සාමාන්‍ය ජනතාව ගොනාට ඇන්දවීම

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
සාමාන්‍ය ජනතාව ගොනාට ඇන්දවීම

ගෙඩි පිටින් කොප්පක්.... කියවලම බලන්න

සජීවි රූපවාහිනී දේශපාලන සංවාද යනු වෙලදපොල මිල සංඥාවනට විද්‍යුත් මාධ්‍ය නාලිකා සංවේදී වීම නිසා උපත ලැබූවකි. 90 දශකය අවසාන වන විට සෑමරූපවාහිනී සේවාවක්ම මෙවැනි දේශපාලන සංවාදවැඩසටහන් සංවිධානය කිරීම ස්වකීය කාලසටහනේ අනිවාර්ය අංගයක් බවට පත්කර ගෙන තිබුනි. 90 දශකය මැද භාගයේදී ආරම්භ වූ මේ ක්‍රියාදාමය විවිධ වෙනස්වීම් මධ්‍යයේ අද දක්වාම නොනැවතී ගලා විත්තිබේ. තම තමන්ගේ වැඩසටහනට වෙනම අනන්‍යතාවයක් ලබා දෙමින් අනෙත් නිෂ්පාදන වලට වඩා සිය නිෂ්පාදනය ප්‍රමෝට් කර ගනු වස් සෑම ආයතනයක්ම විවිධාකාරයෙන් මහන්සි වූයේය. සජීවි දේශපාලන සංවාදයන්ගේ කැපී පෙනෙන සුලු ලක්ෂනය වනාහි ඒවායේ මෙහෙයවන්නාගේ භූමිකාවයි. මෙම භූමිකාව ස්ථානගත වන අවකාශය වටහාගනු වස් මෙවැනි වැඩසටහන් මෙහෙයවූ චරතවල ඓතිහාසික පරිනාමය මදක් අවධානයට ගනු වටී. ස්වර්නවාහිනියේ රතු ඉර මෙහෙයවූ චන්දන සුරියබන්ඩාර පසුකාලීනව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයෙකු ලෙස අබිසෙස් ලැබීය. සිරසෙහි එවැනි භූමිකාවක සිටිබුද්ධික පතිරන අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. දේශපාලන සංවාද මෙහෙයවන්නෙකු නොවුවද “සමබර” හා “අපක්ෂපාතී” ප්‍රවෘත්ති ඉදිරිපත් කල ස්වර්නවාහිනියේ මනූෂ නානායක්කාර පසුගිය මැතිවරනයේදී වජිර අබේවර්ධන වැනි ජේ්යෂ්ඨ යූඇන්පී කාරයන් අබිබවා ජය ලැබීය. සටන වැඩසටහනේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් පසුගිය ජනාධිපතිවරන සමයේ දේශපාලකයන් “නිරුවත්” කරවමින් දිගට හරහට ඔවුනගෙන් ප්‍රශ්න විමසූයේ ජේ.ශ්‍රී රංගාය .දේශපාලකයනගේ දෙබිඩිභාවය “හෙලිදරවු කල” මෙම මාධ්‍ය වීරයා අද දේශපාලකයෙකි. හුදු දේශපාලකයෙකු නොව තේරී පත්ව මාස කිහිපයක් තුල රොනී ද මැල්වර්ගයේ බල්ටියක් ගැසූ දේශපාලඥයෙකි. ඉහත සියලු චරිත වෙත පොදුජන ඡන්දය ආකර්ශනය කල සාධකය වූයේ ඔවුන් රූපවාහිනී තිරය මත රගදැක්වූ මාධ්‍යයවේදී භූමිකාව බවට සැකයක් නැත. එම වැඩසටහන් තුල ඔවුන් රගදැක්වූ භූමිකාව වනාහි කවරක්ද?මුල් බැල්මට එය වූ කලී සාධාරනත්වයේ භූමිකාවයි. අපක්ෂපාතිත්වයේ භූමිකාවයි. දේශපාලකයන්ගේ වැරදි ගැන දිගට හරහට රූපවාහිනී කැමරා ඉදිරියේ ප්‍රශ්න කරනුයේ ඔවුන්ය.”ජනතා අධිකරණය” ඉදිරියේ දේශපාලකයන් නිරුවත් කරනුයේ මෙම මාධ්‍ය මෙහෙයවන්නන්ය. දේශපාලකයෙකු යමක් සැගවීමට තැත් කරන කල්හි මෙම මාධ්‍ය වීරවරු පන්න පන්නා එය මතු කර ගැන්මට උත්සාහ කරති. නිතර දෙවේලේපෙනෙන මෙම දෘශ්‍යමානය තුල පොදු සමාජය සිතනුයේ මෙම මාධ්‍යයවේදීන් සිරා පොරවල් බවයි. ඔවුන් සත්‍යය වෙනුවෙන් කැපවූ අය බවයි. අසාධාරණත්වය නුරුස්සන, යුක්තිය වෙනුවෙන් කැපවුනු වීරවරයන් බවයි.මෙවැනි සන්දර්භයක කදුකරයේ යූඇන්පී කනු ඇද දමමින් ශ්‍රී රංගා ඡන්ද ලැයිස්තුවේ මුලට ඒම අහම්බයක්ද? දේශපාලකයන් සහ ජනතාව අතර සම්බන්ධය හින්දි චිත්‍රපටයක අහිංසක පෙම්වතිය – දුෂ්ටයා අතර සම්බන්ධය මෙන් පැතලි, කලු සුදු එකකි යන්න සමාජයේ මුල් බැසගත් මිථ්‍යාවකි. දේශපාලකයන් තක්කඩියන් බව බොහෝ විට කියැවේ. නමුත් වංචනිකයන් හා දෙබිඩ්ඩන් වන්නේ දේශපාලකයන් පමණද? නිදසුනක් ලෙස පලාතේ මන්ත්‍රීවරයා ගසා කන්නෙකු බව දැන දැනම,කොච්චර ගසා කෑවත් අපේ පාරක් වත් කොන්ක්‍රීට් කරල දෙනවනෙ යනුවෙන් පුනරුච්චාරනය කරමින්, ඡන්දය කාලෙට දිවි පුදාගෙන කැන්වසින් යමින්, කතිරය ගසා ඔහුවම නැවත බලයට පත් කරමින්, ඉක්බිති යලිත් දේශපාලකයන් හොරුය යන සුපුරුදු මන්තරය කියමින් සිටින, තක්කඩිකම විනෝදයක් බවට පත්කරගෙන සිටින පොදු ජනතාව යනු ඊටත් වඩා දෙබිඩ්ඩන් පිරිසක් නොවේද? සජීවි සංවාද නමැති මාධ්‍ය සංදර්ශනය තුල මාධ්වේදියාව වෙස් ගැන්වෙන්නේ “නරක” දේශපාලකයාට ඇට්ටි හැලෙන්න දෙන “හොද” ජනතාව නියෝජනය කරන යහපත්භාවයේ පාරිශුද්ධ ඒජන්තයා ලෙසිනි. රිදී තිරයේ වීරයාට ඇදි එම්ජීආර් සිය අසහාය නායකයා ලෙස ඡන්දය දී තෝරාගත් තමිල්නාඩු ජනතාව මෙන් ලංකාවේ පොදු ජනයාද මේ අනුව මෙම පාරිශුද්ධ මාධ්‍ය ඒජන්තවරුන් සිය නියෝජිතයන් ලෙස තෝරා ගනී. එහෙත් අවාසනාවකට මෙම සමස්ථ ක්‍රියාවලිය මෙගා ඇන්දිල්ලකි. මෙගා ඇදගැනීමකි. යුක්තිය වෙනුවෙන් රූපවාහිනිය ඉදිරියේ වීර චරිතයක් රග පෑ ශ්‍රී රංගාට තමා එතෙක්තමා’තින් විවේචනය වූ දේශපාලකයන් තරම්ම අවස්ථාවාදියෙක් හා වංචනිකයෙක් බව ඔප්පු කිරීමට ගත වූයේ යම්තම් මාස දෙකකි. සිය පියාගේ නාමයෙන් තම පක්ෂය කෙරෙහි පක්ෂපාතිත්වය පිලිබද දිවුරුම් දුන් මනූෂ නානායක්කාර ගැන අමුතුයෙන් යමක් කියනු නොවටී. ව ඩා වැදගත් කරුන කෙසේ වුවද එය නොවේ. සැබැවින්ම මෙම මාධ්‍ය මහත්වරුන්ගේ වීරත්වයට සීමාවක් ඇත. එම සීමාව තීරණය කරන්නේ ඔවුන්ගේ චැනල් පසුපස තිබෙන ප්‍රාග්ධනය විසිනි. සියලුම දෙනාගෙන් වසන් කරන, එහෙත් සියලුම දෙනා දැනගත යුතු සත්‍යය එයයි.

Derana%20TV%20360%20Dilka%20Samanmalee%20DNP.jpg


දෙරන රූපවාහිනියේ 360 වැඩසටහන ඉදිරිපත් කරන, මාධ්‍යවේදිනිය ලෙස සැලකිය හැකි ඩිල්කා සමන්මලීගේ භූමිකාව නිදසුනක් ලෙස ගෙන මෙය පැහැදිලි කර ගත හැක. ඩිල්කා බැලූ බැල්මට මාරය. සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වරෙක ඇයව හැදින්වූයේ ඩයිනමයිට් ඩිල්කා (DYNAMITE DILKA) යන නමිනි. කාන්තාව අක්‍රීය (PASSIVE) චරිතයක් සේ ගැනෙන ආසියාතික සමාජයක් තුල දේශපාලකයන් වන තඩිපිරිමින්ගෙන් දිගට හරහට ප්‍රශ්න අසන සක්‍රීය (ACTIVE) ගැහැනියක කෙරෙහි පොදු සමාජය, විශේෂයෙන් පොදු සමාජයේ පිරිමි ප්‍රේක්ෂකයා වශී වීම පසුපස මානසික ආකර්ශනයක් පවතී. ඩිල්කා සමන්මලී හා රන්ජන්රාමනායක වැඩසටහන පසුගිය දිනවල බොහෝ ආ‍න්දෝලනයට තුඩු දුන්නකි. කාන්තා අයිතීන් වෙනුවෙන් පිතිහරඹයේ යෙදෙනවා යැයි කියන කාන්තා විරවරයෙකු සැබෑ ජීවිතයේදී අනෙකෙක් නොව කාන්තා හිංසකයෙකි යන අදහස ගම්‍ය වන පරිදි සූක්ෂම ලෙස එහිදී සමන්මලී රාමනායකව කොටු කලාය. තවද රාමනායකගේ මන්ත්‍රීධූරයට ලැබෙන කාර් පර්මිටය ඔහු විසින් විකුනා දැමීම පිලිබද ”රහස” හෙලිදරවු කරමින් රාමනායකව ඇය දැඩි ලෙස අපහසුතාවයට ලක් කලාය. ඇය මෙවැනිම වැඩසටහනකින් (එවකට) එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනියක වූ උපේක්ෂා ස්වර්නමාලීව උග්‍ර කරදරයකට ඇද දැමූ ආකාරය ප්‍රසිද්ධ සිද්ධියක් බවට පත්විය. කෙසේ වුවද රාමනායකගේ වැඩසටහින් ඉක්බිති, ඊලග සතියේ 360 වැඩසටහනට පැමින සිටියේ ජාතික හෙල උරුමය විසින් එහි නායකත්වයෙන් පන්නා දැමූ එල්ලාවලමේධානන්ද හිමිය. මේධානන්ද හිමිගේ කාර් පර්මිට් වංචාව පිලිබද කතාව කලෙකට ඉහතදී මහත් කතාබහට ලක්වූවකි. උන්වහන්සේව හදිසියේ හෙල උරුමයේ නායකත්වයෙන් පන්නා දැමීම ආදී වශයෙන් අසනවා නම්ඇසිය හැකි “රසවත්” ප්‍රශ්න රාශියක් පැවතුනි. නමුත් උන්වහන්සේ අභිමුව ඩිල්කා සමන්මලී රගන්නට වූයේ දහම් පාසල් ශිෂ්‍යාවකගේ චරිතයයි. ඇයගෙන් උන්වහන්සේ වෙත එල්ල වූයේ අලුත්ම පුරාවස්තුව හොයාගත්තේ කොහෙන්ද අපෙ හාමුදුරුවනේ ඒකෙ වටිනාකම කීයද හාමුදුරුවනේ ඒකෙ දිග කීයද හාමුදුරුවනේ පලල කොච්චරක් විතරද හාමුදුරුවනේ වර්ගයේ බබා ප්‍රශ්න සමූහයකි. මෙම බබා ප්‍රශ්නසමූහය ඇය සීරියස් මූඩ් එකක් මවාගෙන විමසන විට, එය මහත් හාස්‍යයකි. ජයලත් ජයවර්ධනගෙන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන දිගට හරහට ප්‍රශ්න කරන සමන්මලී ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරයෙකුගෙන් කිසිවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද විමසීමට ඉදිරිපත් වනු මෙම ලියුම්කරුගේ ඇස ගැටී නොමැත. අන්තර්ජාලයේ තිබී ඇස ගැටුනු සමන්මලී හා නාමල් රාජපක්ෂ වැඩසටහන ද ලියුම්කරුගේ අවධානයට හසුවූවකි. මෙම වැඩසටහනේදී තාරුණ්‍යයට හෙටක් සංවිධානය මුලුමනින් දේශපාලනයෙන් තොර වූවක් බව (අනේ සාධු!) නාමල් රාජපක්ෂ (එවකට මන්ත්‍රී ධූරඅපේක්ෂකයා) පවසයි. එසේ නම් ජනාධිපතිවරනය වෙනුවෙන් කලාකරුවන් රැගත් “සංවේදී පලපුරුදු නායකයාට ඡන්දය දෙන්න” නම් දේශපාලන දැන්වීම් පෙල ජනාධිපති වෙනුවෙන් එම සංවිධානය මගින් විකාශයකලේ ඇයිදැයි සමන්මලි ප්‍රශ්න කරයි. ඊට ජනාධිපති පුත්‍රයා දෙන පිලිතුර – එම දැන්වීම් පෙල ජනාධිපති දිනවීම අරමුනු කරගත්තක් නොවන බවය. දැන්වීමෙන් ඡන්දය දෙන්න යැයි ඉල්ලා සිටීමක් සිදුවූවත්, ඡන්දයදිය යුත්තේ කාටදැයි නිශ්චිත අපේක්ෂකයෙකුගේ නම සදහන් නොවූ නිසා එය හුදෙක් තරුණ පිරිස් මැතිවරණ ක්‍රියාවලියට ඇද ගැනීමට විකාශය කල දේශපාලනයෙන් තොර දැන්වීම් පෙලක් බව හෙතෙම පවසයි. මෙම පිලිතුර සත්‍යයයෙන් තොර, අතේ පැලවෙන තක්කඩි බොරුවක් බව නාමල් බබා මෙන්ම සමන්මලීද දැන සිටියාට සැක නැත. නමුත් ඒ ගැන විමසීමට තරම් එඩිතර වූයේ සමන්මලී නොවේ. ඇය ඒ වෙනුවට තරුණයන්ගේ සදාචාරය ගැන ළදරු ප්‍රශ්නයක් නාමල් බබා වෙත ඉදිරිපත් කරමින් කතාව වෙන අතකට ගෙන යයි. ජවිපෙන් ඉවත් වූ අලුත විමල් වීරවංශ සහභාගි වූ 360 වැඩසටහනද ලියුම්කරුගේ මතකයේ රැදෙන තවත් නිදසුනකි. එම වැඩසටහන පුරා සමන්මලී වීරවංශ වෙත අත් හරින්නේ “ඔබ ජවිපෙන් අයින් වුනාම ජවිපෙ තුල තිබුන සිංහල හඩට මොකෝ වෙන්නේ” වර්ගයේ මහා පරිමාන ෆුල් ටොස්ය. විය යුතු පරිදිම මෙම ෆුල්ටොස් වලට දෑත බදා හයේ පහර එල්ල කරන වීරවංශ සිත පුරා ලකුණු රැස්කරගනී. අඩු තරමින් ඔහුගේ ඉවත් වීම පිලිබද ජවිපෙට කීමට තිබෙන්නේ කුමක්දැයි විමසනු වස් ජවිපෙ නියෝජිතයෙක් සම්බන්ධ කරගැනීමවත් එහිදී සිදුනොවීය. දෙරන රූපවාහිනියේ ඩිල්කා සමන්මලීගේ භූමිකාව පිලිබද ඉහත විස්තරාත්මක නිදසුන් කිහිපය අපව පැහැදිලි නිගමනයක් වෙත යොමු කරයි. සමන්මලී තමන්ගේ සියලු අපක්ෂපාතී චන්ඩිකම් දක්වන්නේ සීමාසහිත සමචතුරශ්‍රයක් තුළ සිටය. එම චතුරශ්‍රයේ දිග පලල තීරනය කරනුයේ වරුනි අමුනුගමගේ ප්‍රාග්ධනයයි. අලංකාර උපමාවකින් දැක්වුවහොත් සමන්මලී යනු අමුනුගම ප්‍රාග්ධනය විසින් වයින් කරන ලද බෝනික්කියකි. විපක්ෂයේ රාමනායක ඉදිරියේ සීනා වර්ගයේ ප්‍රහාරකයෙකු වන ඇයට මේධානන්ද ලොකු හාමුදුරුවන් ඉදිරියේ දහම් පාසල් ලදැරියක වන්නට සිදුවන්නේ මේ නිසාය. තමා සැබැවින්ම අපක්ෂපාතීනොවන බව හා තමාට එසේ විය නොහැකි බව දැන දැනත් සමන්මලී තමා අපක්ෂපාතී මෙහෙයවන්නියක බව මවා පෙන්වීමට තැත් කරයි. ව්‍යාජ ස්වාධීනත්වයක් මවා පාමින් ඇය කරන්නේද එක්තරා අන්දම කතක්කඩිකමකි. නැති ගුණාංගයක් තිබෙන බව පෙන්වීමට වෑයම් කරමින් රගපෑම කුහකකමක් නොවේ නම් අන් කවරක්ද? සමාජය ඇන්දවීම වෘත්තිය කරගත් දේශපාලකයා වංචනිකයෙක්, කුහකයෙක් සහ දෙබිඩ්ඩෙක්වන්නේ නම් එයම වෙනත් විදිහකින් වෘත්තිමය ලෙස සිදු කරන මේ නෝනාවරුන් හට දිය යුතු නම කවරක්ද? සජීවි දේශපාලන සංවාද නම් මාධ්‍ය සංදර්ශනය තුල පොරවල් ලෙස පෙනී සිටින අනෙකුත් මහත්වරුන්සම්බන්ධයෙන්ද සත්‍යය මෙයයි. විද්‍යුත් මධ්‍යය නම් ඉන්ද්‍රජාලය විසින් මහා ප්‍රතිරූප ලෙස ප්‍රක්ෂේපනය කෙරෙන සන්නිවේදක වීරයන් යනු වේතනය වෙනුවෙන් ආත්ම උගස් කල වැටුප් ශ්‍රමිකයන් පිරිසකි. ඔවුන්අතින් නිරුවත් කෙරෙන දේශපාලකයන් තරමටම මොවුන්ද දෙබිඩිය. ආත්මාර්ථයෙන් හා මජරත්වයෙන් අඩු වැඩි වශයෙන් දූෂිතය. එව බලව. මේ යුගය තුල අපට ජීවත් වන්නට නියම වි තිබෙනුයේ සංකීර්න ලෙස වියනු ලැබූ මහා මායාවක් තුලය. උපුටා ගැනීම – රාමචන්ද්‍රගේ අඩවිය
 
Last edited: