සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිව්වම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    මේ අතරෙ සාර කල්ප නොවන කල්පත් තියෙන්නෙ පුළුවන් නෙ. එතකොට මේ ගාණ කල්ප ලක්ෂයකට වැඩියි නෙ.

    ♀️
    යම් කල්පයක එක ම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා නම් ඒ කල්පය බුද්ධ ශූන්‍ය කල්පයන්ට වඩා සාරවත් නිසා එයට "සාර කල්පය" කියනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    lokaya hinayak mayawak itin koheda hinayak asse kalpa ,buduhamduruwo. :oo:
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    උඹ ඔය කල්ප කේස් සිරාවටම විශ්වාස කරනවද නැත්නම් සාහිත්‍යමය රසයක් විඳිනව විතරද?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අසංඛ්‍යය= 1යි බින්දු 140යි
    සාර=හතර=4
    ඒ කියන්නේ අසංක්‍ය හතරක් = 4යි බින්දු 140ක් x ඒ වගේ ලක්ෂයක් කල්ප

    කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද ?​

    සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායෙහි අනමතග්ග සංයුක්තයේ “සාස්‍ය සූත්‍රයෙන්” කල්පය පිළිබඳව උපමාවක් ඇසුරෙන් බුදුරදුන් පැහැදිලි කර දී තිබෙනවා. දිනක් එක්තරා භික්ෂුවක් විසින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කල්පය යනු සංඛ්‍යාත්මකව දැක්විය නො හැකි දෙයක් නම්, එය උපමාවක් මගින් හෝ පහදා දෙන මෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එවිට අප ගෞතම බුදුරදුන් මෙලෙස පැහැදිලි කිරීමක් කළ සේක.

    “මහණෙනි, දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප්‍රාකාරයකින් (තාප්පයකින්) වට වූ නගරයක (භූමියක) සම්පූර්ණයෙන් ම අබ ඇට පුරවා (අතුරා) කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක් ”. තව ද, අනමතග්ග සංයුක්තයේ “පබ්බත සූත්‍රයෙහි” එන කසීසළු හෙවත් පර්වත කල්ප උපමාවෙන් ද ගෞතම බුදුරදුන් කල්පය යනු කොතරම් දීර්ඝ කාල පරාසයක් ද, යන්න පිළිබඳව මෙබඳු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

    “මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (නූතන සැතපුම් දහසයක්) බැගින් එක සමාන වූ ඒක ඝන (මැද හිස් නැති) මහා කළුගල් පර්වතයක් වේ ද, එම කළුගල් පර්වතය (දේවතාවෙකු හෝ අසලින් යන කෙනෙකු) අවුරුදු සියයකට වතාවක් ඉතා සිනිදු කසී (සේද) සළුවකින් පිරිමැදීම (පිස දැමීම) නිසා ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නො වේ”.

    සංයුක්ත නිකායේ, අනමතග්ග සූත්‍රයේම තවත් සූත්‍ර දේශනාවකින් කල්පවල කාලය ගතවීම වගේ ම අපේ භවයේ (සසර) දිගු බව ගැනත් විස්තර කර තිබේ. දවසක් එක්තරා බමුණෙකු බුදු හිමියන් සමීපයට පැමිණ “ලෝකයේ කාලය දැනට කොතෙක් ඉක්මවා ගොස් තිබේ ද? ඒ වගේ ම දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කොපමණ ද?” යනුවෙන් විමසා සිටියා. එවිට බුදුරදුන් විසින් ඔහුට මෙසේ පිළිතුරු දෙනු ලැබුවා.

    “බ්‍රාහ්මණය, මෙතෙක් ඉක්ම ගොස් ඇති කල්ප ඉතා බොහෝ ය. ඒවා සිය ගණනක් ය, දහස් ගණනක් ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණයෙන් දැක්විය නො හැකි තරම් ය. බ්‍රාහ්මණ ය, මේ ගංඟා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලු ම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නො හැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නො හැකි වේ”.

    ප්‍රඥාධික බුදු කෙනෙකු වූ අප ගෞතම බුදුරදුන් සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා පෙරුම්දම් (පාරමී) සම්පූර්ණ කළා. මෙයටත් පෙර මහා බෝසතාණන් විසින් දීපංකර බුදුන් ඉදිරියේ නියත විවරණ ලැබීමට පෙර මනෝ ප්‍රණිදානය සහ වාක් ප්‍රණිදානය ලෙස දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් අනියත විවරණ, සම්මා සම්බුදුවරු 512,000 ක් හමුවේ පුරනු ලැබුවා. මේ අනුව ගෞතම බුදුරජුන් ගේ මුළු පාරමී කාලය විසි අසංඛ්‍යකුත් කල්ප ලක්ෂයක් වන අතර එම කාලය තුල හමු වූ සම්මා සම්බුදුවරු ගණන 512,027 නමක් වන බව දත යුතූ ය.

    අනාගතයේ වීර්‍ය්‍යාධික බුදු කෙනෙකු ලෙස, මතු බුදුවන මෛත්‍රීය බෝසතුන් සොළසාසංඛ්‍යය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමී දම් පුරා සිටිනවා.

    පාරමිතා පිළිබඳ දැන ගැනීමට කැමති පින්වතුන් රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ගේ පාරමිතා ප්‍රකරණය පොත බලත්වා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    උඹ ඔය කල්ප කේස් සිරාවටම විශ්වාස කරනවද නැත්නම් සාහිත්‍යමය රසයක් විඳිනව විතරද?
    උබ ඔය පදාර්ථය පරමාණු වලින් හැදිලා තියෙනවා කියන කතාව විශ්වාස කරනවද නැත්නම් සාහිත්‍යමය රසයක් විඳිනව විතරද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    උඹ ඔය කල්ප කේස් සිරාවටම විශ්වාස කරනවද නැත්නම් සාහිත්‍යමය රසයක් විඳිනව විතරද?
    අතීතෙ වෙච්ච හැම දෙයක්ම ලිව්වට පස්සෙ සාහිත්‍යය තමා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    oya hema parema api elakiri wage site ekaka e kale tibba baila gagaha inna athi :oo:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    අසංඛ්‍යය= 1යි බින්දු 140යි
    සාර=හතර=4
    ඒ කියන්නේ අසංක්‍ය හතරක් = 4යි බින්දු 140ක් x ඒ වගේ ලක්ෂයක් කල්ප
    හින්දු අරාබි ඉලක්කම් පාවිච්චි කරේ මොන කාලේ ඉදන් ද ??

    උබ ඔය පදාර්ථය පරමාණු වලින් හැදිලා තියෙනවා කියන කතාව විශ්වාස කරනවද නැත්නම් සාහිත්‍යමය රසයක් විඳිනව විතරද?
    ඕව විශ්වාස නෙවෙයි . . සිද්ධි පැහැදිලි කරන්න හදාගෙන තියන , නැවත නැවත එම සිද්ධි වලට ගැලපෙනවා කියලා පරික්ෂා කරල සම්මත කරගත්ත පහදීලි කිරීම් / කතා .
    ඒවා විශ්වාස කරන්න පුලුවන් නිකන් ම රස කතා වලට විතරක් සිමා වෙලා තියන ආගම් කතා වලට වඩා .
    උබ උනත් පදාර්ථ පරමාණු ගැන , විද්‍යාවේ ප්‍රතිපල වලින් කියන දෙයක් පිලිගන්නවා නිකන් ම ආගම් රස කතාවකට වඩා . මොකද ඒවා කලින් වැඩ කරනවද කියලා නැවත නැවත ඔප්පු වෙලා තියන නිසා . . ආගම් කතා වගේ කවදාක් වත් වෙන්නේ නැති කතන්දර වල විතරක් තියන ඒවා නෙවෙයි නිසා
    ------ Post added on Jan 5, 2026 at 9:37 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113


    ඕව විශ්වාස නෙවෙයි . . සිද්ධි පැහැදිලි කරන්න හදාගෙන තියන , නැවත නැවත එම සිද්ධි වලට ගැලපෙනවා කියලා පරික්ෂා කරල සම්මත කරගත්ත පහදීලි කිරීම් / කතා .
    ඒවා විශ්වාස කරන්න පුලුවන් නිකන් ම රස කතා වලට විතරක් සිමා වෙලා තියන ආගම් කතා වලට වඩා .
    උබ උනත් පදාර්ථ පරමාණු ගැන , විද්‍යාවේ ප්‍රතිපල වලින් කියන දෙයක් පිලිගන්නවා නිකන් ම ආගම් රස කතාවකට වඩා . මොකද ඒවා කලින් වැඩ කරනවද කියලා නැවත නැවත ඔප්පු වෙලා තියන නිසා . . ආගම් කතා වගේ කවදාක් වත් වෙන්නේ නැති කතන්දර වල විතරක් තියන ඒවා නෙවෙයි නිසා
    ------ Post added on Jan 5, 2026 at 9:37 PM
    yama pallo thel dala badididi kiyapanko oya tika yama rajuruwonta :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    yama pallo මොන තෙල් දාල ද බදින්නේ ?
    පොල් තෙල් ද නැත්නම් අර @scurvy යා වගේ sunflower oil ද ?
    Dan tiyena ewama tama.danuth pol thel sunflower oil eliye tiyenawa kiyalane hitan inne.eheth ehema tama mawenne.vinyanaya mayawak
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    යමලෝකේ ඉන්න උන්ට ආහාර මාර්ගයක් තියනවද , sex කරනවද ?
    Danuth wate inna ayata tiyenawane e wage tama.kohomada badidi sepa