සැකයි මට ඔබේ කුමරි බඹසර
මේ ගීතය මට අහම්බෙන් හම්බවුනේ... දැන් රටේ නීතිය ගැන බොහොම සැරට විවේචනය කරන කාලීන නිර්මාණයක්.
ඒත් කොච්චර කල් මේක අපිට අහන්න පුලුවන් වෙටයිද දන්නේ නෑ... ඒක නිස අහන එක දැන්මම අහල බලන්න.
වදින්න ඕනේ තැන් වලට රිදෙන්න වදිනවා.
==================================================
ඒත් කොච්චර කල් මේක අපිට අහන්න පුලුවන් වෙටයිද දන්නේ නෑ... ඒක නිස අහන එක දැන්මම අහල බලන්න.
වදින්න ඕනේ තැන් වලට රිදෙන්න වදිනවා.
==================================================
තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබේ
කුමරි බඹසර
රජුගේ මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල
ඉරා සළු පට බැඳුන නෙතු යුග
තරාදිය ගෙන හෙලා ඝණ දිය
තලා අසිපත නසා එහි පණ
පසඳලිය හැකිවේද යුක්තිය
ධවල සළු පිලි සොරුන් ගත්තෙද
මිණි මෙවුල් දම් කඩා හැළුනිද
ඔබේ ගත රැඳි දුහුල් සළු පට
හමන සුළඟට ඉගිල යාවිද
සැකයි මට ඔබේ
කුමරි බඹසර
රජුගේ මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල
ඉරා සළු පට බැඳුන නෙතු යුග
තරාදිය ගෙන හෙලා ඝණ දිය
තලා අසිපත නසා එහි පණ
පසඳලිය හැකිවේද යුක්තිය
ධවල සළු පිලි සොරුන් ගත්තෙද
මිණි මෙවුල් දම් කඩා හැළුනිද
ඔබේ ගත රැඳි දුහුල් සළු පට
හමන සුළඟට ඉගිල යාවිද




