සාර්ථක විවාහ දිවියකට මඟ

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    සාර්ථක විවාහ දිවියකට මඟ

    "සාර්ථක විවාහ දිවියකට මඟ" යනුවෙන් ප්‍රසිද්ධ දේශකයා පැවැත් වූ එම දේශනයට සවන් දීම සඳහා ශාලාව පිරෙන්නට සෙනඟ රැස්ව සිටියෝ ය.

    "තමන්ගෙ බිරිඳ ගෙන් කරදර හිරිහැර විඳින අය නැඟිටින්න..." දේශනය අරඹා මඳ වේලාවකින් දේශකයා සභාව දෙස බලා කීවේ ය. එක් අයකු හැර ශාලාවේ සිටි සියල්ලෝම නැඟී සිටියහ.

    "මේ ශාලාවේ ඉන්න දාහක් විතර පිරිසගෙන් ඔහේට විතරයි ප්‍රශ්න නැත්තෙ." දේශකයා නොනැඟිට සිටින තැනැත්තා දෙස බලා මදහසක් නඟමින් කීවේ ය.

    "මට අංශ භාගෙ. තව කෙනෙකුගෙ උදව්වක් නැතුව මට නැගිට ගන්ඩ බැහැ. ඒකයි ඉඳගෙන ඉන්නෙ..." හේ කීවේ ය.




    .