සැරයන් මේජර් දයාරත්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113


    සමාජ මාධ්‍යය තුලින් සැරයන් මේජර් දයාරත්න ගොඩාක් ප්‍රචාරනය උනා පහුගිය කාලයේ. විශේෂයෙන් පසුගිය කාලයේ ශ්‍රී දලදා වහන්සේ ප්‍රදර්ශනයේදී රණක්ශිතයට පත් පූර්ණ කාලීන අබාධිත රණවිරුවන්ට එය වැදපුදාගැනීමට රජය ලබාදුන් අවස්ථාවේදී දලදා මාලිගය දුටුවිට ඔහු සැදැහැසිතින් යුතුව එය වැදපුදා ගන්නා ආකාරයත් රෝද පුටු පේලිය තුලින් යලි රාගම රනවිරු සෙවන බලා බස් රථයට වාරුවෙන් ගොඩ වනවිට ඔබ සැමට වෙව්ලන ශරීරයෙන් සහ සිනහවෙන් යුතුව දෑත් එකතු කොට පිං දෙන ආකාරයත් අප සැමගේ දෑසට කදුලක් සහ අපරිමාන චිත්ත ශක්තියක් එකතුකලා.

    මා ඕනෑතරම් සටන් බිමේ තුවාල වූ නිලධාරීන් සහ සොල්දාදුවන් පසුපසට ගෙන ගිය ආධාරක කන්ඩායම් නියෝජනය කල සාමාන්‍යය සොල්දාදුවෙකු වශයෙන් සෙබළුන්ගේ අවසන් වචන සහ අවසන් ඉල්ලීම් අසා ඇතිමුත් සැරයන් මේජර් දයාරත්නගේ එම මෑතක දර්ශන දැකීමේදී ඇතිවූ සංවේදී හැගීම විස්තර කල නොහැකියි. මම කිසිදා අවස්ථාවක් ලැබුනත් රනවිරුසෙවන දකින්නට යන්නෙ නැහැ කියන පරමාර්ථය තුල ඉන්නවා. සක්‍රීය නියෝජනය ලබපු බොහෝ අය වගේම යුද්ධය සහ ඉන් ලබපු මානසික තුවාල මතකයේදී අදටත් මම බොහෝ තුවාල ලබනවා. එල්ටීටීඊයේ නම් අබාධිත සටන් කරුවන් නැතිම තරම්. පූර්ණ අබාධිත උනාම අවිය බාරදීලා සයිනයිඩ් කන එක්කො වෙඩි තබා එතනම ඝාතනය කොට පලායන සංස්කෘතියක් ඔවුන්ගේ ගරිල්ලා සටන් ක්‍රම තුල තිබුනත් නීත්‍යානුකූල රජයක යුද්ධ හමුදාවක් තුල අපට එවැනි තීරණ ඉතා දුර්ලභයි.

    සැරයන් මේජර් දයාරත්න නියෝජනය කල 4 gw ඒකකයෙන් විමසූ විට මන්නාරම් මඩු පල්ලිය සතුරාගෙන් මුදවා ගැනීමට කල සටනේදී සතුරා එල්ල කල මිලිමීටර් 120 මෝටාරයකට ලක්වූ ඔහුගේ ශුශුම්නාව, හිස සහ උදරය දැඩි හානිව ඉන් සුසුම්නාවට සිදුවූ හානියේදී ඉනෙන් පහල පන නැතිවීමත් ස්නායු අඩපන වීමත් නිසා ඔහුව රණක්ශිතයට පත්වූ බව දැනගන්නට ලැබුනා.එහිදී නිවසේ සිටින දෙමාපියන්ට සහ ඥාතීන්ට සාමාන්‍යය ආකාරෙන් මේ අභීත උදාර ආදරනීය රණවිරුවා තවදුරටත් නිවස්න අභ්‍යන්තරව රැකබලාගැනීමට ඇති අපහසුව නිසා ඒ සදහා අවශ්‍යය වෛද්‍ය උපකරණ සහ පහසුකම් ඇති රණක්ශිත සෙවන බලා සිය ජීවිතයේ ඉතුරු සාමය ගත කිරීමට ඔහු අත්සන් තබනවා. මේ අතරේ ඉහත කී අවස්ථාවේ සහ තවත් අවස්ථාවක අහබුවෙන් සමාජමාධ්‍යය ජාල ගත වූ වීඩියෝ පට දෙකක් නිසා ඔහුව රටම දැක බලාගන්නවා.

    රාගම රණවිරු සෙවනේ පමණක් සැරයන් මේජර් දයාරත්න වැනි පූර්ණ අබාධිත රනක්ෂිතයට පත් නිළධාරීන් සහ සෙසු නිළයන් සියගනනක් ජීවත් වෙනවා ඉන් අතරින් බොහෝ අය උදෑසන හිරු දකින්නේ සිපානි සිවිල් මහත්මයෙකුගේ හෝ යුහවෛබ හෙදියකගේ වාරුවෙන් ඇද පිටින්ම මිදුලට ඇවිත්. ඔවුන්ට පැත්ත හැරෙන්න අත පය ඔසවන්න බෑ . කොටින්ම ඔබ ගියොත් ඔබ දෙස හිස ඔසවා බලන්න බෑ. කෑම වෙලාවට නොලැබුනොත් බඩගිනියි කියලා හඬන්න බෑ.. හිතන්න මේ ඔබ වගේම තරුණයෝ. ඔබ වගේම දුවපු පැනපු සිනහසුන තරුණයෝ. ඔවුන්ට පෞද්ගලික සිහින අභිලාශ බලාපොරොත්තු ඕනෑතරම් තියෙන්න ඇති. නමුත් ඔබට හුස්ම ගන්න රටක් හදපු ඔවුන්ට අද ඉතුරු උනේ අධි තාක්ෂණික බොත්තමක් එබුවම උස්පහත් වෙන ඇදක් පමණයි. අන් කිසිවක් නෑ. " මට තියෙනවා" කියලා කියන්න අපි හැමෝටම පුංචි කතාවක්ම හරි තියෙන කොට ඒ තියෙන හැම දේම හෙට දවසේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරපු මේ ගොඩාක් මිනිස්සුන්ට " මට තියෙනවා" කියලා කරන්න කතාවක් නෑ ..දන්නවද රියල් කැපකිරීම් කියන්නේ එව්වා. ඉතින් හරි අනුවේදනීය විදියට සැරයන් මේජර් දයාරත්න ක්‍රියාන්විතයේදී ලැබූ දරුණු හානි වසර ගනනාවක් ශරීරයට කල බලපෑම් හමුවේ මීට ටික දවසකට කලින් රණක්ෂිතය තුලදීම ඔහු අවසන් සුසුම් හෙලලා. අපෙන් යන්න ගිහිල්ලා.. ජීවිතක්ෂයට පත්වෙලා.

    ඔහුට දෑත් එකතුකරලා වැදගෙන නිර්වාණය පතන්න මට හරි ලෝබයි. එයාට තිබ්බේ හරි ප්‍රතාපවත් අහිංසක සිනහවක්. ඒ සිනහව පසුපස මොනවා හිතේ හංගන් හිටියද දන්නේ දෙවියෝ තමයි. මම නම් කියන්නේ තවත් එක ආත්ම භවයක ඔහු අප අතරෙම ඉපදෙන්න ඕන. මැරෙනකල් අපිට නෙමේ ,අපෙන් සේවය ආරක්ෂාව සතුට ලබාගෙන සමෘද්ධිමත් ජීවිතයක් සතුටින් සම්පූර්ණ කරන්න අවස්ථාව උඩ ඉන්න කවුරු හරි ඔහුට සලසා දෙන්න ඕනි.

    එහෙම දවසක සැරයන් මේජර් දයාරත්නගෙ ලෝකේ මල් පිපෙනකල් අපි කරපු පොඩි හරි පිනක් ගුනක් වේනම් ඔයාට ඒවා එකතුවෙන්න ඕන...

    කල උතුම් අභිමානවත් සේවයට අනන්තවාරයක් රෙස්පෙක්ට් සර්....

    චරිත් ජනප්‍රිය
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,002
    1,551
    113
    Fresh Off The Boat Salute GIF