ස්විස් අක්කාගේ නඩුව තාම යනවා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගෙන ගිය බව පැවසෙන සිද්ධියට අදාළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව 'සන්ඩේ ඔබ්සවර්' පුවත්පතේ හිටපු සංස්කාරකවරිය වන දරීෂා බැස්ටියන්ට අයත් ලැප්ටොප් පරිගණකයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගත් කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, එම පරිගණකය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අඟහරුවාදා (ජූනි 16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
    අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කැළුම් කරුණාරත්න, අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ඉකුත් 09 වෙනිදා මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ට අයත් ලැප්ටොප් පරිගණකයක් සිය භාරයට ගත් බව' අධිකරණයට කියා සිටියේය.
    මාධ්‍යවේදිනියගේ එම පරිගණකය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කරන ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයෙන් ඉල්ලීමක් ද කළේය.
    එම නඩු විභාගයේ දී දරීෂා බැස්ටියන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී ශිරාස් නූර්දීන් බීබීසි සිංහල සේවය විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගිය ජුනි 04 වෙනිදා යළි පැමිණ සිය සේවාදායිකාවගේ නිවසට ඇතුළු වී යම් කිසි කාලයක් නිවසේ ගත කර ඇති අතර, එකී කාලය තුළ ඔවුන් මාධ්‍යවේදිනියගේ පරිගණකය පරීක්ෂාවට ලක් කර ඇති හෙයින් එහි තිබුණ දත්ත වෙනස් කිරීමේ හැකියාවක් පොලිස් නිලධාරීන් සතු වූ බවට සැකයක් මතුව ඇතැයි" තමා අධිකරණය හමුවේ කියාසිටී බව සඳහන් කළේය.


    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ ලැප්ටොප් පරිගණකය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට නියෝග කළාය.
    මීට අමතරව ජූනි මස 04 සිට 10 වන දා දක්වා කාල සීමාව තුළ අදාළ පරිගණකය තුළ අන්තර්ගත දත්ත කිසියම් වෙනස් කිරීමකට භාජනය වී තිබේ දැයි යන්න සොයා බලා අතිරේක වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත කරන ලද නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.
    අදාළ නඩුවේ සැකකාරිය වන ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස්ට අයත් ජංගම දුරකතනය විශ්ලේෂණය කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවත් එහි විශ්ලේෂණ කටයුතු අවසන් වී ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඊට අදාළ වාර්තාව කැදවීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණය හමුවේ තවදුරටත් කරුණු දක්වමින් ඉල්ලා සිටියහ.

    එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ දුරකතන විශ්ලේෂණ වාර්තා විමර්ශන අවසන් වී තිබේ නම් ඒවා අධිකරණය වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් රජයේ රස පරික්ෂකවරයා වෙත සිහිකැඳවීමක් යොමු කළාය.
    අනතුරුව පැමිණිල්ල ජූලි මස 21 වෙනිදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රජයේ රස පරීක්ෂක කියන්නෙ cyber security specialist කෙනෙක්ද බම්
    මම හිතන්නේ ඌ තමා කොයි කේස් එකටත් තෙල. ඒ දෙපාර්තමේන්තුවේ නෑත්නම් මොරටුව හරි කොලඹ හරි කෑම්පස් වලට එනවා
     
    • Like
    Reactions: hasithayad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජනරජය අපහසුතාවට පත්කර බොරු සාක්ෂි ලබාඳුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනි ශානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය සම්බන්ධ විමර්ශනවලට අදාළව මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් මහත්මියගේ ලැප්ටොප් පරිගණකය සම්බන්ධ
    විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය වෙත ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය පෙරේදා(16) රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කළාය.

    එසේම, මෙම ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමේදී එය භාරව සිටි මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් මහත්මියගේ මාමණ්ඩිය වන උපාලි ඉන්ද්‍රගුප්ත මහතාට ද ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටිමට මහෙස්ත්‍රාත්වරිය නොතීසියක් නිකුත් කළාය.



    මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය පෙරේදා (16) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, සැකකාර ගානියා බැනිටර් ෆැන්සිස් මහත්මිය ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියාය.

    පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරික්ෂක කැලුම් කරුණාරත්න, පොලිස් පරීක්ෂක ඉක්බාල් යන නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

    සිද්ධියට අදාළව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ සඳහන් කළේය.

    මෙම ලැප්ටොප් පරිගණකය මාධ්‍යවේදී අනුරාගි සිංග් යන අය විසින් මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් යන අයගේ උපදෙස් මත ඇගේ නිවසට රැගෙන ගොස් තිබූ බවට අනුරාගී සිංග් මහත්මිය ප්‍රකාශයක් ලබා දෙනු ලැබුවා. ඒ අනුව මා ඇතුළු කණ්ඩායමක් අංක 20, ඇවරිහේන පාර, පොල්හේන්ගොඩ, නාරාහේන්පිට ලිපිනයට ගොස් එහි සිටි උපාලි ඉන්ද්‍රගුප්ත මහතා සහ ඔහුගේ බිරිඳ මුණ ගැසුණා. එහිදී ඔවුන් පැවසුවේ තම පුතා වන ගිහාන් ඉන්ද්‍රගුප්ත සහ ලේලිය වන දරීෂා බැස්ටියන් යන අය මේ වනවිට ස්විස්ටර්ලන්තයේ පදිංචිව සිටින බැවින් ඔවුන් මෙරට පදිංචිව සිටින නිවස වසා දමා ඇති බවයි. එසේම එම නිවස විවෘත කිරීම සදහා අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් රැගෙන එන ලෙසට පැවසුවා. ඒ හේතුවෙන් ඉකුත් ජුනි මස 9 වැනිඳු මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර 10 වැනිදා අංක 20 ඒ ඇවරිහේන පාර, පොල්හේන්ගොඩ, නාරාහේන්පිට ලිපිතයැති නිවස සෝදිසි කර එම ලැප්ටොප් පරිගණක යන්ත්‍රයට අත්අඩංගුවට ගත්තා. ඒ අනුව ඒ සඳහා දරීෂා බැස්ටියන් මහත්මියගේ මාමණ්ඩිය වන උපාලි ඉන්ද්‍රගුප්ත මහතා තමන්ට සහාය දැක්වුවා.

    මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් මහත්මිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සිරාස් නුර්දීන් මහතා සඳහන් කර සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම ලැප්ටොප් පරිගණකය ඉකුත් ජුනි මස 04 වැනිදා එම නිවසට පැමිණ අත්අඩංගුවට ගත් බවත් අධිකරණය වෙත පවසන දිනය සැබෑ දිනය නොවන බවත්ය.

    මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර සිටියේ තමන් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුව මත මෙම පරිගණකය ඉකුත් ජුනි මස 10 වැනිදා අත්අඩංගුවට ගත් බවය.

    මෙහිදී සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා සඳහන් කර සිටියේ, පරිගණකය අත්අඩංගුවට ගැනීමේ දිනය සම්බන්ධයෙන් දැඩි පරස්පරයක් පවතින බවට සඳහන් වන බැවින් එය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සිටි තැනැත්තාට අධිකරණයේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට නොතීසියක් නිකුත් කරන ලෙසය.



    ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ පරිගණකයේ දත්ත පිළිබඳව වාර්තවක් කැඳවීමට මෙන්ම එය අත්අඩංගුවට ගැනීමේ දිනයට අදාළව එනම් ජුනි 4 වැනිදා සිට ජුනි 10 වැනිදා දක්වා කාලයේදී එහි වෙනස් කමක් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් ද වාර්තාවක් ලබා දෙන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කළේය.

    සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණය ලබන ජුලි මස 21 වැනිදා තෙක් කල් තැබීය. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් 2019 වර්ෂයේ දෙසැම්බර් මස 30 වැනිදාය.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    රජයේ රස පරීක්ෂක කියන්නෙ cyber security specialist කෙනෙක්ද බම්
    ඒක බන් ඌට කියන නම ඕකේ හැම දෙයක් ගැනම හොයනවා..නම ඇහුනම හිතෙන්නේ නිකන් ලෙවකාලා බලලා රස ගැන රිපෝර්ට් එකක් දෙන එකෙක් වගේනේ....government analytics කිව්වම නන් කිව්වම හරි
     
    • Haha
    Reactions: malakadss

    Similar threads