සාගර කතරේ දඩබිම

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සාගර කතරේ දඩබිම

    සාගර කතරේ දඩබිම

    ‘සමුදුරු සුවිසැරිය’
    ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි

    image_43b24a98b2.jpg

    ඩොල්ෆින් රංචුව
    image_92091e2027.jpg

    ලන්තෑරුම් මාළු රංචුව
    image_658eb75d7d.jpg

    ඩොල්ෆින් රංචුව ලන්තෑරුම් මාළුන් ආහාරයට ගනිමින්

    image_110e2d2e82.jpg
    ජීවය පිරුණු තැන සාගරයයි. පෘථිවිය, සියයට 70 කින් සාගරවලින් වැසී පවතී. කොරල් පර පසු කරමින් ඈතට යද්දී, දකින්න ලැබෙන්නේ විවෘත සාගරයයි. විවෘත සාගරයේ සැඟවීමට තැනක් ඇත්තේ නැත. ආහාර ද සීමිතය. එහෙයින්, ජීවිතය ද අසීරුය. බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඬේවිඞ් ඇටන්බරෝ ඉදිරිපත් කරන, බීබීසී නිෂ්පාදනයක් වන ‘බ්ලූ ප්ලැනට් 2’ වාර්තා වැඩසටහන් මාලාවේ සිවුවැනි කතාංගයට පාදක වන්නේ විවෘත සාගරය සහ එහි ජීවත් වන ජීවීන්ගේ විස්මිත තොරතුරුය.


    ස්පිනර් ඩොල්ෆින්

    මහා කාන්තාරයක් බඳු විවෘත සාගරයේ ජීවත් වන ඩොල්ෆින් රංචුවකි. මොවුන් ‘ස්පිනර් ඩොල්ෆින්’ යන නමින් හැඳින්වෙයි. ඩොල්ෆින් රංචුව සැමවිටම සිටින්නේ එකටය. කණ්ඩායමක් ලෙස කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීම ඩොල්ෆින් රංචුවට ශක්තියකි. ඒ නිසාම, කුමක් හෝ ආහාරයක් සොයා ගැනීම ඔවුන්ට අසීරු වන්නේ නැත. සෙසු සාගර ජීවීන් සේම, මෙම ස්පිනර් ඩොල්ෆින්ලා ද නිල් පැහැයෙන් දිදුළන විවෘත සාගරයේ නිත්‍ය සාමාජිකයන්ය. ආහාර දුලබ විවෘත සාගරයේ ඇතැම් ස්ථාන හිටිහැටියේ ජීවයෙන් පිරී ඉතිරෙයි. එහෙත්, එවැන්නක් සිදුවන්නේ ඉතාම කලාතුරකිනි.

    ලන්තෑරුම් මාළුවෝ

    කොස්ටා රීකාවට ඔබ්බෙන්, පැසිෆික් මුහුදේ බිලියන ගණනක් ලන්තෑරුම් මසුන් හිටිහැටියේ සාගරය මතුපිට කලාපයට පැමිණෙති. ලන්තෑරුම් මසුන් යනු හාල්මැස්සන් තරම් කුඩා මසුන් විශේෂයකි. මොවුන් සාමාන්‍යයෙන් ජීවත් වන්නේ ගැඹුරු මුහුදේ අඳුරේය. ලන්තෑරුම් මාළුවා යනුවෙන් මේ මත්ස්‍යයා හැඳින්වෙන්නේ අඳුරේ සිරුර දීප්තිමත්ව දකින්න ලැබෙන නිසාය. ප්‍රමාණයෙන් කුඩා වුවත්, ලන්තෑරුම් මසුන් රංචුවක් ගත් කළ එතැන බිලියන ගණනක් සිටී. ලන්තෑරුම් මසුන් කලාතුරකින් මුහුදේ මතුපිට සීමාව දක්වා පැමිණෙන්නේ ක්ෂුද්‍රජීවී ප්ලවාංග ආහාරයට ගැනීමටය. එසේත් නැතිනම් බිත්තර දැමීමටය. ක්ෂුද්‍රජීවී ප්ලවාංග ආහාරයට ගැනීමට මෙම මාළු රංචු වශයෙන් ඉහළට පැමිණෙන්නේ රාත්‍රියටය. ඒත් දැන් දිවා කාලයයි. දිවා කාලයේ ලන්තෑරුම් මසුන් දකින්න ලැබෙන්නේ කලාතුරකිනි. දැන් මොවුන් ඉහළට පැමිණ ඇත්තේ වර්ගයා බෝ කිරීම සඳහාය. ලන්තෑරුම් මසුන් ඩොල්ෆින්ලාට රස ආහාරයකි. බිලියන ගණනක් වුණු ලන්තෑරුම් මසුන් රංචුව, ඩොල්ෆින් රංචුවට කදිම අවස්ථාවකි.

    වේගය වැඩි කරයි

    පරාවර්තනය වන ශබ්දයෙන් යම්යම් දේ දැන ගැනීමට ඇති හැකියාව, ‘එකෝ ලොකේෂන්’ ලෙස හැඳින්වෙයි. සාගරයේ වෙසෙන ඩොල්ෆින් ඇතුළු ක්ෂීරපායීන් බොහොමයකට මෙම හැකියාව ඇත. බිලියන ගණනක් වන ලන්තෑරුම් මසුන් රංචුව සිටින තැන, ස්පිනර් ඩොල්ෆින් රංචුව දැනගන්නේ ඔවුන්ට ඇති මෙම සුවිශේෂී හැකියාවෙනි. නියමිත තැන දැනගත් සැණින් ඩොල්ෆිස් රංචුව එතැනට පිහිනයි. ඔවුන් රළ අතරින් වේගයෙන් ඇදෙයි. ඔවුන් ඉක්මන් විය යුතුව ඇත. ඊට හේතුව, විවෘත සාගරයේ ආහාර සොයමින් සිටින්නේ ඔවුන් පමණක් නොවෙයි. විවෘත සාගරයේ වෙසෙන එකම දඩයක්කරුවා ද ඩොල්ෆින් නොවෙයි.

    දඩයක්කාරයෝ

    කහ පාට වරල් ඇති ටූනා (කෙලවල්ලා සහ බලයා ටූනා මසුන් ලෙස සැළකෙයි) මසුන් රංචුවක් ද ලන්තෑරුම් මසුන් රංචුව වෙත පිහිනා එයි. ටූනා මසුන් පසුපස පිහිනා එන්නේ තවත් දඩයක්කාරයන් පිරිසකි. ඒ, මැන්ටා රේ හෙවත් යෝධ වවුල් මඩුවන් ය. කාටිලේජ මත්ස්‍ය විශේෂයක් ලෙස සැළකෙන මොවුන්ගේ ලය වරල් විහිදූ විට මීටර් දෙකකට වඩා වැඩිය. ටූනා මසුන් සහ මඩුවන්ට අමතරව තවත් මසුන් රංචුවක් ආහාර සොයා පැමිණෙයි. ඒ, මහ මුහුදේ ජීවත් වන වේගවත්ම මසුන් විශේෂයකි. ඔවුන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ‘සේල් ෆිෂ්’ යන නමිනි. රුවලක් ආකාරයේ උස පෘෂ්ඨීය වරලක් සහිත ප්‍රමාණයෙන් විශාල සේල් ෆිෂ් මසුන් අපට හුරුපුරුදුය. අප සිංහලෙන් උන් හඳුන්වන්නේ ‘තලපතා’ යනුවෙනි.
    image_ebba504041.jpg


    මහ දඩයම

    වර්ගයා බෝ කිරීමෙන් පසු, දැන් කොයිමෙහොතේ හෝ ලන්තෑරුම් මසුන් යළි අඳුරු මුහුදු පතුලේ ඔවුන්ගේ සුපුරුදු වාසස්ථාන බලා පිහිනා යෑමට නියමිතය. එහෙත්, ඩොල්ෆින් රංචුව වේගවත්ය ඔවුන් දැන් ගොදුර වෙත පැමිණ අවසන්ය. ඩොල්ෆින්ලා, ලන්තෑරුම් මසුන් රංචුව ආහාරයට ගන්නේ එම රංචුව යටින් ගොසිනි. ඒ, උන් පහළට යෑම වළක්වමිනි. දඩයම ඇරැඹි සාගරය සුදු පැහැ පෙණ පිට කරමින් බුබුළු නගමින් කැළැඹීමට පටන් ගනී. ටූනා මසුන් රංචුව, ගොදුර වෙත කඩා පාත් වන්නේ පැයට සැතපුම් 40 කට වැඩි වේගයකිනි. තලපත් රංචුව ද ගොදුර වෙත පැමිණ ඇත. සෙමින් සෙමින්, වරල් සලමින් පිහිනන මඩුවන් ගොදුරට පැමිණෙන්නේ අන්තිමටය. මඩුවන් යෝධ මුඛය අයාගෙන උන් එක පොදියට ලන්තෑරුම් මසුන් සිය ගණනින් ගිල දමයි. සෙමින් සෙමින් බිලියන ගණනක් වුණු ලන්තෑරුම් මසුන්ගේ ගහණය අඩු වෙමින් පවතී. ඉතිරි එකා දෙන්නා ද වේගවත් තලපත් මසුන් රංචුවගේ ගොදුරු බවට පත් වෙයි. විනාඩි 15 ක් වැනි කෙටි කාලයකින් සියල්ල අවසන් වෙයි. ලන්තෑරම් මාළු රංචුව ගොදුරු බවට පත් වී අවසන් ය. ඉතිරි වන්නේ උන් කිහිප දෙනකුගේ රිදී පැහැති කොරපොත් පමණි. නිල් පැහැයෙන් දිදුළන, සුපැහිදිලි, දීප්තිමත් විවෘත සාගරයේ මෙවැනි ‘මහ දඩයම්’ සිදුවන්නේ බොහොම කලාතුරකිනි. බීබීසී නිර්මාණකරුවන්ට එවැනි දඩයමක් රූගත කිරීමට හැකිවීම සැබැවින්ම විස්මිතය. කලාතුරකින් වුවත් ඩොල්ෆින් රංචුවට බඩකට පිරෙන්න හොඳ ආහාරයක් ලැබුණි. කෙසේ නමුත් විවෘත සාගරය ජීවිතය කොටගත් හැමෝටම මෙවැනි අවස්ථා උදාවන්නේ නැත. වෙනත් සාගර ජීවීන්ට, මේ සාගර කාන්තාරයේ ආහාර වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දැරීමට ද සිදුවෙයි.

    නිදන යෝධයෝ

    සාගරයේ නිදන දැවැන්තයන් පිරිසකි. ස්පර්ම් වේල් තල්මසුන්. ‘මන්දා තල්මහ’ සහ ‘කිරි තල්මහ’ යනුවෙන් සිංහලෙන් මොවුන් හැඳින්වෙයි. අපේ කතාවට සම්බන්ධ කිරි තල්මසුන් පවුල නිදා සිටින්නේ මහ මුහුදේ සිටවූ යෝධ කුලුනු ආකාරයටය. මොවුන් මෙසේ නිදාගන්නේ ඊළඟ ආහාර වේල සොයා ගන්නා තෙක් විවේක ගැනීමක් ලෙසිනි. සාගරයේ වෙසෙන විශාලතම ක්ෂීරපායී ජීවියා තල්මසාය. ප්‍රමාණයෙන් විශාල මොළයකට ද හිමිකම් කියන මෙම කිරි තල්මසුන් නින්දේදී සිහින දකිනවාද ? එසේ නම් ඔවුන් සිහින දකින්නේ මොනවා ගැනද ? එවැනි ප්‍රශ්නවලට අපට පිළිතුරු නැත. මෙම කිරි තල්මසුන් පවුලේ අම්මා කෙනකුට පැටවකු ද සිටී. පැටවාගේ වයස සති දෙකක් පමණය. තවමත් යැපෙන්නේ මවු කිරිවලිනි. අම්මා නිදි වුණත්, පැටවා අවදියෙනි. පැටවාට කුසගිනි දැනෙයි. පැටවා අම්මා අසල දැවටෙමින් ‘ක්ලික්’ හඬින් ඇය සමඟ සන්නිවේදනයේ යෙදෙයි. තල්මසුන් කතාබහ කරන්නේ එසේත් නැතිනම් සන්නිවේදනයේ යෙදෙන්නේ ‘ක්ලික්’ හඬක් පිටකරමිනි. පැටවාගේ ‘ක්ලික්’ හඬ අම්මාට වගක් නැත. ඇය තවමත් නින්දේය. පැටවාට දීමට කිරි අම්මා සතුව නැත. කිරි දීමට නම් පළමුවෙන් ඇය කුස පුරවාගත යුතු වෙයි.

    image_c494ea8bdc.jpg


    ගැඹුරු පතුළට

    නින්ද අවසන්ය. නින්දෙන් පිබිදෙන කිරි තල්මසුන් රංචුව ගොදුරු සෙවීම අරඹයි. කොතරම් අසීරු වුවත්, තල්මස් අම්මා ද හැකි තරම් කුස පුරවාගත යුතු වෙයි. ඇගේ පැටවාට කිරි අවශ්‍යය. ගොදුරු තමන් වෙත පැමිණෙන තෙක් කිරි තල්මසුන් බලා සිටින්නේ නැත. ඔවුන් කරන්නේ ගොදුර සිටින තැනට යෑමය. මේ අවස්ථාවේදී, තල්මසුන් රංචුව මුහුදු පතුළට යෑමට සැරැසෙයි. ඒ, දැල්ලන් ආහාරයට ගැනීමටය.

    අම්මයි පැටියයි

    පළමුවෙන් මුහුද මතුපිටට ගොස් හොඳින් හුස්ම ගැනීමපසිදු කරයි. ප්‍රමාණවත් තරමට ඔක්සිජන් පුරවා ගනිමින් තල්මසුන් පතුළ බලා පිහිනයි. ඒ දැල්ලන් සොයමිනි. පුංචි තල්මස් පැටවා ද දඩයමට එක් වී සිටී. අසීරු කාර්යයක් වුවත්, තල්මස් අම්මා පැටවා ගැන සිතමින් පහළට ඇදෙයි. කුසට ආහාර අවශ්‍ය වුවත්, තල්මස් අම්මා පැටවාගේ ආරක්ෂාව ගැනත් බැලිය යුතුය.

    මුහුදේ ගැඹුරට යෑම තල්මස් පැටවාට වෙහෙසකරය. උගේ පුංචි සිරුරට එය දරා ගත නොහැකිය. කෙසේ නමුත් පැටවා අම්මා සමඟ පහළට ඇදෙයි. පැටවා පිහිනන්නේ අම්මාගේ සිරුරේ ස්පර්ශ වෙමිනි. ඒ, තමා ළඟ සිටිනා බව අම්මාට දැනෙන්න සළස්වමිනි. තල්මසුන් රංචුව දැන් සිටින්නේ මීටර් 300 ක් ගැඹුරු මූදු පතුළේය. ඔවුන් තවත් පහළට ඇදෙති. පැටවාට තව දුරටත් හුස්ම අල්ලාගෙන සිටීම කළ නොහැකිය. පැටවා ආපසු හැරී මුහුද මතුපිටට පිහිනයි. අම්මාට ආපසු හැරෙන්න බැරිය. එසේ කළොත් පැටවා බඩගින්නේය. අම්මා දිගටම පහළට යයි. මේ පුංචි පැටවා වැනි තල්මස් පැටවුන්ට බොහෝ අවස්ථාවලදී මෙවැනි දඩයම් මඟ හැරෙයි. ඉහළට ඇදෙන පැටවා ජලය මතුපිටින් කරණමක් ගසා හොඳ හුස්මක් ගනී. දැන් පැටවා ඉහළට වී අම්මා එනතෙක් බලා සිටී.

    පුංචි කැස්බෑ පාටවෙක්, බිත්තරයෙන් එළියට පැමිණ සති කිහිපයකි. පැටවා හුදෙකලාව පිහිනයි. වෙරළාශ්‍රිත මුහුදේ අනතුරුවලින් කෙසේ හෝ දිවි බේරා ගනිමින්, මෙම කැස්බෑ පැටවා දැන් විවෘත සාගරයට පැමිණ සිටී. ජීවය ආරම්භ කළ පළමු මාස කිහිපයේ දී කැස්බෑ පැටවාගේ ආහාරය වන්නේ ක්ෂුද්‍රජීවී ප්ලවාංගය. කෙසේ නමුත් දැන් දැන් පෝෂණයෙන් වැඩි ඝන ආහාර කැස්බෑ පැටවාට අවශ්‍ය වෙයි. බිත්තර පුපුරා පිටතට පැමිණ, අනතුරුවලින් බේරී සාගරයට යන කැස්බෑ පැටවුන් ඔවුන්ගේ මුල් කාලයේ අවුරුදු ගණනාවක් අතුරුදන්ව වෙයි. කැස්බෑවුන්ගේ ගැටවර අවදිය ගැන සාගර ජීවීන්ට අබිරහසක් වී තිබුණි.

    දැල්ලන් දඩයම

    අම්මාත් සෙසු වැඩුණු තල්මසුන් කණ්ඩායමත් දඩයම කරා ඇදෙයි. ඔවුන් සමින් තවත් පහළට පිහිනයි. තල්මස් අම්මාගේ ‘ක්ලික්’ හඬ වෙනස් වෙයි. එම හඬ වඩා වේගවත් වෙයි. ත්‍ිව්‍ර වෙයි. ඇයත් සෙසු තල්මසුන් රංචුවත්, ඩොල්ෆින් රංචුව කළාක් මෙන් සෝනාර් ක්‍රමයට පහළ සිටින දැල්ලන් සොයයි. මීටර් 800 ක් ගැඹුරට යද්දී, නිකුත් කරන ක්ලික් හඬ තවත් වේගවත් වෙයි. ඊට පසු දැඩි නිහඬතාවක් රජයයි. අඳුරු පතුලේ දී තල්මස් අම්මා ගොදුරු අල්ලා ගනී. ඇය ඇතිතරම් දැල්ලන් ආහාරයට ගනී. පැටවා මුහුද මතුපිට කලාපයේ අම්මා එනතෙක් බලා සිටී. පැටවාට බොහෝ වේලාවක් අම්මා නැතිව බලා සිටීමට සිදුවෙයි. ගැඹුරු මෙන්ම අඳුරු පතුළට ගිය අම්මා ආපසු පැමිණෙන්නේ පැයකට පමණ පසුවය. ඇගේ කුස දැල්ලන්ගෙන් පිරී පවතී. දැන් බඩගිනි පැටවාට ඇති තරම් කිරි බොන්න පුළුවනි. තල්මස් අම්මා කෙනකුගෙන් වෑහෙන කිරිවල ඇති පෝෂණය, වෙන කිසිම ක්ෂීරපායී සතකුට නැති බව පැවැසෙයි. ගැඹුරු මුහදේ දඩයම් කිරීමටත් තනිවම ආහාර ගැනීමටත් පැටවාට තවත් අවුරුදු හයක් පමණ බලා සිටීමට සිදුවනු ඇත.

    image_fc6d5697bf.jpg


    කැස්බෑවාගේ කතාව

    පුංචි කැස්බෑ පාටවෙක්, බිත්තරයෙන් එළියට පැමිණ සති කිහිපයකි. පැටවා හුදෙකලාව පිහිනයි. වෙරළාශිත මුහුදේ අනතුරුවලින් කෙසේ හෝ දිවි බේරා ගනිමින්, මෙම කැස්බෑ පැටවා දැන් විවෘත සාගරයට පැමිණ සිටී. ජීවය ආරම්භ කළ පළමු මාස කිහිපයේ දී කැස්බෑ පැටවාගේ ආහාරය වන්නේ ක්ෂුද්‍රජීවී ප්ලවාංගය. කෙසේ නමුත් දැන් දැන් පෝෂණයෙන් වැඩි ඝන ආහාර කැස්බෑ පැටවාට අවශ්‍ය වෙයි. බිත්තර පුපුරා පිටතට පැමිණ, අනතුරුවලින් බේරී සාගරයට යන කැස්බෑ පැටවුන් ඔවුන්ගේ මුල් කාලයේ අවුරුදු ගණනාවක් අතුරුදන්ව වෙයි. කැස්බෑවුන්ගේ ගැටවර අවදිය ගැන සාගර ජීවීන්ට අබිරහසක් වී තිබුණි.

    සාගර ගම්මාන

    විවෘත සාගරයට පාවී එන ඕනෑම දෙයක් කේන්ද්‍ර කොට ගනිමින් ජීවය එක් රොක් වෙයි. දිරාපත් වී ගිය ගස් කඳ කැබැල්ලක් ඊට හොඳ උදාහරණයකි. විවිධාකාරයේ මත්ස්‍ය විශේෂ එකට එකමුතුව ජීවත් වන මෙවැනි ස්ථාන කුඩා ගම්මාන වැනිය. ගස් කඳ කැබැල්ල සාගරයේ පා වීමට පටන්ගෙන වසර කිහිපයකි. දැන් එය සාගර ජීවී ප්‍රජාවක කේන්ද්‍රස්ථානය වෙයි. පෆර් ෆිස් මසුන් රංචුවක් ද එහි පැමිණ ඒ අසල ජීවත් වෙයි. පාවෙන ගස් කඳ පුංචි කැස්බෑවා සොයමින් සිටි තැනකි. මුහුදු ශාක, බෙල්ලන්, කවචයන්ගෙන් ද එය පිරී පවතී. වැදගත්ම දේ ආරක්ෂිතව රැඳී සිටින්න ලැබීමය. තරුණ රිදී මෝරකු ද මෙම ප්‍රජාව වෙත පැමිණ සිටී. ඌ මසුන් ප්‍රජාව අතරේ පිහිනා යන්නේ ආහාරයට ගන්නේ කවුරුන්දැයි තෝරමිනි. ඌ කැස්බෑවාගේ එක් වරලකින් ද අල්ලයි. ආහාරයට ගැනීමට මෝරා ප්‍රිය කරන කිසිවකු මෙතැන නැත. ඌ කැස්බෑ පැටවා ද ප්‍රිය කරන්නේ නැත. මෝරා පිහිනා යයි. කැස්බෑ පැටවා තවත් වසර ගණනාවක්, වැඩිවිය පැමිණෙන තෙක් මේ ගස් ලී කඳ නවාතැන කර ගනිමින් ජීවත් වෙයි.




    ලුසිත ජයමාන්න
    බී.බී.සී. නිෂ්පාදනය කළ
    බ්ලූ ප්ලැනට් 2 ඇසුරිනි
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    සාගරයේ නිදන දැවැන්තයන් පිරිසකි. ස්පර්ම් වේල් තල්මසුන්. ‘මන්දා තල්මහ’ සහ ‘කිරි තල්මහ’ යනුවෙන් සිංහලෙන් මොවුන් හැඳින්වෙයි. අපේ කතාවට සම්බන්ධ කිරි තල්මසුන් පවුල නිදා සිටින්නේ මහ මුහුදේ සිටවූ යෝධ කුලුනු ආකාරයටය. මොවුන් මෙසේ නිදාගන්නේ ඊළඟ ආහාර වේල සොයා ගන්නා තෙක් විවේක ගැනීමක් ලෙසිනි. සාගරයේ වෙසෙන විශාලතම ක්ෂීරපායී ජීවියා තල්මසාය. ප්‍රමාණයෙන් විශාල මොළයකට ද හිමිකම් කියන මෙම කිරි තල්මසුන් නින්දේදී සිහින දකිනවාද ? එසේ නම් ඔවුන් සිහින දකින්නේ මොනවා ගැනද ? එවැනි ප්‍රශ්නවලට අපට පිළිතුරු නැත. මෙම කිරි තල්මසුන් පවුලේ අම්මා කෙනකුට පැටවකු ද සිටී. පැටවාගේ වයස සති දෙකක් පමණය. තවමත් යැපෙන්නේ මවු කිරිවලිනි. අම්මා නිදි වුණත්, පැටවා අවදියෙනි. පැටවාට කුසගිනි දැනෙයි. පැටවා අම්මා අසල දැවටෙමින් ‘ක්ලික්’ හඬින් ඇය සමඟ සන්නිවේදනයේ යෙදෙයි. තල්මසුන් කතාබහ කරන්නේ එසේත් නැතිනම් සන්නිවේදනයේ යෙදෙන්නේ ‘ක්ලික්’ හඬක් පිටකරමිනි. පැටවාගේ ‘ක්ලික්’ හඬ අම්මාට වගක් නැත. ඇය තවමත් නින්දේය. පැටවාට දීමට කිරි අම්මා සතුව නැත. කිරි දීමට නම් පළමුවෙන් ඇය කුස පුරවාගත යුතු වෙයි.

    පව්..... :(
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මේ සංසාර ගමන දුකක් කිව්ව කතාව ඇත්ත.. :sorry: අම්මෝ...
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඕක බැලුවා නම් රැල්ළ පාගන්නවත් මුහුදට බහින්න හිතෙන් නෑ. මුහුද යට නම් සුන්දර ලෝකයක් තියෙන්නේ. විඩියෝ quality එක ගැන නම් කියලා වැඩක් නෑ. පට්ටම පට්ටයි. අන්තිමට ලංකාවේ මුහුදේ තල්මස්සු ගැනත් තියෙනවා. සිංහල සබ් ඔ්න නම් බයිස්කෝප්lk එකේ තියෙනවා. බැලුවට පාඩුවක් නෑ.
     
    Last edited: