සැමියාව ඝාතනය කර අනියම් සැමියා සමඟ සැඟව ස&#35

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සැමියාව ඝාතනය කර අනියම් සැමියා සමඟ සැඟව ස&#35

    සැමියාව ඝාතනය කර
    අනියම් සැමියා සමඟ සැඟව සිටි බිරිඳ අත්අඩංගුවට

    ගම්පොල සුරංග දිල්හාන්

    බිරිඳ අනියම් සැමියා හා එක්‌ව විවාහක සැමියාට උදැල්ලෙන් කොටා මරා දමා සැඟවී සිටියදී සිද්ධියෙන් දින 5 කට පසු නාවලපිටිය පොලිසිය ඔවුන් දෙදෙනා ගම්පොළ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා නාවලපිටිය වැඩ බලන මහෙස්‌ත්‍රාත් තුෂාරි ජයසිංහ මහත්මිය වෙත 11 දින ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

    මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ මාලනී කොඩිතුවක්‌කු නොහොත් තරුපන්තන් පාක්‍යයා (38 ක) නැමැති කාන්තාව හා ඇගේ අනියම් සැමියා වන තම්බි රාඡ් නොහොත් සිවරාඡ් (36) නමැති අයයි.

    මෙම කාන්තාවගේ නීත්‍යානුකූල සැමියාට දාව ඇයට දරුවන් පස්‌ දෙනකු සිටින අතර ඔවුන් දවුලගල එලදැත්ත ප්‍රදේශයේ වත්තක පදිංචිව සිට ඇත.

    ඒ අතර මෙම කාන්තාව ඇයට වඩා බාල පුරුෂයකු සමඟ අනියම් සබඳතාවක්‌ ගොඩනඟාගෙන ඔවුන් හොර රහසේම පැනවිත් නාවලපිටිය හපුගස්‌තලාව අහක්‌වැව ප්‍රදේශයේ කුලියට නිවසක්‌ ගෙන පදිංචිව සිට ඇත. මේ අතර මොවුන් දෙදෙනා නාවලපිටිය නගරයට ගිය අවස්‌ථාවක එහිදී මෙම කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා හමුවී ඇති අතර එහිදී මොවුන් දෙදෙනා එක්‌ව සැමියාට චාටුබස්‌ පවසා ඔවුන් පදිංචි අහක්‌වැව ප්‍රදේශයේ නිවසට කැඳවාගෙන ගොස්‌ ඇත.

    එහිදී රාත්‍රියේදී මොහුට හොඳටම මත්පැන් පොවා පසුව දෙදෙනාම එක්‌ව උදැල්ලෙන් කොටා මොහු ඝාතනය කොට ඇත.

    අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාගෙන් පොලිසියේදී අනාවරණය වී ඇත්තේ කාන්තාව විසින් දෙවරක්‌ සැමියාගේ හිසට උදැල්ලෙන් කෙටූ බවත් පණ තිබූ තිබූ නිසා අනියම් සැමියා එක්‌වරක්‌ හිසට කෙටූ බවත්ය. පසුගියදා 5 දින සිදු කළ මෙම අපරාධයෙන් පසුව මොහුගේ සිරුර ළඳු කැලෑවක සඟවා මොවුන් ප්‍රදේශයෙන් පලා ගොස්‌ තිබුණි.

    සිද්ධියෙන් මියගොස්‌ තිබුණේ පන්නීර් සෙල්වම් නැමැති 40 හැවිරිදි අයෙකි.

    මෙම සිද්ධියෙන් පසු දින 5 ක්‌ සැඟවී සිටි මොවුන් වෙනත් ප්‍රදේශයකට පලා යැමට උත්සාහ ගනිමින් සිටියදී ගම්පොල කොට්‌ඨාස බුද්ධි අංශ නිලධාරීන් හා නාවලපිටිය පොලිසිය එක්‌ව මොවුන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

    ගම්පොල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගාමිණි පෙරේරා, සහකාර පොලිස්‌ අධිකාරි ජගත් ඥණසේන නාවලපිටිය, පොලිස්‌ ස්‌ථානාධිපති විජිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො. ප. දොලවත්ත, උ. පො. ප. ගුණසිංහ, පො. සැ. (19) හීණටිකුඹුර, පො. සැ. (31064) සුගත් පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන 3578 ප්‍රියන්ත, 47200 දිසානායක, 34666 දසනායක යන නිලධාරීහු පරීක්‍ෂණ සිදු කළහ.


    http://www.divaina.com/2016/01/13/provin07.html
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් කාලේ ගෑණු ඔහොම තමා..කිසිම ගෑණියෙක් ඕනවට වඩා විශ්වාස කරන්න එපා..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දැන් කාලේ ගෑණු ඔහොම තමා..කිසිම ගෑණියෙක් ඕනවට වඩා විශ්වාස කරන්න එපා..
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    දැන් කාලේ ගෑණු ඔහොම තමා..කිසිම ගෑණියෙක් ඕනවට වඩා විශ්වාස කරන්න එපා..