ස්පා නියාමනයට නව නීති මාලාවක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රටපුරා තිබෙන සියලුම සම්භාහන මධ්‍යස්ථාන (ස්පා) නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

    ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එම නියාමන ක්‍රියාවලිය සකස් කිරීමට දැනටමත් ආරම්භ කර තිබේ.

    රටපුරා තිබෙන සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම, ඒවාට වාර්ෂික බද්දක් අයකිරීම, එම මධ්‍යස්ථානවලින් ලියාපදිංචි ගාස්තුවක් අයකිරීම ආදී කරුණු

    සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තම සංගමය සමඟ එකඟතාවයන්ට එළැඹී තිබෙන බව ලංකා ස්පා සංගමයේ සභාපති @Emios මහතා කීය.


    https://www.lankadeepa.lk/news/ස්පා-නියාමනයට-නව-නීති-මාලාවක්/101-640441
     

    Similar threads