සැබෑ සත්‍ය යනු කුමක්ද?

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    සැබෑ සත්‍ය යනු කුමක්ද?

    මෙය සත්‍යාවබෝධයට පත් Rupert Spira සමග කල සංවාදයක අනුවර්තනයකි: https://www.youtube.com/watch?v=nDMs5XTvlxE

    (මෙය වටහා ගැනීමට තියුනු බුද්ධියක් අවශ්‍ය බව සලකන්න. බුදුන් වහන්සේ මෙසේ දෙසුවේය, "මගේ දර්ශණය අඥාණයින් පිනිස නොවේ")
    -------

    ප්‍රශ්ණය: අපේ අද්දැකීම් (හැගීම්, දැනීම්) වල ස්වභාවය කුමක්ද?

    පිලිතුර: අපේ සාමාන්‍ය දැකීම වන්නේ 'මම' (සක්කායදෘෂ්ටිය), ලෝකය

    අත්දකිනවා යැයි කියාය. අපේ සෑම අත්දැකීමක්ම පදනම් වන්නේ මේ දෘෂ්ටිය මතය -- මගේ ශරීරය සහ මනස, ලෝකයේ ඇති කිසිවක් හෝ කිසියම් කෙනෙකු අත්දකිනවා කියා. මම ගසක් දකිනවා, මම ඔහුට/ඇයට ආදරය/කරැණාව කරනවා කියායි. කිසියම් දෙයක් ගැන ගවේශණය කරන විට අප ගවේශණය කරන්නේ මෙම මූලික අදහස පදනම වශයෙන් තබාගෙනය -- දකින්නෙක් සහ දකින දෙයක් තිබෙනවා කියා. අපි බලමු මේ දැක්ම සත්‍යක්ද කියා. එකම සොයා බැලීමකින් අපට දැනගන්න පුළුවනි, මෙම පොදු මතය මිත්‍යාවක් බව. ඔව් අපි ලෝකය දකිනවා. එහෙත් අප අපගේම සිරැර දකිනවා නොවෙයිද? අප අපගේම මනස දකිනවා නොවෙයිද? මෙනිසා ලෝකය දකින්නේ මනස හෝ ශරීරය නොවෙයි. වෙනත් කිසියම් යමක් (එයට ශුණ්‍යත්වය යැයි කියමු). අප දැන් අවට බැලුවොත්, භාහිර ලෝකයත් සමග අපට අපේම සිරැරත්, සිතත් පෙනේ. මෙනිසා, සිදුවන්නේ සිත හෝ සිරැර ලෝකය දෙස බැලීම නොවේ, ඊටත් ගැඹුරින් තිබෙන යමක්, සිතත්, සිරැරත්, ලෝකයත් අත්දැකීමයි. දැන් මතුවන ප්‍රශ්ණය වන්නේ සිත කය සහ ලෝකය දකින මෙම ගැඹුරින් තිබෙන දෙය කුමක්දැයි කියාය. එසේ ගැඹුරින් යමක් නැති බව ඔබට කිව නොහැක්කේ, ඔබට සිත කය සහ ලෝකය අත්දැකිය හැකි නිසාය. මෙම ගැඹුරින් ඇති දෙය කුමක්දැයි හොදින් බැලුවහොත් තේරැම් යන දෙයක් වන්නේ, එම දෙය මම ම යැයි කියාය (මෙම ස්ථිර සදාකාලික 'මම' සක්කායදෘශ්ටිය නොවේ. සක්කායදෘශ්ටිය යනු සිතෙන් සාදා ගත් 'මේ මමයි, මේ මගේ සිත සහ කයයි' යන මිත්‍යාමය, නිරතුරැව වෙනස් වීමට ලක්වන මම නැමති සිතුවිල්ලය. බුදුන් වහන්සේ මෙම ගැඹුරැ දෙයට ස්ථිර සදාකාල 'මමක්' යැයි නොකීවේ, එසේ කිවහොත් මිනිසුන් එය සංකල්පයක් ලෙස භාරගන්නා හෙයිනි. බුද්ධාගමෙහි සංකල්ප වලට ඉඩක් නැත.) එසේ නම් ලෝකය දකින්නේ සක්කායදෘශ්ටියෙන් සෑදුනු මම නොවේ, සිතටත් එපිටින්, ඊටත් ගැඹුරින් පවතින දෙයයි. මෙය ඇතැම් විට "Consciousness" කියා හැදින්වේ (මෙම වචනය ශබ්ධකෝශ පෙරලමින් නොබලන්න. ශබිධකෝශ මෙම වචනයේ නියම අර්ථය දෙන්නේ නැත). එසේ නම් සැබෑ 'මම' (හෝ ශුණ්‍යත්වය) යනු, සිතටත් කයටත් ලෝකයටත් එපිටින් හිද, ඒවා අත්දකින යමකි. එහෙත් මේ ස්ථිර මම යනු කුමක්දැයි සොයා බැලුවහොත්, ඔබට වැටහෙන කාරණයක් වනු ඇත්තේ, එවැනි දෙයක් සොයා ගත නොහැකි බවයි (බුද්ධාගමෙහි මෙයට ශුණ්‍යත්වය කීවේ එබැවිනි). මන්දයත්, මෙම ගැඹුරැ මමට කිසියම් හැඩයක්, වර්ණයක්, හෝ එවැනි Objective දෙයක් තිබේ නම්, එයද එම 'මම'ට දැකිය හැකි වන හෙයිනි. මෙනිසා, ඔබ මෙම ශුණ්‍යත්වය ගවේශණය කරන විට ඔබට ඒ ගැන යම් සිතිවිල්ලක් හෝ හැගීමක් ඇති වේ නම්, ඒ ඔබ සොයන දෙය නොවේ. එසේ නම් මේ ගවේශණයේදී අප අවසානයට පැමිනෙන නිගමනය වන්නේ, මෙම සත්‍ය 'මම' කිසිදාක නොපෙනෙන බවයි. එහෙත් එහි පැවැත්ම ගැන ප්‍රශ්ණයක් නැත. මන්දයත්, ඔබ ලෝකය සිත සහ කය හැම විටම දකින හෙයිනි. ඒ සත්‍ය 'මම' ඔබයි. (මෙය ඔබ "මේ මගේ නමය, මෙය මගේ රැකියාවය, මේ මගේ ඩිග්‍රි සහ පට්ටම්ය, මගේ ඥාණය මේ තරම්ය" යනුවෙන් සාදා ගත් මිත්‍යාමය 'මම'/සක්කායදෘශ්ටිය නොවේ). තවද, මෙම සත්‍ය 'මම' හෝ ශුණ්‍යත්වයට (ඔබට) සීමාවක් නැත. එය සීමා සහිත දෙයක් නොවේ. (එහෙත් සාමාන්‍ය මතය වන්නේ, මගේ කය මෙතැනින් අවසන් වේ, මගේ සිත මෙතනින් අවසන් වේ. එයින් එපිට පවතින්නේ අනුන්ගේ කයවල් සහ සිත් යන්නයි. හරියටම මේසයකට පුටුවකට සීමාවක් තිබෙන්නා සේ). මේ අනුව, සක්කායදෘශ්ටි‍යෙන් මිදී මෙම සත්‍ය 'මම'/ශුණ්‍යත්වය සොයාගත් ඔබට සීමාවක් නැත. (සීමාව යන සංකල්පය පැමිනෙන්නේ සක්කායදෘශ්ටියද සමගය). එසේ නම් ඔබ යනු ඔබේ සිතට සහ ශරීරයට කොටු වුනු මිනිසෙක් නොවේ. (නියම ඔබ යනු මිථ්‍යාමය 'මම' යන සංකල්පයෙන් බැහැරවූ සත්‍ය ඔබය. ඔබ ඔබ නොවේ. ඔබ යනු ලෝකයයි, ඔබ යනු විශ්වයයි. ඔබ සීමා රහිතයි. මෙය හදවතින් අවබෝධ කොටගත් මිනිසා, සත්‍යාවබෝධයට පත් මිනිසෙකු ලෙස හැදින් විය හැක).

    --------

    ඉහත කියූ දෙය සිතින් හෝ පොත් පත් වලින් හෝ ගල් පිලිම වලට වන්දනා කිරීමෙන්, පහන් හදුන්කූරැ පත්තු කිරීමෙන් වටහා ගත නොහැකිය. "මගේ දර්ශණය අඥාණයින් පිණිස නොවේ" - සම්මා සම්බුද්ධත්වයට පත්, බුදුන් වහන්සේ

    ----

    "දකින්නාත් දකින දෙයත් එකක්මය" (එනම් දකින්නෙක්/සක්කායදෘශ්ටියක් නැත. එය මායාවකි. දකින්නා යනු ලෝකයයි) - ජේ. ක්‍රිෂ්ණමූර්ති

    "ක්‍රිෂ්ණමූර්ති ගේ දර්ශණය බුද්ධ දර්ශණයට ඉතා සමාන බව මට වැටහිනි" - බුදු බව පතා පාරමී පුරමින් කාලක්‍රියා කල, ශ්‍රී ආනන්ද මෛත්‍රී තෙරැන්

    -----------

    දැන් ඔබට සිදු කිරීමට ඇත්තේ, මෙහි ඇති වචනයක් දෙකක් අල්ලාගෙන, ත්‍රිපිටකයෙන් අතනින් මෙතනින් අල්ලා ගත වදන් කීපයක්ද දමමින්, ඔබ දන්නා හොදම කුණුහරැපයෙන් ධර්මයේ හැසිරීමටය. මන්දයත්, එම නෝටිෆිකේශන්ස් මා හට නොඑන හෙයිනි.

    ---------

    Warning: මෙහි සිටින Skylark නැමති පුද්ගලයා හට, මෙම ෆෝරමයෙහි එකම බුද්ධිමතා වීමේ තදබල අවශ්‍යතාවක් ඇති බව පැහැදිලිය. ඔහු ත්‍රිපිටකය කියවා, ඔහුගේ පුස්කොලපත් දැනුමින්, ඔහු හා එකග නොවන සෑම කෙනෙකුගේම අදහස් වලට අපහාස කරයි. කථාවට ශූර මිනිසා බොරැවෙන් වුවද ජයගන්නා බවට කථාවක් තිබේ. එමෙන්ම ලූලා නැති වලට කණයා පන්ඩිතයා යනුවෙන්ද කථාවක් තිබේ (වෙනත් වචන වලින් කිවහොත්, සත්‍යාවබෝධයට සැබවින්ම පත්වූවෙක් අවට නැති කල, ත්‍රිපිටක ධර්මය නැමති බෝට්ටුව කරපින්නාගෙන යන මිනිසුන් තමන් වීරයන් යැයි සිතාගනී). ඔහු සිතන්නේ ත්‍රිපිටකය ටිකක් කටපාඩම් කොටගත් පමනින්, තමා ලෝකයේ සියළු සත්‍යය දන්නවා යැයි කියාය. ඔහු හැර අනෙකුන් සියල්ලෝම ඔහුට මෝඩයෝය. මෙනිසා, මෙම මිනිසා ඔබේ පෝස්ටුවෙහි ඇති සෑම දෙයකටම අපහාස උපහාස කොට ඔබ මෝඩයෙකු බවට ලෝකයට පෙන්වීම උත්සාහ ගත හොත්, කලබල නොවන්න, ඒ ඔහුගේ ස්වභාවය සහ පුරැද්දයි. ගතානුගතිකයාට ඔහුගේ මෝහයේම තැම්බීමට ඉඩ හැරීම වඩා සුදුසුය. යම් දිනක ඔහු ආගම්වාදී දූපත් මානසිකත්වයෙන් මිදී, පොත් වලින් නොව, තමාගේම හදවතින් සත්‍යය අවබෝධ කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මෙය සත්‍යාවබෝධයට පත් Rupert Spira සමග කල සංවාදයක අනුවර්තනයකි: https://www.youtube.com/watch?v=nDMs5XTvlxE

    (මෙය වටහා ගැනීමට තියුනු බුද්ධියක් අවශ්‍ය බව සලකන්න. බුදුන් වහන්සේ මෙසේ දෙසුවේය, "මගේ දර්ශණය අඥාණයින් පිනිස නොවේ")

    හෙහෙ ..මෙහෙම වෝනින් එකක් දෙන්නෙ ඇයි පිංවත් මහත්තයෝ? ඒ කියන්නේ මේක අනුවර්තනය කොරල දාපු ඔබතුමා මාර බුද්ධිමතෙක් කියල කියන්නද? එහෙම නැත්තන් අර බුද්ධිමත් නොවෙන අය පීචං පුරස්න දාලා ඔබතුමාව කිංඩි කරයි කියන බයටද??:lol::lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    අත්දකිනවා යැයි කියාය. අපේ සෑම අත්දැකීමක්ම පදනම් වන්නේ මේ දෘෂ්ටිය මතය -- මගේ ශරීරය සහ මනස, ලෝකයේ ඇති කිසිවක් හෝ කිසියම් කෙනෙකු අත්දකිනවා කියා. මම ගසක් දකිනවා, මම ඔහුට/ඇයට ආදරය/කරැණාව කරනවා කියායි. කිසියම් දෙයක් ගැන ගවේශණය කරන විට අප ගවේශණය කරන්නේ මෙම මූලික අදහස පදනම වශයෙන් තබාගෙනය -- දකින්නෙක් සහ දකින දෙයක් තිබෙනවා කියා. අපි බලමු මේ දැක්ම සත්‍යක්ද කියා. එකම සොයා බැලීමකින් අපට දැනගන්න පුළුවනි, මෙම පොදු මතය මිත්‍යාවක් බව. ඔව් අපි ලෝකය දකිනවා. එහෙත් අප අපගේම සිරැර දකිනවා නොවෙයිද? අප අපගේම මනස දකිනවා නොවෙයිද? මෙනිසා ලෝකය දකින්නේ මනස හෝ ශරීරය නොවෙයි. වෙනත් කිසියම් යමක් (එයට ශුණ්‍යත්වය යැයි කියමු). අප දැන් අවට බැලුවොත්, භාහිර ලෝකයත් සමග අපට අපේම සිරැරත්, සිතත් පෙනේ. මෙනිසා, සිදුවන්නේ සිත හෝ සිරැර ලෝකය දෙස බැලීම නොවේ, ඊටත් ගැඹුරින් තිබෙන යමක්, සිතත්, සිරැරත්, ලෝකයත් අත්දැකීමයි. දැන් මතුවන ප්‍රශ්ණය වන්නේ සිත කය සහ ලෝකය දකින මෙම ගැඹුරින් තිබෙන දෙය කුමක්දැයි කියාය. එසේ ගැඹුරින් යමක් නැති බව ඔබට කිව නොහැක්කේ, ඔබට සිත කය සහ ලෝකය අත්දැකිය හැකි නිසාය. මෙම ගැඹුරින් ඇති දෙය කුමක්දැයි හොදින් බැලුවහොත් තේරැම් යන දෙයක් වන්නේ, එම දෙය මම ම යැයි කියාය (මෙම ස්ථිර සදාකාලික 'මම' සක්කායදෘශ්ටිය නොවේ. සක්කායදෘශ්ටිය යනු සිතෙන් සාදා ගත් 'මේ මමයි, මේ මගේ සිත සහ කයයි' යන මිත්‍යාමය, නිරතුරැව වෙනස් වීමට ලක්වන මම නැමති සිතුවිල්ලය. බුදුන් වහන්සේ මෙම ගැඹුරැ දෙයට ස්ථිර සදාකාල 'මමක්' යැයි නොකීවේ, එසේ කිවහොත් මිනිසුන් එය සංකල්පයක් ලෙස භාරගන්නා හෙයිනි. බුද්ධාගමෙහි සංකල්ප වලට ඉඩක් නැත.) එසේ නම් ලෝකය දකින්නේ සක්කායදෘශ්ටියෙන් සෑදුනු මම නොවේ, සිතටත් එපිටින්, ඊටත් ගැඹුරින් පවතින දෙයයි. මෙය ඇතැම් විට "Consciousness" කියා හැදින්වේ (මෙම වචනය ශබ්ධකෝශ පෙරලමින් නොබලන්න. ශබිධකෝශ මෙම වචනයේ නියම අර්ථය දෙන්නේ නැත). එසේ නම් සැබෑ 'මම' (හෝ ශුණ්‍යත්වය) යනු, සිතටත් කයටත් ලෝකයටත් එපිටින් හිද, ඒවා අත්දකින යමකි. එහෙත් මේ ස්ථිර මම යනු කුමක්දැයි සොයා බැලුවහොත්, ඔබට වැටහෙන කාරණයක් වනු ඇත්තේ, එවැනි දෙයක් සොයා ගත නොහැකි බවයි (බුද්ධාගමෙහි මෙයට ශුණ්‍යත්වය කීවේ එබැවිනි). මන්දයත්, මෙම ගැඹුරැ මමට කිසියම් හැඩයක්, වර්ණයක්, හෝ එවැනි Objective දෙයක් තිබේ නම්, එයද එම 'මම'ට දැකිය හැකි වන හෙයිනි. මෙනිසා, ඔබ මෙම ශුණ්‍යත්වය ගවේශණය කරන විට ඔබට ඒ ගැන යම් සිතිවිල්ලක් හෝ හැගීමක් ඇති වේ නම්, ඒ ඔබ සොයන දෙය නොවේ. එසේ නම් මේ ගවේශණයේදී අප අවසානයට පැමිනෙන නිගමනය වන්නේ, මෙම සත්‍ය 'මම' කිසිදාක නොපෙනෙන බවයි. එහෙත් එහි පැවැත්ම ගැන ප්‍රශ්ණයක් නැත. මන්දයත්, ඔබ ලෝකය සිත සහ කය හැම විටම දකින හෙයිනි. ඒ සත්‍ය 'මම' ඔබයි. (මෙය ඔබ "මේ මගේ නමය, මෙය මගේ රැකියාවය, මේ මගේ ඩිග්‍රි සහ පට්ටම්ය, මගේ ඥාණය මේ තරම්ය" යනුවෙන් සාදා ගත් මිත්‍යාමය 'මම'/සක්කායදෘශ්ටිය නොවේ). තවද, මෙම සත්‍ය 'මම' හෝ ශුණ්‍යත්වයට (ඔබට) සීමාවක් නැත. එය සීමා සහිත දෙයක් නොවේ. (එහෙත් සාමාන්‍ය මතය වන්නේ, මගේ කය මෙතැනින් අවසන් වේ, මගේ සිත මෙතනින් අවසන් වේ. එයින් එපිට පවතින්නේ අනුන්ගේ කයවල් සහ සිත් යන්නයි. හරියටම මේසයකට පුටුවකට සීමාවක් තිබෙන්නා සේ). මේ අනුව, සක්කායදෘශ්ටි‍යෙන් මිදී මෙම සත්‍ය 'මම'/ශුණ්‍යත්වය සොයාගත් ඔබට සීමාවක් නැත. (සීමාව යන සංකල්පය පැමිනෙන්නේ සක්කායදෘශ්ටියද සමගය). එසේ නම් ඔබ යනු ඔබේ සිතට සහ ශරීරයට කොටු වුනු මිනිසෙක් නොවේ. (නියම ඔබ යනු මිථ්‍යාමය 'මම' යන සංකල්පයෙන් බැහැරවූ සත්‍ය ඔබය. ඔබ ඔබ නොවේ. ඔබ යනු ලෝකයයි, ඔබ යනු විශ්වයයි. ඔබ සීමා රහිතයි. මෙය හදවතින් අවබෝධ කොටගත් මිනිසා, සත්‍යාවබෝධයට පත් මිනිසෙකු ලෙස හැදින් විය හැක).

    හුහ්, මොන "බුද්දිමත්" සලුපිලි ඇන්දුවත් මේ කතාව නං හෙනම අවුල් නේද? බුදුබණත් එක්ක නම් එකඟ වෙන්නෙ නැහැනේ ?? ඔය යටින් ඉරක් ඇඳලා තියෙන්නේ- එක මාර බයිලාවක් නේ. පොඩ්ඩක් අනත්ත ලක්ඛණ සුත්‍රය කියවල බලපන් මහත්තයෝ. ඔය කියන මල-විකාරය ත් ආත්මවාදයේම සියුම් දිගුවක් පමණයි. හෙහ් හෙහ්.. "මහණෙනි සංඥාව මිරිඟුවකට සමාන කරමි"යි දේශනා කලා නේද බුදුන් වහන්සේ? ආයෙත් එතනට විසිට් පාරක් දාලා වරෙන් මහත්තයෝ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    හෙහෙ ..මෙහෙම වෝනින් එකක් දෙන්නෙ ඇයි පිංවත් මහත්තයෝ? ඒ කියන්නේ මේක අනුවර්තනය කොරල දාපු ඔබතුමා මාර බුද්ධිමතෙක් කියල කියන්නද? එහෙම නැත්තන් අර බුද්ධිමත් නොවෙන අය පීචං පුරස්න දාලා ඔබතුමාව කිංඩි කරයි කියන බයටද??:lol::lol:

    සාධු සාධු සාධු! සැක කල යුතු තැනක්ම ඔබ සැක කරලා තිබෙනවා.

    හුහ්, මොන "බුද්දිමත්" සලුපිලි ඇන්දුවත් මේ කතාව නං හෙනම අවුල් නේද? බුදුබණත් එක්ක නම් එකඟ වෙන්නෙ නැහැනේ ?? ඔය යටින් ඉරක් ඇඳලා තියෙන්නේ- එක මාර බයිලාවක් නේ. පොඩ්ඩක් අනත්ත ලක්ඛණ සුත්‍රය කියවල බලපන් මහත්තයෝ. ඔය කියන මල-විකාරය ත් ආත්මවාදයේම සියුම් දිගුවක් පමණයි. හෙහ් හෙහ්.. "මහණෙනි සංඥාව මිරිඟුවකට සමාන කරමි"යි දේශනා කලා නේද බුදුන් වහන්සේ? ආයෙත් එතනට විසිට් පාරක් දාලා වරෙන් මහත්තයෝ.

    සාධු සාධු සාධු! මෙයත් අපූරුයි.

    Dark_Night_of_the_Soul විසින් "මෙම ස්ථිර සදාකාලික 'මම' සක්කායදෘශ්ටිය නොවේ" යැයි කියමින් එයින්ම ස්ථිර සදාකාලික 'මම' ලෙස වෙනයම් දෙයක් ඇතැයි පනවලා ඒ වරදවාගෙන පනවපු ස්ථිර සදාකාලික 'මම' වන සක්කාය දෘෂ්ටිය උපකාරයෙන් අන් අස්ථිර සදාකාලික නොවන සක්කාය දෘෂ්ටියක් නැතැයි කියලා දක්වලා බුදුරජානන් වහන්සේත් එහෙමයි කියා ඇත්තේ යන අදහසින් අඥාන කතාවක්ම පවසන Rupert Spira සත්‍යාවබෝධයට පත් අයෙක් යැයි ගෙන හැර දක්වනවා.

    බුදුරජානන් වහන්සේ අස්ථිර සදාකාලික නොවන 'මම' කියලා දෙයකුත් නැත, ස්ථිර සදාකාලික 'මම' කියලා දෙයකුත් නැත ලෙසින්නේ දහම් දෙසා ඇත්තේ. යම් අයෙක් ස්ථිර සදාකාලික 'මම' ලෙසින් වන කවර හෝ දෙයක් ඇතැයි සිතීමම ඒ පුද්ගලයා සක්කාය දෘෂ්ටියෙන් යුතු අයෙක් බවට තහවුරු වන සාක්කියක්.

    මේ Dark_Night_of_the_Soul නිසා පච දේශනා කරමින් අන් අය මුලා කරන Rupert Spira ටත් සකාරණවම ලැජ්ජාවට පත්වෙන්න වෙනවා.

    ex-muslim Ahmed මට සමාවෙන්න ඕනෑ Dark_Night_of_the_Soul ගේ පෙර "හොද, නරක, සහ සත්‍යාවබෝධය" යන ත්‍රෙඩ් එකේ අවසානයේ ඇති කරුණු ගැන වැඩි විස්තරක් ඉක්මනින් ඉදිරිපත් නොකිරීම ගැන. දහම් ගෙන හැර දැක්වීමට මගේ පමාවීම අඩුපාඩුවක් ලෙසින් මම දකින නිසයි සමාව භජනය කරන්නේ. මතුවට ඒ ගැන විස්තර කිරීමක් බලාපොරොත්තු වන්න.

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Dark_Night_of_the_Soul,

    Warning: මෙහි සිටින Skylark නැමති පුද්ගලයා හට, මෙම ෆෝරමයෙහි එකම බුද්ධිමතා වීමේ තදබල අවශ්‍යතාවක් ඇති බව පැහැදිලිය. ඔහු ත්‍රිපිටකය කියවා, ඔහුගේ පුස්කොලපත් දැනුමින්, ඔහු හා එකග නොවන සෑම කෙනෙකුගේම අදහස් වලට අපහාස කරයි. කථාවට ශූර මිනිසා බොරැවෙන් වුවද ජයගන්නා බවට කථාවක් තිබේ. එමෙන්ම ලූලා නැති වලට කණයා පන්ඩිතයා යනුවෙන්ද කථාවක් තිබේ (වෙනත් වචන වලින් කිවහොත්, සත්‍යාවබෝධයට සැබවින්ම පත්වූවෙක් අවට නැති කල, ත්‍රිපිටක ධර්මය නැමති බෝට්ටුව කරපින්නාගෙන යන මිනිසුන් තමන් වීරයන් යැයි සිතාගනී). ඔහු සිතන්නේ ත්‍රිපිටකය ටිකක් කටපාඩම් කොටගත් පමනින්, තමා ලෝකයේ සියළු සත්‍යය දන්නවා යැයි කියාය. ඔහු හැර අනෙකුන් සියල්ලෝම ඔහුට මෝඩයෝය. මෙනිසා, මෙම මිනිසා ඔබේ පෝස්ටුවෙහි ඇති සෑම දෙයකටම අපහාස උපහාස කොට ඔබ මෝඩයෙකු බවට ලෝකයට පෙන්වීම උත්සාහ ගත හොත්, කලබල නොවන්න, ඒ ඔහුගේ ස්වභාවය සහ පුරැද්දයි. ගතානුගතිකයාට ඔහුගේ මෝහයේම තැම්බීමට ඉඩ හැරීම වඩා සුදුසුය. යම් දිනක ඔහු ආගම්වාදී දූපත් මානසිකත්වයෙන් මිදී, පොත් වලින් නොව, තමාගේම හදවතින් සත්‍යය අවබෝධ කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.

    ඔබ මට කර ඇති චෝදනාව කරුණු සහිතවම කර ඇති බව පෙන්වීමටත්, අඩු වැඩි ගැන සලකා තව දුරටත් නිවැරදි කිරීමටත් කැමතිනම් එය මේ ත්‍රෙඩ් එකේම කරන්න. ඔබ දකින මගේ අඩුපාඩු සකාරණවම දැක්වුවොත් අන් අයට මගේ එම අඩුපාඩු කරුණු සහිතවම, පැහැදිලිවම හා සත්‍ය ලෙසින්ම මගේ පවතින අඩුපාඩු බව තේරුම් ගන්න පහසුවක් වේවි. මම මෙසේ ලියන්න තිබුනේ මගේ පෙර කමෙන්ටුවටත් කලින්. නමුත් දැන්වත් ඒ මගෙන් සිදුවූ අඩුපාඩුව නිවැරදි කරගන්න එපාය. ඒ නිසා අද දින සිට සති දෙකක කාලයක් තුල මා විසින් ඔබව කිසිම ලෙසකින් වලකන්නේ නැතිව, මා විසින් ඔබට කිසිම ප්‍රති චෝදනාවක් කරන්නේ නැතිව ඔබේ චෝදනාව වඩාත් නිවැරදිව කරන්න උවමනා නම් ඊටත්, ඔබේ චෝදනාව තහවුරු කිරීමට කරුණු ගෙන හැර දැක්වීමට කැමතිනම් ඊටත් පසුබිම ඇති කරන්න කැමතියී. ඉන් පසුව මට කියන්න ඇති දේ මම සකාරණවම ලියනවා.

    මම හැම විටකම මෙවන් අවස්ථාවන් ලබා දෙන්නේ නැහැ. මම හැම කෙනාටමත් මෙසේ අවස්ථාවන් ලබා දෙන්නේ නැහැ. මේ ඔබේ අවස්ථාව. රිසි පරිදි ඉන් ප්‍රයෝජන ගන්න.

    Skylark
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    කරුණාකරල මේ කරුනු, කාරණා, ප්‍රශ්න වලට උත්තර දෙන්න!:yes::yes: