Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැප නින්දක වැදගත්කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැප නින්දක වැදගත්කම

ගඳ, සුවඳ හා නේක ශබ්දවලට මෙන්ම දවස පුරා දැල්වෙන නිවෙන විදුලි බල්බවලටද අපගේ පංචේන්ද්‍රියන් දක්වන විවිධ ප්‍රතිචාර අප සුව නින්දකට වට සැණින් අකර්මන්‍ය වී යයි. එලාම් ඔරලෝසුව උදයේ යළි ඇහැරවන තෙක් අපි නින්දෙහි ඇලීගැලී සිටිමු. ජංගම දුරකථනය කි‍්‍රයාවිරහිත කළාක් මෙන් නින්ද ආ සැණින් මොළය තාවකාලිකව තම සියලූ කටයුතු නවත්වා විවේක ගන්නවා යැයි සමහරු සිතුවත් ස්නායු ජීව විද්‍යාඥයන් ඒ ගැන දරන්නේ වෙනස් අදහසකි.

මොළයේ රෑ වැඩමුරය

ලයිට් නිවා රාතී‍්‍ර නින්දට වැටුණු සැණින්, මිනිස් මොළය කි‍්‍රයාකරන්නේ එය දහවලේ කි‍්‍රයාත්මක වූ ආකාරයට නොව ඊට හාත්පසින්ම වෙනස් විදියකටය. මනා පුහුණුව ලත් හමුදා භට ඛණ්ඩයක් මෙන් මොළයේ ඇති නියුරෝන රාතී‍්‍ර සුව නින්දකට අප ගෙන යන ලිහිසි ද්‍රව්‍යයන් නිපදවා මස්තිෂ්කය පූර්ණ ලෙස පිරිසිදු කරයි. මෙමගින් හෝමෝන, එන්සයිම හා ප්‍රෝටීන අතර පැවතිය යුතු සමබරතාවද මැනැවින් පාලනය කෙරේ. දහවලේ හටගත් අධික කි‍්‍රයාකාරීත්වය හේතුවෙන් ජනනය වුණු විෂ සහිත කැට කැබිලිති අතුපතු ගා දැමීම මෙම පිරිසිදු කිරීමේ කි‍්‍රයාවලියේ මූලික අරමුණයි. මිනිසා විසින් නිපදවන ලද කිසිදු ඖෂධයකට ඉටු කළ නොහැකි දැවැන්ත කාර්යභාරයක් රාතී‍්‍ර නින්දේදී ඉටුකරන ඉහත කී නියුරෝන නිසා මිනිස් මොළය හා ශරීරය පසුදා උදේ මැනවින් තිරිහන් වෙයි. දෛනිකව පැය 8ක් 9ක් සුවසේ නිදාගන්නා අයකුගේ මතක ශක්තිය, වැඩ හොඳින් සැලසුම් කිරීමේ හැකියාව, මේදය දහනය වීමේ සම්භාවිතාව සහ බර මහත පාලනය කර ගැනීමේ හැකියාව බෙහෙවින් ඉහළ යන බව ස්නායු විද්‍යාඥයෝ පවසති. හැම මනුෂ්‍යයකුම එවන් දිගු නින්දක සුවය ලැබීමට පුරුදු පුහුණු වුවහොත් ඔහුට/ඇයට දියවැඩියාව, විශාදය හා මානසික ආතතිය වැනි වත්මනෙහි බහුලව පවතින රෝගී තත්ත්වයන්ගෙන් මිදී සිටීමේ හැකියාව උදාවෙයි. එපමණක් නොව අල්ෂයිමර්, අකලට අස්ථි දිරායාම හා පිළිකා සෑදීමේ අවදානමද අවම තත්ත්වයකට පත්වේ. මනසට සුවය සලසනවායැයි කියැවෙන පෙති තොග ගණනක් බහුජාතික ඖෂධ සමාගම් විසින් නිපදවන නමුත් සුව නින්දකින් අත්වන සෞඛ්‍ය ප්රතිලාභ ඒවා අබිබවයි. මිලියන 70ක් ලෝවාසීන් වත්මනෙහි ප්‍රමාණවත් නින්දක් නොලබන අතර මේ අහිතකර ප්‍රවණතාව පොදු ජන සෞඛ්‍යයට හානි පමුණුවන වසංගතයක් සේ පැතිරයමින් පවතින බව ඇමරිකාවේ රෝග මර්දන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි. පැය අටක සැප නින්ද, ජීවිතයේ අනෙක් කි‍්‍රයාකාරකම් සමග කේවල් කළ නොහැකි ප්‍රමුඛතාවක් ලෙස හුවා දක්වා පොදු ජනයා ඒ ගැන දැනුවත් කළ යුතුයැයි ස්නායු විද්‍යාඥයන් අවධාරණය කරන්නේ මේ නිසාය.

නිදි වැරීමේ ප්‍රතිඵල

දෛනික ඉලක්කයන් මොනවා දැයි සටහන් කර ගත් කරදහියට හෝ ජංගම ස්මාර්ට් දුරකථනයේ සඳහන් ඩිජිටල් න්‍යාය පත්‍රයට මුල් තැන දෙමින් පැය 3, 4ක කෙටි නින්දකින් සෑහීමකට පත්වන බොහෝ අය දහවලේදි තමන්ට දැනෙන නිදිමත ගතිය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන වග පුන පුනා කියති. ඇමරිකාවේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව හා මානව චර්යාව පිළිබඳ මහාචාර්ය මේරි කාස්කාඩන් සිදු කළ පර්යේෂණවලට අනුව 2014 සැප්තැම්බර් මාසය තුළ පමණක් ඇමරිකානුවන්ගෙන් 40%ක්ම දහවල් කාලයේදී නොදැනුවත්වම නිදිකිරූ බවත්, තවත් 5%ක් රිය පදවන අතර නින්දට වැටුණු බවත් අනාවරණය විය. ලොස් ඇන්ජලීස් ජීවවිද්‍යා පර්යේෂණ අංශයේ මහාචාර්ය පීටර් ලියූ පවසන්නේ, නිදි වැරීම හේතුවෙන් ඇමරිකානු ජනගහනයෙන් හරි අඩක්ම නිසි අවධානයක් සහිතව වැඩ කිරීමට බැරි පුද්ගලයන් බවට පත්ව ඇති වගයි. හොඳ නින්දක් නොලබන ශ්‍රමිකයන් වැඩබිමේදී නිතර ලෙඩවන බවද ඔහු කියයි. දැන් මෙම නිදි වැරීමේ පුරුද්ද ඇමරිකාවේ තරුණ පරපුරටද බෝවී තිබේ. පැය අට, නවයක දිගු නින්දක සුවය කිසිසේත් නොලබන ඇමරිකානු යෞවන යෞවනියන් ප්‍රතිශතය 45%කි. මොවුන්ගෙන් 25%ක්ම සතියකට එක් වතාවක් හෝ පන්ති කාමරය තුළ නිදිකිරති. ඇමරිකානු පාසල් දරුවන්ට සුව නින්දක පහසුකම සැලසීමේ අරමුණින් එහි සියලූ පාඨමාලා උදේ 10ට පමණ ආරම්භ කිරීම ඉතා කාලෝචිතයැයි එරට ළමා රෝග පිළිබඳව ඇකඩමිය 2014 ජූනි මාසයේදී රජයට උපදෙස් දුන්නේය. ඒ අනුව ඇමරිකාවේ පාසල් 1000කට අධික සංඛ්‍යාවක් අද තම වැඩ පටන් ගන්නේ උදේ 10න් පසුවය. මිනිස් මොළය සිය ගෙවුණු ෙසෙල අලූත්වැඩියා කර ගැනීම පිණිස උපයෝගී කර ගන්නේ සුව නින්ද බවත්, එය අහිමි කිරීම බරපතළ රෝගාබාධ වෙත කරන අත වැනීමක් බවත් පෙන්සිල්වේනියා සරසවියේ වෛද්‍යවිද්‍යා මහාචාර්ය සිගි්රඞ් වීසි කියයි. මෙතැන් සිට අපි ඇයගේ හ`ඩට සවන් යොමු කරමු.

අතිකාල වැඩමුරය

‘පැය 8, 9ක දිගු නින්දක් අපි අපේ ශරීරයට ලබා නොදීම යනු මොළයට අතිකාල වැඩමුර එක පිට එක පැටවීමයි. නොකඩවා වැඩ මුර දෙකක නියැලූණු ශ්‍රමිකයකු තුන්වැනි වැඩමුරයක් සඳහා අනුයුක්ත කළහොත්, අධික වෙහෙස නිසා ඔහු සිහි විසඥව බිම ඇද වැටෙනු නියතයි. දහවල් කාලයේදී අපි නියැළෙන විවිධ කි‍්‍රයාකාරකම් සඳහා අවශ්‍ය දැවැන්ත බලශක්තිය අපට සපයා දෙන්නේ මොළය තුළ පිහිටා ඇති ෙසෙල බලකායයි. ක්ෂය වන ෙසෙලවලට නැවත ජීව බලය සපයා දෙන්නේත්, ෙසෙල මගින් මුදාහරින විවිධ අපද්‍රව්‍ය ශුද්ධ පවිත්‍ර කෙරෙන්නේත් අප දිගු නින්දක් ලබන අවස්ථාවේදියි. ඉතින් දිගින් දිගටම හොඳ නින්දක් නොලබන 20 හැවිරිදි යෞවනයකුගේ මස්තිෂ්කය ඊට බෙහෙවින් වැඩිමහල් අයකුගේ මොළයක් සේ දිස්වෙන්නේ එය දැඩි ක්ෂය වීමකට බඳුන්වන නිසායි. රාති‍්‍රය එළැඹෙත්ම අප අභ්‍යන්තරයේ ඇති ‘මනස් ඔරලෝසුව’ දැන් නිදියන්නයැයි කියමින් අපට ඉතා වැදගත් සංඥාවක් නිකුත් කරනවා. කුඩා ළමුන් කලින්ම නිදියන්නේ මේ ඔරලෝසුවට ඔවුන් හොඳින් අනුගත වන හින්දායි. එහෙත් වැඩිහිටියන් ලෙස අපි හැම මිනිත්තුවක් පාසාම අපේ ජංගම දුරකථනය සෝදිසි කරමින් සිටින්නේ ඊට ලැබී ඇති කෙටි පණිවුඩ හා ඊ මේල් මොනවාදැයි දැනගැනීම වඩා වැදගත්යැයි සලකන නිසයි. ලැප්ටොප් පරිගණකයේ, ටැබ් එකේ සහ ස්මාර්ට් ජංගම දුරකථනයේ දේදුනු පාට තිරය මානසික ඒකාග්‍රතාව සහ විවේකය වහා බිඳ දමන බව බොහෝ අයට වැටහෙන්නේ නැත. මේ කෘති‍්‍රම ආලෝකය අපගේ නින්ද අහිමි කොට ‘කෝටිසෝල්’ නමැති චිත්ත පීඩන හෝමෝනය නිකුත් කරන්නැයි මොළයට බල කර සිටිනවා. මෙකී නව තාක්ෂණික මෙවලම් නොකඩවා සහ විනයකින් තොරව භාවිත කිරීම නිසා අප අභ්‍යන්තරයේ ඇති මනස් ඔරලෝසුව හෙමි හෙමින් අකි‍්‍රය වී රැුය දහවල නොහඳුනන තත්ත්වයකට පත්වෙනවා. මිනිසුන් බහුතරයකට ස්නායු රෝග වැළඳෙන්නේ මෙම ස්වාභාවික ඔරලෝසුව අකර්මණ්‍ය වූ පසුවයි.’

අපට නින්ද අවශ්‍ය ඇයි?

මනුෂ්‍ය ශරීරයේ හැම අවයවයක්්ම සිය කි‍්‍රයාකාරීත්වය නිසි පරිදි තබා ගැනීම පිණිස විශාල ශක්ති ප්‍රමාණයක් වැය කරයි. මේ කි‍්‍රයාවලියෙහි අතුරු ඵලයක් ලෙස නිපදවන අපද්‍රව්‍ය, කැබලිවලට කඩා ඒවා අදාළ ස්ථානවලින් බැහැර කරන්නේ ‘මැක්රොෆේජස්’ යනුවෙන් හැඳින්වෙන ප්‍රතිශක්තිකාරක ෙසෙල සමූහයක් විසිනි. මිනිස් මොළය තුළ එහි අපද්‍රව්‍ය බැහැර කරන වාහිනී පද්ධතියක් දක්නට නොමැත. එහෙත් මස්තිෂ්කය තරම් අධික ශක්තියක් දෛනිකව වැයකරන අන් ඉන්ද්‍රියයක් මිනිස් සිරුර තුළ නොමැත. මොළය විසින් සිදුකරන අනේකවිධ මෙහෙයුම් හේතුවෙන් ජනනය වන අපද්‍රව්‍ය ඉන් ඉවතට යන්නේ කෙසේදැයි නිශ්චිතවම සොයාගනු ලැබුවේ ඇමරිකාවේ රොචෙස්ටර් සරසවියේ ස්නායු විද්‍යාඥ මායිකෙන් නෙඩර්ගාඞ් විසිනි. ග්ලියල් නමැති විශේෂ ෙසෙල බලකායක් මොළය තුළ තිබෙන බවත්, සිරුර නින්දට වැටීමත් සමග ඒවා පොම්පයක් ලෙස සකස් වී එහි අඩංගු අපද්‍රව්‍ය අක්මාව වෙත බැහැර කරන බවත් වෛද්‍ය නෙඩර්ගාඞ් අවධාරණය කරයි.

අපද්‍රව්‍ය බැහැර කරන ග්ලියල් ෙසෙල කි‍්‍රයාත්මක වන්නේ මොළයේ ඇති විදුලි සංඥා පද්ධතිය නිද්‍රාශීලි තත්ත්වයට පත්වීමෙන් පසුවය. මොළයේ සෞඛ්‍ය සම්පන්න කි‍්‍රයාකාරීත්වය සඳහා දිගු නින්ද අත්‍යවශ්‍ය වන්නේ එහෙයිනි. හරිහමන් නින්දක් නොලබන පුද්ගලයාගේ ග්ලියල් ෙසෙල නිසි ලෙස කි්රයාත්්මක නොවන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ/ඇයගේ මොළය තුළ ඇති අපද්‍රව්‍ය දිනෙන් දින ගොඩගැසෙයි. අල්ෂයිමර් වැනි සුවකළ නොහැකි රෝගී තත්ත්වයන් හටගන්නේ මස්තිෂ්ක අපද්‍රව්‍ය බැහැර වීම නියමාකාරයෙන් සිදුනොවන අවස්ථාවලදී වග වෛද්‍ය නෙඩර්ගාඞ් කියයි. මොළයේ අණුක අපද්‍රව්‍ය එක තැන පල්වීම හේතුවෙන් ඒ අවට ඇති අනෙක් නිරෝගි ෙසෙලද ගිලන් වෙයි. අමතක වීමේ හා අවධානය ගිලිහී යාමේ රෝග හටගන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

නිදි නැති නගර

අඩු පැය ගණනක් නිදියමින් වැඩි වෙලාවක් දෛනික ඉලක්කයක් හඹා යාම පිණිස වැය කිරීම වීරත්වයක් ලෙස සලකා ගෝලීය වෙළෙඳ සංස්කෘතික හිරකාරයන් බවට අද අපි පත්ව සිටිමු. අතීතයේදී බටහිරට පමණක් සීමා වූ පැය 24ම විවෘතව පවතින වෙළෙඳ නගර දැන් දැන් ආසියාකරය තුළ ද ගොඩනැගෙමින් පවතී. ශී‍්‍ර ලංකාවද නිදි වර්ජිතව ආසියාවේ ආශ්චර්ය කරා ගමන් කරමින් සිටියි. මන්ද රාතී‍්‍ර මෝටර් රථ ධාවන තරග, කි‍්‍රකට් මැච්, නයිට් ක්ලබ් හා කැසිනෝ ශාලා රට තුළ සුලබව දක්නට ඇති හෙයිනි. රෝයල්, ආනන්ද, විශාඛා වැනි සුපිරි පාසල් වෙත කොළඹින් බැහැර පෙදෙස්වල සිට පැමිණෙන දූ දරුවන් පාසල් වෑන් රථයට ගොඩවන්නේ පාන්දර 5ටත් පෙරය. පාසල අහවර වී මොවුන් ආපසු නිවෙස් බලා යන්නේ හවස 5, 6ටය. පාඩම්වලට අදාළ ගෙදර වැඩ සහ ටියුෂන් පන්ති මීට එකතු වූ විට ඔවුන්ට සුව නින්දක් ලැබීමේ වරම සැබැවින්ම අහිමි වී යයි. රාතී‍්‍ර 12.30 වන තුරු තම ඇපල් අයි පෑඞ් එකෙන් ණය අයදුම්පත්‍ර අනුමත කරන බැංකු කළමනාකරුවෝද, වතුර බේසම්වල දෙපා හොවාගෙන පාඩම් කරන (නිදි වර්ජිත) උසස් පෙළ ගණිතය හා විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝද, පාන්දර 1.30ට විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කරන රෝගීහුද අද ශී‍්‍ර ලංකාව තුළ බහුලව ජීවත් වෙති. මෙකී නිදි වැරීමේ මී පොරය ඇරඹෙන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගයේ සිටය. සිගරට් දුමට සහ වායු දූෂණයට නිරාවරණය වීම නිසා මෙන්ම විෂ රසායන ද්‍රව්‍ය අඩංගු ජලය පානය කිරීම මගින්ද වැළඳෙන ලෙඩවලට වඩා භයානක රෝග සමුදායකට නිදි වර්ජිත ජනයා මතු දා බඳුන්වීම නොවැළැක්විය හැකි වග මහාචාර්ය මේරි කාස්කාඩන් පවසයි. දීර්ඝ හා සුවදායක නින්ද ස්වභාවධර්මයා විසින් මිනිසාට තිළිණ කරනු ලැබූ අනර්ඝතම ඖෂධයයි. මෙය නොමිලේම ලැබෙන හෙයින් මිනිසා එහි අගය නොදනී. තම දෛනික ‘බොරු බිසිය’ වෙනුවෙන් වීරයකු සේ නිදිවරන පුද්ගලයා කාලයාගේ ඇවෑමෙන් කායික හා මානසික රෝගියකු බවට පත්වෙයි. ඉතින් දැන් එළැඹ ඇත්තේ පාට පාට එළි විහිදුවා අපේ නින්ද කාබාසීනියා කරන තාක්ෂණික මෙවලම්වල පැතලි තිර කි‍්‍රයා විරහිත කොට, (ආදි මානවයා මෙන්) සොබා දහමට සමීප විය යුතු හෝරාවයි.

ප්‍රභාෂ්වර

- http://ravaya.lk/?p=4899

[QUOTE="monson, post: 17830129, member: 30005"] [b]සැප නින්දක වැදගත්කම[/b] [SIZE="4"]ගඳ, සුවඳ හා නේක ශබ්දවලට මෙන්ම දවස පුරා දැල්වෙන නිවෙන විදුලි බල්බවලටද අපගේ පංචේන්ද්‍රියන් දක්වන විවිධ ප්‍රතිචාර අප සුව නින්දකට වට සැණින් අකර්මන්‍ය වී යයි. එලාම් ඔරලෝසුව උදයේ යළි ඇහැරවන තෙක් අපි නින්දෙහි ඇලීගැලී සිටිමු. ජංගම දුරකථනය කි‍්‍රයාවිරහිත කළාක් මෙන් නින්ද ආ සැණින් මොළය තාවකාලිකව තම සියලූ කටයුතු නවත්වා විවේක ගන්නවා යැයි සමහරු සිතුවත් ස්නායු ජීව විද්‍යාඥයන් ඒ ගැන දරන්නේ වෙනස් අදහසකි. මොළයේ රෑ වැඩමුරය ලයිට් නිවා රාතී‍්‍ර නින්දට වැටුණු සැණින්, මිනිස් මොළය කි‍්‍රයාකරන්නේ එය දහවලේ කි‍්‍රයාත්මක වූ ආකාරයට නොව ඊට හාත්පසින්ම වෙනස් විදියකටය. මනා පුහුණුව ලත් හමුදා භට ඛණ්ඩයක් මෙන් මොළයේ ඇති නියුරෝන රාතී‍්‍ර සුව නින්දකට අප ගෙන යන ලිහිසි ද්‍රව්‍යයන් නිපදවා මස්තිෂ්කය පූර්ණ ලෙස පිරිසිදු කරයි. මෙමගින් හෝමෝන, එන්සයිම හා ප්‍රෝටීන අතර පැවතිය යුතු සමබරතාවද මැනැවින් පාලනය කෙරේ. දහවලේ හටගත් අධික කි‍්‍රයාකාරීත්වය හේතුවෙන් ජනනය වුණු විෂ සහිත කැට කැබිලිති අතුපතු ගා දැමීම මෙම පිරිසිදු කිරීමේ කි‍්‍රයාවලියේ මූලික අරමුණයි. මිනිසා විසින් නිපදවන ලද කිසිදු ඖෂධයකට ඉටු කළ නොහැකි දැවැන්ත කාර්යභාරයක් රාතී‍්‍ර නින්දේදී ඉටුකරන ඉහත කී නියුරෝන නිසා මිනිස් මොළය හා ශරීරය පසුදා උදේ මැනවින් තිරිහන් වෙයි. දෛනිකව පැය 8ක් 9ක් සුවසේ නිදාගන්නා අයකුගේ මතක ශක්තිය, වැඩ හොඳින් සැලසුම් කිරීමේ හැකියාව, මේදය දහනය වීමේ සම්භාවිතාව සහ බර මහත පාලනය කර ගැනීමේ හැකියාව බෙහෙවින් ඉහළ යන බව ස්නායු විද්‍යාඥයෝ පවසති. හැම මනුෂ්‍යයකුම එවන් දිගු නින්දක සුවය ලැබීමට පුරුදු පුහුණු වුවහොත් ඔහුට/ඇයට දියවැඩියාව, විශාදය හා මානසික ආතතිය වැනි වත්මනෙහි බහුලව පවතින රෝගී තත්ත්වයන්ගෙන් මිදී සිටීමේ හැකියාව උදාවෙයි. එපමණක් නොව අල්ෂයිමර්, අකලට අස්ථි දිරායාම හා පිළිකා සෑදීමේ අවදානමද අවම තත්ත්වයකට පත්වේ. මනසට සුවය සලසනවායැයි කියැවෙන පෙති තොග ගණනක් බහුජාතික ඖෂධ සමාගම් විසින් නිපදවන නමුත් සුව නින්දකින් අත්වන සෞඛ්‍ය ප්රතිලාභ ඒවා අබිබවයි. මිලියන 70ක් ලෝවාසීන් වත්මනෙහි ප්‍රමාණවත් නින්දක් නොලබන අතර මේ අහිතකර ප්‍රවණතාව පොදු ජන සෞඛ්‍යයට හානි පමුණුවන වසංගතයක් සේ පැතිරයමින් පවතින බව ඇමරිකාවේ රෝග මර්දන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි. පැය අටක සැප නින්ද, ජීවිතයේ අනෙක් කි‍්‍රයාකාරකම් සමග කේවල් කළ නොහැකි ප්‍රමුඛතාවක් ලෙස හුවා දක්වා පොදු ජනයා ඒ ගැන දැනුවත් කළ යුතුයැයි ස්නායු විද්‍යාඥයන් අවධාරණය කරන්නේ මේ නිසාය. නිදි වැරීමේ ප්‍රතිඵල දෛනික ඉලක්කයන් මොනවා දැයි සටහන් කර ගත් කරදහියට හෝ ජංගම ස්මාර්ට් දුරකථනයේ සඳහන් ඩිජිටල් න්‍යාය පත්‍රයට මුල් තැන දෙමින් පැය 3, 4ක කෙටි නින්දකින් සෑහීමකට පත්වන බොහෝ අය දහවලේදි තමන්ට දැනෙන නිදිමත ගතිය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන වග පුන පුනා කියති. ඇමරිකාවේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව හා මානව චර්යාව පිළිබඳ මහාචාර්ය මේරි කාස්කාඩන් සිදු කළ පර්යේෂණවලට අනුව 2014 සැප්තැම්බර් මාසය තුළ පමණක් ඇමරිකානුවන්ගෙන් 40%ක්ම දහවල් කාලයේදී නොදැනුවත්වම නිදිකිරූ බවත්, තවත් 5%ක් රිය පදවන අතර නින්දට වැටුණු බවත් අනාවරණය විය. ලොස් ඇන්ජලීස් ජීවවිද්‍යා පර්යේෂණ අංශයේ මහාචාර්ය පීටර් ලියූ පවසන්නේ, නිදි වැරීම හේතුවෙන් ඇමරිකානු ජනගහනයෙන් හරි අඩක්ම නිසි අවධානයක් සහිතව වැඩ කිරීමට බැරි පුද්ගලයන් බවට පත්ව ඇති වගයි. හොඳ නින්දක් නොලබන ශ්‍රමිකයන් වැඩබිමේදී නිතර ලෙඩවන බවද ඔහු කියයි. දැන් මෙම නිදි වැරීමේ පුරුද්ද ඇමරිකාවේ තරුණ පරපුරටද බෝවී තිබේ. පැය අට, නවයක දිගු නින්දක සුවය කිසිසේත් නොලබන ඇමරිකානු යෞවන යෞවනියන් ප්‍රතිශතය 45%කි. මොවුන්ගෙන් 25%ක්ම සතියකට එක් වතාවක් හෝ පන්ති කාමරය තුළ නිදිකිරති. ඇමරිකානු පාසල් දරුවන්ට සුව නින්දක පහසුකම සැලසීමේ අරමුණින් එහි සියලූ පාඨමාලා උදේ 10ට පමණ ආරම්භ කිරීම ඉතා කාලෝචිතයැයි එරට ළමා රෝග පිළිබඳව ඇකඩමිය 2014 ජූනි මාසයේදී රජයට උපදෙස් දුන්නේය. ඒ අනුව ඇමරිකාවේ පාසල් 1000කට අධික සංඛ්‍යාවක් අද තම වැඩ පටන් ගන්නේ උදේ 10න් පසුවය. මිනිස් මොළය සිය ගෙවුණු ෙසෙල අලූත්වැඩියා කර ගැනීම පිණිස උපයෝගී කර ගන්නේ සුව නින්ද බවත්, එය අහිමි කිරීම බරපතළ රෝගාබාධ වෙත කරන අත වැනීමක් බවත් පෙන්සිල්වේනියා සරසවියේ වෛද්‍යවිද්‍යා මහාචාර්ය සිගි්රඞ් වීසි කියයි. මෙතැන් සිට අපි ඇයගේ හ`ඩට සවන් යොමු කරමු. අතිකාල වැඩමුරය ‘පැය 8, 9ක දිගු නින්දක් අපි අපේ ශරීරයට ලබා නොදීම යනු මොළයට අතිකාල වැඩමුර එක පිට එක පැටවීමයි. නොකඩවා වැඩ මුර දෙකක නියැලූණු ශ්‍රමිකයකු තුන්වැනි වැඩමුරයක් සඳහා අනුයුක්ත කළහොත්, අධික වෙහෙස නිසා ඔහු සිහි විසඥව බිම ඇද වැටෙනු නියතයි. දහවල් කාලයේදී අපි නියැළෙන විවිධ කි‍්‍රයාකාරකම් සඳහා අවශ්‍ය දැවැන්ත බලශක්තිය අපට සපයා දෙන්නේ මොළය තුළ පිහිටා ඇති ෙසෙල බලකායයි. ක්ෂය වන ෙසෙලවලට නැවත ජීව බලය සපයා දෙන්නේත්, ෙසෙල මගින් මුදාහරින විවිධ අපද්‍රව්‍ය ශුද්ධ පවිත්‍ර කෙරෙන්නේත් අප දිගු නින්දක් ලබන අවස්ථාවේදියි. ඉතින් දිගින් දිගටම හොඳ නින්දක් නොලබන 20 හැවිරිදි යෞවනයකුගේ මස්තිෂ්කය ඊට බෙහෙවින් වැඩිමහල් අයකුගේ මොළයක් සේ දිස්වෙන්නේ එය දැඩි ක්ෂය වීමකට බඳුන්වන නිසායි. රාති‍්‍රය එළැඹෙත්ම අප අභ්‍යන්තරයේ ඇති ‘මනස් ඔරලෝසුව’ දැන් නිදියන්නයැයි කියමින් අපට ඉතා වැදගත් සංඥාවක් නිකුත් කරනවා. කුඩා ළමුන් කලින්ම නිදියන්නේ මේ ඔරලෝසුවට ඔවුන් හොඳින් අනුගත වන හින්දායි. එහෙත් වැඩිහිටියන් ලෙස අපි හැම මිනිත්තුවක් පාසාම අපේ ජංගම දුරකථනය සෝදිසි කරමින් සිටින්නේ ඊට ලැබී ඇති කෙටි පණිවුඩ හා ඊ මේල් මොනවාදැයි දැනගැනීම වඩා වැදගත්යැයි සලකන නිසයි. ලැප්ටොප් පරිගණකයේ, ටැබ් එකේ සහ ස්මාර්ට් ජංගම දුරකථනයේ දේදුනු පාට තිරය මානසික ඒකාග්‍රතාව සහ විවේකය වහා බිඳ දමන බව බොහෝ අයට වැටහෙන්නේ නැත. මේ කෘති‍්‍රම ආලෝකය අපගේ නින්ද අහිමි කොට ‘කෝටිසෝල්’ නමැති චිත්ත පීඩන හෝමෝනය නිකුත් කරන්නැයි මොළයට බල කර සිටිනවා. මෙකී නව තාක්ෂණික මෙවලම් නොකඩවා සහ විනයකින් තොරව භාවිත කිරීම නිසා අප අභ්‍යන්තරයේ ඇති මනස් ඔරලෝසුව හෙමි හෙමින් අකි‍්‍රය වී රැුය දහවල නොහඳුනන තත්ත්වයකට පත්වෙනවා. මිනිසුන් බහුතරයකට ස්නායු රෝග වැළඳෙන්නේ මෙම ස්වාභාවික ඔරලෝසුව අකර්මණ්‍ය වූ පසුවයි.’ අපට නින්ද අවශ්‍ය ඇයි? මනුෂ්‍ය ශරීරයේ හැම අවයවයක්්ම සිය කි‍්‍රයාකාරීත්වය නිසි පරිදි තබා ගැනීම පිණිස විශාල ශක්ති ප්‍රමාණයක් වැය කරයි. මේ කි‍්‍රයාවලියෙහි අතුරු ඵලයක් ලෙස නිපදවන අපද්‍රව්‍ය, කැබලිවලට කඩා ඒවා අදාළ ස්ථානවලින් බැහැර කරන්නේ ‘මැක්රොෆේජස්’ යනුවෙන් හැඳින්වෙන ප්‍රතිශක්තිකාරක ෙසෙල සමූහයක් විසිනි. මිනිස් මොළය තුළ එහි අපද්‍රව්‍ය බැහැර කරන වාහිනී පද්ධතියක් දක්නට නොමැත. එහෙත් මස්තිෂ්කය තරම් අධික ශක්තියක් දෛනිකව වැයකරන අන් ඉන්ද්‍රියයක් මිනිස් සිරුර තුළ නොමැත. මොළය විසින් සිදුකරන අනේකවිධ මෙහෙයුම් හේතුවෙන් ජනනය වන අපද්‍රව්‍ය ඉන් ඉවතට යන්නේ කෙසේදැයි නිශ්චිතවම සොයාගනු ලැබුවේ ඇමරිකාවේ රොචෙස්ටර් සරසවියේ ස්නායු විද්‍යාඥ මායිකෙන් නෙඩර්ගාඞ් විසිනි. ග්ලියල් නමැති විශේෂ ෙසෙල බලකායක් මොළය තුළ තිබෙන බවත්, සිරුර නින්දට වැටීමත් සමග ඒවා පොම්පයක් ලෙස සකස් වී එහි අඩංගු අපද්‍රව්‍ය අක්මාව වෙත බැහැර කරන බවත් වෛද්‍ය නෙඩර්ගාඞ් අවධාරණය කරයි. අපද්‍රව්‍ය බැහැර කරන ග්ලියල් ෙසෙල කි‍්‍රයාත්මක වන්නේ මොළයේ ඇති විදුලි සංඥා පද්ධතිය නිද්‍රාශීලි තත්ත්වයට පත්වීමෙන් පසුවය. මොළයේ සෞඛ්‍ය සම්පන්න කි‍්‍රයාකාරීත්වය සඳහා දිගු නින්ද අත්‍යවශ්‍ය වන්නේ එහෙයිනි. හරිහමන් නින්දක් නොලබන පුද්ගලයාගේ ග්ලියල් ෙසෙල නිසි ලෙස කි්රයාත්්මක නොවන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ/ඇයගේ මොළය තුළ ඇති අපද්‍රව්‍ය දිනෙන් දින ගොඩගැසෙයි. අල්ෂයිමර් වැනි සුවකළ නොහැකි රෝගී තත්ත්වයන් හටගන්නේ මස්තිෂ්ක අපද්‍රව්‍ය බැහැර වීම නියමාකාරයෙන් සිදුනොවන අවස්ථාවලදී වග වෛද්‍ය නෙඩර්ගාඞ් කියයි. මොළයේ අණුක අපද්‍රව්‍ය එක තැන පල්වීම හේතුවෙන් ඒ අවට ඇති අනෙක් නිරෝගි ෙසෙලද ගිලන් වෙයි. අමතක වීමේ හා අවධානය ගිලිහී යාමේ රෝග හටගන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. නිදි නැති නගර අඩු පැය ගණනක් නිදියමින් වැඩි වෙලාවක් දෛනික ඉලක්කයක් හඹා යාම පිණිස වැය කිරීම වීරත්වයක් ලෙස සලකා ගෝලීය වෙළෙඳ සංස්කෘතික හිරකාරයන් බවට අද අපි පත්ව සිටිමු. අතීතයේදී බටහිරට පමණක් සීමා වූ පැය 24ම විවෘතව පවතින වෙළෙඳ නගර දැන් දැන් ආසියාකරය තුළ ද ගොඩනැගෙමින් පවතී. ශී‍්‍ර ලංකාවද නිදි වර්ජිතව ආසියාවේ ආශ්චර්ය කරා ගමන් කරමින් සිටියි. මන්ද රාතී‍්‍ර මෝටර් රථ ධාවන තරග, කි‍්‍රකට් මැච්, නයිට් ක්ලබ් හා කැසිනෝ ශාලා රට තුළ සුලබව දක්නට ඇති හෙයිනි. රෝයල්, ආනන්ද, විශාඛා වැනි සුපිරි පාසල් වෙත කොළඹින් බැහැර පෙදෙස්වල සිට පැමිණෙන දූ දරුවන් පාසල් වෑන් රථයට ගොඩවන්නේ පාන්දර 5ටත් පෙරය. පාසල අහවර වී මොවුන් ආපසු නිවෙස් බලා යන්නේ හවස 5, 6ටය. පාඩම්වලට අදාළ ගෙදර වැඩ සහ ටියුෂන් පන්ති මීට එකතු වූ විට ඔවුන්ට සුව නින්දක් ලැබීමේ වරම සැබැවින්ම අහිමි වී යයි. රාතී‍්‍ර 12.30 වන තුරු තම ඇපල් අයි පෑඞ් එකෙන් ණය අයදුම්පත්‍ර අනුමත කරන බැංකු කළමනාකරුවෝද, වතුර බේසම්වල දෙපා හොවාගෙන පාඩම් කරන (නිදි වර්ජිත) උසස් පෙළ ගණිතය හා විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝද, පාන්දර 1.30ට විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කරන රෝගීහුද අද ශී‍්‍ර ලංකාව තුළ බහුලව ජීවත් වෙති. මෙකී නිදි වැරීමේ මී පොරය ඇරඹෙන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගයේ සිටය. සිගරට් දුමට සහ වායු දූෂණයට නිරාවරණය වීම නිසා මෙන්ම විෂ රසායන ද්‍රව්‍ය අඩංගු ජලය පානය කිරීම මගින්ද වැළඳෙන ලෙඩවලට වඩා භයානක රෝග සමුදායකට නිදි වර්ජිත ජනයා මතු දා බඳුන්වීම නොවැළැක්විය හැකි වග මහාචාර්ය මේරි කාස්කාඩන් පවසයි. දීර්ඝ හා සුවදායක නින්ද ස්වභාවධර්මයා විසින් මිනිසාට තිළිණ කරනු ලැබූ අනර්ඝතම ඖෂධයයි. මෙය නොමිලේම ලැබෙන හෙයින් මිනිසා එහි අගය නොදනී. තම දෛනික ‘බොරු බිසිය’ වෙනුවෙන් වීරයකු සේ නිදිවරන පුද්ගලයා කාලයාගේ ඇවෑමෙන් කායික හා මානසික රෝගියකු බවට පත්වෙයි. ඉතින් දැන් එළැඹ ඇත්තේ පාට පාට එළි විහිදුවා අපේ නින්ද කාබාසීනියා කරන තාක්ෂණික මෙවලම්වල පැතලි තිර කි‍්‍රයා විරහිත කොට, (ආදි මානවයා මෙන්) සොබා දහමට සමීප විය යුතු හෝරාවයි. ප්‍රභාෂ්වර[/SIZE] - [url]http://ravaya.lk/?p=4899[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom