සාකිර් නායික්+ඔහුගේ නිරුවත

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
සාකිර් නායික්+ඔහුගේ නිරුවත

zakir_naik.jpg


සාකිර් නායික් කියූ විට ඇතැමුන්ට මහා තර්ක කාරයෙක් සේ පෙනෙයි. නමුත් සාමාන්‍ය හෝ බුද්ධියක්න් විමසා බලන්නෙකුට ඔහුගේ නිරුවත මනාව පෙනේ. අන් ආගම් විවේචනය කරමින් වැරදි අර්ථකතන දෙමින් තම ආගමික හෙළුව වසා ගැනීමට දඟලන මොහු ඇතැම් විට තමා කියන්නේ මොනවාද යන්නවත් හරිහැටි නොදනී. ඔහුගේ මෙම මෝඩ තර්ක ඉදිරිපත් කරමින් විවාදයේ යෙදෙන සාකිර් අනුගාමිකයෝද බහුලය. එයින් මිදී බුදු දහමේ පහස ලබන උප්පැන්නේ අන් ආගමක් ඇතත් හදවතින් බෞද්ධ වූ අයට මින් හානියක් වේ නම් සමාව අයදිමි. මිත්‍යාවෙන් මිදී සත්‍ය දකින්නට මෙම ලිපිය හේතු වාසනා වේවා.

සාකිර් මහත්තයා කොළඹ ඇවිත් උජාරුවට දේශන පැවැත්වුවා ඉතින් සමහරුන්ට ඒව අහල ඉහේ මල් පිපුන වගේ. දුක හිතෙනව දැක්කම මුලාවෙ තරම

සාකීර්ගෙ අළුත්ම කතාව තමා මෛත්‍රී බුදු හිමි මොහොමඩ් නබි තුමා කියන එක. මෙන තරම් විහිළුවක් ද මෛත්‍රී බුදු හිමි පහල වෙන කාලේ උන් වහන්සේගේ ආයුෂ වර්ෂ 80000 යි ඒ වගේම දෙතිස්මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. ඒ විතරක් නෙවෙයි සාකිර් උන්නැහේ තමුන් කියන දේ කිසිම ගැලපීමක් නෑ කියල තේරෙන්නෙ නැති තරමට මන්ද බුද්ධකයි. සාකිර් උන්නැහේ කොළඹ ඇවිත් කිව්වනෙ ජේසු තුමා නබි කෙනෙක් කියල එයාගෙ නම ඊසා කියලයි ඔහු කියන්නෙ මේ කතාව කිව්වෙ ඹහු කියන දේ ඹහු දන්නෙත් නෑ කියල පහදන්න



හෙඳින් තේරුම් ගන්නකො සාකීර් අන්නැහේ කිව්ව මොහොමඩ් නබි මෛත්‍රී බුදු හිමි කියල ඒ වගේම ඔහු කියනවා ජේසු තුමා නබි කෙනෙක් කියලා මොහුගේ තර්කෙන්ම බැළුවම බුදු හිමි පහල වීමෙන් පසු ඉපදුනෙ නබි ඊසා ඒ කිවිවෙ සාකීර් කියන විදියට ජේසු තුමා එහෙම බැළුවම මෛත්‍රී බුදු හිමි කිවයුත්තේ ජේසු තුමාට නමුත් මොහු එය මොහොමඩ් නබිට පටලන්න හසනවා ඒ කතාව ඔහුගෙ කතාවටම ගැලපෙන්නෙ නෑ මේ කරන්නෙ මොකක් ද අන් ආගම් දහම් අදහන්නන් පිලිපදින්නන් බිලිබා ගැනිමේ පහත් මෝඩ උත්සහයක් මෙවැනි මන්ද බුද්දිකයන්ට අනුකම්පා කරනු හැර කුමක් කරන්න ද



යමක් ඇතැයි කිමට නම් කල යුත්තේ එය පිලිගත හැකි ක්‍රමයකට ඔප්පු කීරිමයි වත්මනෙහි යමක් බොහෝ විට පිලි ගන්නේ විද්‍යාත්මකව ඔප්පු කිරිම මගිනි ඒ සේ නැතිනම් යමක් අනුගමනය කිරීම තුලින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගත හැකි විය යුතුය. සාකීර් උන්නැහේගේ බුද්දියේ හැටියට යමක් නැතැයි කීමට නම් නැතැයි කියන්නා වූ දෙයෙහි නිර්වචනය ඔහු දැන සිටිය යුතුය. නැති දෙයකට ඇති දෙයක් යැයි කියා නිර්වචන කොතරම් කිවහැකිද බුද්ධි හීනයෙකුට උවත් තේරෙන කරුණ නම්, නැති දෙයකට යතා නිර්වචනයකුදු තිබිය නොහැකි බවයි. හිනා යන කරුණ නම් නැකි සර්ව බලධාරී දෙවියකු ඇතැයි කීමට භෞතික උදාහරණ උපමා ලෙස යොදා ගැනිමය.ඔහුගේ තර්ක මෙතරම් බොලඳය යමෙක් පෑනක් පෙන්වා මෙය පෑනක් නොවේයැයි යමෙක් කියන්නේ නම් පෑන යන්නෙහි නිර්වචනය ඔහු දැන සිටිය යුතුය. මෙම ලපටි තර්කයෙන් සර්ව බලධාරී දෙවියකු සිටීයැයි ඔප්පු කිරීමට යොදා ගැනීමටනම් නම් සර්ව බලධාරියා පෙන්වා ඔය තර්කය දැමිය යුතුය නැතිනම් හෞතික යමක් ඔප්පු කීරිමට හො අහින්සක ලෙස යොදාගත යුතුය.



දැනි අපි බලමු සාකිර්ගේ ලපටි තර්කයෙන් ඔහුගේ තරකයම බිඳෙන හැටි සාකීර්ට අනුව යමක් නැතැයි කීමට නම් නැතැයි කියන්නා වූ දෙයෙහි නිර්වචනය ඔහු දැන සිටිය යුතුය මෙහි තවත් විහිළුවක් වන්නේ සර්ව බළධාරී නිර්වචනය තමා පහත් ප්‍රයෝගද යෙදා ගනිමින් ඔප්පු කිරිමට වෙහෙසෙන කුරානයෙන්ම ලබා ගැනීමය. එයත් අප නොසලකා හරීමු.



සාකීර්ගේ ලපටි තර්ක ක්‍රමය මෙන්න මේ වගේ



1 ඔබ සර්ව බලධාරි වූ විශ්වා දෙවියන් දන්නවා ද ඔහු එවැන්නකු සිටිනා බව විස්වාස කරනවා ද?

මෙයට පිළිතුරු 3 කි ඇත A ඔවි B නැත C දන්නෙ නෑ



මෙහි ඔවි හෝ දන්නෙ නෑ යන පිලිතුරු තුල තර්කයක් ඇති නොවේ. නැත යයි කියන්නේ නම් සාකිර්ගේම ලපටි තර්කය අනුව සර්ව බලධාරී විශ්වාගේ නිර් වචනය ඔබ නොදනී නම් එවැන්නකු නැතැයි කිමට ඔබට නොහැකි යැයි මා පවසනවා

මෙසේ කී විට ඔහුට පිලිතුරු දෙකක් ඇත

A සර්ව බලධාරී විශ්වාට නිර්වචනයක් ඉදිරිපත් කිරිම B නිහඩ වීම



නිහඩ තාව තුල තවදුරටත් තර්කයක් ඇති නොවේ. ඔහු නිර්වචනයක් ඉදිරිපත් කරන්නේ නම් ඔහු ඉදිරිපත් කරන නිර්වචනය සර්ව බලධාරී විශ්වා පිලිබඳ මාගේ නිර්වචනයට සමාන නම් ඔහු සර්ව බලධාරී විශ්වාව සාකීර්ගේ ලපටි තර්ක ක්‍රමේටම පිළි ගනී. ඔහුගේ නිර්වචනය මාගේ නිර්වචනයට වෙනස් නම් මාගේ පිළිතුර වන්නේ සර්ව බලධාරී විශ්වාව ඔබ නොදනී යන්නයි එවිට ඔහුට නිහඩ විමට සිදුවේ.



සර්ව බලධාරී විශ්වාව යන්න මා නිර්වචනය කරනුයේ සාකීර් උන්නැහේ මිත්‍යා සර්ව බලධාරීයාට ඉදිරිපත් කරන නිර්වචනයට මෙම වචන පේලියද ඇතුලත් කිරිමයි.

සර්ව බලධාරී විශ්වාවාගේ විශිෂ්ටම නිර්මාණය අල්ලාය සර්ව බලධාරී විශ්වාවාගේ කාරුනික බව නිසා අල්ලාට එය නොදැනෙන්ට නිර්මාණය කලාය මෙයද නිර් වචනයකි මෙම නිර්වචනයට අනුව සාකිර්ගේ ලපටි ප්‍රයෝග යොදා ගනිමින් සැලකූ විට මෙය ප්‍රතික්ශේප කල නොහැක.

සාකීර්ගේ බොලඳ තර්කද මෙවැනිය ඔහුගේ බොලඳ තර්ක එම බොලඳ තර්කයෙන්ම බිඳි යයි සාකීර්ගේ තත්වය තේරුම් ගැනීම ඔබට බාරයි . නිර්වචනයකින් පමණක් යමක් ඇතැයි කීමට තර්ක කිරිම කෙතරම් බොලඳද



සර්ව බලධාරී දෙවියකු හැර අන් කවරෙකුටවත් කිව නොහැකියි හා විද්‍යාත්මකයි කියමින් ඔහු විද්‍යාව හා කුරාණය ගැලපීමට මහත් උත්සහයක් දරයි එම නිරුවත වැසීමට මෙම කෙටි ලිපිය පමණක් ප්‍රමාණවත්ය.



කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ යෙදුම් හා තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, විද්‍යා කීර්තී,

ආචාර්ය චන්දන ජයරත්න

අද ඇතැම් පිරිස් විද්‍යාව හා බුදුදහම එකිනෙකට සැසඳීම පිළිබඳව යම් චකිතයක් දක්වනවා. මේ පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද?

එලෙස චකිතයක් දක්වන්නේ විද්‍යානුකූල කරුණු වෙනස් වුවහොත් බුදුදහමට එයින් යම් හානියක් වේයැයි ඇති බොරු බිය නිසයි. මෙම බුදුදහම පිළිබඳ මනා වැටහීමක් නැති අය විසින් ඇති කරගත් වැරැදි අදහසක්.

විද්‍යාත්මකව සොයා ගන්නා කරුණු වලින් සියට 50 ක් පමණ වසර 15 කට වරක් වෙනස් වෙනවා. මෙහිදී සිදුවන්නේ කලින් දැනගත් දත්ත බොරු කිරීමකට වඩා එම දැනුම තවත් පුළුල් කිරීමයි. උදාහරණයක් ලෙස චන්ද්‍රයා පෘථිවිය වටාත් පෘථිවිය ඇතුළු අනෙක් ග්‍රහයින් සූර්යා වටාත් ගමන් කරන බව කියන සංසිද්ධිය කොතරම් දියුණු වුවත් බොරු කළ නොහැකියි. මෙහිදී සිදුවන්නේ ඒ විෂය පිළිබඳ විස්තර නවීන විද්‍යා පර්යේෂණ මගින් තව තවත් සොයා ගැනීම පමණයි.

තාරකා විද්‍යාවෙන් සොයා ගෙන ඇති දේවල් රාශියක් එයට බොහෝ කාලයකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. නවීන පර්යේෂණ මඟින් පවා ඒවා තව තවත් සනාථ වෙනවා. ඉතින් මේ පිළිබඳ විස්තර කියවන ජනතාව වේගයෙන් බුදුදහම වෙත ඇදී එනවා. පසුගිය වසර 10 – 20 කාලය තුළ ඇමරිකාවේ පමණක් බෞද්ධයෝ මිලියන 18 ක් ගොඩනැඟී තියෙනවා. ඒ අයට තේරෙනවා බුදුදහමේ තියෙන විශ්වසනීයත්වය හා සත්‍යය.

එසේනම් විද්‍යාව බුදුන් සරණ ගියේ ද?

මෙහිදී සරණ යාමකට වඩා අප කථා කළ යුත්තේ සැසඳීමක් පිළිබඳව. කාලාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමක් කියූ පමණින් පිළිගන්නේ නොමැතිව එය ප්‍රඥාගෝචර යැයි වැටහේ නම් පමණක් පිළිගන්න කියායි. ඉතින් විමර්ශනය සඳහා සැසඳීමෙන් බුදුදහමේ බොහෝ දේවල් නවීන සංකල්පය මගින් අපට අවබෝධ කර ගැනීමේ පහසුවක් ඇතිවෙනවා. ඒ විතරක් නොවෙයි 2550 වන විට විද්‍යාව නමැති කුළුගෙඩියෙන් ගසා විනාශ කරන්නට බැරිව ඉතුරුවෙන එකම දහම බුදුදහම ලෙස ආතර්සී ක්ලාක් මහතා සිය ගැඹුරු මුහුද නමැති කෘතියේ පෙන්වා දී තිබෙනවා.

බෞද්ධ විශ්ව විද්‍යාව යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ගණනාවක විශ්වය පිළිබඳ විවිධ කරුණු අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථාන වලදී බෞද්ධ සූත්‍ර 20,000 කට ආසන්න ප්‍රමාණයක් දේශනා කළා. මෙයින් සූත්‍ර 53 ක පමණ ලෝක විෂය හෙවත් අප අද කථා කරන විශ්ව විද්‍යාව පිළිබඳව පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව මේ විෂය බෞද්ධ විශ්ව විද්‍යාව (Buddhist Cosmology) ලෙස හඳුන්වනවා. එහි ඇතුළත් කරුණුත් අද නවීන විද්‍යාවෙන් විවිධ පරීක්‍ෂණ කර සොයා ගන්නා කරුණුත් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවතිනවා. එපමණක් නොවෙයි මෙම බෞද්ධ විශ්ව විද්‍යාවෙහි ඇතුළත් සමහර කරුණු තවමත් නවීන විද්‍යාවෙන් පවා සොයා ගෙන නොමැති බැව් විශේෂයෙන් සඳහන් කළ යුතු යි.

එදත් අදත් අපේ ජනතාව අතර හිරු, සඳු, පොළව ආදිය පිළිබඳවත් සෞර්යග්‍රහ පද්ධතිය පිළිබඳවත් බැලුවේ මහත් කුතුහලයකින් යුතුවයි. අප ජීවත්වෙන පෘථිවිය තියෙන්නේ කොහේද?, රාත්‍රියේ දකින අහස තරු සහිත විශ්වය අනන්තද නැද්ද, පරිමිතද, අපරිමිතද, විශ්වයට කෙළවරක් තිබේද, මිනිසා බිහිවූයේ කෙසේද, මේ විශ්වයේ සිටින දියුණු ජීවීන් අප පමණ ද, යනාදි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට සැමදාම ඔවුන් උත්සුක වුණා.

මේ ප්‍රශ්න බුද්ධ කාලයේ දී ද පැවතියා. චුල්ල මාලුංක්‍ය පුත්‍ර සූත්‍රයට අනුව මාලුක්‍ය පුත්ත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්න විමසීමෙන් ම ඒ බව මනාව පෙනී යනවා. මෙයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර වූයේ බඹයක් පමණ වූ ශරීරය පිළිබඳව බැලීමෙන් මේවාට විසඳුම් සොයා ගත හැකි බවයි. එනම් විදර්ශනා භාවනා කළ යුතුය යන්නයි.

ඒවගේම සප්ත සූරියෝද්ගමන සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, ප්‍රථම කෝසල සූත්‍රය, දක්‍ෂිණ විභංග සූත්‍රය එම සූත්‍ර අතර ප්‍රධාන වෙනවා. මෙම සූත්‍ර දේශනා මගීන් විශ්වයේ ආරම්භය, ලෝකය බිහිවීම, ලෝක විනාශය, ජීවයේ සම්භවය හා ව්‍යාප්තිය පිළිබඳ විශාල කරුණු ප්‍රමාණයක් පෙන්වා දී තිබෙනවා.

මීට අමතරව අංගුත්ත නිකායේ භූමිචාල සූත්‍රයේ භූමිකම්පා පිළිබඳව විස්තර වී තිබෙනවා. මේ සූත්‍රවල සඳහන් බොහෝ කරුණු නවීන තාරකා විද්‍යාව මගින් තහවුරු කරන අතරම විශ්වය පිළිබඳ බුදුදහම මගින් විස්තර කරන තවත් සමහර කරුණු නවීන විද්‍යාව මගින් මෙතෙක් සොයා ගෙන නෑ.

මින් පෙනී යන්නේ බුදුදහමේ විශ්වය පිළිබඳව සඳහන් වන කරුණු තවමත් ඡ්දරු වියේ පසුවන නවීන විද්‍යාවේ එන විශ්වය පිළිබඳ කැරණු වලට වඩා ඉදිරියෙන් සිටින බවයි. බුදුදහම හැර විශ්වය පිළිබඳව විග්‍රහ කළ මෙවැනි වෙනත් ආගමක් නැහැ.

ජීවයේ සම්භවය පිළිබඳව මෑතකදී සොයා ගත් කරුණු හා බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයේ එන කරුණු අතරත් යම් සමාන කමක් දැකිය නොහැකි ද?

මුල් කාලයේ පෘථිවියේ ප්‍රාථමික සුපය කියලා එකක් ඇමයිනෝ අම්ල වලින් සැදිලා තියෙනවා. ඒක අකුණු ගැසීම නිසා මුල් කාලයේ පැවති ඇමයිනෝ වායු සමඟ හැදෙන්න ඇති. ඇතැම් විද්වතුන් කියනවා පිටතින් ආපු ජීවීන් ඇවිල්ලා, ඒ තුළ සිදු වූ පරිණාමයත් සමඟ වර්ධනය වුණා කියලා. තවත් අය කියනවා එම ජීවීන් එහිම හැදුනා කියලා නමුත් එසේ ඉබේ ජීවීන් හටගන්නැති බව දැන් පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා. මොකද ඇමයිනෝ අම්ලය සැදුනත් එතන ජීවයක් හටගන්නේ නෑ.

නමුත් බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් කියවෙන්නේ ආභස්සර බ්‍රහ්මලෝකයේ ඉඳලා ආපු මනෝමය ශරීරයක් තියෙන, දිලිසෙන ශරීරයක් තියෙන, අහසින් යාමේ හැකියාව ඇති කිහිප දෙනෙක් ඇවිත් පහළට බැහැලා අර රස පොළව පොඩිකර කාලා බලපුවහම රස නිසා එය දිගටම කාලා තියෙනවා. එයින් පසු තෘෂ්ණාව ඔවුන් තුළ වැඩිවෙලා මේ අයට අහසින් යාමේ හැකියාව නැතිවෙලා තියෙනවා. එතැන් සිට දීර්ඝ විස්තරයක් එම සූත්‍රයේ සඳහන් වෙනවා.

මේ ප්‍රාථමික සුපය ගැනම බුදුරජාණන් වහන්සේ වෙනත් විදිහකට මෙසේ දේශනා කරනවා. වෙඩරු බඳු ය. ගිතෙල් බඳු ය, පිලවුන් නැති මීවදයක් බඳුය, උණුකළ කිරිමත සෑදෙන යොදය බඳුය කියලා. දැන් විද්‍යාවේ දී කියන්නේ මේ ප්‍රාථමික සුපය ඇමයිනෝ අම්ල වලින් සැදුණු දෙයක් කියලා. වෙඬරු කියන්නේ මොනවද, ගිතෙල් කියන්නේ මොනවද, යොදය කියන්නේ මොනවද මේ සියල්ල ඇමයිනෝ අම්ල එතකොට මේ කථා කරලා තියෙන්නේ එක දෙයක් පිළිබඳව නේද?. එදා ඒ ඇමයිනෝ අම්ල කියන වචනය වෙනුවට මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වචන භාවිතා කරලා එය දේශනා කරලා තියෙනවා.

ත්‍රිපිටකයට අයත් සූත්‍ර ධර්මයක, මහා මේඝ වර්ෂාවක් මගින් වා දූලි පටලයක් කැටිගැසීමෙන් සෞරග්‍රහ මණ්ඩලය ඇති වූ බැව් පෙන්වා දෙනවා. මේ පිළිබඳ ඔබ දරන මතය කුමක්ද?

තාරකා විද්‍යාවට අනුව සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය සිදු වූයේ මීට වසර මිලියන 4500 කට පෙර. මුල් කාලයේ දී ඇති වූ සැම ග්‍රහ ලෝකයක් වටා ම දූලි වලා පටලයක් වැසී තිබුණා. දූලි වල්ගයක් ද ඒවාට තිබීම විශේෂත්වයක් වුණා.

මෙම දූලි වලිගය ඉන් වසර මිලියන කිහිපයකට පසුව සූර්යයාගේ ආලෝකයේ පීඩනය - හේතු කොට ගෙන ඉවත් වී ගොස් ඇති බව නවීන විද්‍යාව පෙන්වා දෙනවා. මින් හැඟෙන්නේ මුල් කාලයේ දී සඳ හිරු හෝ කිසිදු තරුවක් පෘථිවියේ සිට බැලූ විට නොපෙනුනු බවයි. මෙලොව සත්ත්වයාගේ හටගැනීම සඳහන් වන දීඝනිකායේ පටික වර්ගයේ අග්ගඤ්ඤ සූත්‍රය, සමස්ත විශ්ව ක්‍රියාවලිය පිළිබඳව සාරාංශයක් ලෙස ගත හැකියි.

පෘථිවියේ බිහිවීම පිළිබඳව කථා කරන විට මහා මේඝ වර්ෂාවක් පිළිබඳව බුදුදහමේ සඳහන් වූවත් විශ්වයේ සම්භවය සිදුවන විට වා දූලි වලා පටලවල මෙවැනි වර්ෂාවක් ඇති වීමට ඉඩ තිබේ දැයි මෑතක් වන තුරුම මාහට සැකයක් තිබුණා. නමුත් මීට වසර 3 – 4 කට පෙර ඔරායන් නිහාරිකාවේ ජලය තිබෙන බවටත් එහි ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් එකතු වී එක් දිනකදී අපේ ලෝකයේ සාගරවල ඇති ජලය මෙන් 300 ප්‍රමාණයක් ජලය සෑදෙන බවටත් විද්‍යාඥයන් සොයා ගත්තා.

ඒ අනුව අපට පැහැදිලි වෙනවා බුදු දහමේ එන මහා මේඝ වර්ෂාව වැනි සංසිද්ධි නව සෞරග්‍රහ මණ්ඩලයක් සෑදීමේ දී සිදුවන බව.

එවගේම මීට වසර 2552 කට පෙරාතුව අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝක විෂයය පිළිබඳ කරුණු තවමත් නවීන විද්‍යාව මගීන් සුළු වශයෙන් සොයා ගනිමින් සිටින බව මේ අනුව අපට කිව හැකියි.

සහස්සී ලෝක ධාතුව ලෙස බුදුදහමේ විග්‍රහ වී ඇති දේ නවීන තාරකා විද්‍යාඥයින් හඳුනාගෙන ඇත්තේ කවර ආකාරයකටද?

හිරු - සඳු එකලෙසම ගමන් කරන බව බුදුදහමේ සඳහන් වැදගත් කරුණක්. හිරු හා සඳු යම්තාක් දුර බබළවමින් ගමන් කරයි ද ඒතාක් දුර ප්‍රමාණය සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. මේ බව අංගුත්තර නිකායේ සප්ත සුරියොද්ගමන සූත්‍රයේ හා සංයුක්ත නිකායේ අරුණවති සූත්‍රයේ සඳහන් වෙනවා. මේ ආකාරයට සහස්සී ලෝක ධාතුව ලෙස බුදුදහමේ හැඳින් වූ දේ අද නවීන විද්‍යාවේ මන්දාකිනිය බව අද තාරකා විද්‍යාඥයෝ පිළිගෙන තිබෙනවා.

මීට වසර 2552 කට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් සුවිශේෂී කරුණක් වූයේ මේ සහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී පොකුරක් සෑදෙන බවයි. එය ද්විසහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී ත්‍රිසහස්සි ලෝක ධාතුව සැදී ඇති බවද බෞද්ධ සූත්‍ර ධර්ම වල සඳහන් වෙනවා. ඉන් අනතුරුව එම ත්‍රිසහස්සි ලෝක ධාතුව මගින් විශ්වය සැදී ඇති බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

අද නවීන විද්‍යාවට අනුවද මන්දාකිනි ගණනාවක් එක් වී මන්දාකිනි පොකුරක් (Cluster of galaxies)සෑදෙන බව සොයා ගෙන තිබෙනවා.ඊට පසු ඒ පොකුරු එක් වී සුපිරි මන්දාකිනි පොකුරක් (Super Cluster) සැදී ඇති බවද ඒවා එකතු වී විශ්වය සෑදී ඇති බව ද තාරකා විද්‍යා නිරීක්‍ෂණ වලින් දැන් සොයා ගෙන තිබෙනවා. මේ සුපිරි මන්දාකිනි පොකුරු තාරකා විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙර බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.

බුදුදහමේ සඳහන් සහස්සී ලෝක ධාතුව මේ අනුව නවීන විද්‍යාවේ මන්දාකිනියකට සමාන බවත්, බුදුදහමේ එන ද්වීසහස්සි ලෝක ධාතුව නවීන විද්‍යාවේ මන්දාකිනි පොකුරුවලට සමාන බවත්, බුදුදහමේ එන ත්‍රිසහස්සි ලෝක ධාතුව මීට වසර කිහිපයකට පෙර සොයාගත් සුපිරි මන්දාකිනි පොකුරු වලට සමාන බව මේ අනුව පැහැදිලි වෙනවා.

මහා සිංහනාද සූත්‍රයේ දිව්‍යලෝක හයක් ඇති බැව් සඳහන්. මේ දිව්‍යලෝක අපේ සෞරග්‍රහ මණ්ඩලයට එහායින් ඇති ග්‍රහලෝක විය නොහැකිද?

බුදුදහමට අනුව එක් ඉරකින් හා එක් සඳකින් ආලෝකවත් වන භූමි ප්‍රමාණය, ‘චූලනිකා’ ලෝක ධාතුව ලෙස හඳුන්වනවා. ‘චූලනිකා’ ලෝක ධාතුවෙහි මනුෂ්‍ය ලෝකය හා තිරිසන් ලෝකය ඇතුළුව ලෝක 31 ක් තිබෙන බවද සඳහන්. එහි මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 4200 ක් ගිය තැන දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක පිහිටන අයුරු පිළිබඳවද විස්තර කර තිබෙනවා.

මේ ලෝක සොයා ගැනීමට තරම් තවම විද්‍යාව සමත් වී නැ. මේ විස්තරය අනුව මට පෙනී යන්නේ ඉහත දැක් වූ ලෝක පෘථිවිය වටා පිහිටි ගෝලාකාර තල කිහිපයක් වශයෙන් යොදුන් 42,000 – 42,000 උඩින් පිහිටලා ඇතැයි යන්නයි. එහෙත් ඒවා සෙනසුරු, අඟහරු වැනි ග්‍රහ ලෝක නම් නොවෙයි.

අන්තරීක්‍ෂ වර්ෂය හා කල්පය පිළිබඳ ඔබගේ විග්‍රහය කුමක්ද?, එසේම එහි සංඛ්‍යා විද්‍යාත්මක වටිනාකම කෙබඳුද?

බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂණයක් පෙරුම් පිරුවා. එසේම අනාගතයේ ලොවට පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරමින් සිටිනවා. නවීන විද්‍යාවට අනුවත් බුදුහාමුදුරුවන් පැවසූ කරුණු අනුවත් මන්දාකිනිය වටා සූර්යයා පමණක් නොවෙයි සම්පූර්ණ සෞරග්‍රහ මණ්ඩලය ම ගමන් කරනවා.එහි වේගය තත්පරයට කිලෝමීටර් 275 ක් බවද හෙළි වී තිබෙනවා.

මන්දාකිනිය වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට හිරුට ගතවන කාලය තාරකා විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ අන්තරීක්‍ෂ වර්ෂය ලෙසයි. නමුත් අන්තරීක්‍ෂ වර්ෂයක් යනු භාවිත වර්ෂ මිලියන 225 ක් බවයි. කලින් සඳහන් කර තිබුණේ ඒත් අලුත්ම ගණනය කිරීම් වලට අනුව වසර මිලියන 240 ක් බව සොයා ගෙන තිබෙනවා.

පුරාණ ඡ්‍යොතිෂයට අනුව කල්පය ලෙස හඳුන්වන කාලයට මහා යුග 71 ක් තිබෙනවා. මහා යුගයක් උප යුග 4 කින් සමන්විතයි. එහි පළමුවැන්න කෘත උප යුගයයි. එයට අයත් කාලය වසර 17 ලක්‍ෂ විසිඅට දහසයි. දෙවැන්න වූ ත්‍රෙතා උපයුගයට අයත් වන කාලය වසර 12 ලක්ෂ අනුග්‍රහය දහසයි. ඊළඟ උප යුගය ද්විපර යුගයයි. එයට වසර අට ලක්‍ෂ හැට දහසක් අයත් වෙනවා. කලී උප යුගය ඊළඟ උප යුගයයි. එයට ගතවන කාලය වසර හාරලක්‍ෂ තිස් දෙදහසයි. මෙම මුළු එකතුව වසර හතළිස් තුන් ලක්‍ෂ විසිදහසයි.

මේ මහ යුගයට ඇති කාලය 71 න් වැඩි කළ විට ලැබෙන අගය කල්පයට ඇති වසර ගණනයි. එය වසර3.07 x 108ක්. නවීන විද්‍යාවේ අප පහදා දුන් අත්තරීක්‍ෂ වර්ෂයට ගතවන කාලය වසර 2.4 x 10 8 ක් වෙනවා. එකම ගණයේ පිහිටි මේ කාල පරාස දෙක ආසන්න වශයෙන් සමාන ලෙස ගත හැකියි. නවීන විද්‍යාඥයින්ගේ දියුණුවත් සමඟ අන්තරීක්‍ෂ වසරට යන කාලය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. මේ අනුව අනාගතයේ දී මේ අගයන් දෙක බොහෝ දුරට සමාන විය හැකියි.

මෙහිදී දැකිය හැකි විශේෂත්වය වන්නේ අපේ අතීත මුතුන් මිත්තන් එදා කල්පය නම්කර ඇත්තේ යම් පදනමක පිහිටලා යන්නයි. එනම් පෘථිවිය හිරුවටා යාමට ගතවන කාලය වසරක් හා හිරුට මන්දාකිනියක් වටා ගමන් කිරීමට ගතවන කාලය කල්පයක් යන තේරුම ඇතිවයි. නවීන විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුවත් සෞරග්‍රහ මණ්ඩලය සමඟ හිරු, බුදුරජාණන් වහන්සේ මීට වසර 2552 කට පෙර දේශනා කළ ආකාරයට මන්දාකිනිය (චක්‍රාවාටය) වටා ගමන් ගත්තා බව දැන් තහවුරු වී තිබෙනවා. අංගුත්තර නිකායේ ආනන්ද වග්ගයේ දසවෙනි සූත්‍රයේ සහස්සී ලෝක ධාතුවට අයත් ලෝකද දක්වා තිබෙනවා.



 
  • Like
Reactions: spgun

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
අද නවීන විද්‍යාවේ විශාලතම ඉලක්කම ලෙස අප හඳුන්වන්නේ ඇව ගාඩ්රෝ සංඛ්‍යාවයි. එනම්, 6.02 x 10 23නමුත් තුන්තරා බෝධියකින් නිවන් මග පතන බෞද්ධයින් පාරමිතා 1000 ක් සම්පූර්ණ කිරීමට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරිය යුතු බව ධර්මයේ තිබෙනවා. ගණිත විද්‍යානුකූලව බලන විට මේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් යනු අවුරුදු 4x10140 x 3.07x10 8 x 10000 වැනි සංඛ්‍යාවක් පැරණි පොත් පත් වලට අනුව අසංඛ්‍ය යනු 10140 ප්‍රමාණය බව සඳහන්. අද තාරකා විද්‍යාවේදී හා භෞතික විද්‍යාවේ දී භාවිතා වන සංඛ්‍යා වලට වඩා එදා අපේ අතීත මුතුන් මිත්තන් ආගමික කටයුතු වලදී භාවිතා කළ එම සංඛ්‍යා ගණිතමය අගයෙන් ඉහළ මට්ටමක තිබූ බව මින් මනාව පැහැදිලි වෙනවා.

නවීන තාරකා විද්‍යාව හා සැසඳීමේ දී බුදුදහම ඊට වඩා ඉදිරියෙන් සිටිනවා නේද?

ක්‍රි.පූ. 640 දී තේල්ස් තමයි කිව්වේ පොළව යනු මුහුදේ ඉන්න තල්මස්සු තුන් දෙනෙකුගේ පිටේ පාවෙන බන්දේශියක් වාගේ පැතලි තැටියක් කියලා. එතකොටත් පොළව රවුම් කියලා දැනගෙන සිටියේ නෑ. පසුව මතයක් ආවා ඉබ්බෙකුගේ පිටේ ඉන්න අලි තුන්දෙනක් අර්ධ ගෝලාකාර රවුමක් උස්සගෙන ඉන්නවා. මෙය තමයි පෘථිවිය කියලා.

බුද්ධ කාලය වන විට බටහිර තාරකා විද්‍යාව පොළව රවුම් ද කියලවත් සොයා ගෙන තිබුණේ නෑ. ඔය වගේ තත්ත්වයක් බටහිර තියෙද්දී පෘථිවිය ගෝලාකාරයි කියලා ඇරිස්ටෝටල් කිව්වේ ක්‍රි.පූ. 384 දී. මේ වන විට බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පහළ වෙලා විශ්වයේ ආරම්භය, ලෝකයේ හට ගැනීම එහි විනාශය ආදී සියල්ලම සඳහන් කරලා අවසන්.

බොහොමයක් බුදුදහමේ සඳහන් මේ තොරතුරු අරගෙන තමයි බටහිර විද්‍යාඥයින් අද අප දන්නා තාරකා විද්‍යාවේ සංකල්ප දියුණු කරලා තියෙන්නේ.

කනගාටුව තියෙන්නේ අපේ රටවල බුදුදහමින් මේවා අරගෙන නොබෙල් ත්‍යාගය දක්වා දියුණු කර ගෙන යාමේ හැකියාව නෑ. එවැනි දෙයක් ගැන සලකන්නට ගියොත් අපේ අය ඒ දිහා බලන්නේ අවඥා සහගතව. බටහිරින් ආවොත් තමා අගය තියෙන්නේ.

එවගේම විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව, සෞරග්‍රහ මණ්ඩලයට පරිබාහිර සිටින දියුණු ජීවීන් පිළිබඳව, කළු කුහර පිළිබඳව මෙතෙක් නවීන විද්‍යාවෙන් සොයා ගත් හා සොයා නොගත් විස්තර රැසක් බුදුදහමේ සූත්‍රවල අන්තර්ගතව තිබෙනවා.

උදාහරණයක් ලෙස කළු කුහර පිළිබඳව මහායාන බුදුදහමෙහි ගාර්ලන්ද සූත්‍රයේ ඉතා හොඳට පැහැදිලි කර දී තිබෙනවා.

අපේ පුරාණ ලංකාවේ මිහිඳුමාහිමියන් වැඩවසන කාලයේ දේවානම්පියතිස්ස රජුගේ මහ ඇමැතිගේ විනෝදාංශය වූයේ තාරකා විද්‍යාවයි. බටහිර පොත් පත් වල සඳහන් නොවුනාට එදා සිටම තාරකා විද්‍යාව ලංකාව තුළ දියුණු වෙලා පැවතුණා. එයට පදනම බුදුදහමින් ලැබෙන්නට ඇති.

මේ සියලු කරුණු එක් රැස් කොට ගත්කල අපට කිවහැක්කේ පැහැදිලිවම බුදුදහම අද පවතින නවීන තාරකා විද්‍යාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ නිවනට පිටුවහලක් නොවන නිසා ලෝක විෂය, විශ්වය ගැන එතරම් ලොකු වැදගත් කමක්දී නෑ. එවැනි තත්ත්වයක තමයි බුදුදහම මෙතරම් ඉදිරියෙන් සිටින්නේ.

සංවාද සටහන චසිත බුලත්සිංහල



තවද කළලයක් ගැන කියමින් නිරුවතේ උදම් අනන සාකීර් අන්නැහේට හා සාකීර් අනුගාමිකයන්ට එය අරුමයක් උවත් අපට එය අරුමයක් නොවන බව මින් ඉදිරිපත් කරමි





සංයුත්ත නිකාය.

සගාථ වර්ගය.

යක්ඛ සංයුත්තය.

ඉන‍දක හෙවත් යක්ඛ වර්ගය

01 ඉන‍්දක සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන‍දකුට පර්තයෙහි ඉන‍දක නමි යක‍ෂයාගේ භවනයෙහි වැඩවසන සේක.



ඉක්බිති ඉන‍දක යක‍ෂතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.



සමිබුදුවරයෝ රූපය ජීවය නොවෙයයි කියති. ඉදින් මෙ සත්ත‍වතෙම මෙ සිරුර කෙසේ නමි විඬීද? මෙ සත්ත‍වයාගේ ඇට හා මස්පිඩු කොයි සිට ඒද? මෙ සත්ත‍වතෙම :කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?



"පඨමං කලලං හෝති කලලා හෝති අබිබුදං

අබිබුදා ජායතේ පේසි පේසි නිබිබන්තතතේ ඝනෝ

ඝනා පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච"

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක, පළමුව ප්‍රතිසන‍ධි විඥානයත් සමග කලලය වෙ. ඒ කලලයෙන් අබිබුදය වෙ, ඒ අබිබුදයෙන් පේශිය හටගනී, ඒ පේශියෙන් ඝන නමි මස්පිඩක් හටගණී. ඒ ඝන නමිවූ මස්පිඩෙන් ඇගිලි පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොමිද. නියද හටගණී.



"තිලතේලස්ස යථා බින්දු සප්පි මණ්ඩෝ අනාවිලෝ

ඒවං වණ්න පටිභාගං කලලන්ති පවුචිචති.

තල තෙල් බිදුවක් යමු බදුද, පිරිසිදු ගිතෙල් බිදුවක් යමි බදුද, එබදු පැහැය හා සටහන ඇති දෙයකට කලලය යැයි කියනු ලැබෙ යන්න එහි තේරැමයි. විභංග අටුවාවේ මෙම කළලයේ ප්‍රමාණය දක්වා ඇත. "ජාති උණ්ණා නාම සුඛුමා තස්සා එකං සුනෝ පසන්ත තිලේ තේලං පක්ඛිපිත්වා උද්ධටස්ස පග්ඝරිත්වා අග්ගේ ඨිතබින්දු මත්තං"



මෙයින් කියවෙනුයේ හිමාලයේ වෙසෙන ඉතා සිහින් ලොමි ඇති ජාතිඋණ්ණා නමි එලුවන්ගේ ලොමි ගසක් තල තෙලේ ඔබාගත් විට එහි අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය මෙම කළලයේ ප්‍රමාණයට සමාණ බවයි.



දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.

ස්ත්‍රියක් හා පුරැෂයෙකු අතර ලිංගික සංසර්ගයේදි සමස්ථ ශුක්‍ර තරලය ඝන සෙමිටිමිටර 03ක පමණ ප්‍රමාණයක් ස්ත්‍රි ලිංගේන්ද්‍රිය තුලට මුදා හරිනු ලබයි. මෙම තරලයෙන් 10% ක් පමණ ශුක්‍රාණු ප්‍රමාණයක් අන්තර්ගත වන අතර එය සංඛයාත්මකව මිලියන 300 ක් පමණ වෙ. නමුත් මෙයින් ඩිමිබ සෛලය තෙක් ගමන සමිපුර්ණ කල හැක්කේ ශුක්‍රාණු 1000 ස් ගණනකට පමණි. මෙම සෛල වලට ඩිමිබය තෙක් ගමන් කිරිමට පැය 12 ත් 24 ත් අතර කාලයක් ගතවන බව දක්වා ඇත. මෙයින් ඩිමිබය වෙත ඇදි යනු ලබන ශුක්‍රාණු වලින් එකක් පමණක් එහි අග ඇති අග්‍රදේහයේ අන්තර්ගත එන්සයිම මගින් ඩිමිබයේ පටල සියල්ල ජිරණය කර ඩිමිබය තුලට ප්‍රවෙනි ද්‍රව්‍ය ඇතුලු කිරිම සිදු කරයි. මෙය සංසේචනය නමි වෙ. මෙ සමගම සත්ත්වයිගේ ප්‍රතිසන්ධි චිත්තය පහල වන බවත් කාය, වත්තු, භාව දශකයන්ද පහල විම සිදුවන බවත් දක්වා ඇත (මෙය පිළිබද වැඩිදුර තොරතුරැ ඊලග ලිපියෙන්) මෙ ආකාරයට සංසේචනයෙන් පසු ඇතිවන මෙම ව්‍යුහය සයිගොටය (Zygot) නමින් හදුන්වනවා මෙහි ප්‍රමාණය නැනෝමිටර 150 පමණ වෙ. විභංග අවුවාවෙ දක්කා ඇති මෙම ජාති උණ්ණා එලුවා‍ගේ ලොමට අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය හා මෙම කළලය හෙවත් සයිගෝටයේ ප්‍රමාණය අතර සමාණත්වය ඔබට දැන් පැහැදිලි වනු ඇත. බිජාන්න සහිත මෙම සයිගොටයේ වර්ණය තලතෙලේ පැහැය යැයි පැවසිම 100% ක් නිවැරදි වනු ඇත.එලෙසෙම මෙම සයිගොටයද තෙල් බිදුවක් මෙන් ගෝලාකාර වස්තුවකි. එබැවින් එහි වර්ණය හා හැඩය පිළිබද විස්තරය 100% ක් නිවැරදිය



පළමු සතිය

"සත්තාහං කළලං හෝති පරිපක්කං සමුහකං

විවටිටමානං තබිබාවං අබිබුදං නාම ජායති"



කළලය යන්න සතියක් පවතියි. එය මෙරිමට පත්වි සමුහාකාර වී කළලයේ ආකාරය අත්හැර අබිබුදය නමි දෙය වන්නේය" යන්න මෙහි තේරැමයි. අබිබුදය යන්නේහි තේරැම වන්නේ පෙණ පිඩ යන්න වෙ.



දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.

සංසේචනය (Fertilisation) විමත් සමගම මෙම සයිගොටයේ සෛල බෙදිමට පටන් ගනියි. එවිට එය හදුන්වන්නේ බිලාස්ටෝ සයිටය ලෙසයි. සංසේචනයෙන් දින 04 ක් හෝ 05 කට පසුව මෙම බිලාස්ටෝ සයිටයේ සෛල 100 කට වඩා වැඩි සංඛයාවක් ඇත.නමුත් මෙය තාමත් සයිගොටයේ හැඩයෙන් වෙනස්වි නැත. එය හදුන්වනු ලබන්නේ



මොරැලාව ලෙසය. දින 07 ක් වන විට මෙහි සෛල විශාල සංඛයාවක් ඇතිවි තිබෙ. ඒ අනුව කළලය යන්නෙහි මුලික වෙනස් කමි දර්ශනය වන්නට වන්නේ දින 07 කින් කීම 100% ක් නිවැරදිය. දින 07 ක් වන විට බිලාස්ටෝසයිටයේ සෛල සැලකිය යුතු විශාල සංඛයාවක් ඇති නිසා මෙය දර්ශනය වනුයේ පෙන පිඩුවක් හා සමාණවය. එමනිසා "කළලය මෙරිමට පත්වි සමුහාකාර වී කළලයේ ආකාරය අත්හැර අබිබුදය නමි දෙය වන්නේය" යන්නද 100% ක් නිවැරදිය.





02 වන සතිය

"සත්තාහං අබිබුදං හෝති පරිපක්කං සමුහකං

විවටංටමානං තබිභාවං පේසි නාමච ජායති"



"සතියක් අබිබුධය පවතියි. එය මොරා සමුහාකාර වුයේ ඒ ස්වභාවය අත්හරින්නේ පේශි නමි දෙය වන්නේය" යන්න එහි තේරැමයි



දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.

මෙ වන විටත් මෙම බිලාස්ටෝ සයිටයේ ඇතුලු සෛල පින්ඩය (inner cell mass) මගින් සෛල කපාහැරිම සිදුකරමින් මෙය වර්ධනය වෙමින් පවතියි. තවමත් ගර්භාෂ බිත්තිය මත රෝපනය විම සිදුවි නැති(Implantation) මෙය දිනත් 6 ත් 09 අතර කාලයකදි ගර්භාෂ බිත්තියේ රෝපණය විම සිදුවෙ. මෙය ගර්භාෂයේ රෝපනය වු පසුත් සතියක් පමණ මෙම බිලාස්ටෝසයිටයේ සෛල වර්ධනය වෙමින් පවතියි. නමුත් තාමත් මෙහි ඇත්තේ සෛල සිමිත සංඛයාවක් පමණි. එනමි එහි පෙන පිඩක හැඩය හෙවත් බුදුපියාණන් දේශනා කල පරිදි අබිබුදාකාරය එසේම පවතියි.ඒ නිසා අබිබුදය යන්න හෙවත් බිලාස්ටෝසයිටය සතියක් පවතියි යන්න 100% ක් නිවැරදි කියමණකි. එහි ආකාරය පෙනපිඩක් සේ දැක්විමද 100% ක්ම නිවැරදිය.



03 වන සතිය

"සත්තාහං පේසි භවති පරික්කං සමුහකං

විවටිටමානං තබිභාවං ඝනෝති නාම ජායති"



"පේශිය සතියක් පවතියි එය මොරා සමුහාකාර වන්නේ ඒ ස්වභාවය අතහරින්නේ ඝන නමි දෙය වන්නේය" යන්න මෙහි තේරැමයි.



දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.

දෙවන සතිය අවසාන වන විට පටකයන් විකසනය විම ආරමිභ වෙයි. ඒ අනුව අපිචිචද, අන්තශ්චද හා අන්තංචදය ඇතිවිම සිදුවෙ. (Ectoderm,mesoderm,endoderm) ඒ අනුව 03 වන සතිය අග භාගය වන විට මුල්ම අවයවයන් වන මොළය හා ශුෂුමිනාව ඇතිවිම ආරමිභ වෙ.



එවිට මෙම ව්‍යුහය මිලිමිටර 2 ක පමණ විශාලත්වයක් දරයි. අපිචිචද, අන්තශ්චද හා අන්තංචදය යනු පේෂි ඇති විමෙ ආරමිභක අවස්ථාවයි. එලෙසම මෙය දැන් විද්‍යාමාන වනුයේද කුඩා පේශියක් ආකාරයෙනි. එබැවින් පේශිය සතියක් පවතියි යන්න 100% නිවැරදිය.





04 වන සතිය.

"යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං

ඒවංඉ ඝනස්ස සනණ්ඨානං නිබිබත්තං කමිමපචිචයා"





"යමිසේ කිකිලියකගේ බිත්තරය හාත්පසින් වටවෙද, කර්ම හේතුවෙන් උපන්නාවු ඝනයාගේ සටහනද එසේය" යන්න මෙහි තේරැමයි.



දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.

පේශිය මෙ වන විට ඝනය බවට පත්වි ඇත. මෙතෙක් ඇසට නොපෙනෙන ප්‍රමාණයෙන් වු මෙම ව්‍යුහය දැන් ඇසට පෙනෙන ඝන වස්තුවක් බවට පත්වි ඇත. 04 වන සතිය වන විට මෙහි ප්‍රමාණය මිලිමිටර 5 ක් පමණ වෙ. 04 වන සතියට අදාල ස්කැන් රැපයක් සලකා බැලුවහොත්

එය විස්තර කිරිමට කිකිළි බිත්තරයක් උදාහරණයට ගැනිම තෙකරමි සාධාරණද යන්න ඔබට පෙනි යනු ඇත. එනමි ඝනයේ හැඩය ලෙස දක්වා ඇත්තේ හාත්පසින් වටවි ඇති කිකිළි බිත්තරයකි.





05 වන සතිය

"ඝනා පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච"





සතියක් පවතින්නාවු මෙම ඝනයේ පස්වන සතියේ අතු පහක් ඇතිවන බව මෙයින් ප්‍රකාශිතයි.



දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.

ඉතාමත් නිවැරදි ලෙස 05 වන සතිය වන විට අත් දෙකත්, පාද දෙකත් හිසත් හට ගන්නා නිසා. මෙම ඝනයෙන් අතු 05 ක් ඇති වන බව පැවසිම 100% නිවැරදිය. මෙ වන විට කළලය මිලිමිටර 8 ක් පමණ වෙ.බෲනය යනු මෙයයි. හෘර්ධ ස්පන්ධනයද මෙ වන විට ඇත. මෙම ඝනයා වර්ධනය විමෙන් කෙස් ලොමි නිය ආදියද ඇතිවන බව දක්වා ඇත. එනමි බෘනය විකසනය විමෙන් සත්ත්වයා වර්ධනය වන බව දක්වා ඇත.



"යං තස්ස භුජ්ජතේ මාතා අන්නං පානං ච භොජනං

තේන සෝ තත්ථ යාපේති මාතුකුචිඡිගතෝ නරෝ"



ඔහුගේ මව යමි ආහාරයක්, යමි පානයක් බොජුනක් වළඬාද, මවි කුසට පැමිණි ඒ සත්ත‍වතෙම ඒ ආහාර පානාදියෙන් ඒ මවි කුසෙහි යැපෙයි.



මෙ පිළිබදව නමි කිව යුත්තක් නැත. මව විසින් ආහාරයට ගන්නා පානය කරන්නාවු සියල්ල කලල බන්ධය හරහා දරැවාටද ඇතුලුවන බව අපි දන්නා කරැණකි.



මෙ අනුව පැහැදිලි වන්නේ තථාගතයානන් වහන්සේ දැනට වසර 2600 කට මත්තෙන් කෙතරමි ආශ්චර්‍යමත් ලෙස මවිකුස තුල කළලයක විකසනය දක්වා ඇද්ද යන්නවෙ.




සාකීර්ගේ විද්‍යා නිරුවත හා ඔහුගේ මාර්ගයේ නිරුවත අවබෝධයට මෙයම ප්‍රමාණවත් යැයි සිතමි.
 

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    කළු කුහර පිළිබඳව මහායාන බුදුදහමෙහි ගාර්ලන්ද සූත්‍රයේ tiyana dewaluth dapan machan issarhata
    good thread
     

    Similar threads