ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය – ෆිබොනාචි

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය – ෆිබොනාචි

    ෆිබොනාචි- ඔබ අහලා තියෙනවද ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය ගැන? ඔබ ගණිතය හෝ සැලසුම් නිර්මාණය කරන කෙනෙක් නම් මේ වචනය නුහුරු වෙන්න විදියක් නැහැ. මෙය සංඛ්‍යා රටාවකින් පැහැදිලි කළ හැකියි වගේම ලෝකයේ දැනට වැඩියෙන්ම පවතින ස්වභාවික සංඛ්‍යා රටාව වන්නේත් මෙයයි.
    1-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B7%E0%B7%8F%E0%B7%80-%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%B8%E0%B6%BA-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-e1488192090859.jpg


    ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය (pinterest.com)

    DNA සැකැස්මේ සිට ජනගහන වර්ධනය වැනි කාරණා දක්වාම ක්‍රියාත්මක වන්නේත් මේ සොබාදහමේ අපූරු සංකල්පයයි. ඉතින් මේ සටහන සංකීර්ණ කරගන්නෙ නැතුව අපි බලමු මොකක්ද මේ ෆිබොනාචි කියන්නෙ කියලා.

    ලියනාඩෝ ෆිබෝනාචි
    2-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%9D-%E0%B7%86%E0%B7%92%E0%B6%B6%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B6%A0%E0%B7%92-e1488192211205.jpg


    ලියනාඩෝ ෆිබෝනාචි (adellebrewer.com)

    ප්‍රසිද්ධ ගණිතඥයෙක් වුණු ලියනාඩෝ ෆිබෝනාචි පර්යේෂණ ගණනාවක් සිදු කරලා අවබෝධ කරගත් මේ සංඛ්‍යා රටාවට අනුව විශ්වය සැකසිලා තියෙනවා කියලා තහවුරු වෙනවා.

    ලියනාඩෝ මේ පර්යේෂණය කරලා තියෙන්නෙ හාවුන් යුගල වශයෙන් යොදාගෙන. මොවුන්ගෙ බෝ වීම අධ්‍යයනය කළ ඔහුට දැකගන්න ලැබෙනවා නියැඳියේ හාවුන් ජෝඩු වැඩි වෙන්නෙ යම් රටාවකට අනුවයි කියලා.

    ෆිබෝනාචි සංඛ්‍යා රටාව

    3-%E0%B7%86%E0%B7%92%E0%B6%B6%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B6%A0%E0%B7%92-%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A-%E0%B6%BA%E0%B7%8F-%E0%B6%BB%E0%B6%A7%E0%B7%8F%E0%B7%80-e1488192323543.png

    ෆිබෝනාචි සංඛ්‍යා රටාව (pinterest.com)

    රටාවේ පළමු සංඛ්‍යා දෙක වෙන්නෙ 0 සහ 1. ඉන්පසසේ එන හැම ෆිබොනාචි සංඛ්‍යාවක්ම ඊට කලින් තියෙන සංඛ්‍යා දෙකේ එකතුව වෙනවා. එතකොට රටාව එන්නෙ මෙන්න මේ විදියට.

    0,1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144…..

    මේ නීතිය ලියනාඩෝ හොයාගන්න කලින් ක්‍රි.ව 598දී ඉන්දියාවේ ජීවත් වුණු බ්‍රහ්මගුප්ත විසින් සොයාගත්තා කියලත් මතයක් තියෙනවා. අරාබියට ඉන්දියානු තාරකා ශ්‍රාස්ත්‍රය හඳුන්වා දුන් බ්‍රහ්මගුප්ත බටහිර ඉතිහාසඥයන්ගෙත් ගෞරවයට පාත්‍ර වුණු පුද්ගලයෙක්.

    ස්වර්ණමය අනුපාතය (Golden Ratio)

    4-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%B8%E0%B6%BA-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA-e1488192364817.png

    ස්වර්ණමය අනුපාතය. (youtube.com)

    රටාවේ මුල් සංඛ්‍යා වල හැර මේ රටාවේ එක සංඛ්‍යාවක් ඊට පෙර ඇති සංඛ්‍යාවෙන් බෙදුවාම ලැබෙන පිළිතුර හැම අවස්ථාවකදිම ආසන්න වශයෙන් සමානයි. මෙය නියත අගයක්. මේ විදියට දිගින් දිගටම අංක බෙදාගෙන යාමේදී 40 වන වාරයෙන් පසූව 1.618033988749895 ලෙස නිශ්චිත අංකයක් ලැබෙන අතර 1.618 ස්වර්ණමය අනුපාතය ලෙස සැලකෙනවා.

    මෙය ග්‍රීක හෝඩියේ අක්ෂරයක් වන phi (φ) මඟින් සංකේතවත් කරනවා. ක්‍රි.ව 500 දී ජීවත් වුණු කැටයම් හා මූර්ති ශිල්පියකු වන පීඩියාස් ඔහූගේ නිර්මාණ සඳහා මෙම සංකල්පය භාවිතා කර තිබෙනවා. ඔහුගේ නමේ මුල් අකුර ඇසුරෙන් phi (φ) ලෙස මෙම අනුපාතය නම් කළ බවටත් මත පවතිනවා.

    ෆිබෝනාචි සෘජුකෝණාස්‍රය සහ ෆිබෝනාචි සර්පිලය

    5-%E0%B7%86%E0%B7%92%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%A0%E0%B7%92-%E0%B7%83%E0%B7%98%E0%B6%A2%E0%B7%94%E0%B6%9A%E0%B7%9D%E0%B6%AB%E0%B7%8F%E0%B7%83%E0%B7%8A-%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA-e1488192407947.png

    ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය. (mathfairy.com)

    ෆිබොනාචි මිනිසා නිර්මාණය කළ සංකල්පයක් නෙවෙයි. හොඳින් නිරීක්ෂණය කළාම ස්වර්ණමය නීතිය සහ ෆිබොනාචි සංකල්පය සොබාදහමේ යෙදී ඇති විදිය දැකගන්න පුළුවන්. සොබාදහම විසින් ශක්තිය රැස් කිරීමේදීත්, මුදා හැරීමේදීත්, දඟරය, සර්පිලය, සුළිය සහ වක්‍රය භාවිතා කරනවා.

    මේ කාර්යයන් සිදු වෙන්නෙ ස්වර්ණමය නීතියට අනුවයි. මෙය තේරුම් ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි ෆිබොනාචි සෘජුකෝණාස්‍රය සහ ෆිබොනාචි සර්පිලය නිර්මාණය කිරීම.

    දැන් අපි බලමු කොහොමද ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය කරන්නෙ කියලා. මුලින්ම ප්‍රමාණයෙන් ඒකක 1කින් යුතු එක සමාන කුඩා කොටු දෙකක් ඇඳගන්න. ඒ කොටු දෙකට ඉහළින් ඒකක දෙකක තවත් කොටුවක් අඳින්න.

    දැන් කුඩා කොටු 3ක් සහිත සෘජුකෝණාස්‍රයක් ඔබ ඇඳලා තියෙනවා. මේ කොටු 3ම ඇතුලත්ව ඒකක 4ක් ලැබෙන විදියට තවත් කොටුවක් ඇඳ ගන්න. මේ රටාවට අනුව දිගටම කොටු ඇඳීමෙන් ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය කරන්න පුළුවන්.
    6-%E0%B7%86%E0%B7%92%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%A0%E0%B7%92-%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%BA-e1488192444106.jpg


    ෆිබොනාචි සර්පිලය. (pixelstalk.net)

    ඉන්පස්සෙ මේ එක් එක් කුඩා කොටුවක විකර්ණය දෙපස ලක්ෂයන් අතර වෘත්තයකින් ¼ක් අඳින්න. මේ වෘත්ත කොටස් යා කිරීමෙන් ඔබට ෆිබොනාචි සර්පිලය නිර්මාණය කරගන්න පුළුවන්.

    මුළු විශ්වයම එකම අනුපාතයක?
    7-www.youtube.com_-e1488192478119.png


    (youtube.com)

    තුරුලතා, සතුන්, මල්, භූමිය, තාරකා, අභ්‍යාවකාශය වැනි සියල්ල එකම අනුපාතයකට නිර්මාණය වී තිබීම සැබවින්ම විශ්මයජනකයි. මී මැස්සාගේ ශරීරය බෙදී ඇති ආකාරය, සලබයාගේ ඇස් වැනි සලකුණූ අතර පරතරය, මුහුදු බෙල්ලාගේ කටුව, ඩොල්පින් මත්ස්‍යයාගේ ශරීර පිහිටීම වගේම ගසක අතු බෙදෙන ආකාරය, ඒ අතු වල කොළ බෙදෙන ආකාරය, මල් වල රේණු විහිදීම, සෙනසුරු ග්‍රහයාගේ දූවිලි වළලු අතර පරතරයත් මේ නියමයට අනුවයි සිදු වෙන්නෙ.


    මල් වල පෙති නිමැවුමත් මේ නීතියට අනුව සිදු වෙනවා. (pinterest.com)

    ඒ වගේම මිනිස් ශරීරයේ උස, මහත, ඇස්, කන්, නාසය, මුඛය, දත් ඇතුළු ඉන්ද්‍රියයන් සියල්ලෙහිත්, ඇඟලි පුරුක් අතරත් අනුපාතයන් සියල්ලම මේ ස්වර්ණමය අනුපාතයට (1:1.618) සමානයි. ඒ විතරක් නෙවෙයි මානව DNA නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ අනුපාතයට.

    8-%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%BD-%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-e1488192506228.jpg

    (palmieinarsson.blogspot.com)
    9-palmieinarsson.blogspot.com_-e1488192535398.jpg

    මිනිස් නිර්මාණ

    10-%E0%B6%9C%E0%B7%8A-%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%BB-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B7%86%E0%B7%92%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%A0%E0%B7%92-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94.-e1488192592765.jpg

    ග්‍රීසියේ පාතිනන් දෙව් මැඳුර නිර්මාණයේදී ෆිබොනාචි නියමයන් යොදාගෙන ඇති අයුරු. (huffingtonpost.com)

    ස්වභාවධර්මයෙන් එපිට, කලා නිර්මාණ වලදිත් ෆිබොනාචි යොදාගත් අවස්ථා ඕනෑ තරම්.

    මේ ආභාශයෙන් නිර්මිත නිර්මාණ වල සුන්දරත්වය සාපේක්ෂව ඉහළයි. පුරාණ ග්‍රීසිය, රෝමය, ඊජිප්තුව සහ තවත් බොහෝ ශිෂ්ටාචාර මේ ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ඔවුන් මෙය විවිධ නම් වලින් අර්ථකථනය කරලාත් තියෙනවා.

    ගොඩනැගිලි ඉදිකිරීමේදී ෆිබොනාචි යොදාගත් අවස්ථා වලට උදාහරණ තිහිපයක් විදියට ග්‍රීසියේ පාතිනන් දෙව් මැඳුර, ගීසාවේ පිරමිඩ දක්වන්න පුළුවන්. අතීතයේ ජීවත් වූ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් ගේ නිර්මාණ හොඳින් අධ්‍යයනය කිරීමේදී ඔවුන් මෙම සංකල්පය තම කලා කෘතීන්ට යොදාගත් අකාරය පැහැදිලි වෙනවා.

    පොප් සංස්කෘතිය සහ ෆිබොනාචි

    11-%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7-%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B7%83%E0%B7%84-%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4-%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%B8%E0%B6%BA-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.-e1488192634691.png

    චිත්‍රපට කර්මාන්තයේදී සහ ඡායාරූප ශිල්පයේදී ස්වර්ණමය නීතිය භාවිතා කරනවා. (youtube.com)

    පොප් සංස්කෘතිය (popular culture) ගැන ඔබ දන්නවද? පොප් සංස්කෘතියෙදිත් ෆිබොනාචි නීතිය යොදා ගැනෙනවා. මුලින්ම බලමු පොප් සංස්කෘතිය කියන්නෙ මොකද්ද කියලා. ජනගහණයෙන් වැඩි පිරිසක් දරන සිතුවිලි, අදහස්, ආකල්ප සහ දෘෂ්ටිකෝණයන් වල එකතුවක් විදියට මෙය හඳුන්වන්න පුළුවනි. සරලව කිව්වොත් අද සංස්කෘතිය තුළ ප්‍රමුඛ වෙලා තියෙන්නෙ චිත්‍රපට, සංගීතය, ක්‍රීඩා, දේශපාලනය, පුවත්, විලාසිතා සහ තාක්ෂණය වැනි විශයයන්. ඇත්තම කියනවනම් අපි හැමෝටම තමන්ටම ආවේණික පොප් මෙනුවක් තියෙනවා. බලන්න ඔබේ ගීත එකතුව දිහා. ඔබ භාවිතා කරන apps, bookmarks, ඔබේ ප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වගේම ජංගම දුරකතනයත් මේ එකතුවට අයිති වෙනවා.

    12-%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%8A-%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%87%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%9D%E0%B7%80-%E0%B7%86%E0%B7%92%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%A0%E0%B7%92-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94.-e1488192670393.png

    සුප්‍රසිද්ධ ඇපල් සමාගමේ ලෝගෝව ෆිබොනාචි නීතියට අනුව නිර්මාණය කර ඇති අයුරු. (youtube.com)

    මුලින් සඳහන් කළ ක්ෂේත්‍රයන්ට අමතරව වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදීත්, චිත්‍රපට නිර්මාණයේදීත්, සංගීතයේදීත්, ඡායාරූප ශිල්පයේදි, වාහන නිර්මාණයේදිත් මෙම ස්වර්ණමය නීතිය භාවිතා කරනවා. පුදුම සහගත කරුණ වන්නේ කොටස් වෙළඳපොල සහ ව්‍යාපාර ආර්ථිකය වගේ අවිනිශ්චිත ක්ෂේත්‍රයන් මතත් මෙම නීතිය බලපැවැත්වීමයි.

    13-%E0%B6%87%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-e1488192705977.jpg

    ඇස්ටන් මාටින් මෝටර් රථයක් (windsortreaty.wordpress.com)

    දකුණු ඉන්දියානු සංගීතඥයෙකු වන විජේ අය්යර්ට අනුව මයිකල් ජැක්සන්ගේ බොහොම ජනප්‍රිය ගීතයක් වන බිලි ජීන් ගීතයේ ආරම්භක වාද්‍ය ඛණ්ඩ වලදී වගේම තවත් සංගීතඥයන්ගේ සංගීත නිර්මාණ වලත් ෆිබොනාචි රටාව අඩංගු වෙනවා. ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමේ වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදිත්, ජේම්ස් බොන්ඩ් 007 චිත්‍රපට මාලාව සඳහා නිර්මාණය කළ මෝටර් රථ සඳහාත් මෙම නීතිය යොදාගෙන තිබෙනවා. ඒ වගේම නිරන්තරයෙන් ෆිබොනාචි සංකල්පය යොදා ගන්න ක්ෂේත්‍රයක් ලෙස ඡායාරූප ශිල්පය දක්වන්න පුළුවන්.

    14.-www.youtube.com_-e1488192734679.png

    (youtube.com)

    සොබාදහමේ අපූර්වත්වය සංකේතවත් කරන මේ ස්වර්ණමය නීතිය ඔබ කරන නිර්මාණයකට යොදාගෙන බලන්නත් උත්සාහ කරන්න. සිතුවමකට, මූර්තියකට, නව නිපැයුමකට, ඒ වෑයම අසාර්ථක වෙන එකක් නම් නැහැ කියලයි මේ විස්තර අනුව අපිට හිතෙන්නේ.

    කවරයේ පින්තූරය – wallpapersafari.com

    මූලාශ්‍ර – plus.maths.org , www.goldennumber.net, www.mrpopculture.com, www.mediapop.ca, ridmasankalana.blogspot.com, www.scientiareview.org,


    --Semini Lakshani
    --Contributor
    --http://roarsinhala.com
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    මේ ගැන උනන්දු කෙනෙක් ඉන්නවනම් Touch ටීවී සීරීස් එක බලන්න.එකෙත් තියෙන්නේ ඔය ෆිබෝනාචි සික්වන්ස් එක මිනිස් ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා

    වැඩි විස්තර : https://www.insidescience.org/news/touch-tv-series-uses-numbers-connect-people
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූණුයි කාර් වලයි පින්තූර ටිකක් දාල ඒක උඩින් ෆිබොනාචි වක්‍රෙ ඇඳල :rolleyes: :rolleyes:
    මං දැක්ක මේ වගේම ලිපියක් පයි වල දශමස්ථාන ගැනත් ලියල තියෙනව. විශ්වයේ සේරම රහස් තියෙනවලු ඒකෙ නැති එකක් නෑලු. :rolleyes: :rolleyes:
    ඕක නිකංම මිනිස්සු හදාගත්ත ශ්‍රේණියක් විතරයි මල් පෙති මීමැස්සන්ගෙ රටා අපිමයි ඒ ශ්‍රේණිය ජ්‍යාමිතික ක්‍රමේකට නිරූපණය කල්ල සමාන වෙනව කියන්නෙ :dull::dull:
    සමාන වෙනව කියන්නෙත් ආසන්න වීමක් විතරයි මල් පෙත්තෙ රටාව අන්තිම දශමෙටම හරියට නිරූපණය කරන්න බෑනෙ :rolleyes: :rolleyes:
    ඔය මල් පෙත්තෙ මීමැස්සගෙ හැඩේ ආසන්න වශයෙන් නිරූපණය කරන්න ෆිබොනාචි නැතුව තව ඕනෙ තරං ශ්‍රේණි හැදුවෑකි :dull: :dull:
    මල් පෙති මිනිස් මූණ හැදෙන්නෙ පරිණාමික අවශ්‍යතා වලට අනුව මිසක් කොහෙවත් තියෙන ගණිතයක ශ්‍රේණි බල බල එව්වට අනුව හැදෙන්නෑ මේව තනිකර මිථ්‍යා මත :yes: :yes:
    REP+