සැහැල්ලු දිවි පැවැත්ම

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    සිංහලය කියන්නෙ කොහොමත් අනිකව කොපි කරන්න දන්න උන්.
    අන්තිමට අමරුවේ වැටිලත් කොපි කිරිල්ල නවත්තන්නේ නැහැ.
    එච්චරට සරලයි.
     

    Dakune_Malli

    Member
    Dec 26, 2018
    90
    7
    0
    28
    wadak nahane
    සැහැල්ලු දිවි පැවැත්ම හැම විට ජීවිතයට සුවදායකය. අසල නිවසක අයෙක් තම වත්කම අනුව නවීන නිවසක් ඉදිකරන විට එය දකින අසල්වැසියා ද තමනුත් එවන් නිවසක් ඉදි කළ යුතු යැයි කල්පනා කරමින් තමන්ගේ වත් පොහොසත්කම්වලට අපහසු වුවද රටට, සමාජයට ණයවීමෙන් හෝ නව නිවසක් ඉදිකර ගැනීමට යාමෙන් තමා ණයකාරයකු වනවා පමණක් නොව අදාළ ණය මුදල ගෙවන තෙක් මහා පසුතැවීමකින් කටයුතු කිරීමටද සිදුවෙයි. ජීවත්වීමට නිවසක් අවශ්‍යමය. එහෙත් තමන්ට දරා ගත නොහැකි අයුරෙන් කටයුතු කරන්නට යාමෙන් අපහසුවට පත් වන්නේ තමාම බව කල්පනාවට නොගැනීම කනගාටුවට පසුතැවීමට හේතු වෙයි.

    නිවස පමණක් නොව ගේ දොර උපකරණ පවා ඇතැම් විට තවත් නිවසක තිබෙනු දැක එවන් උපකරණ, ගෘහභාණ්ඩ අත්‍යාවශ්‍ය නොවුවද තම නිවසට එයින් ප්‍රයෝජනයක් නොමැතිවුවද දකින දේ අනුව ක්‍රියා කරන්නට යාමෙන්ද අපහසුවට පත් වන්නේද තමාමය. ගෘහභාණ්ඩ,ගේ දොර උපකරණ පමණක් නොව ඇඳුම් පැළඳුම් පිළිබඳව කල්පනා කර බැලුවද එසේමය.

    තමන්ගේ අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් අවශ්‍ය දේ පමණක් ලබා ගැනීමට කල්පනා කරන්නේ නම් ජීවන ගමන් මහ සැහැල්ලුවක් ඇති කරවයි. බහුභාණ්ඩිකව ගත කරන ජීවිතය සැහැල්ලුවෙන් තොරය. ජීවන ගමන සැහැල්ලු කරන බලාපොරොත්තු ඇතිකර ගැනීමෙන් පමණක් බාහිර කරදර බාධකවලින් තොර ජීවිතයක් ගත කිරීම පහසු වේ.

    ඇතැම් විට සමාජයේ වෙසෙන බොහෝ දෙනා තමන්ට ප්‍රයෝජනයක් ඇතත්, නැතත් බාහිර ආටෝපයට සිත යොමු කිරීමෙන් තමා විවිධ ආර්ථික අපහසුතාවයනට පත්වනවා පමණක් නොව අනවශ්‍යදෑ සිතට ඒකරාශී කර ගැනීමට උත්සාහ කිරීම නිසා සිතට පවා සහනයක් උදා නොවේ. නිවසක අලංකාරය රඳා පවතිනුයේ නිවසක් තුළ ගොඩ ගසා ගන්නා, ප්‍රයෝජනයට නොගන්නා ගෘහ උපකරණ නිසා නම් නොවේ. බහු භාණ්ඩික නොවූ ගෘහස්ථයා සිය කුටුම්භය තුළ සරල, සැහැල්ලු ජීවිතයක් ගත කිරීම නිසාම එදිනෙදා ගෙදොර දොර වියදම අවම වෙයි. එවැන්නාගේ ආර්ථික තත්ත්වයද යහපත් වෙයි. යහපත් මානසික තත්වයක් ඇති කර ගැනීමටත්, යහපත් ආර්ථික තත්ත්වයක් උදාකර ගැනීමටත් යහපත් බලාපොරාත්තුම ප්‍රමාණවත් වෙයි. සැහැල්ලු පැවැත්ම ගතත්, සිතත් සංවරය වෙතම යොමු කරවනු ලැබේ.

    ධනය දැහැමිව සොයා ගනිමින් සරල දිවිපෙවෙතට හුරු පුරුදු වන මනුෂ්‍යයා විනය ගරුකව ජීවිතය පවත්වා ගෙන යාමට හැම විට උනන්දු වේ.

    godak watina post ekak!
    oya widihata hamoma hitala balala jiwath wenawa num jiwithe ena godak prashna adu karaganna tibba:yes:
     

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    වටිනවා සහෝ. මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී ප්‍රශ්න ඇති නොකරගෙන ඕනෑම විදිහේ චරිත එක්ක සුහදව ජිවත් වෙන්න උපදෙස් ටිකකුත් ලියන්න.