"ස්ටෙන්ට්ස්" නොමිලේ
හදවත් රෝගීන්ට ස්ටෙන්ට්ස් දැන්
රජයේ රෝහල්වලින් නොමිලේ
ඒමන්ති මාරඹේ
මෙතෙක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සිදුවූ හෘදය වස්තුවෙහි නාල අවහිරතා මඟහරවන "ස්ටෙන්ට්ස්" නමැති නළ (ටියුබ්) විශේෂය ඊයේ (29 දා) සිට රජයේ ප්‍රධාන රෝහල්වලින් රෝගීන්ට නොමිලයේ ලබා දෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මෙම "ස්ටෙන්ට්ස්" රජයේ රෝහල්වලින් හෘද නාල අවහිරතා තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ට නොමිලයේ ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ ආනයනය කරන ලද උපාංග 500 ක තොගයක් ඊයේ සිට වෛද්‍ය සැපයුම් අංශය මඟින් රෝහල්වලට බෙදා හැරීම ආරම්භ කළ බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට රජයේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් "ස්ටෙන්ට්ස්" නාල රජයේ රෝහල්වල රෝගීන්ට නොමිලයේ ලබා දීමට තීරණය විය.
එකක් රුපියල් 75,000 ක් පමණ වන මෙම "ස්ටෙන්ට්ස්" නාල රෝගීන්ට නොමිලයේ ලබා දීමට මෙරටට ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 37 කට අධික මුදලක් වැය වී ඇති අතර එම මුදල දූෂිත ටෙන්ඩර් ගනුදෙනු නතර කිරීමෙන් ඉතිරි කරගත් බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
මෙම වසරේ ඉදිරි මාස 03 සඳහාද අවශ්‍ය "ස්ටෙන්ට්ස්" තොගය ලැබීමට නියමිතව ඇති බවත් 2017 වර්ෂය සඳහාද රෝගීන්ට නොමිලයේ ලබා දීම සඳහා අවශ්‍ය "ස්ටෙන්ට්ස්" රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ඇණවුම් කර ඇති බවත් සෞඛ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.