සාෆි ගැන චෝදනා සනාථ වී නෑ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සාෆි ගැන චෝදනා සනාථ වී නෑ

    සාෆි ගැන චෝදනා සනාථ වී නෑ

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවක් හෝ අයතා වත්කම් ඉපැයූ බවක් හෝ මව්වරුන්ගේ පැලෝපීය නාල මිරිකූ බවක් හෝ මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
    වෛද්‍ය සාෆි ශිහබ්දීන් සම්බන්ධ පැමිණිල්ල අද පස්වරු 2.00 ට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය මේ බව දැනුම් දුන්නේය.
    වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා අත්අඩංගුවට ගැනීමේ දී අක්‍රමිකතා සිදුවී ඇති බව ද රහස් පොලිසිය කීවේය.
    මෙම වෛද්‍යවරයා සිංහල මව්වරුන් 3479 ක්, මුස්ලිම් මව්වරුන් 860 ක් සහ ද්‍රවිඩ මව්වරුන් 33ක් සිසේරියන් සැත්කම්වලට භාජනය කර ඇතැයි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.
    මෙම වෛද්‍යවරයාගේ සැත්කම්වලින් පසු ආසාත්මිකතා ඇති වූ බව කියමින් රහස් පොලිසියට ලැබුණු පැමිණිලි 615ක් අතුරෙන් පැමිණිලි 468ක් ගැන අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, ඒවා අතුරෙන් විමර්ශන මට්ටමේ ඇති පැමිණිලි 147ක් අතුරෙන් මව්වරුන් 13 දෙනකු විශේෂඥ කමිටුවට යොමු කළ බවත්, එයින් පරීක්ෂණයට භාජනය කළ යුතු තත්වයේ සිටින්නේ දෙදෙනකු පමණක් බවත්, ඉතිරි පැමිණිලි 11 අසත්‍ය බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.
    මෙම සිද්ධියට අදාළ මව්වරුන් ලබන 30 වැනිදා එම පරීක්ෂණයට යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
    එම සිද්ධිය සම්බන්ධයෙන් පත්කර ඇති විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට පරීක්ෂණය සිදුකරන්නේ කෙසේද යන්න යොමුකර අධිකරණයට වාර්තා කරන ලෙස ද පැවසීය.
    වෛද්‍ය සාෆි සමඟ වැඩ කළ වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කළ බවත්, සාෆි වෛද්‍යවරයා මෙවන්නක් කර නැතැයි ඔවුන්ගේ ප්‍රකාශ අනුව තහවුරු වූ බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.
    සාෆි වෛද්‍යවරයා සම්බන්ධ චෝදනා අනාවරණය නොවන නිසා ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම ගැන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.




    lankadeepa
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    57852348_452339042173056_7681949914028310528_n.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    දාලා තියෙන එකේ පොඩි වෑරෑද්දක් තියෙනවා. ඈත්තම ගණන් මෙහෙමයි

    සිංහල මව්වරුන් 3479 ක්, මුස්ලිම් මව්වරුන් 33 ක් සහ ද්‍රවිඩ මව්වරුන් 860ක්


    එතකොට සින්හල දෙමල එකතුව 4339 - 99%



    මුස්ලිම් 33 - 1%


    සරලව ගත්තොත් හිතාගන්න පුලුවන් නේද මුස්ලිම් අය කොයි තරම් අඩු ප්‍රමාණයක්ද සීසර් කරලා තියෙන්නේ කියලා. ඒකම ඈති පුද්ගලයාගේ අරමුණ ගෑන හිතා ගන්න










     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    දාලා තියෙන එකේ පොඩි වෑරෑද්දක් තියෙනවා. ඈත්තම ගණන් මෙහෙමයි

    සිංහල මව්වරුන් 3479 ක්, මුස්ලිම් මව්වරුන් 33 ක් සහ ද්‍රවිඩ මව්වරුන් 860ක්


    එතකොට සින්හල දෙමල එකතුව 4339 - 99%



    මුස්ලිම් 33 - 1%


    සරලව ගත්තොත් හිතාගන්න පුලුවන් නේද මුස්ලිම් අය කොයි තරම් අඩු ප්‍රමාණයක්ද සීසර් කරලා තියෙන්නේ කියලා. ඒකම ඈති පුද්ගලයාගේ අරමුණ ගෑන හිතා ගන්න












    ඔව්....එකෙක් දෙන්නෙක් පැමිණිලි කරානම් අතාරින්න තිබුනා..ඒත් මේක එහෙම නෙවි

     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    ඔව්....එකෙක් දෙන්නෙක් පැමිණිලි කරානම් අතාරින්න තිබුනා..ඒත් මේක එහෙම නෙවි



    දාහක් උනත් අතඅරින එක සිම්පල් මචන් මේ ආණ්ඩුවට.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔව්....එකෙක් දෙන්නෙක් පැමිණිලි කරානම් අතාරින්න තිබුනා..ඒත් මේක එහෙම නෙවි


    62 ලක්ෂයක් අමතක කරපු එකේ ඕව මොනවද...මුස්ලිම් චන්ද ටිකකට ඕන එකෙක් බේරලා දෙයි
     

    Similar threads