සාදික්කා

saturn

Well-known member
  • Mar 21, 2015
    5,339
    9,100
    113
    Around the world
    [FONT=&quot]Myristica fragrans[/FONT][FONT=&quot]යන විද්‍යාත්මක නාම‍යෙන් හඳුන්වන සාදික්කා[/FONT][FONT=&quot], Myristicaceae [/FONT][FONT=&quot]කුලයට අයත් ශාකයකි.[/FONT][FONT=&quot] සංස්කෘත භාෂාවෙන් ජාතිඵල ලෙසද ඉංග්‍රීසි භාෂාවෙන් [/FONT][FONT=&quot]Nut meg [/FONT][FONT=&quot]ලෙසින් ද සාදික්කා ව්‍යවහාරික වේ.[/FONT][FONT=&quot] ශාකය මීටර් 10-20ක් අකර වේ. පත්‍ර අදුරු කොළ පැහැ දිලිසෙන සුලු වේ. ඵලය මාංසල වන අතර කොළ කහ පැහැතිය. ඵලය තුළ දුඹුරු පැහැ තද ගතියෙන් යුත්[/FONT][FONT=&quot] බීජය සහ ඒ මත රතු පැහැති වසාවාසි නමින් හැදින්වෙන කොටස පිහිටා ඇත. වියළාගත් සාදික්කා බීජය මෙන්ම බීජ ආවරණය ද කුඩු වශයෙන්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කුළු බඩු වර්ගයක් ලෙස භාවිතා වේ.[/FONT][FONT=&quot]සාදික්කා පැළය නැගෙනහිර ඉන්දුනීසියාවේ බිහිවුන අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය ලංකාවට හඳුන්වා දී ඇත්තේ [/FONT][FONT=&quot]19 [/FONT][FONT=&quot]වෙනි සියවසේ මුල් භාගයේදීය.[/FONT][FONT=&quot] ශ්‍රී ලංකාවෙ මධ්‍යම කඳුකරයේ බහුල වුවද තෙත් හා අතරමැදි කලාපයේ ද බොහෝවිට දක්නට ලැබේ.[/FONT][FONT=&quot]
    [/FONT]

    sa4.jpg


    sa2.jpg
    sadikka1.JPG


    [FONT=&quot]සාදික්කා ගසෙහි පළිබෝධ හෝ රෝග කිසිවක් නැත. මෙය බීජ මඟින් ම පැළ ලබා ගනී.බෝ කර ගනී. අතුපතර විහිදෙන විශාල ශාකයකි. මිශ්‍ර වගාවක් ලෙස තේ වතු වල ද වගා කල හැකිය.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සාදික්කා ගසක ගෙඩි කීපයක්ම පැලුණු පසු හෝ පැලීමට ආසන්න වූ විට දී ගෙඩි නෙලා ගැනීමේ කාලය එලැඹේ. මෙහිදී සාදික්කා ඇටය ගෙඩියෙන් වෙන් කර ඇටය වටා ඇති රතු පැහැති වසාවාසිය ද වෙන් කර මෙම කොටස් [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]ම වෙන් වෙන්ව අව්වේ වියළා ගත යුතුවේ.[/FONT][FONT=&quot]
    [/FONT]
    sa2.jpg


    [FONT=&quot]සාදික්කා ගසෙන් කුළු බඩු වර්ග [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]ක් ලබා ගත හැකිය. සාදික්කා ඇටයේ මදය හා ඇටය වටා දැලක් සේ ඇති රතු පැහැති වසාවාසි කොටසයි. මීට අමතරව එහි මාංශල ලෙල්ල මඟින් රසවත් කෑම බොහෝමයක් සාදා ගත හැක.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] ලෝකයේ හොඳ ඉල්ලුමක් ඇති කුළුබඩුවක් ලෙස සාදික්කා හැඳින්විය හැකිය. සාදික්කා දේශීය වෙදකමෙහි හා ආයුර්වේදයේ මෙන්ම වෙනත් ඖෂධ නිෂ්පාදන වලදී ද වැදගත් වේ. සාදික්කා බීජ මදය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙහි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලුණු හෝ ජලය බිංදු කීපයක් සමඟ උරගා ගැනීමෙන් උදරාබාධ වලට ඖෂධයක් ලෙසින් පාවිච්චි කල හැක.[/FONT]

    [FONT=&quot] සාදික්කා පිළිබද පර්යේෂණ රාශියක් මෙහෙය වන මාතලේ බණ්ඩරපොළ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මේ වන විට සාදික්කාවලින් ජෑම්, පානීය වර්ග,සුවද වර්ග ආදී නව නිෂ්පාදන රාශියක් හදුන්වාදී ඇත.[/FONT]


    [FONT=&quot]පී.ඩී.පී.ධනසේන[/FONT]
    [FONT=&quot]විද්‍යා හා තාක්ෂණ නිලධාරී[/FONT]