සාක්ෂරතාව අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම.
සාක්ෂරතාව අතින් ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් අභිබවා ඉදිරියෙන්ම සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
ඉතාම අපහසු කාලවලදී පවා ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප්‍රමුඛත්වය දී තිබෙන බවද එම සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත සුබිනෙයි නන්දි මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී ඊයේ (30) පැවැති උත්සවයක් සඳහා සහභාගි වෙමිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙහිදී සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා වන අධ්‍යාපනය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලසුම එළිදැක්විණි.
අධ්‍යාපන, පාරිසරික, සෞඛ්‍ය, ආර්ථික සංවර්ධන හා සමාජ සේවා අමාත්‍යාංශ සමඟ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි. ශ්‍රී ලංකාව සුබවාදී දෙසට යොමුවී සිටීම සම්බන්ධයෙන් සතුටුවන බව සඳහන් කළ ඒ මහතා මෙම නව වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමෘද්ධිය වේගවත් කිරීමට මඟපාදනු ඇතැයිද ප්‍රකාශ කළේය.ඊට අමතරව ජාතීන් අතර ගෞරවාන්විතව ජීවත් වීමටද මෙය බෙහෙවින්ම ප්රයෝජනවත්වනු ඇති බවද කියා සිටියේය. මේ අතර ඒ මහතා අවධාරණය කළේ සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා වන අධ්‍යාපනය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලසුම එකිනෙකා අතර සහයෝගීතාව වර්ධනය කිරීමටද ඉවහල්වනු ඇති බවයි.
ඊට අමතරව මෙම වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කර තිබෙන 2013 – 2017 වැඩපිළිවෙළට අනුව ඉදිරියට යන්නක් බවද හෙතෙම සඳහන් කළේය. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එච්.එම් ෆවුසි, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා, බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික ඬ;යීජිත සුබිනෙයි නන්දි, යුනෙස්කෝ සංවිධානයේ සහකාර සාමාන්‍යාධිකාරී කියු ටංග් මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.