Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැමියා දිවි නසාගත්තෙ මගේ අඩුපාඩු නිසා - බිරිය කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මම දේවාලයක් පවත්වාගෙන යමින් දේවගැතිවරියක් ලෙස කටයුතු කරන නිසා සැමියාට මගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරුණා. ඒ නිසා අපි දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පවා ඇති වුණා. මම හිතන්නේ ඒ පිළිබඳව ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් සැමියා මෙසේ දිවි නසා ගන්නට ඇති” බව බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය තුළදී වෙඩි තබාගෙන සියදිවි හානි හානිකර ගත් යුද හමුදා සෙබළාගේ බිරිය වන මීරිගම, ඉහළ මඩන්පැල්ල පදිංචි 33 හැවිරිදි අංගම පොඩිගේ දුලීකා චතුරංගී මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පවසා සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය ඇතුළත මුරපළක ඉකුත් 31 වැනිදා පස්වරු රාජකාරියේ නිරතව සිටියදී සිය රාජකාරි ගිනිඅවියෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත් ලාන්ස් කෝප්‍රල්වරයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමිනි.

මෙසේ මියගොස් ඇත්තේ මීරිගම, ඉහළ මඩන්පැල්ල පදිංචි මැණික්දිවෙලගේ දුමින්ද මැණික්දිවෙල නමැති 35 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය තලංගම දිසා රෝහලේ තැන්පත් කර තිබූ අතර එහි පැමිණි කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ලක්ෂ්මි සූරියගේ මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළ අතර කඩුවෙල මහේස්ත්‍රාත් ඩී.ජී.පී කරුණාරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කරන ලදි.

ඒ අනුව මියගිය සෙබළාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ වෝහාරික අධිකරණ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අසේල මෙන්ඩිස් මහතා විසින් සිදු කරන ලදි.

එහිදී මියගිය සෙබළාගේ බිරිය තවදුරටත් සාක්ෂි දෙමින් මෙසේද පවසා සිටියාය.

“මේ මියගොස් සිටින්නේ මගේ විවාහක සැමියා. මීට වසර හයකට පමණ පෙර අපි විවාහ වුණේ අවුරුදු පහක පුතෙක් අපිට ඉන්නවා. මීට අවුරුදු දාසයකට පමණ පෙර සැමියා යුද හමුදාවට බැඳුණේ.

මීට වසර හතරක පමණ සිට මම දේවාලයක් පවත්වාගෙන යමින් දේවගැතිවරියක් ලෙස වැඩ කරනවා. ඒ ශාන්තිකර්ම පේ වෙලා තමයි කරන්න ඕනි. ඒ නිසා සැමියාට මගෙන් ඉටු විය යුතු යුතුකම් මඟහැරුණා. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සැමියා මාත් එක්ක කතා කරලා තියෙනවා. නමුත් ශාන්තිකර්ම වැඩ නිසා මට සැමියාට යුතුකම් ඉටු කරන්න බැරි වුණා.

මේ නිසා අපි දෙන්නා අතර බහින්බස්වීම් ඇති වී අඬදබර පවා ඇති වුණා. මේ සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසියේ ඔහු පැමිණිල්ලක් කළා. ඒක විභාග කළේ ඉකුත් 29 වැනිදා. එහිදී අපි දෙන්නා සමාදාන වෙලා ගෙදර ආවා. ඒ වන විට ඔහු දියතලාව යුද හමුදා කඳවුරේ අවි පුහුණුව අවසන් කරලයි ගෙදර ඇවිත් හිටියේ. දින දහයක් නිවාඩු ඉඳල ගෙදරින් ගියේ. පුහුණුවෙන් පස්සේ බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රාජකාරියට අනුයුක්ත කරලා තිබුණ නිසා එහේ යනවා කියල ඉකුත් 30 වැනිදා ගෙදරින් ගියා.

ඒ ගිහින් එදින සහ පසුදා අවස්ථා කිහිපයකදී දුරකතන ඇමතුම් පවා ගත්තා. එහිදී සුහදව කතා කළා. කිසිදු සැකයක් තිබුණේ නෑ. සිද්ධිය වූ දා සවස 5.30ට පමණ මට කෝල් එකක් අරන් කිව්වා” ඔයා සතුටින් ඉන්න , පුතාව හොඳින් බලා ගන්න, කියල කියනවත් එක්කම දුරකතනය විසන්ධි වුණා. පසුව අවස්ථා කිහිපයකදී ඇමතුමක් ගන්න උත්සාහ කළත් බැරි වුණා. ඊට පස්සේ තමයි පොලිසියෙන් ඇවිත් මට කිව්වෙ මේ විදිහට කරදරයක් වෙලා සැමියා රෝහල්ගත වෙලා ඉන්නවා කියලා. ඒ අනුව මමත් ඥාතීන් කීපදෙනෙකුත් සමඟ ඇවිත් බැලුවම තමයි දැනගත්තේ රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන කියලා.

මම හිතන්නේ මගෙන් සිදු වුණු අඩුපාඩු නිසා ඇතිවූ සිත්තැවුල හේතුවෙන් මේ විදිහට වෙඩි තබාගෙන ජීවිතය නැති කරගන්න ඇති කියලා. මට කිසි සැකයක් නැහැ. මගේ සැමියාගේ දේහය භාර ගන්නවා යැයි පැවසුවාය.”

මියගිය සෙබළා සමඟ රාජකාරී මුරය ආවරණය කළ අනෙක් සෙබළා සාක්ෂි දෙමින් මෙසේ පවසා සිටියේය.

“2024.08.31දා යුද හමුදා මූලස්ථානයේ ඇතුළත මුරපළක අපි තිදෙනකු රාජකාරියේ නිරතව සිටියා. එක් නිලධාරියෙකු සවස 5.00ට පමණ රාජකාරී නිමවා පිටව ගියා. මියගිය සෙබළා මුරපොළේ රැඳී සිටියදී මම පහළ පිහිටි විවේකාගාරයට ගියා. ඒ ගොස් සිටියදී එක්වරම වෙඩි ශබ්දයක් ඇසුණා. ක්ෂණිකව දුවගෙන ඇවිත් බලනකොට හිසට වෙඩි තබාගෙන ලේ විලක් මැද බිම ඇද වැටී සිටිනු දැක්කා.

පසුව මේ බව ඉහළ නිලධාරීන් දැනුම්වත් කිරීමත් සමඟ යුද හමුදා රථයකින් ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට රැගෙන ගියා. ඒ යන විටත් ඔහු මියගොස් තිබූ බවයි දැනගන්න ලැබුණේ.

මේ නිලධාරීයා දියතලාව කඳවුරෙන් අවි පුහුණුවක් ලබලා යුද හමුදා මූලස්ථානයේ රාජකාරියට පැමිණ දවස් දෙකයි.

ඉතින් වැඩි තොරතුරු ඔහු පිළිබඳව අපි දන්නේ නැහැ. වෙඩි තබා ගැනීමට හේතුව කුමක්ද කියලා දන්නෙත් නෑ. මට කීමට ඇත්තේ එපමණයි.”

වෙඩි වැදීමෙන් මියගිය සෙබළාගේ උගුර, නාස් කුහරය හා මොළය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ අතර දත් ගැලවී, ඇස් සහ දිව එළියට නෙරාවිත්, මුහුණ විකෘති වී තිබූ බව පැවසේ.

එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ මරණය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබා ගැනීම හේතුවෙන් හිසට වූ බරපතළ තුවාල මරණයට හේතුව බවට කොළඹ වෝහාරික අධිකරණ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අසේල මෙන්ඩිස් මහතා නිගමනය කළේය.

මෘත දේහය මියගිය සෙබළාගේ බිරියට භාරදුන් අතර මෘත දේහය ඉහළ මඩන්පැල්ල පොදු සුසාන භූමියේදී භූමදානය කරන ලෙසට නියෝග කළේය.

වෙඩි තබා ගැනීම සඳහා භාවිතා කළ ටී 56 ගිනිඅවිය සහ උණ්ඩය පොලිස් භාරයට ගෙන තිබේ.

( කොට්ටාව ප්‍රදීප් කුමාර)

[QUOTE="hichchiputha, post: 30101107, member: 565736"] “මම දේවාලයක් පවත්වාගෙන යමින් දේවගැතිවරියක් ලෙස කටයුතු කරන නිසා සැමියාට මගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරුණා. ඒ නිසා අපි දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පවා ඇති වුණා. මම හිතන්නේ ඒ පිළිබඳව ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් සැමියා මෙසේ දිවි නසා ගන්නට ඇති” බව බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය තුළදී වෙඩි තබාගෙන සියදිවි හානි හානිකර ගත් යුද හමුදා සෙබළාගේ බිරිය වන මීරිගම, ඉහළ මඩන්පැල්ල පදිංචි 33 හැවිරිදි අංගම පොඩිගේ දුලීකා චතුරංගී මහත්මිය පැවසුවාය. ඇය මේ බව පවසා සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය ඇතුළත මුරපළක ඉකුත් 31 වැනිදා පස්වරු රාජකාරියේ නිරතව සිටියදී සිය රාජකාරි ගිනිඅවියෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත් ලාන්ස් කෝප්‍රල්වරයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමිනි. මෙසේ මියගොස් ඇත්තේ මීරිගම, ඉහළ මඩන්පැල්ල පදිංචි මැණික්දිවෙලගේ දුමින්ද මැණික්දිවෙල නමැති 35 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය පවසයි. [CENTER][/CENTER] සිද්ධියෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය තලංගම දිසා රෝහලේ තැන්පත් කර තිබූ අතර එහි පැමිණි කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ලක්ෂ්මි සූරියගේ මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළ අතර කඩුවෙල මහේස්ත්‍රාත් ඩී.ජී.පී කරුණාරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කරන ලදි. ඒ අනුව මියගිය සෙබළාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ වෝහාරික අධිකරණ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අසේල මෙන්ඩිස් මහතා විසින් සිදු කරන ලදි. එහිදී මියගිය සෙබළාගේ බිරිය තවදුරටත් සාක්ෂි දෙමින් මෙසේද පවසා සිටියාය. “මේ මියගොස් සිටින්නේ මගේ විවාහක සැමියා. මීට වසර හයකට පමණ පෙර අපි විවාහ වුණේ අවුරුදු පහක පුතෙක් අපිට ඉන්නවා. මීට අවුරුදු දාසයකට පමණ පෙර සැමියා යුද හමුදාවට බැඳුණේ. මීට වසර හතරක පමණ සිට මම දේවාලයක් පවත්වාගෙන යමින් දේවගැතිවරියක් ලෙස වැඩ කරනවා. ඒ ශාන්තිකර්ම පේ වෙලා තමයි කරන්න ඕනි. ඒ නිසා සැමියාට මගෙන් ඉටු විය යුතු යුතුකම් මඟහැරුණා. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සැමියා මාත් එක්ක කතා කරලා තියෙනවා. නමුත් ශාන්තිකර්ම වැඩ නිසා මට සැමියාට යුතුකම් ඉටු කරන්න බැරි වුණා. මේ නිසා අපි දෙන්නා අතර බහින්බස්වීම් ඇති වී අඬදබර පවා ඇති වුණා. මේ සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසියේ ඔහු පැමිණිල්ලක් කළා. ඒක විභාග කළේ ඉකුත් 29 වැනිදා. එහිදී අපි දෙන්නා සමාදාන වෙලා ගෙදර ආවා. ඒ වන විට ඔහු දියතලාව යුද හමුදා කඳවුරේ අවි පුහුණුව අවසන් කරලයි ගෙදර ඇවිත් හිටියේ. දින දහයක් නිවාඩු ඉඳල ගෙදරින් ගියේ. පුහුණුවෙන් පස්සේ බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රාජකාරියට අනුයුක්ත කරලා තිබුණ නිසා එහේ යනවා කියල ඉකුත් 30 වැනිදා ගෙදරින් ගියා. [CENTER][/CENTER] ඒ ගිහින් එදින සහ පසුදා අවස්ථා කිහිපයකදී දුරකතන ඇමතුම් පවා ගත්තා. එහිදී සුහදව කතා කළා. කිසිදු සැකයක් තිබුණේ නෑ. සිද්ධිය වූ දා සවස 5.30ට පමණ මට කෝල් එකක් අරන් කිව්වා” ඔයා සතුටින් ඉන්න , පුතාව හොඳින් බලා ගන්න, කියල කියනවත් එක්කම දුරකතනය විසන්ධි වුණා. පසුව අවස්ථා කිහිපයකදී ඇමතුමක් ගන්න උත්සාහ කළත් බැරි වුණා. ඊට පස්සේ තමයි පොලිසියෙන් ඇවිත් මට කිව්වෙ මේ විදිහට කරදරයක් වෙලා සැමියා රෝහල්ගත වෙලා ඉන්නවා කියලා. ඒ අනුව මමත් ඥාතීන් කීපදෙනෙකුත් සමඟ ඇවිත් බැලුවම තමයි දැනගත්තේ රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන කියලා. මම හිතන්නේ මගෙන් සිදු වුණු අඩුපාඩු නිසා ඇතිවූ සිත්තැවුල හේතුවෙන් මේ විදිහට වෙඩි තබාගෙන ජීවිතය නැති කරගන්න ඇති කියලා. මට කිසි සැකයක් නැහැ. මගේ සැමියාගේ දේහය භාර ගන්නවා යැයි පැවසුවාය.” මියගිය සෙබළා සමඟ රාජකාරී මුරය ආවරණය කළ අනෙක් සෙබළා සාක්ෂි දෙමින් මෙසේ පවසා සිටියේය. “2024.08.31දා යුද හමුදා මූලස්ථානයේ ඇතුළත මුරපළක අපි තිදෙනකු රාජකාරියේ නිරතව සිටියා. එක් නිලධාරියෙකු සවස 5.00ට පමණ රාජකාරී නිමවා පිටව ගියා. මියගිය සෙබළා මුරපොළේ රැඳී සිටියදී මම පහළ පිහිටි විවේකාගාරයට ගියා. ඒ ගොස් සිටියදී එක්වරම වෙඩි ශබ්දයක් ඇසුණා. ක්ෂණිකව දුවගෙන ඇවිත් බලනකොට හිසට වෙඩි තබාගෙන ලේ විලක් මැද බිම ඇද වැටී සිටිනු දැක්කා. පසුව මේ බව ඉහළ නිලධාරීන් දැනුම්වත් කිරීමත් සමඟ යුද හමුදා රථයකින් ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට රැගෙන ගියා. ඒ යන විටත් ඔහු මියගොස් තිබූ බවයි දැනගන්න ලැබුණේ. [CENTER][/CENTER] මේ නිලධාරීයා දියතලාව කඳවුරෙන් අවි පුහුණුවක් ලබලා යුද හමුදා මූලස්ථානයේ රාජකාරියට පැමිණ දවස් දෙකයි. ඉතින් වැඩි තොරතුරු ඔහු පිළිබඳව අපි දන්නේ නැහැ. වෙඩි තබා ගැනීමට හේතුව කුමක්ද කියලා දන්නෙත් නෑ. මට කීමට ඇත්තේ එපමණයි.” වෙඩි වැදීමෙන් මියගිය සෙබළාගේ උගුර, නාස් කුහරය හා මොළය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ අතර දත් ගැලවී, ඇස් සහ දිව එළියට නෙරාවිත්, මුහුණ විකෘති වී තිබූ බව පැවසේ. එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ මරණය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබා ගැනීම හේතුවෙන් හිසට වූ බරපතළ තුවාල මරණයට හේතුව බවට කොළඹ වෝහාරික අධිකරණ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අසේල මෙන්ඩිස් මහතා නිගමනය කළේය. මෘත දේහය මියගිය සෙබළාගේ බිරියට භාරදුන් අතර මෘත දේහය ඉහළ මඩන්පැල්ල පොදු සුසාන භූමියේදී භූමදානය කරන ලෙසට නියෝග කළේය. වෙඩි තබා ගැනීම සඳහා භාවිතා කළ ටී 56 ගිනිඅවිය සහ උණ්ඩය පොලිස් භාරයට ගෙන තිබේ. ( කොට්ටාව ප්‍රදීප් කුමාර) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom