සැකකාර ජෙනරාල් රිමාන්ඩ්
පැමිණිල්ලේ ඉල්ලීම අනුව නාවික හමුදා මූලස්ථානයේම රඳවා තබයි
හයිකෝප් වංචා සිද්ධිය
යුද හමුදාවට භාණ්ඩ මිලදී ගැනීමේ “හයිකෝප්” ටෙන්ඩර් මුදල් වංචා සිද්ධියේ තුන්වැනි සැකකරු ලෙස නම් කර සිටි විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන 28වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (23) නියම කළා ය.
එහෙත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දමිත් තොටවත්ත මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රිමාන්ඩ් භාරයට පත් කළ සැකකාර ජෙනරාල් ෆොන්සේකා මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් මැද නාවික හමුදා මූලස්ථානයේ තව දුරටත් රඳවා තබන ලෙස නියෝග කළා ය.
බන්ධනාගාරයේ සෙසු සැකකරුවන් සමඟ සැකකාර ෆොන්සේකා මහතා රඳවා තැබීමෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් බන්ධනාගාරයේ සෙසු සැකකරුවන් සමඟ සැකකාර ෆොන්සේකා මහතා රඳවා තැබීමෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි හෙයින් ඔහු තවදුරටත් නාවික හමුදාව භාරයේ රඳවා තබන ලෙසට රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තොටවත්ත මහතා කළ ඉල්ලීම පිළිගෙන මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළා ය.
සැකකාර ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා තම සේවාදායකයාගේ ජීවිතයට බන්ධනාගාරය තුළ තර්ජනයක් එල්ලවිය හැකි බවට රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තොටවත්ත මහතා අධිකරණයට කළ ප්‍රකාශයට ස්තූතිය පළ කළේ ය.
රක්ෂිත භාරයේ පසුවූවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සැකකරු අදාළ පාර්ලිමේන්තු සැසි වාර දිනයන්හි එම රැස්වීම් වලටත් ඔහු සාමාජිකත්වය දරන තේරීම් කාරක සභා, උපදේශක කාරක සභා හා පක්ෂ නායක රැස්වීම් වලටත්, අදාළ අධිකරණ වලටත් නියමිත දිනයන්හි ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට හා යුද හමුදා පොලීසියට නියම කළා ය.
අධිකරණ නියෝග මත යුද හමුදා පොලීසිය මඟින් ඊයේ (23) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විශ්‍රාමික ජෙනරාල්වරයා Qඛ්යිකෝප්’ මුදල් වංචා සිද්ධියේ තුන්වන සැකකරු ලෙසට විත්ති කූඩුවට ගොඩවුණි.
එම අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක් වූ රහස් පොලීසිය ‘හයිකෝප්’ මුදල් වංචා සිද්ධියට අදාළ ප්‍රශ්නගත ටෙන්ඩර් හතර ලබාදීම සඳහා පවත්වන ලද ප්‍රසම්පාදක කමිටු හතරෙහිම සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා අදාළ භාණ්ඩ සැපයීම සඳහා “බ්‍රිටිෂ් බෝර්නියෝ ඩිෆෙන්ස්” නමැති ලියාපදිංචි සැපයුම්කාර සමාගම විසින් ඉදිරිපත් කැර ඇති බවට දැක්වෙන ලංසු එම සමාගම ඉදිරිපත් නොකළ බවට දක්වමින් එම ලංසු අනුමත කැර ඇති බවත් දන්වා සිටියේ ය.
තවද තම බෑණා වන මෙම සිද්ධියේ දෙවන සැකකරු ධනුන තිලකරත්නට අයත් ඔහුගේ පාලනයේ පවතින බව දන්නා ‘හයිකෝප්’ සමාගම වෙත අවිධිමත් ලෙස රජයේ මුදල් බැර කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රසම්පාදන කටයුතු බාරව සිටින නිලධාරීන් රැවටීමට සැකකාර විශ්‍රාමික ජෙනරාල්වරයා ආධාර අනුබල දී ඇති බව ද රහස් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවෙන් දන්වා සිටියේ ය.
මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් නිසි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවත් සැකකාර විශ්‍රාමික ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසී ය.
මේ සිද්ධියේ මූලික පරීක්ෂණ අවසන්ව තිබෙන තත්ත්වයන් යටතේ නීතිපති දෙපාර්තමේන්තුව සැකකරුවන් පිළිබඳව ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්දැයි මහේස්ත්‍රාත්වරිය රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාගෙන් ප්රශ්නකැර සිටියා ය.
නීතිපතිවරයා අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ හා පොදු දේපළ පනත යටතේ සැකකරුවන්ට එරෙහිව කඩිනමින් අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව මෙහිදී රජයේ ඡ්‍යොෂ්ඨ නීතීඥ දමිත් තොටවත්ත මහතා පැවසී ය. දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ‘හයිකෝප්’ පුද්ගලික සමාගමේ අධ්යක්ෂ වැලන්ටන් ට්‍රෙන්ටන් ඩී හොට් යන පළමු සැකකරු හා තුන්වන සැකකාර විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් කඩිනමින් ඉදිරි පියවර ගැනීමට මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ලට අවවාද කළා ය.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 400, 403, 454, 457, 459 සමඟ කියැවෙන 1982 අංක 12 දරන පොදු දේපළ පනතෙහි කියෙවෙන 5 (1) (2) වගන්ති යටතේ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා වැරැදි සිදු කර ඇති බවට අනාවරණය වන්නේ යැයි නීතිපතිවරයා අධිකරණයට දන්වා ඇත.
ඉදිරිපත් වූ කරුණු සළකා බලා සැකකාර විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව සම්බන්ධව අධිකරණය විශේෂ අවධානය යොමු කරන බව ඊයේ (23) ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ආරක්ෂාව සලකා බලා සැකකරු බන්ධනාගාරයේ පොදු සැකකරුවන් සමඟ රඳවා තැබීම නුසුදුසු බවට තීන්දු කළාය.
ඒ අනුව ලබන 28වැනිදා තෙක් සැකකරු නාවික හමුදා මූලස්ථානයේ රඳවා තැබීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදින උදේ 9.00ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට යුද හමුදා පොලිසියට හා බන්ධනාගාර අධිකාරියට නියෝග කළාය.
එදින උදේ 9.00 ට සිද්ධියේ පළමු සැකකරුවන ‘හයිකෝප්’ අධ්යක්ෂවරයාද අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරියට නියෝග කළාය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් ජාතික බුද්ධි සේවා ප්‍රධානියා 2009 / 12 / 23 රහස් පොලිසියට කළ පැමිණිල්ල හා යුද හමුදා මේජර් ජෙනරාල් රොහාන් මානවඩුගේ කළ පැමිණිලිවලින් පසු රහස් පොලිසිය ‘හයිකෝප්’ මුදල් වංචාව සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කෙළේ ය. ව්‍යාජ ලේඛන ඉදිරිපත් කැර ප්‍රශ්නගත ටෙන්ඩර් හතරක් ලබාගෙන අමෙරිකානු ඩොලර් 2, 99,061,.25ක් වංචා කැර ඇතැයි පවසන මේ සිද්ධියේ දෙවන සැකකරු වූ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්න අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟින් දෙවැනි වරටත් වරෙන්තු නිකුත් කැර ඇත.
අධිකරණය මඟින් ප්‍රකාශිත පුද්ගලයකු ලෙස නම් කැර ඇති සැකකාර ධනුන තිලකරත්න මෙම මස 30 වැනිදා උදේ 9.00ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටියහොත් සැකකරුගේ දේපළ රජයට පවරා ගැනීමේ ආඥාවක්ද නිකුත් කැර ඇත.
සිද්ධිය නැවත කැඳවීම ලබන 28 වැනිදාට කල් තැබිණි. රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දමිත් තොටවත්ත මහතා සමඟ රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහොන්ලාල් සිරිවර්ධන මහතා පැමිණිල්ල මෙහෙය වීය.
පෝල් රත්නායක නීතිඥ සමාගමේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සමඟ නීතිඥ වරුන් වන ශිරාෂ් නූර්දීන්, සුනිල් වටගල යන මහත්වරුද නීතිඥ හිෂාධි ගමගේ මහත්මිය ද සැකකාර විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටියහ.
කුමුදු හෙට්ටිආරච්චි