක් ගතවූ බව මතකයි.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    යල් පැනගියපු ප$#@ අයින් කරලා අලුත් ගැජට් හයි කරන්ඩ ඔනේ.. තව අවුරුදු 80000 ගියත් ගොඩ යෑමක් නැහැ.
     
    • Dislike
    Reactions: pjgprabath

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    මෙච්‍චර සිද්ධාන්තයක් වෙනව‍ා කියලා කවදාවත් හිතුවෙ නැ ඔබ මෙකරන දැනුවත් කිරිම සුපිරි තව තව මෙවගේ දෙවල් වලින් දැනුවත් කිරිම්‍ කරන්න ස්තුතියි.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ටැබ්ලට් නැතිව ගිය දුම්රිය ගමනක අත්දැකීමක් මට තියනවා. මටත් වඩා පිස්සු වැඩ කරපු මගේ තාත්තා (තාත්තාට නිවන් සුව පතනවා.) ට 1978 සුළි සුලඟේ විනාශය සියැසින්ම බලා ගන්න උවමනා උනා. මුළු රටේම කටයුතු (දුම්රිය ධාවනය ඇතුළුව) අඩපන වෙලා තිබුන ඒ දිනවල (1978 නොවැම්බර් 23 කුනාටුව පැමිණි දිනය ලෙස විකිපීඩියාව කියනවා ) මඩකලපුවට හෝ ත්‍රිකුණාමලයට දුම්රියෙන් ගොස් මේ ව්‍යසනය දැක බලා ගැනීම තාත්තාගේ අරමුණ උනා. දුම්රිය ගමන් ආරම්භ කරනවාද කියලා දින කිහිපයක් තිස්සේ විමසිලිමත් වීමේ සහ උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට, මඩකලපුවට යන පළමු දුම්රියේම අපි දෙන්නා මඩකලපුවට ගියා. ඒ වෙද්දී පොල්ගහවෙල දක්වා (විදුලි) සංඥා අලුත්වැඩියා කරලා තියෙන්න ඇති. නමුත්, ඉන්පසුව බොහෝ දුම්රිය ස්ථාන වල බොහෝ වෙලාවක් නැවතී ඉන්න උනා. ටැබ්ලට් දුන්නාද කියන එක මතක් කරන්න බැරි උනත්, දුම්රිය මාර්ගය මිසක් සංඥා යවන ටෙලිග්‍රාෆ් ලයින් අළුත් වැඩිය කර නොතිබූ නිසා (ඔක්කොම කණු පෙරලිලා, කඩා වැටිලා විනාශ වෙලා තිබුනා.) ටැබ්ලට් ක්‍රියාත්මක නොවුනා කියා ස්ථිරවම කියන්න පුළුවන්. මේ දුම්රිය මගී මැදිරි දෙකතුනක් සහ බඩු ප්‍රවාහන සහ තෙල් ටැංකි විශාල ගණනක් සහිත දුම්රියක්. අපි දෙන්නා එක දවසක උදේ කෝච්චියට නැගලා මඩකලපුවෙන් බැස්සේ පහුවදා බවනම් හොඳටම මතකයි. ඊටත් පහුවදා උදේට ආපසු දුම්රියක් කොළඹ යවන බව මඩකලපුව දුම්රියපොලෙන් දැනගත් අපි දෙන්නා ඒ දුම්රියෙන් ආපසු යන්න හිතාගත්තා. ඊට පස්සේ බස් එකකින් කල්මුනේටත් ගියා. එවකට වයස 17 කට කිට්ටු වූ මට, මේ මුළු ගමනේදී ම දුටු දේවල් බොහොමයක් තාම මතකයි. ඒත් මෙතන ලිව්වේ ටැබ්ලට් භාවිතයෙන් තොරව ගිය දුම්රිය ගමනක් ලෙස මට 100% ක්ම සහතික නිසා යි. ආපසු ගමනටත් දිනක පමණ කාලයක් ගතවූ බව මතකයි.
    සියළුම සංඥා ක්‍රියාවිරහිත වුවත් දුම්රියන් ධාවනය කරවීමේ තවත් ක්‍රම තියෙනවා (පයිලට් ක්‍රමය).මම හිතනවා ඔබ කියන දිනයේදීත් ඒ ක්‍රමය ක්‍රමය ක්‍රියාත්මක වෙන්න ඇති