ඉතිහාසය මොකටද?
ඉතිහාසය වනසා දැමීම මේ රටේ සම(හරක්) උදවියගේ ජනප්‍රියතම කෙරුවාව වී තිබේ. බොහෝ දෙනෙකුට ඒ ඉතිහාසය අපුලය, තිත්තය. ඒ නිසාම මෑතක පටන් ඉතිහාසය ගැන විකාර දොඩවන කිහිපදෙනෙකුගේ මතවාද ගැන සමාජයේ කතාබහක් ඇතිවී තිබේ. ඒ අතරවාරයේම මේ රටේ ප්‍රෙෘඪ ඉතිහාසය හෙළිදරවු කරන පුරාණ නටඹුන් වෙහෙර විහාර විනාශ කර දමන වැඩපිළිවෙළක්‌ද ක්‍රියාත්මකය. දැනටමත් වාර්තා නොවන ප්‍රමාණයක් එසේ වනසා දමා ඇති බව අපේ විශ්වාසයයි.
ත්‍රිකුණාමලය, සෝමපුර හෙවත් සාම්පූර් ප්‍රදේශයේ සිදුකරන ලද පුරාවිද්‍යා කැණිම්වලින් මෑතක සොයාගත් චෛත්‍යයක නටඹුන් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබුණේ ඩෝසර් යන්ත්‍ර භාවිතයෙනි. උතුර නැගෙනහිර ප්‍රදේශවලින් මෙවැනි සිදුවීම් වාර්තා වූ පළමු අවස්‌ථාව මෙය නොවන අතර එසේ වාර්තා වූ බොහෝ සිදුවීම්ද කවර හේතුවක් නිසා හෝ බොහෝ දෙනෙකුට අමතකව තිබේ. නොඑසේ නම් බලෙන්ම අමතක කරවා තිබේ.
ඇත්තම කතාව නම් මේ රටේ කවර හෝ ස්‌ථානයක හෝ කැණීම් කටයුත්තක් කළහොත් පැරණි වෙහෙර විහාර නටඹුන් පැරණි රාජධානිවල නටඹුන් මතුවීම වැළැක්‌විය නොහැක. අපේ කල්පනාව නම් මේවා සිංහල බෞද්ධ ජනතාව සතු උරුමයන්ය. එපමණකින් නොනැවතී එය ලෝක උරුමයන් බවටද පත්වූ බව නැවත නැවතත් සිහිපත් කළ යුතු නැත. අතීත උරුමය යනු ඕනෑම රටක අනාගතය තීරණය කරන සාධකයෙකි. ඒ අතීත උරුමය තුළ බොහෝ සංස්‌කෘතික කාරණා ශිෂ්ඨාචාරය සම්බන්ධව බොහොමයක් කරුණු සැඟව තිබේ. මේ අමු අමුවේ විනාශ කර දමන්නේ ඒ උරුමයයි. නිවැරදිව කිවහොත් 1940 පුරාවිද්‍යා ආඥ පනතට අනුව පුරාවිද්‍යා වටිනාකමක් ඇති තැන් විනාශ කිරීම ඇප ලබා නොදෙන වරදකි. එසේ තිබියදීත් මෙවැනි විනාශකිරීම් ගැන වගකිවයුත්තන්ගේ උදාසීන පිළිවෙත ගැන අපට ඇත්තේ පුදුමයකි. (ඉතිහාසය විෂයය පවා පාසල් පෙළ පොතෙන් ඉවත් කිරීමට තැත් දරන යුගයක මෙවැනි දෑ සිදුවීම ගැන එක අතකින් පුදුම විය යුතුද නැත.) ඇත්ත වශයෙන්ම මේ සිදුවෙමින් තිබෙන්නේ ඉතිහාසය අතුගා දැමීමේ මූලික ව්‍යාපෘතිවල අයහපත් ප්‍රතිඵල ඇස් පනාපිටම දකින්නට ලැබීමය. කොටින්ම කීවොත් මෑත පරම්පරා කිහිපයකම දරුවන්ට ඉතිහාසය ගැන පුළුල් අවබෝධයක් නැත. ඉතිහාසය යනුවෙන් විෂයයක් තිබූ පමණින් එය ප්‍රායෝගික තලයේ කාරණයක් වන්නේ නැත. ඊට ලැබිය යුතු තැන පිළිබඳව නිසි අවබෝධයක් ලැබෙන්නේ නම් කවරෙකු වුවද මෙවැනි විනාශයකට ඉඩ තබන්නේ නැත.
කිසිවෙකුත් එවැනි විනාශ කිරීමකට ඉදිරිපත් වන්නේද නැත. කොහොමත් ඊනියා සතර දිසා බලමුළුවලටත්, බෙදුම්වාදී කල්ලිවලටත් එවැනි විනාශ කිරීමක අවශ්‍යතාව තිබෙන බව සිහිතබා ගත යුතුය. ඒ ඉතිහාසය බිඳලා දැමීම ඔවුන්ගේ පටු අරමුණු සාක්‌ෂාත් කරගැනීමට වැදගත් වන හෙයිනි.
http://divaina.com/daily/index.php/kathuwakiya/5140-2017-12-26-12-42-40