ස්වභාවික පුදුමයන් හා බැඳි පුරාවෘත්ත

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ස්වභාවික පුදුමයන් හා බැඳි පුරාවෘත්ත

    ස්වභාව ධර්මයේ ඇතැම් නිර්මාණයන් ඇත්ත වශයෙන් ම පුදුමාකාර යි. මේ නිසා ම ඒවා බිහි වූ ආකාරය ගැන පුරාණ මිනිසුන් විවිධ අදහස් දැරුවා. රාත්‍රී අහසේ දැක ගැනීමට ලැබෙන තරු රාටවන්ට නම් ලැබුණේ පැරණි මිනිසුන්ගේ සිතේ මැවුණු කල්පනාවන් හේතුවෙන් බව ඔබ අසා ඇති බවට සැකයක් නැහැ. තරු රටා වටා ගොතන ලද පුරාවෘත්තයන් මෙන් ම දියුණු තාක්ෂණයක් යොදාගෙන මිනිසා විසින් ඉදි කළා සේ පෙනෙන ස්වභාවික නිර්මාණයන් බිහි වූ ආකාරය ගැන පවතින ජනශ්‍රැතීන් ද බොහෝ ම යි.
    මේ ලිපිය ලොව වටා පිහිටි අරුම පුදුම ස්වභාවික නිර්මාණයන් මුල් කර ගනිමින් පැරණි මිනිසුන් විසින් ගොතන ලද එවැනි පුරාවෘත්තයන් කිහිපයක් ගැන යි.
    කැපඩෝෂියා හි සුරඟන දුම් කවුළු (තුර්කිය)

    Picture-138-680x454.jpg

    © Lars Ørstavik

    තුර්කියේ මධ්‍යම ඇනටෝලියා ප්‍රදේශයේ උස් සානු මැද පිහිටා ඇති ‘සුරඟන දුම් කවුළු’ ඈතට දිස් වන්නේ පොළොවෙන් මතු වූ දැවැන්ත ශෛලමය හතු ලෙස යි. සේද මාවතේ සන්ධිස්ථානයක පිහිටා ඇති ‘සුරඟන දුම් කවුළු’ නිර්මාණය වී ඇත්තේ අදින් වසර මිලියන ගණනාවක් තිස්සේ සිදු වූ භූ විද්‍යාත්මක ක්‍රියාවලියක් හේතුවෙන්. යමහල් පිපිරීමකින් පසු ව ඉතුරු වූ අළු, කාලයාගේ ඇවෑමෙන් බැසොල්ට් ස්තරයක් සහිත ජලය උරා ගන්නා පාෂාණයක් බවට පත් වී ඇති අතර ඉන් පසු ව සියවස් ගණනාවක් ගත වී ඇත්තේ පාෂාණයේ ඝන කොටස් ඉතුරු කරමින් ඒ වටා ඇති මෘදු අළු සෝදා හැරීම සඳහා යි. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස අඩි 130 ක් පමණ උසින් යුතු ‘සුරඟන දුම් කවුළු’ නිර්මාණය වුණා.
    Picture-235-680x451.jpg

    © Dan

    නමුත් පුරාවෘත්තයන්ට අනුව බොහෝ කාලයකට පෙර දේව දූතයෙකු අල්ලා ගැනීම සඳහා සොල්දාදුවන් ඔහු පසුපස හඹා විත් ඇති අතර දේව දූතයා කුරුබිලියක් තුළ සිර වී තිබෙනවා. බේරී යාම සඳහා මගක් නොවූ බැවින් තමන් ව කුරුල්ලෙකු බවට පත් කරන ලෙස හෝ සොල්දාදුවන් ව පාෂාණ බවට හරවන ලෙස දේව දූතයා දෙවියන්ට කන්නලව් කර ඇති අතර ‘සුරඟන දුම් කවුළු’ නිර්මාණය වී ඇත්තේ දේව දූතයාගේ ඉල්ලීම දෙවියන් විසින් ඉටු කිරීම හේතුවෙන්. ඇතැම් ජනශ්‍රැතීන්ට අනුව පොළොව යට රහසේ ජීවත් වන සුරඟනන් විසින් ‘සුරඟන දුම් කවුළු’ ගොඩ නංවා තිබෙනවා.
    මකර රුධිර වෘක්ෂයන්ගේ භූමිය (යේමනය)

    යේමනයේ සොකොට්‍රා නම් දූපත් සමූහයේ දී උල් වැනි පත්‍ර සහිත අඩි 15 ක් පමණ උසින් යුතු තුරු වියනක් දැක ගැනීමට ලැබෙනවා. විද්‍යාත්මක ව Dracaena cinnabari ලෙස හඳුන්වන මේවා සොකොට්‍රා දූපත්වලට ආවේණික වෘක්ෂ විශේෂයක් ලෙස යි සැලකෙන්නේ. ජනශ්‍රැතියේ සඳහන් වන අන්දමට මකර රුධිර වෘක්ෂ උපත ලබා ඇත්තේ මකරයෙකු සහ නිර්භීත අලියෙකු අතර ඇති වූ ද්වන්ධ සටනක දී තුවාල ලද මකරාගෙන් ගලා ගිය රුධිරයෙන්.
    Picture-334-680x383.jpg

    © Getty Images

    අදටත් ගසකට තුවාල කළ විට තද රතු පැහැ රුධිරය වැනි දුම්මල ගලා එන අතර ඒවා ස්වදේශිකයන් විසින් අත් බෙහෙත් නිපදවීම සඳහා භාවිතයට ගන්නවා. එසේ ම පුරාවෘත්තයන් හි සඳහන් වන්නේ අමරණීය යැයි සැලකෙන රාජගුරුලා පක්ෂියා (phoenix) සහස්‍රයකට දෙවරක් අළු මතින් නැවත ඉපදීම සඳහා ‘මකර රුධිර වෘක්ෂයන්ගේ භූමිය’ කරා පැමිණෙන බව යි.
    යෝධයාගේ දියමංකඩ (උතුරු අයර්ලන්තය)

    Picture-435-680x453.jpg

    © Dariusz W.

    යමහල් පිපිරීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ පින්තූර ප්‍රහේලිකාවක කැබලි මෙන් පෙනෙන මුහුදෙන් උඩට මතු වූ ගණනින් 40,000 ක් වන සුවිසල් ශෛලමය ස්තම්භ සමූහයක් උතුරු අයර්ලන්තයේ පිහිටා තිබෙනවා. වසර මිලියන 60 ක් පමණ පැරණි ‘යෝධයාගේ දියමංකඩ’ නිර්මාණය වී ඇත්තේ ෆින් සහ බෙනැන්ඩොනර් නම් වූ යෝධයන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් බව යි ජනශ්‍රැතියේ සඳහන් වන්නේ. ස්කොට් ජාතික යෝධයෙකු වූ බෙනැන්ඩොනර් අයර්ලන්තයට තර්ජනය කර ඇති අතර එයින් කෝපයට පත් වූ ෆින්, මුහුදු වෙරළෙන් ගල් කුට්ටි රැගෙන ඒවා මහ සයුරට විසි කර තිබෙනවා.මේවා යෝධයින් දෙදෙනාට සටන් වැදිය හැකි වන ලෙස දියමංකඩක් තනන ලද බව යි පැවසෙන්නේ.
    නිදන යූට් කඳුවැටිය (ඇමෙරිකා එක්සත් ජනපදය)

    Picture-527-680x455.jpg

    © Mike Goad

    කොළරාඩෝ ප්‍රාන්තයේ නිසංසල තැනිතලා බිමක පිහිටා ඇති ‘නිදන යූට් කඳුවැටිය’ ඈතට දිස් වන්නේ දෑත් පපුව මත බැඳගෙන සාමකාමී නිදා සිටින යූට් ගෝත්‍රිකයෙක් (කොළරාඩෝ සහ යූටා ප්‍රාන්තයන් හි වාසය කරන ස්වදේශික ඇමෙරිකානු ගෝත්‍රිකයින් කණ්ඩායමක්) ලෙස යි. පුරාවෘත්තයන් හි සඳහන් වන ආකාරයට ශ්‍රේෂ්ඨ රණශූර දෙවිඳුන්, නපුරට එරෙහි ව සිදු කරන ලද සටනක දී තුවාල ලබා තිබෙනවා. තුවාල හේතුවෙන් යළිත් දෙවිලොවට ළඟා වීමට නොහැකි වූ ඔහු සටනින් පසු ව දීර්ඝ නින්දකට වැටී ඇති අතර ඔහුගේ තුවාලවලින් ගලා ගිය රුධිරය, පසු කාලීන ව ගංගා බවට පත් වූ බව සඳහන්.
    දෙවිවරුන්ගේ වාසස්ථානය (අයිස්ලන්තය)

    Picture-616-680x297.jpg

    © Guide to Iceland

    උතුරු අයර්ලන්තයේ පිහිටා ඇති ඇස්බීගි කුරුබිලිය පුරාවෘත්තයන් හි හඳුන්වනු ලබන්නේ ‘දෙවිවරුන්ගේ වාසස්ථානය’ ලෙස යි. අඩි 300 ක් පමණ උසින් යුතු ප්‍රපාතයකින් වට වී ඇති එය හැඩයෙන් අශ්ව ලාඩමකට සමාන වෙනවා. අයිස්ලන්ත ජනශ්‍රැතීන්ට අනුව එය නිර්මාණය කර ඇත්තේ ලෝකය නිර්මාණය කළ ඕඩින් නම් නෝර්වීජියානු දෙවිඳුන්ගේ අශ්වයා විසින්. ස්ලයිප්නියර් නම් වූ ඔහුට පාද 8 ක් පැවතී ඇති අතර ඔහු දෙව්ලොව සිටි පැමිණි ගමනක දී දෙවිවරුන්ට ගිමන් නිවා ගැනීමට පහසු වනු පිණිස ඔහුගේ එක් පාදයකින් පොළොව ස්පර්ශ කර තැනිතලා බිමක් නිර්මාණය කරන ලද බව කියැවෙනවා.
    මොරාකි ගල් පර්වත (නවසීලන්තය)

    Picture-79-680x422.jpg

    © Vicki Mar

    නවසීලන්තයේ උතුරු ඔටාගෝ වෙරළ තීරයේ වෘත්තාකාර හැඩයෙන් යුතු දැවැන්ත ගල් පර්වත එකතුවක් දැක ගැනීමට හැකි යි. ‘මොරාකි ගල් පර්වත’ ලෙස හඳුන්වනු ලබන මේවා මීටර් 3 ක පමණ විෂ්කම්භයකින් යුතු වන අතර ටොන් කිහිපයක බරින් යුතු වෙනවා. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ ගිලුණු නෞකාවක ගබඩා කරන ලද ආඳන් පිර වූ විශාල කූඩ වෙරළට ගසාගෙන පැමිණීම නිසා ‘මොරාකි ගල් පර්වත’ නිර්මාණය වී ඇති බව යි. නමුත් සත්‍ය වශයෙන් ම මේවා නිර්මාණය වී ඇත්තේ වසර මිලියන 60 කට පමණ පෙර මුහුදු රොන්මඩ එකට එක් වී ඝන වීම හේතුවෙන්.


    Source Roar :yes::yes:
     
    • Like
    Reactions: dwpsg

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Nice Post,

    I have been to Giant's Causeway (යෝධයාගේ දියමංකඩ (උතුරු අයර්ලන්තය))

    It is mysterious indeed.