සැකකරු ඇප ඉල්ලනවාද?

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සැකකරු ඇප ඉල්ලනවාද?

    මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරියට බැණ තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද සවස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් වන ඒ හිමියන් අධිකරණයට අපහාස කළැයි කියන නඩුවෙන් පෙරදින ඇප ලැබුව ද සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ නඩුව නිසා අද වනතුරු රිමාන්ඩ් කැරිණි.
    ඥානසාර හිමියනට ඇප නියම කරන්නැයි ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්ද මහතා පෙරදින (09) මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් අයැද සිටියේය.

    මහේස්ත්‍රාත් - ‘සැකකරු ඇප ඉල්ලනවාද?‘
    වරලියද්ද - ‘ඔව් ස්වාමීනි‘
    මහේස්ත්‍රාත් - ‘එදා නම් කිව්වේ අපි ඇතුළට දාපල්ලා කියලයි. ඇයි දැන් ඇප ඉල්ලන්නේ? සැකකරුවකු තමා රිමාන්ඩ් කරන ලෙස කිව්වත්, නිදහස් කරන ලෙස කිව්වත් නීතිමය කරුණු අනුව පමණයි අප තීන්දුවක් දෙන්නේ. මේ සැකකරු එදා අධිකරණයේ හැසිරුණු ආකාරයෙන් පෙනෙන්නේ මෙය සැලසුම් සහගත ක්‍රියාවක් බවයි. වෙනත් අරමුණක් ඉෂ්ඨ කර ගැනීම සඳහා ඉබේම අත්අඩංගුවට පත්වීමේ තත්ත්වයක් නිර්මාණය කරගෙන සිටි බව පේනවා. එවැනි දේ ඉෂ්ඨ කර ගැනීමට උසාවිය පාවිච්චි කිරීමට ඉඩ දිය නොහැකියි. උසාවියට අපහාස කිරීම හා රජයේ නිලධාරීන්ට තර්ජනය කිරීම ඇප දීමට සුදුසු වරදක් නොවෙයි. නමුත් සැකකරු වෙනත් ඕනෑකමක් වෙනුවෙන් අධිකරණය භාවිත කිරීමට ඉඩ දිය නොහැකියි. ඒ නිසා කොන්දේසි මත සැකකරුට ඇප නියම කරනවා.
    සැකකරු මේ නඩුව හෝ අධිකරණයේ වෙනත් නඩු ගැන හෝ මාධ්‍යය ඇතුළු කිසිම තැනක කතා නොකළ යුතුයි.
    එසේ කළහොත් ඇප අවලංගු කරනවා. සැකකරු හැම ඉරිදාවකම උදේ නවයත් 12ත් අතර හෝමාගම පොලිසියේ පෙනී සිටිය යුතුයි. ‘
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ලංකාවෙ මිනිස්සුන්ට පිස්සු හැදීගෙන එන්නේ.මම හිතන්නේ ඔක්කොම සොම්බි වෙලා එක එකා මරන් කයි.:yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඥාණසාර හිමි යළි රිමාන්ඩ්

    බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් යළි රිමාන්ඩ් කරනු ලැබ තිබෙනවා.

    ඒ අනුව ඥාණසාර හිමියන්ව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අද (10) හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    The best part:
    ඥානසාර වෙනුවෙන් ගිනි තබා ගැනීමට සහ වාහන යට රිංගීමට සිටි සිවුරුකරුවන් එකෙකු හෝ අද අධිකරණය පැත්ත පලාතක සිටියේ නැත.
    :(:lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලංකාවෙ මිනිස්සුන්ට පිස්සු හැදීගෙන එන්නේ.මම හිතන්නේ ඔක්කොම සොම්බි වෙලා එක එකා මරන් කයි.:yes:

    Danatath maran kanawa. Zombie wela ne thama. :lol: