ස්විස්_කෙප්ප

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ස්විස් තානාපති කියූ අමු කෙප්ප හෙලි වේ.. පැහැරගැනීමේ නාටකයේ විද්‍යාත්මක තොරතුරු මෙන්න..


    මෙරට ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ‍්‍රී ලාංකික කාන්තාවක් පැහැර ගත්තේ යයි එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්‍ෂණවල තත්වය සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

    ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක මුහුණ පෑ බව කියන සිද්ධිය පිළිබඳ නවතම තොරතුරු…
    කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක 2019 නොවැම්බර් 25 සඳුදා මුහුණ දුන් බව කියන සාපරාධි සිද්ධිය බරපතළ ලෙස සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව පූර්ණ විමර්ශණයක් කිරීමට වහාම නියෝග කළේය.

    අද සවස (2019 දෙසැම්බර් 01) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ අදාළ නිලධාරින් සමඟ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් (Hanspeter Mock) මහතා හා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී හමු වූ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආර්යසිංහ මහතා පොලිසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශණවල ප්‍රතිඵල ගැන ඔවුන් දැනුවත් කළේය.

    ස්විස් තානාපති කාර්යාලය 2019 නොවැම්බර් 29 සිකුරාදා ලබාදුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය තමන් වෙත යොමු කරන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් කළ ඉල්ලීම ඉටුකිරිමට තානාපති කාර්යාලය ක්‍රියා නොකළ ද විමර්ශණය ඉදිරියට ගෙන යනු ලැබීය. ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද පරිදි සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව උබර් (Uber) වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වන බව සාක්ෂි සහිතව තානාපතිවරයාට පෙන්වා දෙන ලදී.

    නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් ස්විස් දූත කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාර අදාළ චෝදනාව හා සම්බන්ධ සැබෑ තතු නිවරැදිව හඳුනා ගැනිමට තවදුරටත් විමර්ශණ කළයුතු බව අවධාරණය කෙරිණ. ඒ සඳහා සිද්ධියට මුහුණ පෑ බව කියන කාර්ය මණ්ඩල සාමාජිකාව නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් විසින් ප්‍රශ්න කරනු ලැබිය යුතුය. සිද්ධියට මුහුණ පෑ බව කියන තැනැත්තිය සිදුවුණාය කියන පැහැර ගැනීමේ දී තමාට තුවාල සිදු වු බව කියා ඇති බැවින් ඇය ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් කරණු ලබන වෛද්‍ය පරික්ෂණයකට භාජන කළ යුතු බව පෙන්වා දෙන ලදී.

    සිදුවුවායි කියන සිද්ධිය සම්බන්ධ යථා තත්ත්වය නිශ්චය කරනු සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන්නැයි තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින ලදී.

    විදේශ සබඳතා අමාත්‍යාංශය
    කොළඹ
     
    • Like
    Reactions: Silly point

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රටේ මිනිස්සු දැණුවත් නම් ඕකුන්ට පිස්සු කෙලින්න බෑ... ගෑණි හංගල එම්බසි එකෙන්... මේලො රහක් නෑ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ස්විස්, නොර්වේ, යු එස් එම්බසි කට ඇරන් බලන් ඉන්නේ ලංකාවට කොහොම හරි කෙලවන්න. බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ :angry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    ඔය කසිකබල් එම්බ්බසි වලට ගහමුද බද්දක් .
    පවත්වාගෙන යාමේ බද්ද කියලා