
#නිරය, ප්‍රේත ලෝක, තිරිසන් ලෝක පසුකර ගෙන පැමිණ අවු 60-70 වැනි කෙටි කලකට ලද මෙි දුර්ලභ මිනිස් දිවිය., කාල, බීල, විනෝද වෙලා, කසාද බැඳල, දරැවන් හදල ජීවත් ව මිය යන සරල දෙයක් ලෙස පෙනුනත් ඔබ මා මෙි ගෙවා දමන්නේ කල්ප කෝටි ප්‍රකෝටි ගණනින් අතීශය දීර්ඝ වූ සතර අපාය මහගෙදර කරගත් දුක්ඛිත සසරක අතීශය දුර්ලභවූ පුණ්‍ය නිමෙිශයකි.
#දහමි මඟ දියුණු නොකොට හිස් අතින්ම මිය පරලොව ගිය හොත් අහිමි වන්නේ සසරින් එතෙරවීමට කල්ප ගණනක් තිස්සේ ඔබ බලා සිටි ඒ අතීශය දුර්ලභ වූ පුණ්‍ය නිමෙිශයයි.! සමිබුද්ධ ශාසනයයි.! ලද ඒ බුද්ධෝත්පාද ක්ෂණය ගිලිහී යාමට නොදී අප්‍රමාදීව ධර්ම මාර්ගය වඩන්න.! මෙි ක්ෂණය නැවත ඔබ වෙත කල්පාන්තරයකටවත් නොඑනු ඇත.
"තුමිහේහි කිචිචං ආතප්පං
අක්ඛාතාරො තථාගතා"
#තථාගතයන් වහන්සේට කලහැක්කේ මග කියාදීම පමණි. එය සොයාගත යුත්තේ ඔබ විසින්ම ය. ඔබ ඔබලා විසින්ම වීර්ය කොට එය අවබෝධ කල යුතු වන්නේය.
"අජ්ජේව කිචිචං ආතප්පං
කෝ ජඤ්ඤා මරණං සුවෙි"
#අද අදම සසර දුකින් මිදීම සඳහා උත්සාහ ගත යුතුය. හෙට මරණය සිදුවෙි දැයි කවුරැ දනීද? හෙට නොව තව මොහොතකින් මරණය සිදුවෙි දැයි කාට නමි කිව හැකිද ?
අප්‍රමාදී වෙත්වා.!
