ස්මාර්ට් තිසරපටක් හඳුන්වාදෙයි

asanka sadaru

Member
Nov 24, 2013
111
22
0
top of your head
ස්මාර්ට් තිසරපටක් හඳුන්වාදෙයි

කාන්තාව තුළ සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේ නම් පමණක් සිය සහකරුට ගැළවිය හැකි ‘ස්මාර්ට් තිසරපටක්’ සංකල්පීය නිමැවුමක් ලෙස හඳුන්වාදීමට ජපානයේ ප්‍රකට කොමුපිළි නිෂ්පාදන සමාගමක් සමත්වී තිබේ.

රවිජෝ සමාගම ඉදිරිපත් කරන මෙම ‘ස්මාර්ට් තිසරපට’ හදගැස්ම නිරීක්ෂණය වෙනුවෙන් එහි වූ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් හරහා ක්‍රියාත්මක වෙයි.

මෙය තිසරපට කර්මාන්තයේ විප්ලවීය හඳුන්වාදීමක් බවත්, එය කාන්තාවන්ගේ හැඟීම් හඳුනාගන්නා තිසරපටක් බවත් එම සමාගම පවසයි.

කාන්තාව ඉදිරියේ සිටින සහකරු කෙරෙහි ඇයට ආදර හැඟීමක් ඇතිවූ විට මෙම තිසරපටයේ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම අතර බ්ලූටූත් ආශ්‍රයෙන් දත්ත හුවමාරු කරමින් ඇයට සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේද යන්න එම යෙදවුම හරහා තීරණය කෙරෙන බවත්, එසේ ඇයට ආදර හැඟීමක් ඇතිවී තිබුනේ නම් තිසරපටය ඉදිරිපස වූ සියුම් විදුලි බුබුල රෝස පැහැ ආලෝකයක් විහිදුවමින් දැල්වෙන බවත්, එය තිසරපටය ගලවා දැමීමට සහකරුට කෙරෙන ඇරයුමක් බවත් සමාගම පවසයි.

තවම වෙළෙඳ පොළේ නැති මේ ‘ස්මාර්ට් තිසරපට’, වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමක් පිළිබඳවද මෙතෙක් අනාවැකි පළ කර නැත.

නමුත්, ස්මාර්ට් තිසරපටයේ නිෂ්පාදන සමාගම පවසන්නේ එය ලොවපුරා සිටින කාන්තාවන්ගේ මිතුරියක වනු ඇති බවයි.


1(1).gif

2(3).gif

4(2).gif



සුවාමි පුරුෂයා ඉන්නැද්දි අල්ලපු ගෙදර කෙනාගේ ලයට් පත්තු වෙයිද දැන්නෙ නැහැ?

hikz hikz...apitath salakana hode....