පාර්ලිමේන්තු මැතිවරණය නැතහොත් පොදු සම්පත් මංකොල්ලය සඳහා වූ ඒ බිහිසුණු චන්ද පොරය අවසන් විය. එහි අද ප්‍රතිඵල නිකුත් වනු ඇත.
අපේ විනිවිද පෙරමුණ ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිසම අසමත් විය. එහෙයින් කුණු හොරෙන් හෝ ප්‍රසිද්ධියේ කෑම ප්‍රතික්ෂේප කල අපි කශේරුකාව කෙලින් තබාගන ස්වාධීන කණ්ඩායමක් ලෙස තරඟ කිරීමට තීරණය කළෙමු. ඒ 1978 ජනරජ ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය දින පටන් කිසි දිනෙක ස්වාධින කණඩායමක් පාර්ලිමේන්තු මැතිවරණයකදී ජය ගෙන නැති බව නොදැන නොවේ.
අපි දියත්කල සමස්ථ චන්ද ව්‍යාපාරය අතිශයින්ම පාරිශුද්ධ විය. වසර 39 කට පසුව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසමට බලකලේ විනිවිද පෙරමුණය. ප්‍රධාන දේශපාලන ප්‍රවාහය නියෝජනය නොකරමින්ම රටේ මැතිවරණ නීතිය එසේ ක්‍රියාත්මක කිරීමට සමත්වීම ගැන අපි ආඩම්බර වෙමු. අපේ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දැක්වුයේ දරිද්‍රතාවයෙන් දැඩි පිඩාවට පත්ව, තම ආත්ම ගෞරවය සහ ආත්ම අභිමානය අහිමි වූ අසරණ පුරවැසියන් නොවේ. නීතිය අවභාවිත කරමින්, අධිකරණය දෙපයින් පාගාගන රජයේ දේපළ මංකොල්ල කෑමට එරෙහිව දැඩි හඬක් නගන රට කරවන ක්‍රමවේදයේ සැබෑ වෙනසක් අපේක්ෂා කරන නිර්ව්‍යාජ, එඩිතර නීතියේ ආධිපත්‍ය සැමට සැමසේ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලක් ගැන සිහින මවන ශ්‍රී ලංකා මාතාවගේ සැබෑ දූ දරුවන්ය.
නීති ප්‍රකාරව පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණ විය යුතුය. එම වගකීම පැවරෙන්නේ මැතිවරණ කොමිසම වෙතය (ව්‍යවස්ථාව 93 ව්‍යවස්ථාව). එසේ වුවද ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ජාලා විසින් සංවිධානය කරන ලද මැතිවරණ වැඩ සටහන් රුපියල් මිලියන ගණනින්, ප්රචාරක කටයුතු නාමයෙන් විකුණා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ඇති අයිතිය රටේ ජනතාවට අහිමි කළේය. මැතිවරණ කොමිසමද එම අවස්ථාවේ සම්පුර්ණයෙන්ම අසරණ විය.
ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයෙකු මැතිවරණ ව්‍යාපාරය සඳහා රුපියල් මිලියන 35 - 40 ක් වියදම් කරන විට අපේ මාධ්‍ය කණ්ඩායම කොළඹ දිස්ත්‍රික්කය සඳහා දියත්කල සමස්ථ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය සඳහා දරන ලද වියදම එයින් 1/10 ටත් අඩු මුදලකි. නමුත් අපේ කණ්ඩායම මාතෘ භුමිය අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම සඳහා දියත්කල මෙහෙය අමිලය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විනිවිද වූ විනිවිද පෙරමුණේ අපි ඔවුන් සියලුදෙනාට අපගේ ගෞරවය නමස්කාරය මෙයින් පුද කරමු.
ප්‍රතිඵලය කෙසේ වුවද අපි කිසිම ලාභයක්, වාසියක් අපේක්ෂා නොකර අව්‍යාජව පෙනී සිටියේ සහ නියෝජනය කලේ සමස්ථ ශ්‍රී ලංකා ප්රජාවය. ඔවුන්ගේ පොදු යහපත සඳහාය. අපේ සමස්ථ මැතිවරණ ව්‍යාපාරයේ පදනම නීතියේ ආධිපත්‍ය ගරු කරන සදාචාරය, සභ්‍යත්වය ගරු කරන රටක් බිහිකර සමස්ථ ජනතාව සුවපත් කිරීමය.
එකම රටක්. එකම දැයක් දැයක් නීතියක් යන සංකල්පය රට තුල පැලකිරීම සඳහා ජනතාව වෙනුවෙන්, ජනතාව විසින්ම සම්පාදනය කර ජනතාව විසින්ම රටේ උත්තරීතර නීතිය වශයෙන් ආඩම්බරයෙන් හා ගෞරවයෙන් පිළිගෙන සම්මත කරන නව ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව බලගැන්වීම වෙනුවෙන් අපි තවදුරටත් කැප වෙමු. ජනතා පරමාධිපත්‍යය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත නොකර, ව්‍යවස්ථාදායකයේ (පාර්ලිමේන්තුවේ) සහ විධායකයේ (රාජ්‍ය නායකයා සහ කැබිනට් මණ්ඩලය) සහ අධිකරණය ජනතා පරමාධිපත්‍ය බලයට යටත් කර තමන් දරන ධුරයේ කාර්ය හා කර්තව්‍ය නීති ප්‍රකාරව ඉටු කිරීමේ වගකීම පවරන තුරු මේ රටේ අල්ලස, දුෂණය, වංචාව මුලිනුපුටා දැමීම ගැන සිහින දැකීම විහිළුවක් පමණි. එම ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව මාතෘ භුමියේ පලකරන තුරු මාතෘ භුමියේ අනාගතය අඳුරේමය. ඒ ගැන අපිට කිසිම සැකයක් නැත.
එහි ගමන්මග සහමුලින්ම වෙනස් කර වැලි කතරකට ගලා ගොස් සිඳී යන ශ්‍රී ලංකා මාතාව නම් නදිය ක්ෂේම භූමියකට හැරවීම සඳහා අපි දියත්කල වැඩ පිළිවෙල සාක්ෂාත් කිරීම සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ දෙස් විදෙස්හි වාසය කරන මාතෘ භුමිය සුවපත් කර දු දරුවන්ට අපේ රට කියා ලොවට ආඩම්බරයෙන් කිවහැකි රටක් බිහිකිරීමේ සිහිනය දුටු සහ එය සාක්ෂාත් කරගැනීම සඳහා නිර්ව්‍යජව කැපවූ ඔබ සැමට අපේ ආදර ගෞරවය අපි නැවතත් මෙසේ පුද කරමු.
ස්තුතියි #Nagananda_kodithuwakku
#Naga_for_future
නාගානන්ද කොඩිතුවක්කු
ලේකම්, විනිවිද පෙරමුණ (ස්වාධීන කණ්ඩායම අංක 7 - කොළඹ දිස්ත්‍රික්කය).