Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිව්වම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසංඛ්‍යය= 1යි බින්දු 140යි

සාර=හතර=4

ඒ කියන්නේ අසංක්‍ය හතරක් = 4යි බින්දු 140ක් x ඒ වගේ ලක්ෂයක් කල්ප

කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද ?

සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායෙහි අනමතග්ග සංයුක්තයේ “සාස්‍ය සූත්‍රයෙන්” කල්පය පිළිබඳව උපමාවක් ඇසුරෙන් බුදුරදුන් පැහැදිලි කර දී තිබෙනවා. දිනක් එක්තරා භික්ෂුවක් විසින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කල්පය යනු සංඛ්‍යාත්මකව දැක්විය නො හැකි දෙයක් නම්, එය උපමාවක් මගින් හෝ පහදා දෙන මෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එවිට අප ගෞතම බුදුරදුන් මෙලෙස පැහැදිලි කිරීමක් කළ සේක.

“මහණෙනි, දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප්රාකාරයකින් (තාප්පයකින්) වට වූ නගරයක (භූමියක) සම්පූර්ණයෙන් ම අබ ඇට පුරවා (අතුරා) කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක් ”. තව ද, අනමතග්ග සංයුක්තයේ “පබ්බත සූත්‍රයෙහි” එන කසීසළු හෙවත් පර්වත කල්ප උපමාවෙන් ද ගෞතම බුදුරදුන් කල්පය යනු කොතරම් දීර්ඝ කාල පරාසයක් ද, යන්න පිළිබඳව මෙබඳු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

“මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (නූතන සැතපුම් දහසයක්) බැගින් එක සමාන වූ ඒක ඝන (මැද හිස් නැති) මහා කළුගල් පර්වතයක් වේ ද, එම කළුගල් පර්වතය (දේවතාවෙකු හෝ අසලින් යන කෙනෙකු) අවුරුදු සියයකට වතාවක් ඉතා සිනිදු කසී (සේද) සළුවකින් පිරිමැදීම (පිස දැමීම) නිසා ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නො වේ”.

සංයුක්ත නිකායේ, අනමතග්ග සූත්රයේම තවත් සූත්‍ර දේශනාවකින් කල්පවල කාලය ගතවීම වගේ ම අපේ භවයේ (සසර) දිගු බව ගැනත් විස්තර කර තිබේ. දවසක් එක්තරා බමුණෙකු බුදු හිමියන් සමීපයට පැමිණ “ලෝකයේ කාලය දැනට කොතෙක් ඉක්මවා ගොස් තිබේ ද? ඒ වගේ ම දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කොපමණ ද?” යනුවෙන් විමසා සිටියා. එවිට බුදුරදුන් විසින් ඔහුට මෙසේ පිළිතුරු දෙනු ලැබුවා.

“බ්‍රාහ්මණය, මෙතෙක් ඉක්ම ගොස් ඇති කල්ප ඉතා බොහෝ ය. ඒවා සිය ගණනක් ය, දහස් ගණනක් ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණයෙන් දැක්විය නො හැකි තරම් ය. බ්‍රාහ්මණ ය, මේ ගංඟා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලු ම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නො හැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නො හැකි වේ”.

ප්‍රඥාධික බුදු කෙනෙකු වූ අප ගෞතම බුදුරදුන් සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා පෙරුම්දම් (පාරමී) සම්පූර්ණ කළා. මෙයටත් පෙර මහා බෝසතාණන් විසින් දීපංකර බුදුන් ඉදිරියේ නියත විවරණ ලැබීමට පෙර මනෝ ප්‍රණිදානය සහ වාක් ප්‍රණිදානය ලෙස දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් අනියත විවරණ, සම්මා සම්බුදුවරු 512,000 ක් හමුවේ පුරනු ලැබුවා. මේ අනුව ගෞතම බුදුරජුන් ගේ මුළු පාරමී කාලය විසි අසංඛ්‍යකුත් කල්ප ලක්ෂයක් වන අතර එම කාලය තුල හමු වූ සම්මා සම්බුදුවරු ගණන 512,027 නමක් වන බව දත යුතූ ය.

අනාගතයේ වීර්‍ය්‍යාධික බුදු කෙනෙකු ලෙස, මතු බුදුවන මෛත්‍රීය බෝසතුන් සොළසාසංඛ්‍යය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමී දම් පුරා සිටිනවා.

පාරමිතා පිළිබඳ දැන ගැනීමට කැමති පින්වතුන් රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ගේ පාරමිතා ප්‍රකරණය පොත බලත්වා

[QUOTE="පෝරිසාදයා, post: 31170561, member: 377359"] අසංඛ්‍යය= 1යි බින්දු 140යි සාර=හතර=4 ඒ කියන්නේ අසංක්‍ය හතරක් = 4යි බින්දු 140ක් x ඒ වගේ ලක්ෂයක් කල්ප [HEADING=1][/HEADING] [HEADING=1]කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද ?[/HEADING] සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායෙහි අනමතග්ග සංයුක්තයේ “සාස්‍ය සූත්‍රයෙන්” කල්පය පිළිබඳව උපමාවක් ඇසුරෙන් බුදුරදුන් පැහැදිලි කර දී තිබෙනවා. දිනක් එක්තරා භික්ෂුවක් විසින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කල්පය යනු සංඛ්‍යාත්මකව දැක්විය නො හැකි දෙයක් නම්, එය උපමාවක් මගින් හෝ පහදා දෙන මෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එවිට අප ගෞතම බුදුරදුන් මෙලෙස පැහැදිලි කිරීමක් කළ සේක. “මහණෙනි, දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප්රාකාරයකින් (තාප්පයකින්) වට වූ නගරයක (භූමියක) සම්පූර්ණයෙන් ම අබ ඇට පුරවා (අතුරා) කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක් ”. තව ද, අනමතග්ග සංයුක්තයේ “පබ්බත සූත්‍රයෙහි” එන කසීසළු හෙවත් පර්වත කල්ප උපමාවෙන් ද ගෞතම බුදුරදුන් කල්පය යනු කොතරම් දීර්ඝ කාල පරාසයක් ද, යන්න පිළිබඳව මෙබඳු පැහැදිලි කිරීමක් කර තිබෙනවා. “මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (නූතන සැතපුම් දහසයක්) බැගින් එක සමාන වූ ඒක ඝන (මැද හිස් නැති) මහා කළුගල් පර්වතයක් වේ ද, එම කළුගල් පර්වතය (දේවතාවෙකු හෝ අසලින් යන කෙනෙකු) අවුරුදු සියයකට වතාවක් ඉතා සිනිදු කසී (සේද) සළුවකින් පිරිමැදීම (පිස දැමීම) නිසා ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නො වේ”. සංයුක්ත නිකායේ, අනමතග්ග සූත්රයේම තවත් සූත්‍ර දේශනාවකින් කල්පවල කාලය ගතවීම වගේ ම අපේ භවයේ (සසර) දිගු බව ගැනත් විස්තර කර තිබේ. දවසක් එක්තරා බමුණෙකු බුදු හිමියන් සමීපයට පැමිණ “ලෝකයේ කාලය දැනට කොතෙක් ඉක්මවා ගොස් තිබේ ද? ඒ වගේ ම දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කොපමණ ද?” යනුවෙන් විමසා සිටියා. එවිට බුදුරදුන් විසින් ඔහුට මෙසේ පිළිතුරු දෙනු ලැබුවා. “බ්‍රාහ්මණය, මෙතෙක් ඉක්ම ගොස් ඇති කල්ප ඉතා බොහෝ ය. ඒවා සිය ගණනක් ය, දහස් ගණනක් ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණයෙන් දැක්විය නො හැකි තරම් ය. බ්‍රාහ්මණ ය, මේ ගංඟා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලු ම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නො හැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නො හැකි වේ”. ප්‍රඥාධික බුදු කෙනෙකු වූ අප ගෞතම බුදුරදුන් සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා පෙරුම්දම් (පාරමී) සම්පූර්ණ කළා. මෙයටත් පෙර මහා බෝසතාණන් විසින් දීපංකර බුදුන් ඉදිරියේ නියත විවරණ ලැබීමට පෙර මනෝ ප්‍රණිදානය සහ වාක් ප්‍රණිදානය ලෙස දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් අනියත විවරණ, සම්මා සම්බුදුවරු 512,000 ක් හමුවේ පුරනු ලැබුවා. මේ අනුව ගෞතම බුදුරජුන් ගේ මුළු පාරමී කාලය විසි අසංඛ්‍යකුත් කල්ප ලක්ෂයක් වන අතර එම කාලය තුල හමු වූ සම්මා සම්බුදුවරු ගණන 512,027 නමක් වන බව දත යුතූ ය. අනාගතයේ වීර්‍ය්‍යාධික බුදු කෙනෙකු ලෙස, මතු බුදුවන මෛත්‍රීය බෝසතුන් සොළසාසංඛ්‍යය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමී දම් පුරා සිටිනවා. [B]පාරමිතා පිළිබඳ දැන ගැනීමට කැමති පින්වතුන් රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ගේ පාරමිතා ප්‍රකරණය පොත බලත්වා[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom