ස්ත්‍රී දූෂණයට එරෙහිව ඉන්දියාවේ මරණ දඬුව
ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව මෙතෙක් ඉන්දියානු අපරාධ නීතියේ උපරිම දඬුවම වශයෙන් පැවති ජීවිතාන්තය දක්වා සිර දඬුවම වෙනුවට මරණ දණ්ඩනය පැනවීමට ඉන්දියානු කැබින්ට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එයට ගැලපෙන ආකාරයට ඉන්දියාවේ අපරාධ නීති (සංශා්ධන) ආඥාපනත වෙනස් කිරීමට නියමිතය.
දැනට ඉන්දියාවේ පවතින අපරාධ නීතියට අනුව වයස අවුරුදු 12 ට අඩු දැරියක් අපහරණය කිරීමේ වරදට දඬුවම ලෙස පවතින්නේ වසර විස්සකට නොඅඩු සිරදඬුවමක් හෝ ජීවිතාන්තය දක්වා වන සිරදඬුවමකි. නමුත් එය නව සංශෝධනය යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දඬුවම ලබාදීමට නියම කර ඇත. එසේම පිරිසක් විසින් වයස අවුරුදු 12කට අඩු දැරියක් බරපතල ලෙස අපහරණය කිරීමේ අපරාධයටද මෙම දඬුවම් අදාල වනු ඇත.
එසේම වයස අවුරුදු 16ට අඩු දැරියක් අපහරණය කිරීමේ අපරාධයට මෙතෙක් පැවති අවම දඬුවම වසර 10 සිට වසර 20 දක්වා සිර දඬුවම් නියම කිරීම හෝ ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව සිරගත කිරීම දක්වා වර්ධනය කර ඇත. එපමණක්ද නොව වයස අවුරුදු 16ට වැඩි කාන්තාවක් අපහරණය කිරීමේ අපරාධයට දඬුවම් ලෙස මෙතෙක් පැවති අවම දඬුවම වූ වසර 7 ක සිරගත කිරීම වසර 10 දක්වා සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලෙස වර්ධනය කර ඇත.
එසේම එවැනි බරපතල අපහරණ සිදුවීම් ඉතා ඉක්මණින් පරීක්ෂණ කටයුතු සිදුකර අධිකරණයට සහය ලබාදීමට සඳහා පොලීසිය ඇතුලු ආරක්ෂක අංශවලට බලපාන ලෙසද නීති සකස් කිරීමට ඉන්දියානු රජය අපේක්ෂා කරයි. වයස අවුරුදු 16ට අඩු දැරියක් අපහරණය කිරීමේ වරදට චෝදනා එල්ලවෙන පුද්ගලයෙක්ට හෝ පුද්ගල කණ්ඩායමක් වෙනුවෙන් අපේක්ෂිත ඇප ඉල්ලා සිටීමේ හැකියාවද නව නීති සංශෝධන මගින් සම්පූර්ණයෙන්ම වළක්වා ඇත.
එයින් පෙනී යන්නේ ඉන්දියානු රජය සහ අධිකරණ පද්ධතිය ස්ත්‍රී දූෂණ (විශේෂයෙන්ම ළමා අපහරණය) වලට එරෙහිව නීති රීති ඉතා දැඩිකරමින් ඇති බවයි. එයට ආසන්නතම හේතුව වී ඇත්තේ කාශ්මීරයේදී සමූහ දූෂණයට ලක්කර සාහසික ලෙස මරාදැමූ අහිංසක දියණියගේ සිදුවීම වන්නට ඇත. එපමණක් නොව ඉන්දියාවේ මෙන්ම ලංකාවේදී මෙවැනි සිද්ධි ආසන්න වසර කීපයේ වර්ධනයක් දකින්නට ඇත.
මෙම නීති සංශෝධන ලංකාවේ අධිකරණ පද්ධතියටද ලබාදෙන්නේ ඉතා වැදගත් පණිවිඩයකි. වරක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා එල්ලුම්ගහ වෙනුවෙන් කඹයක් ඇණවුම් කල පුවත පුවත්පත්වල පළවීමෙන් පසු ලංකාවේ අපරාධ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කල බව මීට දශක එකහමාරකට පෙර ලංකාවෙන් වාර්තා විය. එවැනි තත්වයක් යටතේ මෙවැනි නීති තදකිරීම් ලංකාවටද උචිත බව තර්කයක් නැත.
උපුටා ගැනීම - www.her.lk