සැබෑ_වීරයකුගේ_කතාවක්..

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
සැබෑ_වීරයකුගේ_කතාවක්..

images


කපිතාන් සාලිය උපුල් අලදෙණිය.

කොකාවිල් රුපවාහිනී විකාශනාගාරය කොටි ත්‍රස්තවාදීන් අත්පත් කරගැනීමට දියත්කල මෙහෙයුමේදී තමා හා තම කණ්ඩායම සතු අවසන් උණ්ඩය දක්වා සටන්කොට තම කඳවුරේ සියලුම සගයන් මියයද්දී ඔවුන් අතහැර නොගොස් ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයක් කඳවුරට ඇතුළුවන තෙක් සිට කඳවුරේ ඉන්ධන ගබඩාව පුපුරවා හැර ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයක් විනාශකරමින් තම දිවියද පුද කලේය..



කපිතාන් සාලිය උපුල් අලදෙනිය PWV, WWV, SLRS (1964 - ජුනි 11 , 1990) පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලත් දෙවන හමුදා නිලධාරියා වේ. පරම වීර විභූෂණ සම්මානය නිර්භීතත්වය සදහා ශ්‍රී ලංකා හමුදාව පුදකරන ඉහලම සම්මානයයි. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ කොකාවිල් කදවුරේ තම හමුදා ඛණ්ඩය හා තුවාල ලත් සෙබළුන් අතහැර පසු බසින ලෙස ලද නියෝග නොතකා මරණය තෙක් අභිතව සටන් කරන ලද රණ විරුවෙකි.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලත් හෙතෙම 1989 දී ශ්‍රී ලංකා යුධ හමුදාවට සම්බන්ධ වූ අතර , මුලික පුහුණුවෙන් පසු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් වරයකු ලෙස සේවයේ පිහිටුවන ලදී .
ලුතිනන් අලදෙණිය කොකාවිල් හි පිහිටි කුඩා හමුදා බන්දයක අණ දෙන නිලධාරියා වූ අතර , මෙම කාණ්ඩය කොකාවිල් හි පිහිට තිබුණු රුපවාහිනී සම්ප්‍රේෂණාගාරය ආරක්ෂා කිරීමේ නියුතුව සිටියහ. මෙම කදවුර කොටි ත්‍රස්තයන් විසින් වටකරන ලද අතර , කොටි කාඩරයන් පස් දෙනෙකුට , එක සෙබලෙකු විය . කදවුරේ අහාර , ජලය හා පතුරම් හිගයක් වූ අතර , ආධාරක භට සහයක් ද නොලැබුණි. අවසන් මොහොතේ කදවුරෙන් ඉවත් වීමේ නියෝග ලැබුනද , ඒ වනවිට ප්‍රමාද වී තිබු අතර , ලුතිනන් අලදෙණිය යටතේ තුවාල ලත් සෙබළුන් සමුහයක් ද වුහ. මොවුන් තනිකර පලා යාම ලුතිනන් අලදෙණිය ප්‍රතික්ෂේප කරන ලදී . පලායාමට වඩා තුවාල ලත් සගයන් වෙනුවෙන් මරණය තෙක් සටන් කිරීම අගය කර අලදෙණිය සිය අවසාන මොහොත තෙක් සටන් කරන ලදී. එහි වූ ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් එහි සටන් කර හමුදා සෙබළුන් බහුතරයක් මිය ගිය අතර ලුතිනන් අලදෙනියද මරණයට පත් විය .
මරණයෙන් පසු ලුතිනන් අලදෙණිය කපිතාන් ධුරයට උසස් කරන ලදී. 1994 ජුනි 21 වන දින පරම වීර විභූෂණ සම්මානයෙන් ඔහු පිදුම් ලැබිය

මරණය සිදුවූ ස්ථානය - කොකාවිල්, ශ්‍රී ලංකාව

පක්ෂපාතිත්වය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

සේවා වර්ෂයන් - 1989-1990

නිලය - කපිතාන්

ඒකකය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

දැරූ ආඥාපති නිල - අණ දෙන නිලධාරි, කොකාවිල් යුද්ධ හමුදා කඳවුර

සටන්/යුද්ධ - ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

ත්‍යාග - පරම වීර විභූෂණය
- වීර වික්‍රම විභූෂණය




මෙතුමාගේ කතාව මං අවුරුදු කීපයකට කලින් පත්තරේ කියවපු කතාවක්.. එත් ඒක මට කවදාවත් අමතක නොවෙන කතාවක්.. ඒ දිවිපුදන මොහොතේ තමුන්ගේ දෙමාපියෝ, සහෝදර සහෝදරියෝ, ආදරය කරන අය මතක වෙන්න ඇති, මං දැන් අනිවාර්යයෙන් මැරෙනවා කියල දැනෙන්න ඇති.. එත් ඊට වඩා පපුවේ තිබ්බ දේශප්‍රේමය ප්‍රමුක වුන නිසා තමන්ගේ ජීවිතය රට වෙනුවෙන් දෙන්න දෙපාරක් හිතන්න නැතුව ඇති.. මේ වගේ අපේ විරුවෝ කීදෙනෙක් ජීවිතය දෙන්න ඇතිද..? දේශප්‍රේමය විකුණගන කාල තමුන්ගේ මඩිය තර කරගන්න දේශපලුවොන්ට වගේ නෙමෙයි, මේ වගේ මිනිස්සුන්ට අපි හුරේ දාන්න, ප්‍රීති ගෝෂා කරන්න ඕන..

කට්ටිය මොකද මේ ගැන කියන්නේ.. මං කොහොමත් හැමදාම ත්‍රෙඩ් දැම්මේ රෙප් බලාගන නෙමෙයි.. එත් මට කට්ටියගේ අදහස් ගොඩක් වටිනවා.. ඒ නිසා අදහසක් දාලම යන්න..



මේ අපේ රණවිරුවන් ගැන දාපු අනිත් ත්‍රෙඩ් ඒක

http://www.elakiri.com/forum/showthread.php?p=9439563#post9439563
 
Last edited:

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    පරම වීර විභුෂණ (PWV) පදක්කම ලැබුන මේ වීරයා නියම වීරයෙක්...
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    පරම වීර විභුෂණ (PWV) පදක්කම ලැබුන මේ වීරයා නියම වීරයෙක්...

    දෙන්න පුළුවන් හොඳම පදක්කම් දෙන්න ඕන මේ වගේ මිනිස්සුන්ට.. නියම වීරක්‍රිය කියන්නේ මේවට..
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    mewage api noddanna weera katha thawa kochchara thiyehawada? ada ranawiruwange guna gaayanaa wenuwata deshpaaluwange gunagaayanaane wedi pura asenne..:angry:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ වගේ නියම වීරයෝ ගෑන තව කතා දාන්න. මේ රණවිරුවාට මාගේ අචාරය!!! :yes::yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රට ජාතිය වෙනුවෙන් දිවි දුන් විරුවාණෙනි ඔබට අපගේ ආචාරය !!!!!!!

    නියම වීරයෙක් !!!! :yes::yes::yes:

     
    Sep 19, 2008
    10
    1
    0
    කවදවත් අමතක කරන්නවත්, අමතක වෙන්නවත් දෙන්න හොද නැහැ මේ වගේ විරයන්ව....
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපේ ඥාති අයියා කෙනෙක් නැති උනා අලිමංකඩදී. එයා විශේෂ බලකායෙ හිටියෙ. කඳවුර අතැරල පසුබහින්න නියෝග ආවම එයාගෙ ටීම් එක පසු බහින්නෙ නැතුව දිගටම සටන් කර කර ඉඳල. :sorry:

    සම්මාන තියා එයාගෙ බොඩි එකවත් ලැබුනෙ නෑ :sorry::sorry::sorry: :(
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අපේ ඥාති අයියා කෙනෙක් නැති උනා අලිමංකඩදී. එයා විශේෂ බලකායෙ හිටියෙ. කඳවුර අතැරල පසුබහින්න නියෝග ආවම එයාගෙ ටීම් එක පසු බහින්නෙ නැතුව දිගටම සටන් කර කර ඉඳල. :sorry:

    සම්මාන තියා එයාගෙ බොඩි එකවත් ලැබුනෙ නෑ :sorry::sorry::sorry: :(

    ඒ නියම වීරයෝ මචන්.. ආයි උඹේම සහෝදරයෙක් වෙලා ඉපදෙන්න කියල ප්‍රර්ථනා කරනවා..
     

    nalinsthome

    Junior member
  • Jan 16, 2011
    109
    2
    18
    Kandy
    අපේ ඥාති අයියා කෙනෙක් නැති උනා අලිමංකඩදී. එයා විශේෂ බලකායෙ හිටියෙ. කඳවුර අතැරල පසුබහින්න නියෝග ආවම එයාගෙ ටීම් එක පසු බහින්නෙ නැතුව දිගටම සටන් කර කර ඉඳල. :sorry:

    සම්මාන තියා එයාගෙ බොඩි එකවත් ලැබුනෙ නෑ :sorry::sorry::sorry: :(


    උඹ දුක හිතන්න එපා මචන්.... රටට සැබෑවටම ආදරේ කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ මචන්
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මේ වගේ නියම වීරයෝ ගෑන තව කතා දාන්න. මේ රණවිරුවාට මාගේ අචාරය!!! :yes::yes::yes:

    :yes:

    meyala gana api wadi wadiyen katha karanna ona

    yuda jayagahana thamange namata daganna hadana pawa dennonta kade yana untath mewa pennanna ona
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    Gud post
    මෙන්න නියම දේශප්‍රේමියෝ.
    රට වෙනුවෙන් දිවිපුදනවා තිය බෝම්බ පුපුරනකොට ගෙවල්වලින් එලියටවත් බැහැපුනැති බයගුල්ලෝ මෙතන cyber space එකේ දේශප්‍රේමීන් වෙන්න හදනවා.
    තව කට්ටියක් වෙදිවදෙන්නේ නැති වාහන වලින් යනගමන් දේශප්‍රේමය වපුරනවා.
    අපේ ගොන් රැල අර කාඩ්බෝඩ් වීරයින්ට හුරේ දානවා
    ඔය බෝම්බ වල සිරාම expeirence මම දෙපාරක්ම විඳලා තියනවා.
    දෙපාරම දශමෙන් බේරුනේ
    දැන් යන්තම් අපේ රණවිරුවන්ටයි ජනාධිපති තුමන්ටයි පින්සිද්දවෙන්න පාරේ බැහැල යනවා.
    එත් හැමෝම දන්නා ලොකු වැරද්දක් මේ මොහොතේදීත් අපේ රටේ සිද්දවෙනවා.
    ඒ වැරැද්ද අතිගරු ජනාධිපතිතුමා ඉක්මනින්ම නිවැරදි කරයි කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා