Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
සාබී රණශූරයන් - a true story part iii
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාබී රණශූරයන් - a true story part iii

පළමු හා දෙවන කොටස්:- http://www.elakiri.com/forum/showthread.php?t=1906094

ස්පාර්ටා ප්රයිඩ් එකෙන් පිටුවහල් කල මපෝගෝ සහෝදරයන් දැන් ගතකරන්නෙ අස්ථාවර සමයක්. අප්රිකානු තුරු ගොමු තුල රැහැ අහිමිවු සිංහයන්ට ඇති අණතුරු බොහෝමයි. එයින් ප්රධානතම අනතුර තමයි වෙනත් කෝලිශන් එහෙක ප්රහාරයකට ලක්වීම. තමන්ට කියා වාසභුමියක් නොමැති මේ සිංහයන් ගතකරන්නෙ අහිකුණ්ඨක ජීවිතයක්. එදා වේල සොයා ගැනීමට විවිධ අයිතිකරුවන් සතු දඩබිම් තුල රැඳී සිටීම පවා මරණය අභියසට යෑමක්. මපෝගෝස් සහෝදරයන්ගෙ තරුණ කෝලිශන් එක සිංහයන් හය දෙනෙකුගෙන් සමන්විත වුනාට වර්ගයා සමඟ සටන් වලට ඔවුන් තාමත් හුරු නැහැ එමෙන්ම ඒ සඳහා ඔවුන් තවමත් ශක්තිමත් නැහැ. වැඩුණු සිංහයන් දෙදෙනෙකුගෙ කෝලිශන් එහෙකට පවා මපෝගෝස්වරු දමනය කිරීම එතරම් අසීරු නොවන්නෙ වනයේ බොහෝ නියාමයන් ක්රියාත්මක වන්නෙ අත්දැකීම් තුල නිසා.

මේ කාලය අතරතුර ටී සහ කින්කි අනෙක් සහෝදරයන් අභිබවා ප්රචණ්ඩත්වය පෙන්නුම් කිරීම අරඹනවා. සෑම දඩයමකම ප්රධාන ප්රහාරකයන් දෙපල වන මේ දෙසොහොයුරන් සිංහයන් සය දෙනා අතරින් බාලයන් දෙදෙනා වුවත් ඔවුන්ගෙ ප්රචන්ඩත්වයට ලඟා වීමට අනෙක් සොහොයුරන් අසමත්. එතරම්ම දරුණු සිංහයන් බවට ටී සහ කින්කි පරිවර්තනය වීම ඇරඹෙනවා. (ප්රචණ්ඩත්වය සහ දරුණු බව හෝමෝ සේපියානුවන් ලෙස අපට සාපේක්ෂව අප නිමානය කරත් සිංහයන්ට සාපේක්ෂව එය ඉතාමත් හොඳ දෙයක්... ඔවුන් ප්රචණ්ඩත්වයෙන් අසමසම වීම යනු ඔවුන් හොඳ සිංහයන් බවට පත්වීමයි). ටී සහ කින්කි එලෙස ප්රචණ්ඩ වන අතර වැඩිමහල් මපෝගෝවරයා වන මකුළු ඔවුන්ට හාත්පස වෙනස් චර්යා රටා පෙන්වනවා. මකුළු යනු විශාල සිංහයෙක් (සිංහයන්ගෙ පරිමාණයෙන් ගත්තත්) එ වගේම මකූළු කළු කේශර උරුමයක් ලද්දෙක්. කළු කේශර යනු සිංහන් තුල ටෙස්ටොස්ටෙරෝන් ප්රවණතාවන් පෙන්වන රූපීය සාධකයක් බව සත්වවේදීන් අතර පිලිගැනීමක් තිබෙනවා. එහි යාන්ත්රණය වන්නෙ ටෙස්ටොස්ටෙරෝන් වැඩියෙන් සතු සිංහයෙකු සටනකදි වාසි තත්වයක් ලබන බවයි. උදාහරණයකට රන්වන් කේශර සතු සිංහයකු සහ කළු කේශර සතු සිංහයෙකු අතර සටනක් පැවතියොත් ලියන්නා වුවද කැට තබන්නේ කළු කේශර ලද සිංහයාගෙ ජයග්රහණය මතයි. මකුළු විශාල සිංහයෙක් වූවත් ඉතාමත් විමසිලිමත් සිංහයෙක්. මපෝගෝස් කෝලිශන් එක තුල නිරායාසයෙන්ම මකුළුට මුල් තැන ලැබෙන්නේ මේ නිසා. ප්රමාණය, ශක්තිය, සිතීමේ හැකියාව සමඟ අනෙක් සිංහයන්ට නොමැති ආවේග මැඩපවත්වා ගැනීමේ හැකියාවක් මකුළු සතුව තිබුනා. කලකට ඉහතින් වෙස්ට් ස්ට්රීට් කෝලිශන් එක මකුළුව ස්පාර්ටා රැලට ඇතුල් කරගන්නට ඉඩදුන් අවස්ථාවෙත් මකුළු මේ සාමකාමී බව ප්රකට කල සිංහයෙක්.

ක්රමයෙන් මපෝගෝස් සහෝදරයන් සාමාන්ය සිංහ චර්යාවන් අභිබවා යෑම ඇරඹුනා. සිංහයන් දෛනික ආහාර වේලට ඇතුල් කරගැනීමට පසුබටවන කුළුමීමන් මපෝගෝස්වරුන්ගෙ ප්රධානම ආහාරය. ඊට අමතරව මාංශ පර්වත මෙන් වූ ජිරාෆයන් , බිහිසුණු හිපොපොටේමස් සතුන්, රයිනෝසිරස් සතුන්, අප්රිකානු අලි ක්රමයෙන් මපෝගෝස්වරුන්ගෙ දඩයම් බවට පත්වුනා. මේ දඩයම් රටාව සිංහයන්ට සාමාන්ය දඩයම් රටාවක් නොවෙයි. විශාල සතුන් එලෙස විශාල අනුවර්තන සමඟ පරිණාමය වී ඇත්තෙ විශාල විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට. නමුත් පරිණාමික සැකැස්ම තමන්ගෙ වාසියට පෙරලා ගැනීමට මපෝගෝස්වරු සමත්වනවා. අදටත් අප්රිකානු ට්රැකර්වරයෙකු හෝ වන නියාමකයෙකුගෙන් මපෝගෝස්වරු ගැන විමසු විට 'අසාමාන්ය' පදය ඔවුන් භාවිතා කරන්නෙ මේ නිසයි.

වර්ශය 2006... මපෝගෝස්වරු ඔවුන්ගෙ දඩබිම් අයිතිය සඳහා සටන් කිරීමට දැන් පරිණතයි. මකූළුගෙ නායකත්ව යටතේ ඔවුන් සාබී සෑන්ඩ් උතුරු දඩබිම් වෙත සිය ගමන අරඹනවා. සාබී උතුරු කෙලවර මන්යෙලාටී නදියේ අතු ශාඛාවකට ඔබ්බෙන් පිහිටන්නේ. මේ කොටස සින්ගිටා ලෙස හඳුන්වන්නේ. සින්ගිටා ඇතුළු සාබි උතුරු පෙදෙස මන්යෙලාටි නදියෙන් පෝෂවන සාරවත් ප්රදේශයක්. කුළුමීමුන්, ජිරාෆයන්, ඇන්ටිලෝපයන් ගහන මේ සාරවත් ප්රදේශයේ අණසක පතුරාවගෙන සිටියෙ සිංහයන් හතරකගෙන් යුතු උතුරු කෝලිශන් එක. සාමාන්යයෙන් ආගන්තුක සිංහයන් වෙනත් කෝලිශන් එකකට අයත් ප්රදේශයකට පැමීණෙන විට නිහඬව පැමිණෙන මුත් මපෝගෝස්වරුන් උතුරු දෙසට කඩා වදින්නෙ ගර්ජනා කරමින්. මන්යෙලාටි නදියෙන් උතුරු පෙදෙස මපෝගෝස් ගර්ජනා වලින් දෙවනත් කරමින් උතුරු කෝලිශන් එකට පහර දෙන මපෝගෝස්වරු උතුරු කෝලිශන් එකේ පලමු සිංහයා මරා දැමීමත් සමඟ ඉතුරු සාමාජිකයන් තිදෙනා සිය දඩබිම් තුලින් පලා යනවා. එක් සාමාජිකයෙක් රහිතව සිංහයන් හයකින් සමන්විත තරුණ මපෝගෝස්වරුනට මුහුණ සීමට ඔවුන් අසමත්. මිය යන උතුරු කෝලිශන් එකේ සාමාජිකයාට දරුණු ප්රහාර එල්ල කිරීමට මිස්ට ටී, කින්කි ඇතුලු සාමාජිකයන් වගබලා ගන්නවා. මේ තමයි මපෝගෝස්වරුන් ජයගත් පලමු දඩබිම. උතුරු කෝලිශන් සිංහයෙකුගෙ හිස දරුණු ලෙස සපා සිටින කින්කි ගෙ ඡායාරූපය ඉතාමත් ප්රසිද්ධ ඡායාරූපයක්. ටීගෙ සහෝදරයා කින්කිගෙ බිහිසුණු බව කදිමට කියාපාන මේ ඡායාරූපය මපෝගෝස් ඉතිහාසයේ පලමු සිංහ ගොදුරයි. To be continued

[QUOTE="Hyperx99, post: 24644967, member: 567991"] [b]සාබී රණශූරයන් - a true story part iii[/b] පළමු හා දෙවන කොටස්:- [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1906094"]http://www.elakiri.com/forum/showthread.php?t=1906094[/URL] [SIZE="6"]ස්පාර්ටා ප්රයිඩ් එකෙන් පිටුවහල් කල මපෝගෝ සහෝදරයන් දැන් ගතකරන්නෙ අස්ථාවර සමයක්. අප්රිකානු තුරු ගොමු තුල රැහැ අහිමිවු සිංහයන්ට ඇති අණතුරු බොහෝමයි. එයින් ප්රධානතම අනතුර තමයි වෙනත් කෝලිශන් එහෙක ප්රහාරයකට ලක්වීම. තමන්ට කියා වාසභුමියක් නොමැති මේ සිංහයන් ගතකරන්නෙ අහිකුණ්ඨක ජීවිතයක්. එදා වේල සොයා ගැනීමට විවිධ අයිතිකරුවන් සතු දඩබිම් තුල රැඳී සිටීම පවා මරණය අභියසට යෑමක්. මපෝගෝස් සහෝදරයන්ගෙ තරුණ කෝලිශන් එක සිංහයන් හය දෙනෙකුගෙන් සමන්විත වුනාට වර්ගයා සමඟ සටන් වලට ඔවුන් තාමත් හුරු නැහැ එමෙන්ම ඒ සඳහා ඔවුන් තවමත් ශක්තිමත් නැහැ. වැඩුණු සිංහයන් දෙදෙනෙකුගෙ කෝලිශන් එහෙකට පවා මපෝගෝස්වරු දමනය කිරීම එතරම් අසීරු නොවන්නෙ වනයේ බොහෝ නියාමයන් ක්රියාත්මක වන්නෙ අත්දැකීම් තුල නිසා. මේ කාලය අතරතුර ටී සහ කින්කි අනෙක් සහෝදරයන් අභිබවා ප්රචණ්ඩත්වය පෙන්නුම් කිරීම අරඹනවා. සෑම දඩයමකම ප්රධාන ප්රහාරකයන් දෙපල වන මේ දෙසොහොයුරන් සිංහයන් සය දෙනා අතරින් බාලයන් දෙදෙනා වුවත් ඔවුන්ගෙ ප්රචන්ඩත්වයට ලඟා වීමට අනෙක් සොහොයුරන් අසමත්. එතරම්ම දරුණු සිංහයන් බවට ටී සහ කින්කි පරිවර්තනය වීම ඇරඹෙනවා. (ප්රචණ්ඩත්වය සහ දරුණු බව හෝමෝ සේපියානුවන් ලෙස අපට සාපේක්ෂව අප නිමානය කරත් සිංහයන්ට සාපේක්ෂව එය ඉතාමත් හොඳ දෙයක්... ඔවුන් ප්රචණ්ඩත්වයෙන් අසමසම වීම යනු ඔවුන් හොඳ සිංහයන් බවට පත්වීමයි). ටී සහ කින්කි එලෙස ප්රචණ්ඩ වන අතර වැඩිමහල් මපෝගෝවරයා වන මකුළු ඔවුන්ට හාත්පස වෙනස් චර්යා රටා පෙන්වනවා. මකුළු යනු විශාල සිංහයෙක් (සිංහයන්ගෙ පරිමාණයෙන් ගත්තත්) එ වගේම මකූළු කළු කේශර උරුමයක් ලද්දෙක්. කළු කේශර යනු සිංහන් තුල ටෙස්ටොස්ටෙරෝන් ප්රවණතාවන් පෙන්වන රූපීය සාධකයක් බව සත්වවේදීන් අතර පිලිගැනීමක් තිබෙනවා. එහි යාන්ත්රණය වන්නෙ ටෙස්ටොස්ටෙරෝන් වැඩියෙන් සතු සිංහයෙකු සටනකදි වාසි තත්වයක් ලබන බවයි. උදාහරණයකට රන්වන් කේශර සතු සිංහයකු සහ කළු කේශර සතු සිංහයෙකු අතර සටනක් පැවතියොත් ලියන්නා වුවද කැට තබන්නේ කළු කේශර ලද සිංහයාගෙ ජයග්රහණය මතයි. මකුළු විශාල සිංහයෙක් වූවත් ඉතාමත් විමසිලිමත් සිංහයෙක්. මපෝගෝස් කෝලිශන් එක තුල නිරායාසයෙන්ම මකුළුට මුල් තැන ලැබෙන්නේ මේ නිසා. ප්රමාණය, ශක්තිය, සිතීමේ හැකියාව සමඟ අනෙක් සිංහයන්ට නොමැති ආවේග මැඩපවත්වා ගැනීමේ හැකියාවක් මකුළු සතුව තිබුනා. කලකට ඉහතින් වෙස්ට් ස්ට්රීට් කෝලිශන් එක මකුළුව ස්පාර්ටා රැලට ඇතුල් කරගන්නට ඉඩදුන් අවස්ථාවෙත් මකුළු මේ සාමකාමී බව ප්රකට කල සිංහයෙක්. ක්රමයෙන් මපෝගෝස් සහෝදරයන් සාමාන්ය සිංහ චර්යාවන් අභිබවා යෑම ඇරඹුනා. සිංහයන් දෛනික ආහාර වේලට ඇතුල් කරගැනීමට පසුබටවන කුළුමීමන් මපෝගෝස්වරුන්ගෙ ප්රධානම ආහාරය. ඊට අමතරව මාංශ පර්වත මෙන් වූ ජිරාෆයන් , බිහිසුණු හිපොපොටේමස් සතුන්, රයිනෝසිරස් සතුන්, අප්රිකානු අලි ක්රමයෙන් මපෝගෝස්වරුන්ගෙ දඩයම් බවට පත්වුනා. මේ දඩයම් රටාව සිංහයන්ට සාමාන්ය දඩයම් රටාවක් නොවෙයි. විශාල සතුන් එලෙස විශාල අනුවර්තන සමඟ පරිණාමය වී ඇත්තෙ විශාල විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට. නමුත් පරිණාමික සැකැස්ම තමන්ගෙ වාසියට පෙරලා ගැනීමට මපෝගෝස්වරු සමත්වනවා. අදටත් අප්රිකානු ට්රැකර්වරයෙකු හෝ වන නියාමකයෙකුගෙන් මපෝගෝස්වරු ගැන විමසු විට 'අසාමාන්ය' පදය ඔවුන් භාවිතා කරන්නෙ මේ නිසයි. වර්ශය 2006... මපෝගෝස්වරු ඔවුන්ගෙ දඩබිම් අයිතිය සඳහා සටන් කිරීමට දැන් පරිණතයි. මකූළුගෙ නායකත්ව යටතේ ඔවුන් සාබී සෑන්ඩ් උතුරු දඩබිම් වෙත සිය ගමන අරඹනවා. සාබී උතුරු කෙලවර මන්යෙලාටී නදියේ අතු ශාඛාවකට ඔබ්බෙන් පිහිටන්නේ. මේ කොටස සින්ගිටා ලෙස හඳුන්වන්නේ. සින්ගිටා ඇතුළු සාබි උතුරු පෙදෙස මන්යෙලාටි නදියෙන් පෝෂවන සාරවත් ප්රදේශයක්. කුළුමීමුන්, ජිරාෆයන්, ඇන්ටිලෝපයන් ගහන මේ සාරවත් ප්රදේශයේ අණසක පතුරාවගෙන සිටියෙ සිංහයන් හතරකගෙන් යුතු උතුරු කෝලිශන් එක. සාමාන්යයෙන් ආගන්තුක සිංහයන් වෙනත් කෝලිශන් එකකට අයත් ප්රදේශයකට පැමීණෙන විට නිහඬව පැමිණෙන මුත් මපෝගෝස්වරුන් උතුරු දෙසට කඩා වදින්නෙ ගර්ජනා කරමින්. මන්යෙලාටි නදියෙන් උතුරු පෙදෙස මපෝගෝස් ගර්ජනා වලින් දෙවනත් කරමින් උතුරු කෝලිශන් එකට පහර දෙන මපෝගෝස්වරු උතුරු කෝලිශන් එකේ පලමු සිංහයා මරා දැමීමත් සමඟ ඉතුරු සාමාජිකයන් තිදෙනා සිය දඩබිම් තුලින් පලා යනවා. එක් සාමාජිකයෙක් රහිතව සිංහයන් හයකින් සමන්විත තරුණ මපෝගෝස්වරුනට මුහුණ සීමට ඔවුන් අසමත්. මිය යන උතුරු කෝලිශන් එකේ සාමාජිකයාට දරුණු ප්රහාර එල්ල කිරීමට මිස්ට ටී, කින්කි ඇතුලු සාමාජිකයන් වගබලා ගන්නවා. මේ තමයි මපෝගෝස්වරුන් ජයගත් පලමු දඩබිම. උතුරු කෝලිශන් සිංහයෙකුගෙ හිස දරුණු ලෙස සපා සිටින කින්කි ගෙ ඡායාරූපය ඉතාමත් ප්රසිද්ධ ඡායාරූපයක්. ටීගෙ සහෝදරයා කින්කිගෙ බිහිසුණු බව කදිමට කියාපාන මේ ඡායාරූපය මපෝගෝස් ඉතිහාසයේ පලමු සිංහ ගොදුරයි.[/SIZE] To be continued [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom