ස්‌වාමීනි ඒ තීන්දුව වැරදියි....
මුස්‌ලිම් ජාතික ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ සංස්‌කෘතික ඇඳුමින් යුතුව විදුහලට පැමිණීමට අවසර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් මගින් සියලුම විදුහල්පතින්ට දැනුම් දී තියෙනවා. 2012 දී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවකින් ඒ චක්‍රලේඛයට අනුව විදුහල්පතිවරු ක්‍රියා කළ යුතු බවට නියෝග කර තියෙනවා.
"පන්ජාබ්" ඇඳුම ඉවත් කිරීමට නියෝග කළ විදුහල්පතිනියට එරෙහිව පෙත්සම් විභාගය කල් යයි
සරත් ධර්මසේන
රාජගිරිය ජනාධිපති බාලිකා විදුහලේ ඉගෙනුම ලබන 11 හැවිරිදි මුස්‌ලිම් ජාතික ශිෂ්‍යාවක් ඇඳගෙන විත් සිටි මුස්‌ලිම් ජාතිකයන්ගේ සංස්‌කෘතික ඇඳුම බව කියන පන්ජාබ් ඇඳුම ඉවත් කරන්නැයි විදුහල්පතිනිය ඇයට නියෝග කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම පිළිබඳව වැඩිදුරටත් සලකා බැලීම ශේ්‍රෂ්ඨාධිකරණය විසින් ලබන මැයි 13 ට කල් තබන ලදි.
චන්ද්‍රd ඒකනායක, ඊවා වනසුන්දර සහ බුවනෙක අළුවිහාරේ යන ත්‍රීපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ මෙම පෙත්සම සඳහන් විය.
පෙත්සමේ පළවෙනි වගඋත්තරකාරයා වන විදුහල්පතිනිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහරා ද සිල්වා මහතා පෙත්සම පිළිබඳව විභාගයක් පැවැත්වීමට නියම කරනවාට මුලින්ම විරුද්ධත්වය පළ කළේය. විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් නියම කරන නිල ඇඳුමට වෙනස් ඇඳුමකින් සැරසී විදුහලට පැමිණ සිටි මුස්‌ලිම් ජාතික ශිෂ්‍යාව සම්බන්ධයෙන් විදුහල්පතිනිය අනුගමනය කළ ක්‍රියා මාර්ගය හේතුකොටගෙන ඇගේ මූලික අයිතිවාසිකම් කිසිවක් උල්ලංඝනය වී නැතැයි ඔහු දැඩිව කියා සිටියේය.
නීතිපති, ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඉරේෂිකා ද සිල්වා මහත්මිය පෙනී සිටි අතර ඇය කියා සිටියේ එකී විදුහලේ 7 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන මුස්‌ලිම් ජාතික ශිෂ්‍යාව බම්බලපිටිය මුස්‌ලිම් බාලිකා විදුහලට ඇතුල් කර ගන්නා ලෙසට ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිර්දේශ කර ඇති බවයි.
ඒ බව එම දැරියගේ දෙමව්පියන්ටත් බම්බලපිටිය මුස්‌ලිම් බාලිකා විදුහලේ විදුහල්පතිනියටත් ලි�තව දැනුම් දී ඇති බවද කී රජයේ නීතිඥවරිය ඒ අනුව කටයුතු යෙදුනහොත් ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ නැතිව නිරාකරණය කරගත හැකි බවද කීවාය.
මුස්‌ලිම් ජාතික ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ සංස්‌කෘතික ඇඳුමින් යුතුව විදුහලට පැමිණීමට අවසර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් මගින් සියලුම විදුහල්පතින්ට දැනුම් දී තියෙනවා. 2012 දී ශේ්‍රෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවකින් ඒ චක්‍රලේඛයට අනුව විදුහල්පතිවරු ක්‍රියා කළ යුතු බවට නියෝග කර තියෙනවා.
ජනාධිපති නීතිඥ මනෝහරා ද සිල්වා :- ස්‌වාමීනි ඒ තීන්දුව වැරදියි. එය නිවැරදි කළ යුතුයි. මා ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
පෙත්සම සලකා බැලීම කල් තැබුවේ ඉන් අනතුරුවය.
.
ඉස්කෝලේ ගෝනිබිල්ලෝ
කොහොමද කෙල්ලොන්ගේ පාසැලකට මන්ද මානසිකයෙක් ගොනිබිලි කිට් එකකට බැහැලා පැන්නොත්.... ෆුල් ෆෙස් තහනම ගැන කෑ ගහන පොලිසිය මොකද කියන්නේ...
සහජීවනේ වෙනුවෙන් නිශ්ශබ්දව නොදැක්කා වගේ සිටිනු