බීට්ල්ස් සංගීත කණ්ඩායමේ නායක ජෝන් ලෙනන් ගායනා කරන Imagine නම් ගීතයේ තැනක සෑම මිනිසෙක්ම ජීවත් වන්නේ අද පමණක් යැයි ඔබට සිතිය හැකි නම් යන වදන් පෙළ දකින්න ලැබෙනවා. ජීවිතයේ ඕනෑම සංකීර්ණ තත්ත්වයකදී ඔබව සුව කරන්න එම වදන් පෙළට දැවැන්ත බලපෑමක් කරන්න පුළුවන්. ඒක මට නම් මන්තරයක්...
ඔබ දන්නවාද? අද රෑ නිදාගන්න මිනිසුන්ගෙන් 332648කට ආසන්න ප්‍රමාණයක් හෙට දින ඇස් අරින්නේ නෑ. සෑම පැයකම 13500ක් ඇස් වසා ගනිද්දි, සෑම මිනිත්තුවකම මිනිස්සු 231ක් ද තත්ත්පරයක 4 දෙනෙක්ද ඇස් වසා ගන්නවා. මේක ඇත්තටම විශ්මිත සෙල්ලමක්. අපි දන්නේ නෑ ඊළඟට සෙල්ලමෙන් ඉවත් වෙන්න තියෙන්නේ කවුද කියලා. ඒ වගේම එයා ඉවත් වෙන්නේ කොහොමද කියලා. ලස්සනම දේ තමයි සෙල්ලම කරද්දි හිතෙන්නේ නෑ මම දැවී යයි කියලා. මට නම් ඒක හිතත්දි මතක් වන්නේ SQUID GAME ටෙලි නාට්‍ය.
සමහරු හදවත නතර වෙලා, සමහරු හුස්ම නතර වෙලා, සමහරු නරහ පිපිරිලා, තවත් අය මරලා, තවත් අය සිය දිවි හානිකරගෙන, තවත් අය බරපතල අනතුරේ සැත්කමෙන් අනතුරුව, තවත් අය අනතුරක් වෙන විටම ඇතුළු හේතු දහසක් නිසා ඇස් අරින්නේ නෑ. ඒ විනාඩියට පස්සේ එයාලගේ යාළුවෝ හැමෝටම ඒක හදිසි මරණයක්. හැම මනුස්සයෙක්ම මැරෙන්නේ හදිස්සියේ තමයි යහළුවා. ඔයත් මමත් එහෙමම තමයි. අපි දෙන්නාත් මතුයම් දවසක අන්න 332648ට තත්ත්පරයෙන් තත්ත්පරය එකතු වෙනවා. එදාට මගේ ෆේස්බුක් ගිණුමේත්, ඔයාගේ ෆේස්බුක් ගිණුමේත් රහස් පද තවදුරටත් වලංගු නොවෙයි. බය වෙන්න එපා එහෙම තමයි මේ සිහිනය ඉවර වෙන්නේ. ඒ අවසානයත් මේ සිහිනයේම කොටසක්.
ගමනක අතර මඟ ගිලන් වෙයි
වියලී ගිය තණ බිම්වලට ඉහළින් සිහින නිදැල්ලේ යයි
බැෂෝ සිහින හඹා යන දිවිය ගැන එහෙම කියනවා. රැකගන්න කිසිම දෙයක් නැති මේ ලෝකේ ගත කරන්න තියෙන්නේ මොහොත විතරමයි. මේ මොහොතට සැහැල්ලුවෙන් සමිප වෙනවා වෙනුවට අනාගත සිහින මොහොතක් වෙනුනේ වෛරයෙන්, ඊර්ෂියාවෙන්, තරගයෙන් සැසැදීමෙන් කරන කැපවීම සැබැවින්ම අර්ථ විරහිතයි...
ඉතිං;
ඉක්මනින් සමාව දෙන්න
ඉක්මනින් සිනාවෙන්න
🩵ඉක්මනින් කඳුළු සළන්න
හැමෝගෙම පුංචිම හෝ හොඳක් දකින්න
️අසමානතා පිලිගන්න
සමානතා විදින්න
ඒවා තමයි ජීවිතය සුන්දර කරන හොඳම විෂ නාශක.
අපි හැමෝම දුර ඈත ඈත තරු කුඩු අතරින් ගලන විශ්වීය ආදරණියයාගේ සුන්දර කිරණ. ජීවිතයේ පුංචි වෙලාවක් ඒ විශ්වීය ආදරණීයයාට නිහතමානීව යටත් වෙන්න. පිහිට වෙන්න කියා නොව මඟ පෙන්වන්න කියා ඉල්ලීමක් කරන්න. එයා දන්නවා ඔයා ගෙනියන්න ඕනි තැන. ඔව් එයා හරියටම දන්නවා. ඒක විශ්වාස කරලා පළමු කාරුණික පියවර තබන්න....
ඔයාට ජීවිතය තුළ නැති වුණ යමක් තියෙනවා නම් දුක් වෙන්න එපා. එය ඔබට නැතිවුණේ එය හිමිවීමේ වේදනාවකින් ඔබව බේරා ගන්න.... අතීත මුස්ලිම්වරුන් එහෙම කියලා තියෙනවා..
දරාගෙන ඉදිරියට යමු...අන්තිම වෙනකල් සෙල්ලම් කරමු..සෙල්ලම තියෙන්නේ ඔයා එක්ක විතරමයි කියන නීතිය මතක තබා ගනිමු....හැමෝටම ආදරෙයි

Last edited: