සාර්ථකව අත් දෙකක් බද්ධ කරයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සාර්ථකව අත් දෙකක් බද්ධ කරයි

    web-post20.png

    මේ පුවත වාර්ථා වෙන්නේ ඉන්දියාවෙන්. ඇෆ්ගනිස්ථානයේ දේශසීමා ආශ්‍රිතව බෝම්බ නිෂ්ක්‍රිය කිරීමකදී අබ්දුල් රහීම් නමැති කැප්ටන්වරයාගේ දෑත් දෙකම අහිමි වෙනවා. එත් නවීන විද්‍යාව හස්කමකට වගේ මොහුට නැවතත් අත් දෙකක් ලබා ගැනීමට හැකි වෙනවා. ඒ අත් දෙකක් බද්ද කිරීම මගින්. මෙම ශෛලකර්මය සාර්ථකව අවසන් වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ අම්රිතා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරු 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැය 15 පුරාවට වූ දැවැන්ත උත්සහයකින් තමයි මේ අත් දෙක බද්ද කිරීම සිදු කරලා තියෙන්නේ. මොහුට බද්ද කර ඇති අත් දෙක වයස අවුරුදු 54 ක පිරිමි අයෙකුගේ බවත් වාර්තා වෙනවා. කොහොමවුනත් දැන් අබ්දුල් ඉතාමත් සතුටින් තමන්ගේ වැඩ කටයුතු වල නිරත වෙනවා. ඒ අනුව මෙම සැත්කම ලෝකයේ දෙවන වරට සාර්ථකව සිදුකළ මැරුණු ඉන්ද්‍රිය බද්ද කිරීම වෙනවා.
    උපුටා ගැනීම - රිදම් එල් කේ -